ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර නොගත් නිසා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ නොහැකි බව පොලිසිය කියාදීමෙන් පසුව මෙගා ෆෝන් වලින් ඔවුහු රැස්වීම අමතන්නට වූහ.
පොලිසිය ද ඊට ඉඩ දුන්නේය.
(ඡායාරූප හේමන්තද සිල්වා,වීඩියෝ දීපාල්ද සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ජාතිය වෙනුවෙන් බෝම්බයකටත් අහුවෙලා තරමක් අසනීපෙන් ඉන්නවා කියල දැන දැනත් අපි ,අපිවම මරපු කොටින්ට මීට වඩා හොඳින් සැලකීම ගැනනං ඉතා ආඩම්බර වෙමු. ආශ්චර්යයක තරම තමා. (නදී)
හික්කඩුවේ ආගමික ස්ථානවලට හානි කරන විට භාවනා කල පොලිසියට කොහොමද මේ විරුද්ධ දේශපාලන කටයුතු වලට හරස් වන්නට ශක්තිය ලැබුනේ? (නදී)
පොලිසිය බලාගෙන් ඉන්නේ හරියට මිනි මරපු මනුස්සයෙක් අල්ලන වගේ. (නදී)
රට කන අයට පොලිසිය සලකන හැටි සහ රට කොටියගෙන් බේරල දුන්න සෙන්පතියෙකුට සලකන හැටි.(නදී)
මෙහෙමත් වීරෝදාර පොලිසියක්.(නදී)
ෆොන්සේකා මහත්තයට ඇගිල්ල දික්කරල කතා කරනවා දැක්කම ...පොලිසියට ආදරේ හිතනවා.(නදී)
හෝමාගම,හික්කඩුවේ,පල්ලි කඩද්දි එක තරුණයෙක් පොලිසියේ මහත්මයෙකුගේ කම්මුලත් අත ගානවා දකින්නට ලැබුනා. අනුරාධපුරයේ මක්රේ ගමන් ගත් දුම්රිය නතර කර උද්ඝෝෂණ කරන විට පොලිසිය හැසිරුනේ අහිංසක හා පැටව් වගේ. තිස් වසරක යුද්ධය දිනා දුන් සැබෑ නායකයට දක්වන ප්‍රතිචාරය මෙහෙමයි. මහ ලොකු දේශප්‍රේමීන් මේ වෙලාවට අන්ධයි.(නදී)
මේ සලකපු ආකාරයනම් ඉතාම පහත්. ඇයි බලදාරින් මෙතරම්ම බයද? මීට වඩා නීතිය ක්‍රියාත්මක කලයුතු තැන්වලට එසේ නොවන්නේ මන්ද? (නදී)
ස්වබාව ධර්මයා විසින් හෝ මේ රටේ වැරදි කරන ලොකු අයට අච්චු ලැබෙන එක නියතයි. ඒ වැරදි කරන නිසා. (නදී)
මෙහෙමත් පොලිස් කාරයෝ.(නදී)
සත්‍යය දැනගැනීම වළක්වාලීමට මෙසේ කටයුතු කලද එය නිෂ්පල ක්‍රියාවකි. සත්‍යය සැගවිය නොහැක. අද නැතත් හෙට ජනතාව සත්‍යය දැනගනීවි. සත්‍යය තේරුම් ගනීවි. එවිට මේ වට කඩොලු බාධක වලින් පලක් නොවනු ඇත.(නදී)
ඒ කියන්නේ තවමත් ජෙනරාල් තුමාට බයයි කියන එක නේද ? ජෙනරාල් තුමා ඔහොම යන් බයවෙන්න එපා මමත් හිටපු හමුදා සෙබලෙක් අපි ඔබ තුමා සමගයි.(නදී)
අන්තිම නින්දිත වැඩක්. මොහුගේ දේසපාලන ගමනට මම කැමති නැහැ ඒත මොහුට කරන මේ හිරිහැර බාදා කිරීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ඔබතුමාගේ ගමන ඔබ තුමා ඉදිරියටම යන්න සෙන්පතියෙක් වසයෙන් ඔබට ගරුකරමි.(නදී)
තරු 4 සෙන්පතියෙකුට ඇගිල්ල දික් කරන පොලිසියේ මහත්තයාගේ රෑන්ක් එක මොකක්ද ? (නදී)
ලංකාවේ මොලේ ටිකක් හරි තියෙන මිනිස්සු ඉන්නවා නම් ඔය ටිකම ඇති එතුමාට මේ සැරේ ඡන්දෙන් දිනන්න.(නදී)
බයවෙලා නේද? (නදී)
ඉස්සර පොලීසිය හැංගිලා-හමුදාව එළියේ -දැන් හමුදාව බැරැක්කේ,-පොලීසිය එළියේ. අනේ හැබෑට ලැජ්ජා නැතිව ඇගිල්ල දිග්කරන හැටි.(නදී)
රටක් බේරගත්ත දෙවියකුට යුද්දය දැකලවත් නැති පොලිස් කාරයෝ ටිකක් කරන දේ. ඇඟ පත දැක්කම හිතා ගන්න පුළුවන් රාජකාරි කරලා තියන තරම. හැබැයි කරුණා හරි කේ පි හරි ආවානම් අවසර කෙසේ වෙතත් සැලුයුට් ගහල ශබ්ද විකාශන යන්ත්‍රත් සවිකරලා ස්පිකර් කර උඩ තියාගන ගොට්ටත් අල්ලයි. අනේ රටකට සහ පොලිසියකට හිය කල.(නදී)
ලබන පාරවත් මෙයාව දිනවන්න කඩේ යන අයට මොලේ පෑදේවා.(නදී)
මෙවැනි දේ කරන් අය අමනයන් වේ.(නදී)
හරියට නිත්‍යානුකුලව අවසර අරගෙන ශබ්ද විකාශන පාවිච්චි කරානම් ඉවරයිනේ. (නදී)
මේ ඇඟිල්ල උලුක් කරන් ඉන්න පොලිස් කරු කොටි කලබල කාලේ උතුරු නැගෙනහිර වැඩ කරලා නැතිව ඇති. යුධ හමුදාපතිව සිටි අයටත් අද මෙහෙම නම් ඇඟිලි උලුක් කරන අයටත් එහෙම වෙන දවසක් වැඩි කල් නොගිහින් ඒවි.(නදී).
අපේ හෙළ දෙරණේ ප්‍රජාතන්ත්‍ර වාදය පිරිහිලා, දැන්නම් වෙනසක් ඕනේමයි, බුරුතු පිටින් මහ සංඝරත්නය හා මහජනතාව ඝාතනය කල කරුනාවරුන්ට අවසර නැතිව ඕනෑම වර්ගයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය කරන්න අප රටේ අවසර ඇති බව මතක් කරමි.(නදී)
මෙතන දාපු ගොන් ප්‍රතිචාර දැක්කහම දුක හිතෙනවා. ආණ්ඩුවට විතරද බනින්න හොද නීති කැඩුවහම. විපක්ෂය නීති විරෝදී දේවල් කලාම කමක් නැද්ද? (නදී)
ජෙනරාල් තුමාට මාර බයක් නේද තියෙන්නෙ.(නදී)
ඇඟිල්ල දික් කරන ඉන්න පී. සී ඇයි ෂර්ට් එක යට කරන්නෙ නැතිව ඉන්නෙ කලිසමේ පස්ස පැත්ත ඉරිලද ? (නදී)
මට නම් පෙන්නේ සිංහයෙක්ව වටකරගෙන ඉන්න නරි ටිකක් වගේ.(නදී)
මෙම පොලිසියේ පක්ෂග්‍රාහී ක්‍රියාවලින් හැගෙන්නේ පොලිසිය කවුරුන් වෙනුවෙන්ද පෙනී සිටින්නේ,කාගේ ඕන එපාකම් වෙනුවෙන්ද ක්‍රියා කරන්නේ යන වග. රටේ සමස්ත ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා අපක්ෂපාතීව පොලිසිය කටයුතු කරන්නේ නම් මෙසේ අසාමාන්‍ය ලෙස නො හැසිරිය යුතුය.(නදී)
අත් තටු කපපු රාජලියෙකුට සිංහ වෙස්ගත් නරි තාමත් බයයි එහෙනම්. (නදී)
කුඩු කන්ටේනර්, එතනෝල් අල්ලන්න කෝ මෙච්චර උනන්දුවක් ? (නදී)
දැන්මම කට්ටියක් බය වෙලා වගේ. තව කොහෙද පාර්ලිමෙන්තුවේ හිටියා නම්.(නදී)
ශබ්ද විකාශන වලට අවසරයක් අරන් තියෙද්දිත් මෙහෙම කලානම් වැරදියි.(නදී)
මට නම් පෙන්නේ නරි වෙස් ගත් සිංහයෙක් වගේ. (නදී)
අරයට ද? මෙයාට ද? ( නැත්නම් උන්ට ද? .. මුන්ට ද?) බලමු බලමු.(නදී)
තුමනි,ඔබතුමාගේ හඩ අප දෙරණේ සදා කල් පවතිනවා , ජය ලැබෙනවා !!.(නදී)
මහේෂ් තරු 4 ගලවල ගොඩක් කල් දැන්. සුදු කොඩි කතාව කියල පාවල දුන්න මතක නැද්ද ? ආපහු කියන්නෙත් ඒ කතාවම තමයි. (නදී)
ජනරාල්තුමනි, මෙවැනි දේ නැවත නොකර සංවිදායක මහත්වරුන්ට කියන්න සෑම ආකාරයටම නිත්‍යානුකුලව වැඩකරන්ඩ කියා.(නදී)
අනේ මන්දා.(නදී)
පොලිසියට දොස් කියන්න ඕනේ නැහැ. නීතිය හොදින් දන්නා රටේ අනාගත පාලකයා වීමට අපේක්ෂා කරන මෙතුමා නීතිය අනුව කටයුතු කල යුතුව තිබුනා...නිකන් මාධ්‍ය ඉදිරියේ සංදර්ශන නොතියා.(නදී)
සඳුනි ...ගොනා කවුද කියල අපි දන්නවා ඔයාගේ කොමෙන්ට් එක දැක්කම.(නදී)
පොලිස් නිල ඇදුමට හිස්වැසුමක් තියන්නේ ඇයි ? (නදී)
ඇගිල්ල දික්කරල කතාකරන එක්කෙනා කොටි සපෝටර් කෙනෙක් වගෙයි.(නදී)
බල්ලෝ බිරුවට කඳු පහත් නොවේ විරුවනි ඔබට ජය. අපි දන්නවනේ ෆොන්සේකා මැතිදා කව්ද කියලා.(නදී)
මේ අදහස් දක්වල තියන අය කවුරුවත් දන්නේ නැහැ පොලිසියේ හැම වැඩක් පස්සෙන්ම දේශපාලනය තියනවා කියලා. අද පොලිසියට නිදහසේ රාජකාරියක් කරන්න බැහැ. හැම වෙලාවේම දේශපාලුවෝ ඇගිලි ගහනවා. ඉහලින් එන නියෝග අනුව තමයි රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. ඒක මම වගකීමෙන් කියන්නේ මමත් පොලිසියේ වැඩ කරන නිසා. පොලිසියට බැනල වැඩක් නැහැ. අපි ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ.පිටින් බලන අයට මේවා තේරෙන්නේ නැහැනේ.(නදී)
රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්ට මේ වගේ සලකන එක ඇත්තටම මාර දුකයි.(නදී)
සඳුනි සහ ඉස්සර ප්‍රතිචාර දාපු බන්දුලගේ අදහස් එක සමානයි. මේ දෙන්නම දැන් වත් නැවත්තුවොත් හොඳයි. සඳුනි නමින් ඉන්නේ බන්දුල නේද? (නදී)
මෙතුමා රජ වෙන දවස ලගයි. රට බේර ගත්ත මෙතුමා ඉක්මනින් ඇවිත් මේ රට බේරගන්න කියල ඉල්ලනවා.(නදී)
අවසර ඉල්ලලා දුන්නේ නැද්ද? (නදී)
මාර සෙනගක්නේ ඉන්නේ! (නදී)
සාගර ඔයාගේ කතාව හරි.(නදී)
සඳුනි නමින් පෙනී සිටින බන්දුල පෙරේරා හෙන්චයියාණෙනි,තමා වෙනුවෙන් පොත් ලියවා නොගත්තට,මෙතුමා සැබෑ යුද වීරයා බව අමතක කරන්න එපා. යුද්ධයේදී පෙරමුණ ගත් කොටි නායකයන්ට ආචාර ගව්රව දක්වන පොලිසිය මෙතුමාට ඇගිල්ල දිගු කරන්නේ කාගේ වුවමනාවකටද?කව්රුන්ගේ බලය මතද?යන්න ඔබට නොතේරුනාට අන් අයට නම් තේරෙනවා. දැන්වත් මේ ගැහැණු පිරිමි ලක්ෂණ දෙකට මැදිවූ ගති ලක්ෂණ නොපෙන්වා,සත්‍ය තේරුම් ගන්න පිරිමියෙක් විලස. (නදී)
ජෙනරාල් තුමනි ඔබට සියලු දෙවි පිහිටි ලැබේවා. (නදී)
එදා කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බයෙන් බඩ වැල් ටික අතේ අල්ලාගෙන නැගිටපු, රට වෙනුවෙන් තෙවරක් ජීවිතය පුජා කරන්න ගිය ජාතික වීරයෙකුට සලකන හැටිනම් හරිම ලැජ්ජයි. (නදී)
ජෙනෙරාල් සරත් ෆොන්සේකාගේ හේවනැල්ලටත් දැන් කට්ටිය බය වෙලා තියෙන්නේ. (නදී)
අරුණ, මට නම් පේන්නේ සිංහයෙක්ව වටකරගෙන ඉන්න නරි ටිකක් වගේ.(නදී)
රන්ජිත් පින්නවල ,අපි දන්නවා පොලිසිය වැඩ කරන්නේ දේශපාලනයට යටත්ව බව. තමන්ගේ රාජකාරිය හරියට කලාට කමක් නැහැ නමුත් යුක්තිය සදාරණය ,මිනිස්සුන්ට කථා කරන විදිය හරියට තියෙන්න ඕනා. ඉහලින් මොන ඕඩර් ආවත් තමන් කරන දේ සාදාරනව ,හොදින් කතා කරලා කරනවා නම් තමයි හොද.(නදී)
ඔය ඇගිල්ල උස්සගෙන ඉන්න පොලිස් මහත්තය බලේ ඉන්නකම් වීරයෙක් වගේ ඉදිව. කවදාහරි තේරේවි බලය නැති උනාම ලිබ්බෝක්කේ ඉන්න බල්ලෙක් තරම්වත් ගනන් ගන්නේ නැහැ කියලා.(නදී)
තුමෙනි ඔබට ජය වේවා !!! අපි ඔබ සමග ඉන්නවා ඔබට ජයම ජය වේවා(නදී)
බල්ලන් බිරුවට කන්දක් පාත් නොවේ. (දිල්)
දන්නා තරමට ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර ඕනි එත් රාත්‍රී 10.00 පසු නම් තමයි ඒ (දිල්)
මොකද මේ සිංහයකුව වටකරගෙන (අ)
පළමුවෙනි පින්තුරයෙන් වචන දහසකින් විස්තර කල නොහෙකි කතාවක් කියවෙනවා. (අ)
ඔබට මගෙන් සුබපැතුම් සහ ජය, (අ)
ප්‍රචාරක රැළියක ශබ්ද විකාසන යන්ත්‍ර පාවිච්චි කිරීමට අදාල වසමේ පොලිසියෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි .ඒ අනුව මෙතැනදී සංවිධායකයින්ගෙන් යම් අතපසුවීමක් සිදුවී ඇති බව පෙනෙනවා .නමුත් අපේ රටේ ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වල නම් මේ බලපත්‍ර පරික්ෂා කිරීමට පොලිසියට අමතක වෙනවා .(අ)
