කඩවත රන්මුතුගල දී පසුගිය අට වැනි දා රිය අනතුරකින් මිය ගිය වැඩිහිටි කාන්තාවකගේ හත් දවසේ දානය පැවැති අද එම කාන්තාව ගෙදර පැමිණියාය.
හත්දරු මවක වන ඇගේ දරුවෝ තිදෙනෙක්ම සිරුර හදුනා ගැනීමෙන් පසුව දින හතරක්ම සිරුර ගෙදර තබා ගැනිණි.
වැරදි සිරුරක් ගෙදර ගෙන යෑම නිසා මේ තත්ත්වය උදා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුවදින් දනී අම්මා කිරි බොන කාලේ දුටු දූපුතැන් නොම හදුනති බැරිකාලේ මේකද පුතේ මේ උඹලගෙ හොද කාලේ උඹලාටත් දැනේ වයසට ගිය කාලේ(නදී)
මසුරු පියා පාන්ඩුවට බෙහෙත් නොකළ නිසා මට්ටකුන්ඩලී මරණාසන්න මොහොතේ බුදු රුවෙන් සිත පහදවාගෙන තව්තිසා දිව්‍ය ලෝකේ උපත ලැබුවා.මට්ටකුන්ඩලී දිව්‍ය පුත්‍රයා දැක්ක මසුරු පියා තමන්ගේ සොහොන ළඟ බොරුවට හඬා වැලපෙන හැටි ?.ඒ වගේ මේ අම්මටත් බලාගන්න පුළුවන් බොරුවට අඬපු කට්ටියව ?(දී)
අම්මේ ඔබට සියලු දෙවි පිහිටයි මගේ ආදරනිය අම්මත් මීට අව්රුදු හයකට කලින් අපි හතර දෙනාව දාලා නොඑන්නම ගියා අපිට තවම හීනයක් වගේ (දී)
ජංජාලයයි .. විලි ලැජ්ජාවේ බෑ.. මළගෙයක් උනාම නෑදෑයෝ , යාළුවො ඔක්කොටම ආරංචි කරන එකේ අම්මට ඕක ආරංචි නොවෙන්නේ කොහේ ගිහින් ඉඳලද ? මට පෙනෙන්නේ ඉබාගාතේ ගිහින් ගෙදර ඇවිල්ල වගේ ...අම්ම සහ දරුවන් අතර එච්චර ඇයි හොඳයියක් තිබිල නෑ වගේ ..නැත්නම් දවස් 7 ක් යනකම් ගෙදර වෙන්නේ මොනවද කියල අම්ම දැනගන්න ඒපාය... මෝඩ පවුලක් වගේ ..(දී)
අම්මා අදුර ගන්න බැරි දරුවෝද අද ඉන්නේ? (දී)
දරුවෝ හත් දෙනෙක්,මේ හත් දෙනාටම අම්ම හදුනාගන්න බැරිවුනාද?මරණෙට ගත්ත ආධාර මුදල් ටිකත් ආපසු දෙන්න වෙයි. අලි ජංජාලයක් නේ වෙලා තියෙන්නේ. (නදී)
මෙතන ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. දවස් 4 තිස්සේ ආපු අයටවත් අදුරගන්න නොහැකි වුණාද? (නි)
මේ වගේ කතා ඉස්සර අහලා නැහැ කියන්නේ මේ කතා වෙනස් වුූ සමාජයක අලුත් තත්ත්වයන් මත ගොඩ නැගුන දෙයක් නිසා. සත්‍ය සිද්ධියක් නිසා අපට හිතා ගන්න පුළුවන් මිනිස්සු මොනතරම් ගුණ ධර්ම වලින් පිරිහිලාද කියලා. මේ දරුවෝ වසර ගණනාවකට අම්මාව දැකපු නැති බවක් ද මෙයින් ගම්‍ය වෙනවා. ඒ වසර ගණන තුළ කාගේ සරණින් මේ අම්මා ජීවත් වෙන්න ඇද්ද? මොන තරම් දුක් සම්භාරයක් විඳින්න ඇද්ද? මේ පිටුපස්සේ තවත් රහසක් තියෙන්න පුළුවන්. අම්මා යයි අනතුරින් මියගිය කාන්තාවගේ දරුවන් අනතුර සිදු කළ පුද්ගලයාගෙන් කිසියම් වන්දි මුදලක් ලබා ගත්තාද දන්නෙත් නැහැ. නීතියක්, දහමක්, මිනිසන්කමක් නැති රටේ ජීවත්ව සිටින අම්මාවරුන්ව විකුණාගෙන කන දු පුතුන් මළ මිනිය නොවිකුණා සිටීද? (නි)
සමාවෙන්න අම්මා.අපි ඔබට ආදරෙයි (නි)
මෙතන තියෙන ගැටලුව සියල්ලන්ටම පේනවා.මොකද අම්මාව හදිසි අනතුරකට ලක් වුණහම එවෙලේ ඉදන් දරුවෝ බැලුවා නම් අම්මාව මාරුවෙන්නේ නැහැ. ඒ කියන්නේ දරුවෝ අම්මාව බලලා නැහැ නේද.එතකොට රෝහල් පොලිසිය කෝ? ගෙනිච්ච බොඩි එක ගැනත් බොඩි එකේ අයිතිකාරයොත් බලලා නැහැ. (නි)
අද කාලේ දෙමව්පියන්ව අදුරගන්න බැරි දරුවෝ.....නසාර්, (දිල්)
අපරාදේ වියදම් කළ සල්ලි ටික (නි)
කාටද පිස්සු ? (දී)
දරුවෝ හිතල ඇත්තෙ මේ අවමංගල උත්සවය ගැන දැන ගෙන අම්මා ආපහු එන එකක් නෑ කියලයි(දිල්)
සුවදින් දනී අම්මා කිරි බොනකාලේ දුටු දූපුතැන් නොම හදුනති බැරිකාලේ මේකද පුතේ මේ උඹලගෙ හොද කාලේ උඹලාටත් දැනේ වයසට ගිය කාලේ (දිල්)
අම්මා තාත්තා අදුරන්නේ කොහමද ළමයි ය් කුඩුගහලානේ ඉන්නේ . (දී)
මම මේ කට්ටියව දන්නවා (නි)
අම්මා හොරෙන්ම දවස් 7ක් කොහේ ගිහින්ද? ඇයි ? මේවත් හොයන්න. (නි)
අපේ රටේ ගොඩක් අයට තමාගේ දෙමවුපියෝ අදුනා ගන්න බැහැ.මොකද වැඩිහරියක් මවුකිරි බිලා හැදුන අය නෙමෙයිනේ (නි)
අපේ අම්මල කෙරුවොත් කොරන්නේ ඔය වගේ වැඩ තමා මොනවට ඔය දරුවෝ බලන්න අපහු එන්නේ පාංශකූලෙත් දුන්නට පස්සේ(දිල්)
මිනිය වැලපු තැන මොකවත් නැතිලු මේ අම්ම පින් බලයෙන් නැවත ගෙදර අවත් දරුවෝ පස්ස නොබලා දිවුවා පළමුවෙන්ම පන්සලට වැඩිය පණ එපා කියල කොලු කුරැට්ටෝටික විතරයි ඉතිරි උනේ (දිල්)
චන්දි එතන එක නැහැ උස්සලා ද කොහෙද ඉන්ෂුවරස් ගන්න කොරපු වැඩක් ගැස්සුනා (දිල්)
මොන උලව්වක්ද මේ (දිල්)
එතකොට භූමිදාන කරපු සිරුර කාගේද??සිරුරේ අයිතිකරුවන් අදත් බලාගෙන ඉන්නවා ඇති (නි)
මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා.... අහස ගඟෙන් මාරු කතරට වහින වැස්ස අම්මා... (ස)
ප්‍රනීත්, 2013-11-16 18:01:54 - අපිට විස්තර ඇතුව ඊට පස්සේ උන ටික කියන්නකෝ අහ ගන්න... (ස)
අම්මව අදුරගන්න බැරි දරුවෝ.ලොවටම සම්පතක් .කාට කියන්නද මේවා. අම්ම ගෙදර අපු එකනම් ඇත්තටම සතුටක්(නදී)
ගයාන්, හදිසි අනතුරු සිදු වූ විට සමහරවිට පෙට්ටිය අැතුළ පෙන්වන්නේ නැහැනේ. (නි)
අම්ම කොහෙද මෙච්චර දවසක් හිටියේ ?(නදී)
අම්මා ආ එක හොදයි. දීර්ගායුෂ පතනවා (නි)
අයියෝ ඕක අදුර ගන්න කෙනෙක් හිටියේ නැතිද මන්ද, මොනවා උනත් මව නැවත පැමිණීම මොන තරම් සතුටක්ද (ස)
හරි ජංජාලයයිනේ! (නි)
එච්චරටම තමන්ගේ අම්මව අදුන ගන්න බැරී අයද මේ පුත්තු. (ස)
දැන් ඉතින් යන්නකෝ පොලිසි, වැරදි මිනියක් ගෙනාවට (නි)
කට්ටිය දාලා යනවා කියලා අඩපු අය අම්මා එන කොට බයේ පනලා දුවන්න ඇති. (ස)
එතකොට මේ දවස් වල අම්මා කාගේ ලඟද ඉඳලා තියෙන්නේ ? (ස)
ඇත්තටම අම්මා කොහෙද මෙපමණ දවස් ගියේ? අම්මගේ අපලයක් ගෙවිලා. නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා අම්මාට! (නි)
දෙයියනේ! මට හිනාව නවත්වාගන්න බැරුව ඉන්නේ (නි)
අයියෝ සල්ලි! (නි)
අයියෝ සල්ලි ! (නි)
කව්රුවත් අහන්නේ නැහැනෙ දවස් 4ක් ගෙදර තියාගෙන හිටිය මළ මිනිය කාගේද, ඒ කෙනාගේ අයිතිකාරයෝ මොනතරම් දුකකින් ඇද්ද කියලා (නි)
පුත්තුන්ගේ සැළකුම් උසස් මට්ටමක තිබෙනවා කියලා පේනවා.මෙච්චර වයසක අම්මෙක් තනියම ඉසිපිරිතාලෙක හිටියට දරුවෝ එකොළොස් දෙනෙක් ඉඳලා කව්රුත් දන්නේ නැහැ.අර මිනිය බදාගෙන ඇඩුවා කියලා ඇහුවම පුදුම හිතෙනවා. ඒත් එක්කම හිනහත් යනවා.අයියෝ! අබුද්දස්ස කාලේ හැටි තමයි (නි)
මොනවා වුණත් තවත් දීර්ඝ කාලයක් නිදුක් නිරෝගිව ජිවත් වීමට මේ මවට වාසනාව ලැබේවා! (නි)
ආ එකට ගොඩක් පින් (නි)
හොල්මනද දන්නේ නෑ??? (ස)
අනේ, කොච්චර පිනක්ද, අපේ අම්මත් ඔහොම එනවා නම්.(අ)
අම්මාට ආදරේ තිබිලා තිබෙන තරම තමා. පණ තියෙද්දි සළකන්න බැරිවෙලා නිසා මැරුණට පස්සේ දවස් හතරක්ම මිනියට සළකළා හොද නම අරගෙන නිදහසේ ඉන්න ඇත්තේ.ආවට පස්සේ මේ මොන කරදරයක්ද කියලා හිතන්න ඇති.අම්මා හදුනගන්න බැරි දරුවෝ තුන්දෙනා?? (නි)
ඒ අම්මට ආයුෂ වැඩි උනා.., මෙච්චර දවස් කොහේ ගිහිල්ලද...? එතකොට වළදාපු මිනිය කාගේද ....?(දී)
දෙවියෝ දනී මම නොදනී (දී)
මම අහල තියෙනවා ඔහොම දේවල් උනාම ඒ පුද්ගලයාගේ ආයු කාළය දීර්ග වෙනවය කියල.(දී)
තමන්ගේ දරුවා හොඳ නැති නිසා,එයාගේ පරණ චාතුප් එක ලඟට ගිහින් රෙස්ට් එකක් අරන් එති. (අ)
කුමාරි, අපල කියල රෙද්දක් නැහැ. මෙතන ලොකු අවාසනාවන්ත පටලැවිල්ලක් වෙලා තියෙන්නේ. ළමයි හත් දෙනාගෙන් කෙනෙකුට හරියටම අඳුනා ගන්ඩ බැරි වෙන්ඩ, ළමයි අම්මට කොයි තරම් හදවතින් දුරින්ද ඉඳලා තියෙන්නේ. හරිම දුකයි. (අ)
අනේ වාසනාවන්,තමන්ගේ ළමයින්ට තම මව හදුනාගන්න ගන්න බැරි නම් තව කුමන කතා ද ?මට නම් මේක චිත්‍ර පටියක හරි ටෙලිනාට්ටයක කතාවක් වගේ.(අ)
කව්ද දන්නේ මේ දරුපැටව් ළමා වියේ දරුවෝද කියල . බ්‍රහ්මදත්ත කතා ලියනවා. කරුවලේ බැලුම්බෝල උඩ දානවා.ගහනවා..හිනාවෙනවා .අඩනවා ..කහිනවා.වාට්ටුවක්.(දී)
අපේ රටේ මිනිස්සු නිතරම කරන්නේ පිස්සු (දී).
අම්මා අදුන ගන්න බැරි ප්‍රශ්නයක්.(දී)
අනේ සැලරි.......(දී)
කොමද නිකන් මිනිය ගෙදර තියෙන වෙලාවේ අම්ම ආවනම් (දී)