මොරොන්තුඩුව ඉපිලිස්ස පාලම යට තිබී හමුවූ නාඳුනන මළසිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම ගැන කරුණු දැක්වීමට කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය හේමන්ත සිල්වා මහතාට ලබන 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි කළුතර වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියෝග කෙළේය. එම නිලධාරියා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා තවත් නියෝගයක් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දොස්තරලා මැරෙන්නේ නැති අය වෙන්න ඇති. මොවුන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
මේ වගේ පහත් දොස්තරලා ලෝකයේ වෙන කොහෙවත් නැහැ. ආණ්ඩුවේ සල්ලි වලින් පිනට ඉගෙන ගෙන දුප්පත් මිනිස්සුන්ට වද දෙන මේ වගේ දුෂ්ට දොස්තරලට වෙනම අපායවල් හැදිලා ඇති. (නදී)
මෙම වෛද්‍යවරයා මරණ පරීක්ෂණය ප්‍රතික්ෂේප කිරීම විශාල ගැටලුවක්. ඔහුට එසේ කරන්න විශේෂ හේතුවක් තිබෙන්න ඕන. මෙම හමුවී ඇති නාදුනන මල සිරුර සමහරවිට මිනීමැරුමක් විය හැකියි. වෛද්‍ය වාර්තාවෙන් ඒ බව ඔප්පු වෙන නිසා කාගේ හෝ බලපෑමකට මෙය ප්‍රතික්ෂේප කලාද කියලත් සොයා බැලිය යුතුයි. දැන් ලංකාවේ සිදුවන ඇතැම් දේවල් නිසා අපට එක වරම නිගමන වලට එළඹෙන්න පුළුවන් කමක් නැහැ. (නදී)
අනතිමට බලද්දී දොස්තරගේ නෑයෙක්ද මිය ගිය තැනැත්තා.(නදී)
හේතුව දන්නවද? දොස්තර තෙනෙකුට බනින්න තියෙනවා නම් උඩ පැනගෙන බනිනවා. එයාලව මට්ටු කරන්න ශ්නානනම් සතියක් විතර බෙහෙත් නොගෙන ඉන්න.(නදී)
නීතිය අතට ගන්න දෙයක් ඉතුරුවෙලා නෑ (දී)
දොස්තර වරුන්ට බැනල වැඩක් නෑ, අද රටේ සියලුම වැඩ වලට වගකියන්න ඕන දේශපාලකයෝ , ඒ අයගේ අතේ තමයි සියලු බලතල (දී)
බනින්න ඉස්සරවෙලා දොස්තර මහත්තය කියන දෙත් අහල හිටිය නම් හොදයි නේද .(දී)
තමන්ගේ අප්පෙක් අම්මෙක් නම් බාර නොගෙන ඉඳීද? හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. කළුතර දිස්ත්‍රික්කයේ හොඳම රෝහලේ පහසුකම් නැතිවෙන්න විදිහක් නැහැ (නි)
නිලධාරිවාදය යනු රටක්,ජාතියක්,ආණ්ඩුවක් ,ලෝකයක් විනාශ කළ හැකි දෙයකි (නි)
මහේස්ත්‍රාත්තුමාගේ කෙලින් තීන්දුව ඉතාම හොදයි. නමුත් මේක ආරංචි වුණ ගමන් අර දොස්තර මාෆියාවේ සාමාජිකයෝ ඔක්කොම එකතුවෙලා වර්ජනය කළොත් අමාරුවේ වැටෙන්නේ දුප්පත් මිනිස්සු. අද ලංකාවේ දොස්තර කෙනෙක් මිනියක් මැරුවත් පොලිසිය අත්අඩංගුවට ගන්න බයයි. ජර්මනියේ දොස්තරලට අධිකරණයේ අවසරයක් නැතුව වර්ජන කරන්න තහනම්.එහෙම කළොත් බලපත්‍රය අහෝසි කරනු ලැබේ (නි)
අනිවාර්යයෙන්ම පහසුකම් නැතුව ඇති (නි)
අන්න එහෙම තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. සමහරු හිතනවා තමන් විශේෂ පන්තියක නිලධාරි කොටසක් කියල. කෑම පිඟානක් ගැන වර්ජනය කරන්නෙත් එහෙම මානසික තත්වයක් තියෙන අය. (ස)
නීතිය අතට ගැනීම හරිම වැරදියි කවුරු වුණත් (නි)
හෙට සිට දොස්තරවරු වර්ජන කරයිද දන්නෙ නැහැ (නි)
බන්දුල කට ඇරියොත් ඉතින් කියන්න දෙයක් නැහැ. එහෙම පිටින්ම මෝඩ කතාවක්.අධිකරණය මේ තරමින්වත් කටයුතු නොකළා නම් බන්දුලලාගේ කැළේ නීතිය බලන්න තිබුනා අර රතුපස්වල වගේ නේද ? (නි)
සමාජය තුල ගැටුම් නිර්මාණය කරන්නේ මෙවෑනි නිලධාරින්ය.මළසිරුර පරීක්ෂණය සදහා බාර නොගනීමෙන් රටේ මහජනයා නොසන්සුන් තත්ත්වකට හා කළකිරීමකට පත්වුණා.පොලීසිය අපහසුතාවයකට පත්වුණා, මාධ්‍ය සගයන්ට කාලය අපතේ ගියා. ඒත් කමක් නැහැ කියමුකෝ...මේ දෙස බුදු දහම තුලින් බැලුවොත් ඒ දොස්තර මහතා අපරාදෙනේ අකුසල කර්මයක් කරගත්තේ. (නි)
අධිකරණය රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක කරනවා නම් මේ වගේ අපරාධ සිදුවෙන්නේ කොහොමද? ලොකු අයට එක නීතියක් පොඩි අයට තව එකක්. අනේ රටකට ගිය කලක්! (නි)