ඔබ ඇති තැන නැත බිය සැක! ඔබට ජය ! (අ)
අනේ මහත්තයෝ,, ආණ්ඩුවේ පැත්තට පැනල හරි කමක් නැ, ඇමති කමක් අරගෙන ඔය පොලිස් කාරයෝ ටිකට පාඩමක් හොද උගන්වන්න..(අ)
මෙතුමා හැමවෙලාවෙම අනාගන්නවනේ...මෙතුමාට පක්ෂව මේ දාන කොමෙන්ට් වලින් මේ අය පවතින රජයත් සමග වෛරයේ ද්වේශයෙන් කතාකරන බව පේනවා....!!! (අ)
මේගොල්ලෝ මෝඩ නිසා හොඳා මෙතුමාට මෙයින් තවත් ඡන්ද වැඩිවෙනවා. (අ)
පොලිසියේ මහත්වරුනි .ජාතියේ විරුවාණන්ට තර්ජනාත්මකව ඔසවන ඔබගේ බලගතු දබර ඇගිල්ල හැකිනම් අනෙකුත් ප්‍රබල දේශපාලකින්ටද එලෙසම ඔසවා පොලිසියේ වීරයෙකු වන ලෙස අප ඔබට අභියෝග කරමි. විරුවාණෙනි .30-9-2010 දින මෙන් අද ද ඔබ වෙනුවෙන් අප කැප වෙමි . (අ)
සෙහාන් අමරිසිංහ..., ඔබේ කතාවට මමත් එකඟයි (අ)
ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර නොගත් නිසා මිනිස්සුන්ට කතා කරන්න බෑ. කුඩු කන්ටේන ගණන්, එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්න අවසර ඕනේ නැහැ. අනේ හැබැටම මේ වගේ රටක් !!! මහා ජනය පවු !!! (අ)
දේශපාලනය කරන්න ඉසෙල්ලා රටේ නිතිය ඉගෙනගන්න (අ)
එදා අනුරපුරෙන් එහාට නොගිය අය තමා වීරයෝ වෙලාතියෙන්නේ. ඒත් අපි දන්නවා සබැ වීරයා කව්ද කියල.(අ)
ඔය එක ඇඟිල්ලට හෙටම උසස් වීමක් ලැබෙන බව දන්නා නිසා.(අ)
සඳුනි! ඔයා කතා කරන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඉඳල වගේ. නිත්‍යානුකුලව ජනාධිපති තරඟෙට ඉදිරි පත් උනා කියල නීතිය රකින්න ඉන්න ආණ්ඩුවක් ලංකාවේ ශ්‍රේෂ්ට පුරවැසියෙකුට සලකපු ආකාරය දැක්කනේ. සඳුන් රුකකට ගහන ගහන්න වැඩි වැඩියෙන් සුවඳ විහිදෙන බව ඔයා දන්නේ නැද්ද? (අ)
පුදුම මනුස්සකම තියෙන පොලිස් උත්තමයෙක් නේද අර ඇඟිල්ලක් උස්සගෙන ඉන්නේ.(අ)
නීතිය හරියටම දැනගෙනත් මොකද අවසර නොගත්තේ වරද පොන්සේකා මහත්තයාගේ .නියම විදිහට ගමන යන්න ගොඩ එන්න පුළුවන් .(අ)
මේකත් ප්‍රසිද්දිය ගන්න තවත් ක්‍රමයක් .(අ)
ජනරාල්තුමනි, ඔබ තුමාගේ සංවිධායකයන්ට කියන්න නීත්‍යානුකුලව වැඩ කලානම් කාටවත් ඔබ තුමාගෙ වැඩ පිලිවෙඅලට හරස්වෙන්න බැහැ කියලා (අ)
මේ සෙන්පතියෙකුට ඇඟිල්ල දික් කරන්නේ කවුද (අ)
මන් සිංහයාට බයයි මල්ලියේ !(අ)
