ජනපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැති ලෙස අද පස්වරු එකට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2014 අයවැය වර්ජනය කිරීමට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩාය තීරණය කළ බව පක්ෂ ආරංචි කියයි.
ජනතා විමුක්ති පෙරමුණ ද එවැනි තීරණයක් ගෙන ඇත.
ජනාධිපති අද ඉදිරිපත් කරනුයේ 67 වැනි අයවැයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ ! මේ දෙගොල්ල වර්ජනය කරනවද ? එහෙනම් රටම කඩා වටිල ආණ්ඩුවත් ඉල්ලා අස්වෙලා මහා විනාශයක් වෙයි නේද. හිහ් හිහ් හී ...හූ (ස)
මේ දෙගොල්ලන් ආව නාව කියල මොකද?ලොක්ක කතාව කියල කට්ටිය එක්ක එකතුවෙලා හිනාවෙලා තේ බීල යනවා. එච්චරයි. මේ සැරෙත් අයවැය මෙලෝ රහක් නැහැ. මොකද අයවැයෙන් නොවෙයිනේ ඉතිරි හරිය කොරන්නේ.(නදී)
වර්ජනය කිරීමෙන් ඵලක් නැත. සහභාගි වී එහි අඩුපාඩු ජනතාවට පෙන්වා දීම තමා කළ යුත්තේ. (නි)
විපක්ෂයේ මේ ක්‍රියාකාරිත්වය කවුරුන් අනුමත කරයිද? අයවැයට ඇහුම්කම් නොදී වර්ජනය කිරීමේ පදනම කුමක්ද? මෙය ජනතාවට සහන දෙන අයවැයක් වුණොත් විපක්ෂයේ විරෝධය ජනතාවට සහනදීමට විරුද්ධවද? (නි)
මුණ දෙන්න බැහැ.වෙන විකල්පයක් නෑ.(ස)
හොඳ කල ආ දා පයට මිණි මුතු පෑගෙනවා. බය නැතුව ඉන්න. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි (නි)
කොහොම වුණත් හැමදෙයින්ම දුප්පතාට තමයි පහර වදින්නේ (නි)
මේ අය මේ කරන්නේ එයාලට ඡන්දය දීපු අයත් මෝඩයෝ කියා ඔප්පු කිරීමය. (ස)
ඔන්න වැඩේ දැන් ඉතින් ඉවරයි. ඇත්ත නම් ඇත්තයි කියහන් , බොරු නම් බොරුයි කියහන්.(නදී)
එක බොහම හොදයි මෝඩ අයත් පණ්ඩිත වෙනවා කතා නොකර හිටියහම (දිල්)
අපේ ජනපති ගේන්නේ රටට හොද අය වැයක්. වගේම අපේ දරුවන්ගේ අනාගතයට හොද එකක් (දිල්)
නොයෙන ඒකම හොඳයි. එතකොට විවාද තියල කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ.මෙයාලා ආවත් වැඩක් නැහැ. (ස)
කොහොමත් වර්ජනය කරාම මෝඩ විදියට කතා නොකරවත් ඉඳල ලැබෙන ඡන්දෙවත් රැක ගන්න පුළුවන්. වර්ජනය නොකර ගිහින් මෝඩ තර්ක දමල සවුත්තු වෙලා ලැබෙන ඡන්ද අඩු කරගන්නවාට වඩා (ස)
ජේ වී පී එකක් ලංකාවේ දැන් නැහැ නේද? ඒ අය කැමරුන්ගේ ලංකාවට විරුද්ධ ප්‍රකාශ වලට මොනාද කිව්වේ? (ස)
අනේ ඇත්තට? මොකටද මෙහෙම විපක්ෂ? (නි)
මම නම් කියන්නේ වර්ජනය කරනවට වැඩිය මන්ත්‍රීකමින් ඉල්ලා අස්වුණා නම්, එතකොට තමයි ජනතාවට හොදට දැනෙන්නේ කියලා ශක්තිමත් විපක්ෂයක් තිබෙන බව (නි)
අයවැයෙන් බඩු මිළ වැඩි කරනකොට පිටිගලලට, නඩරාජලට, සිල්වලාට වැඩි කරන්න එපා හොඳේ (නි)
කතිරය ගහපු අයට විඳවන්න මේක හොඳ දෙයක් (නි)
වර්ජනය කිරීමෙන් ඇති ඵලක් නැහැ. (නි)
අයවැයෙන් ජනතාවට සහනයක් නැත්නම් වර්ජනය නොකර කුමක් කරන්නද? (නි)
අයවැයේ මොනවද තිබෙන්නේ කියාවත් අහන්නේ නැතුව වර්ජනය කරන්නේ කොහොමද? (නි)
අය වැය එන්න පෙරසිටම කට්ටිය විරෝධය...අය වැයෙන් පස්සේ කියන කතා ගැන අපිට හිතා ගන්න පුළුවන්.. (නි)
මල හත්තිලව්වයි... දැන් මොකද කරන්නේ... (ස)
ඕව ඡන්දය බලාගෙන කරන සංදර්ශන .පුලුවන්නම් දෙගොල්ලම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්න . ඒක අමරුයි නේද.(නදී)
තව මුල විය යුතුද ඔක්කොමලට ....ඔක්කොම බහින්න පාරට ...දෙන්න බලන්න හොඳ අය වැයක් ...ඔයාලගේ ණයත් මහජනතාවම ගෙවන්නද..???? (ස)
මෝඩ අදහස්. වර්ජන කරලා අදහස් දැනගන්න පුලුවන්ද ? ඒවාට කන් දීල ප්‍රශ්නයක් නම් ප්‍රශ්න වර්ජනය කරලා විසඳන්න පුලුවන්ද ? ඉතින් මේ අයද රට බාර ගන්න ඉන්නේ ? (ස)