
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන බැවින්, ප්‍රතිඵල නිකුත් වීම ද ආරම්භ වී ඇත.
එසේ නිකුත් වුණු ප්‍රතිඵල අනුව පෙනී යන්නේ, ට්‍රම්ප්ගේ පාලක රිපබ්ලිකන් පක්ෂය පසුබෑමකට ලක් වී ප්රතවාදී ඩිමොක්රටික් පක්ෂය ඉදිරියට පැමිණ ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ,
තිවරණයේ ප්‍රතිඵල කුමක් වුවත්, එය පිළිගැනීමට තමන් සම්පූර්ණයෙන්ම සූදානම් බවය.
මෙම මැතිවරණයෙන්, ට්‍රම්ප්ගේ ජනපති ධුරය අභියෝගයට ලක් වන්නේ නැත. මැතිවරණය පැවැත්වෙන්නේ ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටත් සෙනෙට් මණ්ඩලයටත් නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.
මේ වනවිට කොංග්‍රසයේ බහුතරය ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව වුවත්, මැතිවරයෙන් එය වෙනස් වී, ඩිමොක්රටික් පාක්ෂිකයන්ට බහුතර බලය හිමිවුවහොත්, ට්‍රම්ප්ට අභිමතය අනුව කටයුතු කළ නොහැකි වනු ඇත. අණපනත් සම්මත කර ගැනීම ද අසීරු වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd