
(නිමල කොඩිතුවක්කු)
මීගමුව බන්ධනාගාරයේ 2026-07-05 සහ 06 දිනයන්හි සිදු වූ ගැටුම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා වන්දි සහ සහනා ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
2026-07-05 සහ 06 දිනයන්හි මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරින් සඳහා වන්දි සහ සහන ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම Bණිස 2026-08-03 දින පැවති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්ගේ ප්රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබ ඇත. එකී නිලධාරි කමිටුව විසින් සිය නිර්දේශ සහිත වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යතුමා විසින් එම වාර්තාව අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලදුව, එකී වාර්තාවේ සඳහන් පහත නිර්දේශ ක්රියාත්මක කිරීම පිණිස අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.
(i) රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 22/93 හි විධිවිධාන යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව, පහත සඳහන් පරිදි විශේෂ වන්දි මුදලක් ගෙවීම:
ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධරයෙකුටම රුපියල් මිලියන 5ක් බැගින් වූ වන්දි මුදලක් ගෙවීම.
පූර්ණ ආබාධිත තත්ත්වයට පත් නිලධරයෙකුට රුපියල් මිලියන 5ක් වූ වන්දි මුදලක් ගෙවීම.
අර්ධ - ආබාධිත උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්රතිශතය 100%ක් වූ තත්ත්වයට පත් වූ නිලධරයෙකුට රුපියල් මිලියන 4ක් වූ වන්දි මුදලක් ගෙවීම.
තාවකාලික අර්ධ - ආබාධිත තත්ත්වයට පත් වූ නිලධරයෙකුට රුපියල් මිලියන 3ක් වූ වන්දි මුදලක් ගෙවීම.
(ii) බන්ධනාගාර උපක්රමික බලකායට නෛතික තත්ත්වය ලබා දීමට හැකි වන පරිදි යෝග්ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම.
ප්රමාණවත් සහ සුදුසු නිලධාරීන් සංඛ්යාවක් බන්ධනාගාර උපක්රමික බලකායට බඳවා ගැනීම තුළින් එය ශක්තිමත් කිරීම.
(iv) බන්ධනාගාර උපක්රමික බලකාය සඳහා අදාළ ක්ෂේත්රයන්හි විධිමත් පුහුණුවක් ලබා දීම සහ අවශ්ය නවීන උපකරණ එම බලකාය වෙත ලබා දීම.
බන්ධනාගාර උපක්රමික බලකා මූලස්ථානයක් සුදුසු ස්ථානයක පිහිටු වීමට පියවර ගැනීම.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd