මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම සඳහා එහි සිසුහු සියයකට ආසන්න ප්‍රමාණයක් අද (6) පෙරවරුවේ මානව හිමිකම් කොමිෂමට පැමිණියහ.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සායනික පුහුණුව ලබානොදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිලි කිරීම සඳහා එහි සිසුහු සියයකට ආසන්න ප්‍රමාණයක් අද (6) පෙරවරුවේ මානව හිමිකම් කොමිෂමට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දලාල් මහත්මයා, ලංකාවේ ඉන්න සමහර දෙමව්පියන්ට සල්ලි තියනවා කෝටි ගණන් වියදම් කරන්න. ඊටවැඩිය වියදම් කරන්න පුළුවන් අයත් ඉන්නවා. නමුත් ගැටලුව ඒක නොමයි.පිටරට ගිහිල්ලත් සල්ලි වියදම්කර ඉගෙනගෙන එන අය ඉන්නවා. එයාලා ගැන මොනවද අපි දන්නේ? එයාලා මොනවද ඉගෙනගන්නේ කියලවත් දන්නවද? එහෙම එන අයත් ලංකාවේ බෙහෙත් දෙනවා. එතකොට බෙහෙත් එපා කියලා ආපහු එනවද? නැත්තම් ඉගෙනගත්තේ කොහෙද කියලා අහලද බෙහෙත් ගන්නේ? කොහෙන් ඉගෙනගත්තත් තමන්ගේ වැඩේ හරියට කරනවා නම් එච්චරයි. ලංකාවේ ඉගෙනගත්ත දොස්තරලට මේ වෙනකන් වැරදිලාම නැද්ද? (නි)
නන්දලාල් උගත් මිත්‍රය අර නේපාල බංගලා දේශය මෙචර කල් මෙරටින් ගිය කළු සල්ලි ටික හොයල අපේ රටේ ඉතුරුවන මේ කළු සල්ලි හොයන එක හොදයි නේද? (අ)
මේ වෙලාවේ ලංකික අපි කරන්න ඕනි මොකක්ද කියා මොලේ කළදක් තියන අයගෙන් අදහස් ගන්න. ලංකාවේ ලොකුම මොළ සුපෙර්බ් පුරවැසියෝ කියන්නේ මොකක්ද? අවුටුදු 5 ක් ඉගෙන ගත්තු මේ අපේ රටේ ළමා වන්දි දීල ගෙදර යවන්න කියල. බලන්න කොපමන් හොද හදවතක් තියන වත මේ අපේ පුත්‍රයන්ට ලෙඩුන්ට තියන කරුනවම අපේ රටේ ලමි ගත ථියෙනෙඅ හැටි බලන්න අර ලෙඩ්ඩු හුරගෙන සල්ලි ගන්න කරුණාව වගේමි. මොකද දන්නවද ජීවිතේ කියන්නේ සල්ලි විතරි, වන්දිය තමි ලොකු.(අ)
වෛද්‍ය සංගම් වලට මාලඹේ ට දෙන අවධාණයම නරකද ඔය නේපාල බංගලා දේහය සියලුම වෛද්‍ය ආයතන වලතත් දෙනවා නම්. සමහර වෛද්‍ය ආයතන නිකම් තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් පමණි. මාලබේ ගැන තියන කැක්කුම මඩකලපු වත් දෙන්න. (අ)
නන්දලාල්,ඔය මහත්මයාගේ අදහසින් මට නම් පෙනෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව මිශ්‍රවෙච්ච කේන්තියක්. අපේ රටේ සාධාරණව සල්ලි හම්බකරන ධනවත් උදවිය සහ මධ්‍යම පාන්තික මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. ඔවුන්ගේ ඇති හැකි බවට ඊර්ෂ්‍යා කරන එක බොහොම පහත් කුහකකමක් මහත්මයා. හරි හැටි කරුණු කාරණා නොදැන කතාකරලා ඔබේ යටි හිතේ තියෙන පහත් ගති ලක්ෂණ ලෝකෙට පෙන්වන්න එපා. ලැජ්ජාවටත් වැඩ ජුගුප්සාජනක අප්පිරියාවක් හිතට එන්නෙ. (නි)
නිදහස් අධ්‍යාපනය කියන කට්ටියට අමතකයි ඒගොල්ලන්ගේ අධ්‍යාපනයට ලංකා අනෙක් මිනිස්සු සල්ලි ගෙවනවා කියලා. (නි)
මම රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍යයෙක්.මේ කෑගහන ගොඩක් අය මුකුත් නොදන්නාකමට කතාකරන්නේ කියලා තේරෙනවා.අපේ යාළුවොත් සමහර අය ඕකේ ඉන්නවා.එයාලගේ ප්‍රතිඵලත් අපි දන්නවා.දැන් ඔය උපාධිය කෝටියකටත් වැඩිය වටිනවා.මධ්‍යමපාන්තික කාටද එච්චර ගානක් වියදම් කරන්න පුළුවන්. මෙතන අදහස් දාලා තියෙන කීදෙනෙකුට පුලුවන්ද මාසෙකට ලක්ෂ 2ක් වැයකරන්න ළමයාගේ ඉගෙනීමට? නිකන් බොරුවට කෑගහන්න එපා. (නි)
මම නම් කියන්නේ මේ ප්‍රශ්නයේ දෙපැත්තක් තිබෙන බවයි (නි)
ළමයින්ගේ ඉගෙනීමේ අයිතියට වැට බඳින්න අවශය නැහැ (නි)