මේවගේ වැඩ සම්බන්ධයෙන් පොලීසියට බැනලා වැඩක් නැහැ. (අ)
තවත් ලෙඩක් දාන්න වගේ අපේ ලොක්කට?අනේ රටට ගිය කල. (නදී)
කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ තත්වය රැකගෙන රටට ආදර්ශයක් වෙලා තමන්ගේ පාඩුවේ උන්නා නම් ඔහොම වෙන්නේ නැහැනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.(නදී)
ඔබට ජය! යකඩ හොරුන්ව වරෙන්තු තිබිලත් අල්ලන්න පන නැහැ.(නදී)
තමා "ගොනෙක්" බව ලෝකයාට කියන්න ද සඳුනි මේ තීරය ට අවුත් ඔබේ තීරය පෙන්නන්නේ. ආණ්ඩු පක්ෂයෙන් නම් ඔබට හොඳ ඉල්ලුමක් තියෙන බව පේනවා. සරත් ෆොන්සේකා බලයට ආවොත් ඔබ ට ඔබේ රැකියාව කරගෙන යන්න ලැබෙන එකක් නැහැ කියා බියක් දැනෙනවාද? (නදී)
මේ මනුස්සයව නැති කරන්නම තමා හදන්නේ . හරි පව් වැඩක් (අ)
මොහුගේ දේශපාලන ගමනට මම කිසිම කැමැත්තක් නැහැ. නමුත් මොහු අපේ රටේ වීරයෙක් එක කාටවත් නෑ කියන්න නොහැකි. මොහු ලංකාව , අපේ රට වෙනුවෙන් ලේ දාඩිය හෙලපු මනුස්සයෙක්. පොලිසියට බැනල වැඩක් නෑ නීතියක් නැති සමාජයක්, නිතිය දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට පමණි, සල්ලිවලට බලයට , දේශපාලනේට නැතිය රටක් මේක. (අ)
ලියල තියෙන අදහස් දැක්කාම මට හරි සතුටුයි, ලංකාවේ මිනිස්සුන්ගෙන් තාමත් කොටසක් හරි බුද්දිමත් අය ඉන්නවා කියල හිතෙනවා. නමුත් මතක තිය ගන්න අපිට තියෙන එකම අවස්ථාව තමය අපේ අදහස් සහ මතය ප්‍රකාශ කරන්න ඡන්දය. එකඑලිවෙන් නොදුන්නොත් අයෙත් අවුරුදු 6ක් යනකන් ලැබෙන්නේ. (අ)
මේ දවස්වල නම් පොලිසිය ගැන කතා කරල වැඩක් නෑ (නදී)
පොලිසිය සුනඛ වෙස් ගන්නේ මේ වෙලාවෙදි. ජෙනරාල් තුමනි ඔබට ජය! (නදී)
ජනරාල් තුමනි ඔබ මේ රටේ ජනතාවගේ එකම ගැලවුම් කරුයි. ඔබට ජය! (නදී)
කැලේ ඉන්න සත්තු ටිකට නම් නිදහසක් නැතිවේවි .මොකද සත්තුන්ගේ නම් වලින් නේ අනෙක් පොලිටික්කෝ විවේචනය කරන්නේ.(නදී)
අර ඇඟිල්ල දික්කරන්නේ රට බේරාගත් උදාර සෙන්පතියෙකුටනේ දෙවියනේ.(නධී)
මේ පොලිස් නිලධාරිය ගැන නං පුදුම ආදරයක් ඇති වහනවා ෆොන්සේකා ජෙනහරල් ...විරයාණනී ඔබටජය .....(අ)
ජෙනරාල්ට සුබ පැතුම්. (අ)
රැස්වීමට කලින් පොලිසියෙන් අවසර ගත්ත නම් මේ ප්‍රශ්නේ නෑනේ. මොකෝ පොන්සේකා කියන්නේ දැන් නිල බල නැති හිරේත් ගිහින් ආපු සාමාන්‍ය මිනිහෙක්නේ..මෙයාගේ තියෙන දුර්වල කළමනාකරණය, මෝඩකම, උද්දච්චකම, කුහකකම හෝ කරුමේ නිසා තමයි මේ සේරම. මෙන්න හේතු ගෝඨාභය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා මහජන සහයෙන් යුද්දේ දිනුවාම තමන් තමයි පොර කියා සිතීම.(අ)
