මිහින්තලය මහ කනදරාව වැවේ කෝවිලෙන් සොරා ගත් කාලි හා මෑණිවරුන්ගේත්, කතරගම දෙවියන්ගේත් පිළිරූ තුනක් විකුණන්නට ගිය ව්‍යාපාරිකයෙක්අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
රුපියල් කෝටි එකහමාරකට ආසන්න පුරා විද්‍යා වටිනාකමක් ඇති බව කියන මෙම පළිරූ සොරා ගත්තැයි කියනුයේ අනුරාධපුර මාකට් පෙදෙසේ ව්‍යාපාරික පී ජී නිෂාන්ත පීරිස් හෙවත් මාළු නිශාන්ත නම් ව්‍යාපාරිකයෙකි.
සිවුරක් පෙරවූ පොලිස් උපාය දූතයකු මගින් ඔහු අනුරාධපුර නුවර වැවදී අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිළිරූ වලට හොද මිලක් තිබෙනවා වාගේ. ඒකනේ මේවා හොරකම් කර කර විකුණන්නේ (නි)
මාලු මුදලාලිව පොලිසියෙන් බිලී බාලා වගෙයි (නි)
දැන් ලංකාවේ ඉන්නේ දෙයියෝ ,බුදුන් විකුනාගෙන කන අය. (නි)
පොලිසියට අපෙන් සුබ පැතුම්! මාළු මුදලාලිට දේව ශාපය වැදිලා වගේ. (නි)
මේ වගේ අයට හොදට සළකන්න ඕනෑ (නි)
අවුකන බුදු පිළිමයත් හොරකම් කරයි මෙහෙම යනකොට (නි)
ජිවිතේ වටිනාමදේ මුදල් කියල හිතන් තමා මෙහෙම අපරාද කරන්නේ. දැන් තේරෙනවා ඇති අපරාදේ කියල.(දිල්)
නමින් නම් නිශාන්ත... නමුත් වැඩ දුර්දාන්ත. (නි)
කුමාරි, සතුට මුදලට ගන්න නොහැකි නිසාද ඔබ ඔහොම කියන්නේ? ඇත්ත. ඒ වුණාට මුදලට පුළුවන්නේ සතුට ලබාදෙන දේවල් ටොන් ගණනින් ගන්න. ඒ නිසා ජීවිතේ වටිනාම දේ මුදල් තමයි කියලා වැඩි දෙනෙක් හිතනවා. (නි)
අම්මාව වුණත් විකුණාගෙන කන්න පෙළඹුනු මිනිසුන් කොටසක් බවට අද ජාතිය පත්වෙලා නිසා කාලි අම්මා, "අම්මා" කෙනෙක් විදිහට පෙනෙන්නේ කොහොමද? (නි)
බොහොම ස්තුතියි වරදිකරුගේ නම සදහන් කිරීම ගැන. (නි)
දෙවියන්වත් විකුණාගෙන කන්න තරම් මිනිසුන් පහතට වැටුණද? (නි)
මං මේ පස්සෙනේ දැක්කේ ලස්සනම කොටස. "සිවුරක් පෙරවූ පොලිස් උපාය දූතයකු" දාලනේ හොරා අල්ලලා තියෙන්නේ. හරි අපුරුයි. ඔය සමහර තැන්වල සිද්ධ වෙන දේවල් බැලුවහම හිතෙනවා ඒ ගොල්ල කවුරු හරි දාපු උපාය දුතයෝ වත්ද කියලා. (ස)