අපේ රටේ සෑම ළමයෙකුටම අධ්‍යාපනය හිමිය. එම නිසා මුදලට හෝ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අපි තහවුරු කළයුතුය. මා රෝගයකින් පෙලුන කල ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට යාමට සිදුවුණා. මාගේ රෝගී තත්වය පරික්ෂා කළ වෛද්‍යවරයා යටතේ ඉගෙනගන්නා වෛද්‍ය සිසුන් දෙදෙනෙකුට මා භාර විය. ඔවුන්ට ඉතා හොඳ දැනුමක් මාගේ ලෙඩ පිළිබඳව තිබුනි. ඔවුහු ඉතාම කරුණාවන්ත ලෙස මට සාත්තුකළේ ඔවුන්ගේම පියාට සළකන ලෙසිනි. කෙනෙක් උසස් පෙළින් දන්ත වෛද්‍ය පීඨයට තේරුනු සිසුවෙකි. ශිෂ්‍යත්වයක් ලබා මාලඹේ වෛද්‍ය පීඨයේ ඉගෙනගනී. ඔහු වැනි සිසුන් බොහෝ ගණනක් මාලඹේ සිටිති. අපි මොවුන්ට අධ්‍යාපනයට උදව් කරමු. (නි)
නන්දලාල් මහත්මයා තමාගේ කුහකකම හොඳට පෙන්වනවා. (නි)
උඩින් මම දැක්ක සරත් කියල මහත්මයෙක් හරි අපූරු කතාවක් කියලා තියිනවා සයිටම් එකට බ්‍රිතාන්‍ය පිලිගැනීම තියෙනවා, ඒත් රජරට, මඩකලපුවට නැහැලු, මහත්තයෝ මිනිස්සුන්ට බොරු කියන්න එො, බ්‍රිතාන්‍යයෙ ජීඑම්සී සයිට් එකේ බොහෝම පැහැදිලිව කියල තියෙනවා, එහෙන් පිලිගන්න නම්, ඒකෙ සදහන් කරල තියන මෙඩිකල් කොලේජ් ඩිරෙක්ටරි දෙක්කෙන් එකක වත් අදාල කොලේජයේ නම තියනවා නම් පිලිගන්නව කියල, ඒවගේම ඒ එක ඩිරෙක්ටරියක ඔබතුමා සඳහන් කළ රජයේ වවිද්‍යාල දෙක තියෙනවා වගේම (අ)
මට හිතෙන විදිහට මේ ළමයින්ට ඇත්තටම ලොකු අසාධාරනයක් වෙලා තියෙන්නේ. විදේශීය සිසුන් රජයේ රෝහල් වල පුහුණුව ලබනවා අපි දැකො තිබෙනවා. ඉතින් අපි ඇයි අපේ රටේ ළමයින්ට ඒ අවස්ථාව ලබා නොදෙන්නේ? පැහැදිලිවම මෙතන තිබෙන්නේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි.ඇත්තටම ප්‍රමිතිය පිළිබඳ කැක්කුමක් තිබෙනවා නම් ලෝකේ 200 ට අසන්න වෛද්‍ය සභාව අනුමත කළ වෛද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය බලාද තිබෙන්නේ? අනික ගොඩක් අය හිතන්නේ සල්ලි දීපු ගමන් උපාධිය අතේ කියලා.නමුත් විභාග පාස්වෙන්න ලොකු සටනක් දෙන්න ඕනෑ. නිසි පුහුණුවක් ලබා දුන්නොත් මේ ළමයි රජයේ වෛද්‍ය සිසුන්ට වඩා ඉදිරියට යන්නත් බැරි නැහැ (නි)
නන්දලාල්, ඔයාලට සල්ලි නැත්නම් ඒ විදිහට ඉන්න. අනෙක් අයට ඊර්ෂයා කරන්නේ නැතුව (නි)
නන්දලාල්, රජයේ විශ්ව විද්‍යාල වල දරුවන් ඉගෙනගන්නෙත් මහජනතාව ගෙවන බදු මුදල් වලින්. තමුන් කතාකරන්නේ මොනවද කියලා දැනගෙන කතාකරන්න. කියන්නම් වාලේ කියන්න ගියාම ඔය මොළේ තිබෙන හිස් බව ප්‍රදර්ශනය වෙනවා. තමුන්ට දරුවෙක් සිටින දවසක තමුන්ට තේරෙයි. මම අසා තිබෙන විදිහට මාලඹේ දෙමාපියන් තමන්ගේ ඉඩම් කඩම්, යාන වාහන සියල්ල විකුණලයි මේකට ළමයව ඇතුළත් කරලා තියෙන්නේ. ලංකාවේ වත්කමක් නැති ළමුන් පවා මේකට ශිෂ්‍යත්ව මඟින් බඳවාගෙන තියෙනවා. තමුන් තව මේ ගැන හොයලා කතාකළොත් තමන්ගේ ආත්ම ගරුත්වයටත් හොඳයි. වැඩිය පරක්කු නොවී දාන්න යන නඩුවත් දාන්නකෝ. (නි)
ශ්‍රී ලාල් මහත්තයා දන්නවද කොළඹ ඉසෙඩ් අගය කීයද කියලා? එක දශමයක් මදිවෙලා කොළඹින් යන්න බැරුව දඟලනකොට ඊට වැඩිය ගොඩක් අඩු ලකුණු අරන් නුවරඑළිය වගේ පැති වලින් සරසවියට යනවා කියලා. එහෙම යන අයගෙන් බෙහෙත් ගන්නකොට අවුලක් නැද්ද? (නි)
නන්දලාල් මහත්තයෝ. ඔයා සල්ලි නැති දරුවන්ට අසාධාරනයක් වෙනවා කියලා කියනවා. ඔයාට බැරිද තව ටිකක් විග්‍රහ කරන්න ඔය කියන අසාධාරණේ වෙන්නේ කොහොමද කියලා. දන්නේ නැති නිසයි අහන්නේ... (නි)
නන්දලාල් මහත්මයා නම් හරිම හාස්‍යජනක පුද්ගලයෙක්. සල්ලි තියන හැමෝම හොරු නොවේ මහත්මයා. හොරු සියල්ලෝම සල්ලිකාරයොත් නෙමෙයි. උත්සාහවන්තයාට කෝටියක් නෙමෙයි කෝටි සීයක් වුණත් සාධාරණව හොයන්න පුළුවන්. ඔබ මා දුප්පතෙක් වෙන්න ඇති. එය ඔබගේම කුසීතකමේ හා දියුණුවට ඇති මැලිකමේ ප්‍රතිඵලයක් මිස රටේ ජනයාගේ වරදක් නොවේ. (නි)
අපි සාධාරණව සිතා බලමු (නි)
අල්විස් හා නන්දලාල් යන මහත්තුරුන්ගේ සමහර හාස්‍යජනක ප්‍රකාශ ගැන කණගාටුවෙන අතර මා නම් ඔවුන් ගැන අනුකම්පා කරනවා. මෙම මාලඹේ ආයතනය මඟින් හෝ වෙනත් පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් මුදලට උපාධි අළෙවි කරනවා යැයි සිතීම ඉතාම ග්‍රාමීය සිතුවිල්ලක් හා ග්‍රාමීය මට්ටමේ බොළඳ සංකල්පයක් පමණයි. මා දන්නා විදිහට ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියලා එකකුත් තිබෙනවා. අවශ්‍ය පරිදි අධීක්ෂණ සිදුවෙනවා නම් ගැටළු අවමයි. බලාගෙන ගියාම මානුෂිය ආකල්ප අතින් ඉන්දියානුවන් හා බංගලාදේශ ජනතාව අපිට වඩා ඉහළින් ඉන්නවා යයි කියන්නේ ඉතාමත්ම ලැජ්ජාවෙන් හා කණගාටුවෙන්. එහෙත්, මොනවා කරන්නද? කුහකකමින් මනස පිරුණම එතන කොයින්ද යහපත් ආකල්ප වලට ඉඩක්??? (නි)
SAITM විශ්වවිද්‍යාලයේ සිසුන්ට නිසි දැනුමක් පුහුණුවක් නැතියයි පවසන අයට මම කියන්නේ පොඩ්ඩක් කතා කරලා බලන්න මෙහි ඉගෙනුම ලබන වෛද්‍ය සිසුවෙක් සිසුවියක් සමග කියල. මෙහි ඉන්න අයට වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙක්ට තරම් හැකියාව තියෙනවා. එයාලට තව පුහුණුව අවශ්‍ය නම් එ පුහුණුව දීල දැනට ඉන්න අයට හරි අඩුගානේ එම්.බී.බී.එස් දෙන්න. මෙයාල අවුරුදු 7ක් ඉගෙන ගෙන අම්මල දුක් විඳලා උගන්නල තියෙන අපේම දක්ෂ දරුවෝ. ජීවිත විනාශ කරන්න එපා (අ)
කෑගහන වෛද්‍යවරු ඔක්කොම පුද්ගලික සේවයේ යෙදෙනවා.ඒකෙන් සෑහෙන්න සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි වලින් එයාලගෙ ළමයි රට යවනවා. අපිට තමා මෙහේ ඉගන ගන්න දෙන්නේ නැත්තේ. (ස)
මමත් පිටරට ඉගෙනගෙන ඇවිත් ලංකාවේ මිනිස්සුන්ට බෙහෙත් කරන වෛද්‍යවරයෙක්. මගේ අම්මා තාත්තා මට ඉගැන්නුවෙත් අමාරුවෙන්.දෙන්නම ගුරුවරු .කවදාවත් ටියුෂන් කරලා නැති.ලංකාවේ ඉගෙන ගන්න ලැබුනේ නැති එක ගැන මට දැන් ලොකු සතුටක් තියෙන්නේ.ලෝකේ දකින්නේ නැතුව මෙහෙට වෙලා කෑ ගහන ය දැක්කම මං හිතාගත්තේ මගේ පුතා විභාග පාස් වුනත් මෙහෙ කැම්පස් යවන්නේ නෑ .වෙන මුකුත් හින්ද නෙමේ ඔක්කොටම කලින් ඌ පොලවේ පය ගහල ඉන්න මනුස්සයෙක් වෙන්න ඕනේ නිසා.සායනික පුහුණව ගන්න දෙන්නෙත් නෑ .ඊට පස්සේ කියනවා පුහුණුව නෑ උපාධිය දෙන්න එපා කියල.මේක මාර වැඩක්නේ.ප්‍රමිතිය තියෙන්න ඕනේ හැබැයි හැමෝගෙම. අනික වෛද්‍යවරයෙක් කියන්නේ දැනුම විතරක් නෙමේ. ගොඩක්ම දයාව කරුණාව තියෙන්න ඕනේ. අපේ ලංකාවේ අයියල ගොඩක් ගාව නැත්තෙත් ඒකම තමයි. ඇයි ලොකුකම වැඩි නිසා. (අ)
රජයේ වියදමින් පවත්වාගෙන යන රජයේ රෝහල් වලට පුද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට පුහුණුව දෙන්නේ කොහොමද ?? එම පිරිස යායුත්තේ පුද්ගලික රෝහල් වලට පමණි !! අපි බදු ගෙවන්නේ ප්‍රද්ගලික අයට පහසුකම් ලබාගන්න නෙමෙයි !!! අන්න එ් ටික කවුරු කවුරුත් මතක තියා ගත්තොත් හොදයි !!! (හේ)
පුහු මානසිකත්වයෙන් හිතන්න එපා. බොහොම පුළුල්ව මේ ගැන කල්පනා කරන්න. අපේ රටේ ගොඩක් දක්ෂ ළමයි මාලබේ අැති. (හේ)
5490 ක් මේක බලල තියනවා. 78ක් අදහස් දක්වල තියනවා. ඉතාම හොඳ තත්වයක්. අපි හැමෝම අගය කලයුතු දෙයක් තියෙනවා. අපි මේවා ගැන විවුර්තව ගැඹුරින් සිතිය යුතුයි. කරුණාකරලා මෙන්න මේ කරුණු ටික විතරක් හිතල බලන්න. අපේ රටේ රජයේ ඉංජිනේරු පීට තියෙන්නේ 2යි. පෞද්ගලිකව ඉගෙන ගෙන ඉංජිනේරුවෙක් වෙන්න ලංකාවේ කිසිම බාදාවක් නැහැ, ඒ ඉංජිනේරුවෝ හදන ගොඩනැගිල්ලක් කඩා වැටුනොත් මිනිස්සු මැරෙන්නේ නැතිද? රජයේ ඉංජිනේරු පීට වලින් ඉගෙනේ ගෙන හදපු ඉදිකිරීම් කඩා වැටිලා මිනිස්සු මැරිලා නැත්ද? හොඳයි ඊලගට හතු පිපෙනවා වගේ හැම තැනම තියෙන ජාත්‍යන්තර පාසල් වල හොඳ ඉගෙනේගන්න පුලුවන් ළමයි, ඒ අය යන්නේ කොහෙටද . ඒ ගොල්ලෝ ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයට ගන්නවද. එහෙමනම් ඒ ගොල්ලෝ පිටරට යා යුතුමයි. එතකොට යන්නේ අපේ රටේ සල්ලි නෙවෙයිද.? (ර)
මම මේකත් කියන්නම ඕනෑ.කෑගහන්නේ සම්පුර්ණයෙන් කුහකකමට. තමන් ගැන විතරයි හිතන්නේ. (නි)
මෙතන අදහස් දාල තියෙන අය කුහක කමින් අදහස් දමා ඇත. මාලක සමග මම 100% එකගයි. ලංකාවේ විශ්ව විද්‍යාලයක ඇති ඕනෑම පාඨමාලාවකට අවශ්‍ය වන්නේ S 3 ක් පමණි. නමුත් ඇති ඉඩකඩ සීමා සහිත නිසා ඉහලම ලකුණු ඇති අය පමණක් ඇතුලත් කර ගන්නවා. කොළඹ අඩුම ලකුණු මට්ටමට වඩා පුත්තලම වගේ බැලුවොත් ගොඩක් අඩුයි. කොළඹ එක ලකුණක් දෙකක් අඩු උනොත් යන්න බැරි අය මොනවද කරන්නේ? ඒ ළමයි මහන්සි වෙලා ඉගෙන ගෙන නැත්ද? වෙන පළාත් වලින් ඊට වැඩිය ගොඩක් ලකුණු අඩු අය ඇතුලේ. තමන් ගාව සල්ලි තියනවනම් රස්සාවට ඉල්ලුමකුත් තියනවනම් ඉගෙනගන්න දුන්නම මොකද වෙන්නේ? ඇයි පිටරට ගිහින් සල්ලි දීලා ඉගෙනගෙන එන්න එපා කියලා කෑගහන්නේ නැත්තේ.? (ර)
අදකාලෙ රජයේ රෝහලකින් බෙහෙත් ගන්න ගියාම කොච්චර අමාරුද? (ස)
කුමාර මහත්තයෝ දැනගන්න දෙයක් නැහැ, ඔයා ජී එම් සී සයිට් එකට ගිහින් බලන්න, (බ)
ඉහත ඇති අදහස් කියවීමෙන් මා හට හැඟීයන්නේ නොදන්නාකමත්, කුහකකමත්, ඊර්ෂ්‍යාවත් ඒ සියල්ලේම මිශ්‍රව ඇති බවය. මෙම විශ්ව විද්‍යාලයේ රෝහල ඉදිකිරීම් කටයුත්තට පුද්ගලිකවම සහභාගි වූ මා එහි ඇති පහසුකම් සියල්ල පිළිබඳව දනිමි. වියයුත්ත නම් මෙම විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු මනා ප්‍රමිතිකරණයකට ලක්කිරීමයි. විරුද්ධවනවා නම් රුසියාව, චීනය,බංගලාදේශය,ඉන්දියාව යන රටවල හදාරන උපාධි සියල්ලටද විරුද්ධ වියයුතුය. මන්ද ඒවායෙහි ප්‍රමිතිය පිළිබඳව අප හරි හැටි නොදන්නා අතර අවශ්‍යනම් මෙහි ප්‍රමිතිය පහසුකම් පිළිබඳව අපට සොයා බැලිය හැකිය. විදේශ පාඨමාලා හදාරා ලංකාවට පැමිණ වෛද්‍ය සභාවේ පරීක්ෂණ සමත්ව දැනට රැකියා කරන වෛද්‍යවරුන්ගේ සුදුසුකම් හා හැකියාව පිළිබඳ කිසිවකුත් කතානොකරන අතර තම රටේම උගත් සහෝදර සිසුන් පිළිබඳ කුහකකමින් කතාකරන බවක් මා හට නම් හැඟීයයි. ලාංකික විශ්ව විද්‍යාල වල උගත් බොහොමයක් වෛද්‍යවරු අද වැඩි කාලයක් ගෙවා දමන්නේ තම පුද්ගලික සායන වලය. දහස් ගණන් ගෙවා පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා විට ඒවායෙහි ප්‍රමිතිය හොඳය. රජයේ රෝහල් වල ප්‍රමිතිය නරකය. නමුත් මෙහිදී ඇත්තේ හාත්පසින්ම වෙනස් තත්වයකි. දැන් පුද්ගලික විශ්ව විද්‍යාල නරක් වී ඇති අතර රජයේ ඒවා අතිශය හොඳ වී ඇත. (නි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන සබාවෙන් මේ ළමයින් බඳවා ගැනීමට පෙර නිරීක්ෂණය කිරීමෙන් පසුත් මෙම ශිෂ්‍යයන්ගේ ප්‍රතිඵල මදි කියා කියන්නේ කෙසේද ? රජයේ විශ්ව විද්‍යාල වලට යාමට නොහැකි, ඉතා හොඳ ප්‍රතිපල ලබාගත් දරුවන් මෙහි ඉගෙන ගන්නවා. ඊට අමතරව ජාත්‍යන්තර පාසල්වල ඉහල ප්‍රතිඵල ගත් ශිෂ්‍යයින් සදහා පිටරට යාම අතහැර ලංකාවේ නිදහස් අධ්‍යාපනය බුක්ති විදීමේ ඉඩ පහසුකම් නැති විට මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් කෙතරම් සේවයක් ඔවුන්ටත් , එමෙන්ම රටටත් සිදු වෙනවද? මෙම අසාධාරණය දැකීමෙන් මට හැඟී යන්නේ මේ රටේ මිනිසුන් කෙතරම් කුහක විය හැකි දැයි කියා .මේ සියලු දෙන මෙසේ කියද්දී එම සිසුන් ගේ මානසිකත්වත්වය පිළිබඳත් ටිකක් සිතා බලන්න. මෙම සිසුන් හට සාදාරන තීරණයක් ඉතා ඉක්මනින් ලබා දිය යුතු යයි මගේ හැඟීම . එම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා විසදුමක් ලබා දීම අප බොහෝ දෙනාගේ පැතුමයි. (අ)
මේ ළමයින් ගේ සායනික පුහුණුව පිළිබඳව නම් ප්‍රශ්නයක් තිබෙන්නේ එ්කට විසඳුමක් ලබා දෙන එක නෙමෙයි ද මෙතන සරිලන්නේ. හැමෝම කෑගහන්නේ සායනික පුහුණුව මදි කියා නම් අැයි ඔවුන්ට රජයේ සිසුන් භාවිතා නොකරන ඇති තරම් රෝගීන් සිටින රෝහල් භාවිතා කිරීමට ඉඩ නොදෙන්නේ? මෙතන ආත්මාර්ථකාමී අදහස් තිබෙන සුළු කොට්ටාශයක් නිසා ඇයි මේ අහිංසක ළමයින් ගේ අනාගතය අඳුරු කරන්නේ? අපිත් රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න මහජනයා හැටියට අපිට පෙනී යන්නේ දොස්තරල අපේ රටේ මදි කියල . නිදහස් අද්‍යාපනය ලබා වැඩි වාසි තකා රජයේ සිසුන් කීදෙනෙක් විදෙස් ගතවී තිබෙනවද? ලංකාවේ මිනිස්සුන්ගේ හැටි කොහොමත් උඩට ගන්න හදන මිනිහට වල කැපීම තමයි. (ස)
සහෘද පාඨකයිනි , අද පමණක් නොවේ හෙට ගැන හිතන්න. දේශපාලුවන්ගේ දරුවන් , පතාලයන්ගේ දරුවන් මුදල් ගෙවා උපාධිය ඉල්ලන දවසේදී ප්‍රමිතිය පවත්වා ගන්නට සයිටම් සමත් වෙනවනම් අපි කිසිවෙකුටත් මේ උපාධියට එරෙහිවිය නොහැකිය . නමුත් අද දවසේ අනෙකුත් බොහෝ පුද්ගලික උපාධි ආයතන ප්‍රමිතියට වඩා ප්‍රමාණයට හා මුදලට මුල්තැන දෙන බව නොරහසකි . (ස)
මුදල් ගෙවන්ඩ කලින් දැනගන්න, හොයල බලන්න තිබුණ නේද ? දැන් මානව හිමිකම් ඉල්ලන එක හොඳද ? මේ විදියට ගියොත් හැමෝම වැරදි ක්‍රම වේදයට දෙන තීන්දුවට මානව හිමිකම් ඉල්ලයි නේද? ඔය වගේ කැක්කුමෙන් කතාකරන අය වෘත්තියට ඇතුළු උනාම කරන දේවල් කව්රුත් දන්නවා. (ස)
දොස්තරලාට තමයි ගොඩක්ම ඊර්ෂ්‍යාව තියෙන්නේ. (නි)
වෛද්‍යවරුන් වැඩිවීමෙන් අනර්ථයක් සිදුනොවේ (නි)
සරත් මහත්මයා, ඔබ හරි (නි)
තරුෂ මහත්මයාණෙනි,විස්තර හරි හැටි දැනගෙන ජනතාව දැනුවත් කරන්න. (නි)
තරුෂ මහත්මයා, ඔබතුමා කිවුව දෙය නැවත වරක් දන්නා උගත් කෙනකුගෙන් අහලා දැනගන්න. (නි)
යමෙක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මතයි. මේ වෛද්‍ය විද්‍යාලයෙන් හොඳ වෛද්‍යවරුන් සාධාරණ මිලකට සේවය දුන්නොත් අද අපව ගසාකන දොස්තර සංහතියට තම ගසාකෑම අඩුකිරීමට සිදුවෙනවා. අද ඔවුන් හිතුමතයේ අපව ගසාකන්නේ මහජන මුදලින් ලැබූ උපාධියෙනි. මුලින්ම වෛද්‍ය අධ්‍යාපනයට බලපෑම් කිරීමට ඇති අයිතිය ඉවත් කළයුතුය. අනෙක් රාජ්‍ය සේවකයින්ට නැති ඔවුට පමණක් ඇති යානවාහන අයිතිය, රෝහල් වල රෝගීන්ගේ වරප්‍රසාද චැනල් ක්‍රමයට විකිණීමට ඇති අයිතිය අභෝසි කළයුතුය. (නි)
ඒ තුනක් අරගෙන රජයේ විශ්වවිද්‍යාලයෙන් එන දොස්තරලා පුද්ගලික සායනවල මුදලට බෙහෙත් දෙනවනම්, තමන්ගේ මුදලින් ඉගෙනගෙන දුප්පත් මිනිසුන්ට බෙහෙත් කරන්න මේ අයට ඉඩදුන්නම මොකද? (බ)
ගොඩක් අය සුදුසුකම් ගැන කතා කරනවා. ඇත්තටම ලංකාවේ ඕනෑම උපාධියක් හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම සාමාන්‍ය සමර්ථ 3ක් කියල ගොඩක් අය දන්නේ නැ. දන්නේ නැති කට්ටිය අදම උ.ග.ච එකෙන් වාර්ෂිකව නිකුත් කරන විශ්ව විද්‍යාල අයදුම්පත අඩංගු වෙන පොත කියවල බලන්න. ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉඩ මදි නිසා තමයි පොඩි ප්‍රමාණයක් බඳවා ගන්නේ. නැතුව අනිත් අය අඩු සුදුසුකම් නෙමෙයි (බ)
සමන්ත මහත්මයා, මම දන්නා තරමින් තවමත් මෙම විද්‍යාලයෙන් ශිෂ්‍ය කණ්ඩායමක් එළියට ඇවිල්ලා නැහැ රෝහල් වල රැකියා කරන්න. එතකොට මහත්මයෝ මෙතෙක්කල් දොස්තරලාගේ වැරදි හා අතපසු වී නැතිවුණ රෝගීන්ගේ ජීවිත ගැන ඔබ කියන්නේ මොකද්ද? ඔබ ඒතරම් කුහකද? අමනුස්සකම් නවත්වන්න නිකන් බොරුවට සුපිරි වීරයෙක් වෙන්නේ නැතුව. තමන් දන්නා දෙයක් කියන්න. මෙහෙ ළමයි නිකන් රෝහල් වලට දාන්නේ නැහැ. වෛද්‍ය සභාවෙන් කරන විභාගයකින් පස්සෙනේ සේවාවට ගන්නේ. වෛද්‍ය වෘත්තිය ගැන කිසිදෙයක් නොදන්නා ඔබ වගේ අය තමා රෝගීන් අසරණ කරන්නේ. (නි)
මේ ළමයින්ට දොස්තර කෙනක් වීමට බැරිද? (නි)
අවතක්සේරු කරන්න එපා. මේ ළමයිනුත් උසස් පෙළ විද්‍යා අංශයෙන් හොඳට පාස්වෙලා වෛද්‍ය අංශයට යන්න ලකුණු මදිවුණ අපේම ළමයින්. පිටරට උපාධි අරගෙන එන අයට වඩා නරකද අපේම රටේ ඉගෙනගත් අය දොස්තරවරු වෙනවා නම්? මේ හැමදේටම මුල සමහරුන්ගේ ආඩම්බරකම (නි)
ලංකාවේ විශ්ව විද්‍යාල වල සීමිත ඉඩ ප්‍රමාණයක් තිබෙන්නේ. ඒ නිසා තමයි උ/පෙ ගොඩක් තරඟකාරී. එහෙමෙ නැතුව අඩු ලකුණු ගන්න අය මෝඩයෝ නෙමෙයි (නි)
විශ්ව විද්‍යාලයට අවම සුදුසුකම් තිබෙන ඕනෑම කෙනෙකුට ඉගෙනගන්න අයිතිය තිබෙනවා (නි)
ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල රජයේ පාලනය ඇතිව ආරම්භ කිරීම හොඳයි.(ම)
රජයේ නියාමය යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන ලියාපදිංචි කර අධ්‍යාපනය ලබා ගැනීමට සිසුන්ට ඇති අයිතිය ලබා දිය යුතුය. නිදහස් අධ්‍යාපනය ලබා මහා ජනතාව සුරා කන එක නැවැත්විය විය යුතුයි. (ම)
සල්ලි තියෙන ළමයි කැම්පස් යන්න ලකුණු මදි වුණාම ප්‍රයිවට් කැම්පස් ගිහින් ඩොක්ටර්ස්ලා වෙනවා දුප්පත් දරුවෝ දහදුක් විදලා තමයි වෛද්‍යවරයෙක් වෙන්නේ අන්තිමට සල්ලිවලට වෛද්‍යවරු වෙලා ලෙඩ්ඩුන්ව චැනල් කරලා විකුණන් කනවා දුප්පතාගේ දුක දැන්නේ නැ එහෙම අය (ම)
කව්රුවත් තරහ ගන්න ඕන නැ.. එක ලකුණක් මදිවෙලා වෛද්‍ය විද්‍යාලයට යන්න බැරි ළමයි දහස් ගානක් ඉන්න රටක සල්ලි වියදම් කරලා වෛද්‍ය විද්‍යාලයට අඩු සුදුසුකම් තියන ළමයි යනකොට මානව හිමිකම් උල්ලංගනය වෙන්නේ කාගේද කියල අහන්න වෙනවා... (බ)
එයාලට දෙනවා නම් ඉතින් අපිටත් රජයේ රෝහල් ඕනෑ (නි)
මෙතන හොඳට ඉගනගත්ත ළමයි ගොඩක් ඉන්නවා. සමහරුන්න්ට ඒ බී පවා තියෙනවා. මේක ළමයින්ගේ ප්‍රශ්නයක් නෙවේ. (බ)
ලංකාවේ විශ්වවිද්‍යාල වලින් ඇතිවෙන්න දොස්තරලා ලංකාවට ලබා දෙනවා. (ම)
සමන්ත ඔබ හරියටම හරි,,සල්ලි ගෙවල උපදී අරගෙන මිනිස්සු මරපුවහම් කවුද වග කියන්නේ,,,,,මම හොඳට දන්නවා මේ ඉන්න සමහරුන්ගේ උසස් පෙළ ප්‍රතිපල ලෙඩ්ඩුන්ට දෙවියන්ගේම පිහිට තමයි (බ)
එක පැත්තකින් විදේශ හොර උපාධිකඩ වලින් එන අය නිසා ලෙඩ්ඩු අමාරුවේ අනිත් අතින් මේ නඩේ නිසා ලෙඩුන්ගේ මානව හිමිකම් කඩ වෙනවා .ලෙඩුන් තමා ඔය කොමිසමට යන්න තිබ්බේ මේ බයෙන් බේරෙන්න. (බ)
ගාමිණී මැතිතුමනි, කරුණු හරි හැටි නොදැන කියවන්න එපා. මෙතැන ඉන්නේ හොඳට ඉගෙන ගත්ත ළමයි. නිකමට හිතන්න අපේ රටේ යමක් කමක් කරගන්න පුළුවන් හැමෝම රට ගිහින් ඉගෙන ගෙන ඇවිල්ල මෙහේ වෙදකම් කරනවා. ඒ ළමයින්ට හරියට සායනික පුහුණුව තියනවද. ළමයි ගොඩක් යවලා ඒජන්ත කාරයෝ සල්ලි ගරා ගන්නවා (බ)
මේ කඩේ අරිනකොටම අපි කිව්වා මේ කඩේ නිසා දරුවන්ගේ මානව හිමිකම් කඩ වෙනවා කියලා. (බ)
මෙයාට ඒ3 නැහැ නේද අතේ ලෙඩේට කකුල කපා දාන්නේ නැහැ සල්ලි දොස්තරලානේ (බ)
වෛද්‍ය සභාව 100% හරි. ඒ අයට ඒ සඳහා බලය තියෙනවා. නීතියට පිටින් ගිහින් මේ ආයතනය ස්ථාපිත කරපු සමහර දෙශපාලුවන්ටයි මේ කළු කඩ උපාධි කඩයේ අයිතිකාරයන්ටයි විරුද්ධවයි මේ අය පැමිණිලි කරන්න ඕනැ ඇත්තටම නම්. ඔබලාගේ ඉරණම ගැන අවංකවම දුක්වෙනවා. අනාගත පරම්පරාවටත් මෙය ඉතා හොඳ පාඩමක්. (අ)
මේ ඉන්නෙත් අපේම දරුවන්. මේ ප්‍රශ්නය දිහා පටු විදියට බලන්නේ නැතුව මේ දරුවන්ටත් ඉගෙන ගන්ඩ ඉඩ දෙන්ඩ. (අ)
වෛද්‍යවරු පිටරට ගොස් විශේෂඥ උපාධිය ගන්නේ සල්ලි නොගෙවාද? රජයේ වෛද්‍ය විද්‍යාල බී 3 තිබෙන කීයක් සිටීද කියා ඔබ නොදනීද? (නි)
සයිටම් ආයතනය සක්විති ක්‍රමයට කලුසල්ලිකාරයන් මුලා කරලා ඔවුන්ගේ දරුවන්ට හරිහැටි සායනික පුහුනුවක් නැති තියරිවලට පමණක් සිමා වු වෛද්‍ය උපාධියක් ලබා දි අඩ -දොස්තරලා නඩයක් සමාජගත කරන්නට දැඩි උත්සාහයක යෙදෙනවා. සයිටම් ලොකු ගරානා පාරක් දානවා. ඒකට අහුවුණු මේ තරුණයන්ට දැන් යන එන මං නෑ. ඉතින් ඔවුන් රජයේ රෝහල්වල සායනික පුහුනුව ඉල්ලනවා. සයිටම් එකට ලාබ උපයා ගැනීමට රජයේ දේපල බිල්ලට දිම සුදුසු ද? මේ තරුණයන්ගේ දෙමාපියන් අතරින් බහුතරය අනීතික ක්‍රමවලින් මුදල් උපයා ගත්තවුන්. එක දරුවනු වෙනුවෙන් රැපියල් කෝටියක් තරම් වැය කරන්නට ඔවුන්ට මුදල් ලැබුනේ කෙසේද කියා අල්ලස් හා දූෂණ වංචා විමර්ශන කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. කලුසල්ලිවලට සයිටම් ආයතනය උපාධි පිරිනැමීමෙන් අප වැනි සල්ලි නැති අයගේ දරුවන්ට අසාධාරණයක් සිදුවනවා. හැමෝම කතා කරන්නේ කලු සල්ලි කාරයන්ගේ දරුවන් ගැන පමණයි. දුක් මාන්සිවෙලා විබාග සමත්වෙලා රජයේ වි.වි. වල අධ්‍යාපනය ලබන වත්කම් නැති සාමාන්‍ය මිනිසුන්ගේ දරුවන් වන වෛද්‍ය සිසුන්ටත්, තියරියට පමණක් සිමාවු සයිටම් සිසුන්ගේ වෛද්‍යවෘත්තිය නිසා මේ රටේ රෝගීන්ටත් විය හැකි අසාධාරණය ගැන කිසිවකු කතා නොකරන්නේත් කුහක කම නිසාම තමයි. (බ)
අල්විස් සහෝදරයට ඔබ දන්නවද එක්සත් රාජධානියේ අනුමත යි සැලකෙන වෛද්‍ය විද්‍යාල අතරට මාලඹේ වෛද්‍ය විද්‍යාලය තිබෙනේ බව. ඔබ දන්නවද එහි රජරට, මඩකලපුව එය නොමැති බව. ඒවාට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදුන්නේ කිසිම පහසුකමක් තවමත් නැති තත්වයක. (බ)
අල්විස් මහත්මයා දන්නවද ඒ ඔබ කියපු ගණනෙන් බොහොමයක් ඉන්නවා ලංකාවේ ප්‍රථම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ එවකට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ( දැන් රාගම වෛද්‍ය විද්‍යාලය) තම අධ්‍යාපනය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක මුදල් ගෙවා හැදෑරු වෛද්‍යවරුන්.... එතකොට දැන් ඔබ ඔබේ කතාව වෙනස් කරනවද? කුහකකම් ඕන නැහැ නේද? දැන් වත් බුද්ධිමත්ව හිතමු නේද? (බ) අනිත් එක ඔබ කියනවා පිළිගනිම අඩු වෙනවලු.. දෙය්යනේ තාම එක කණ්ඩායමක් වත් වෛද්‍ය සේවයට බඳවාගෙන නැහැ නොව... ඔබ තුමා අනාවැකි කියන්නෙක් ද? අනුරාධපුරපුජා භුමියේ මුදලට සාස්තර කියන කණ්ඩායමේ කෙනෙක්ද ඔබ? මොකද රජයටවත් වෛද්‍ය සභ්වටවත් නැති ඉදිරිය පෙනෙන බලයක් ඔබ තුමාට තිබෙනවානේ... නරකද මුදලට අනාවැකි කියන ව්‍යාපාරයක් දාගත්තානම්... දන්නා දේ කතාකොට නොදන්නා දෙය, එය ගැන හොඳින් දන්නා අයගෙන් අසා ඉදිරියේදී වත් බුද්දීමත්ව කටයුතු කරන ලෙසද... ශ්‍රී ලංකික ජනයා නිකරුනේ නොමග නොයවන ලෙසටද සමස්ථ ශ්‍රී ලංකික පුරවැසියන් වෙනුවෙන් ඉල්ලා සිටිමි.
පෞද්ගලික හෙද විදුහල් වල ඉන්න ළමයින්ටත් රජයේ රෝහල් වල හෙද පුහුණුව ලබාදෙනු..මුදල් ගෙවා පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ගන්න ලෙඩුන්ට හොඳ ගුණාත්මක හෙද සේවයක් ලබා ගැනිමට අවස්ථාව දෙනු,,,,(බ)
සරලම විසදුමක් තියෙනවා.රජයේ විශ්වවිද්‍යාල වලින් එන අයගෙනුත් මුදල් අයකරන්න මේ ළමයින්ගෙනුත් මුදල් අයකරගෙන දෙගොල්ලටම රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. හැමදේම නිකන්ම හම්බවෙන නිසා තමයි අනිත් කට්ටිය මේ ළමයින්ට ලෙඩේ දාන්නේ. (බ)
ඒ කාලේ ශිෂ්‍යත්වේ ෆේල් එවුන්ට 6 වසරේ ඉඳන් ඉහලට ඉගෙනගන්න දෙන්න බෑ, ලකුණු මදි, සුදුසුකම් නෑ කියලා ශිෂ්‍යත්වේ පාස් වෙච්ච එවුන් කෑ ගැහුවා නං, අද ඔය උසස් පෙළින් ටිකක් වැඩියෙන් ලකුණු අරන් රජයේ කැම්පස් ගිහින් මාලඹේට බනින අයගෙන් වැඩිහරියක් අද නෑ..(බ)
ලෝකේ වටේම ගොඩක් පෞද්ගලික සරසවි තිබෙනවා වෛද්‍ය විද්‍යාලත් එහෙමයි. ඇමරිකාව බ්‍රිතාන්‍ය ඉන්දියාව පාකිස්තානය චීනය හා රුසියාව මේවයින් ගොඩක් දොස්තරලා පුහුණුව ලබලා ලෝකේ හැමතැනම වැඩ කරනවා ලංකාවේද ඇතුළුව ඒ නිසා රජය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත කළ හොඳ තත්ත්වයේ හොඳ ආචාර්යවරින් හා සිසුන් ගැනීමේ ක්‍රමවේද සහිත ආයතන ආරම්භ කළ යුතුයි. රජයේ වෛද්‍යවරුන්ට ඒ දේ කිරීමට පහසුකම් හෝ දැනුම නෑ (බ)
එතකොට කොතලවලින් කණ්ඩායම් දෙකක් එළියට ගිහින්. ඒවාට කව්රුත් සද්ද දන්නේ නැහැ නේ. එයාලට සායනික පුහුණුවට රෝහලකුත් නැතිලු. එ්ත් එයාල දැන් දොස්තරවරු . රෝහලකුත් තියන මාලඹේ දරුවන්ට ඇයි මෙච්චර අසාධාරණයක්. මේ අපේ ලංකාවේ අපේම දරුවන්. මමනම් කියන්නේ එයාලටත් සාධාරණයක් විය යුතුයි. (බ)
අද ලංකාවේ වෛද්‍ය වරු ලෝකෙම දක්ෂ ලෙස පිළිගන්නවා. මේකෙන් ඒ පිළිගැනීම අනිවාර්යයෙන්ම අඩුවෙනවා.මොනවා කරන්නද? (නි)
විශාල මුදලක් හා විශලකාලක් වියදම් කර ඇති මම ළමන්ට කරන අපරාදය විසඳන්න කෙනක් අැත්ටට නැද්ද ?(අ)
ප්‍රශ්නේ තියෙන්නේ ඔය මොලකාරයෝ කියාගන්න පිරිසට තේරෙන්නේ නැනේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල වටිනාකම. ඔය කෑ ගහන කට්ටියගේ ළමයි කොළඹින් උසස් පෙළ කරලා කෙළ වෙච්ච දවසට එගොල්ලන්ටත් තේරෙයි (බ)
උසස් අධ්‍යාපනය සුදුසුකමවත් නොමැතිව පිටරටින් වෛද්‍ය උපාධියක් ලබාගෙන එන අයගේ සායනික පුහුණුව පරීක්ෂා කරන්නේ කවුද? එස්ඒඅයිටීඑම් ගැන විරුද්ධ වෙන්න අය ඒවා ගැන බැලුවද? (බ)
රජයේ විශ්වවිද්‍යාල තුළ ඉගෙන ගන්නා සිසුන් පෞද්ගලික වෛද්‍යය විද්‍යාල හා විශ්වවිද්‍යාල තහනම් කරනු යනුවෙන් කෑ මොර දීම කුහකත්වයේ උපරිමය ලෙස දකිමි. නිදහස් අධ්‍යාපනය යනු අවශ්‍යතාවය ඇති ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු වීම විනා රජයේ විශ්වවිද්‍යාල තුළින් පමණක් උපාධියක් ලබා ගැනීමේ හැකියාව නොවන බව මේ කෑ මොර දෙන පිරිස වටහා ගත යුතුය. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමක් වී ඇති ලෝකයක කෙනෙකුට මුදල් ගෙවා හෝ උසස් අධ්යාතපනය ලබා ගැනීමේ හැකියාවක් පවතී නම් එයට බාධා කිරීම මිනිසත් කමටද නිගාවක් යැයි සිතමි. එමෙන්ම ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන බහුතරය කෝටි හා ප්‍රකෝටිපතියන්ගේ දරුවන් නොව රජයේ විශ්වවිද්යාලලයන්හි ඉගෙනුම ලබන සිසුන් සේම මධ්‍යම පාංතික දෙමව්පියන්ගේ දූ දරුවෝ වෙති. අධික තරඟකාරීත්වය නිසා උසස් පෙළ කඩඉම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමේ මට්ටමට ජයගත නොහැකි වූවද තම පුතා හෝ දියණිය උපාධිධාරියෙකු ලෙස දැකීම සිය ජීවිතයේ වැදගත්ම සිහින වලින් එකක් ලෙස සලකන මෙම මධ්ය ම පාංතික දෙමව්පියෝ ඒ වෙනුවෙන් සිය කණකර ආභරණ, ගේ දොර ඉඩකඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොපැකිළෙති. (බ)
මෙම මාලෙඹ් වෛද්‍ය විද්‍යාලයේ උසස් අධාපනය හදාරන උගත්, බුද්ධිමත්,විශේෂයෙන්ම විනීත වෛද්‍ය සිසුන් හට සිදුවී තිබෙන අසාධාරණය ගැන මේ රටේ යහපත් ආකල්ප වලින් පිරුණු බුද්ධිමත් ජනතාව කණගාටු වෙනවාට කිසිදු සැකයක් නැහැ. මේ උගතුන් අසාධාරණය හමුවේ සංවරව ඊට විරෝධය දක්වන ආකාරය තරුණ ප්‍රජාවට ආදර්ශයක් වේවි. සමහර විශ්ව විද්‍යාල වල සිසුන්ටත් ආදර්ශයක් ලෙස විනීතව කර තිබෙන උද්ගොෂණයට අප මේ දරුවන්ට ස්තුතිවන්ත විය යුතුයි. ජනතාවගේ බදු මුදලින් රජයේ විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරා වෛද්‍ය වරුන් වූ පසු රෝගීන්ට සලකන ආකාරය අපි නොදන්නවා නොවේ. තමන්ගේම පමණක් මඩිය තර කර ගැනීමේ අරමුණින් තවත් වෛද්‍ය වරු බිහි වෙනවාට අකමැතිව ඉතාම කුහක කමින් මේ දරුවන්ට කරන අසාධාරණය අප තරයේ හෙලා දැකිය යුතුයි. ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගත් වෛද්‍ය වරු පෞද්ගලික රෝහල් වල හා චැනල් සෙන්ටර් වල සේවය කරමින් රෝගීන් ගෙන් මුදල් සූරා කෑම ගැන ඔවුන් ලජ්ජා විය යුතුයි. මේ රටේම උපන් මේ අපේම දරුවන්ට කුහක කම් නොකර අසාධාරණ කම් නොකොට සාධාරණයක් ඉටුකිරීමට වෛද්‍ය සභාව ඇතුළු අදාල බලධාරීන්ට ප්‍රඥාව පහල වේවා යයි පතමි!! (බ)
අපේ විශ්ව විද්‍යාල වල ඔය මාලඹේට වැඩිය අඩු ඉසෙඩ් ස්කෝර් තිබෙන කීයක් ඉන්නවද බලන්නකෝ. මොළකාරයෝ ඔක්කොම ඉන්නේ ඕවා ඇතුළේ විතරද? (නි)
මම නම් කියන්නේ මොවුන්ගේ ඉල්ලීම සාධාරණයි (නි)
මේක වහලා සිසුන් වන්දියක් දීලා ගෙදර යවන්න කියන්න තරම් මොළකාරයෝ ඉන්න රටක්නේ මේක (නි)
කොහොමත් ලංකාවේ රජයේ නොවන වෛද්‍ය විද්‍යාලයක් දැම්මහම ඔය සමහර අතරමැදියන්ගේ ආදායම බහිනවා. අනේ ඉතින් අපේ ලංකාව! (නි)
අවශ්‍ය වන්නේ නිවැරදි ප්‍රමිතිකරණය. උදාහරණයක් හැටියට රජයට පුළුවන් හෝ වෛද්‍ය සබාවට පුළුවන් මේ අයට රජයේ වෛද්‍ය විද්‍යාලවල විභාග වලට ලියන්න කියලා නියම කරන්න. එහෙම නැතුව ඉගෙනගෙන ඉදිරියට එන්න උත්සාහ කරන දරුවන්ගේ අනාගතයට වල කැපීම වැරදියි. (නි)