"මාර සෙනගක්නේ ඉන්නේ!" ඒ අරක්කු බෙදුවේ නැති නිසා වෙන්න ඇති (අ)
"ෆොන්සේකා මහත්තයට ඇගිල්ල දික්කරල කතා කරනවා දැක්කම ...පොලිසියට ආදරේ හිතනවා" ගෙදර ගිහින් කියනවා ඇති මම අද පොන්සේකාට හොඳවයින් එකක් කතාකළ කියල. පොන්සේකා මහතා බලයට පැමිණිදාට කියාවී අනේ බුදු සර් එදා මගේ රාජකාරියන කලේ කියල. (අ)
ඔබතුමා ඉතා ඉවසීමෙන් තැනට ඔබින ලෙස ක්‍රියා කිරීමෙන් ජනතාවගේ හදවත් වලට ඇමතීමට හැකි වෙනවා ඇත .ඔබතුමා රට බේරා ගත් ජනරාල් වරයකු ලෙස අපේ හදවත් තුල පැලපදියම් වී ඇත . ජයවේවා (අ)
"මොකද මේ සිංහයකුව වටකරගෙන" හයින ලද (අ)
"ඉහලින් එන නියෝග අනුව තමයි රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. " එකට තමන් ගේ කොටසකුත් දාගෙන (අ)
පොලීසිය සහ යුක්ති සධාරණය එකට ගැලපෙන් නැති වචන දෙකක් (අ)
වරායට එනකොට ග්‍රෑම් 400 යේ කිරිපිටි අපි අපේ දරුවන්ට දෙන්න යනකොට රුපියල් 395 ක් වෙලා.අපි දරුවන්ට උදේට පුතේ"කිරි වීදුරුව බීල යන්න" නෙමෙයි ,පුතේ "බදු වීදුරුව බීල යන්න" කියන්නයි සිද්ද වෙලා තිබෙන්නේ. ජෙනරාල් සරත් ෆොන්සේකා හැර වෙන සරණක් අසරණ අපිට නැහැ. (නදී)
මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්ම අප්පා කිරිකිත්ත කාලෙදිවත් අහල දැකල නම් නැහැ. (නදී)
සෙහාන් අමරිසිංහයෙනි, ආංඩුව අර සුදු කොඩි කතාවක් කිව්වයි කියල මෙතුමාට නඩුදාල සියලු දේ අහිමි කලා. ඒත් අර රායප්පු ජොෂප් ල කොයී තරම් භයානක කතා ඊයෙ පෙරේ ද මුලු ලෝකෙටම කිව්වෙ?. ඒ මදිවට ඔව් අපි එහෙම කිව්ව කියල මෙහේ ටීවි එකටත් කිව්වා. ඒවට කෝ නඩු නැද්ද? සුදු කොඩි කතාව කොහොම වෙතත් රායප්පුලගෙ කතා වලින් නම් කවුරු කවුරුත් ඉස්සරහට ලොකු අමාරුවක වැටෙයි.(නදී)
මේ ඉන්නේ නියම දුටු ගැමුණු කෙනෙක්. සිංහ රාජයෙක් වට කරගෙන ඉන්න ඔය මුර බල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මැතිදුනි ඔබට ජය ! (නදී)
අසේල තමන්ගේ සැබෑ තත්වය අනුන්ට ආදේශ කරන්න එපා. මෙතුමා දක්ෂයෙක් තමයි. හැබැයි ඒ දක්ෂතාවයා පිළිබද අධි තක්සේරුව නිසා අමාරුවේ වැටුන කෙනෙක්. කෝ අද මෙතුමා බලයට ගෙන්න දගලපු අය. වෙන එකක් තබා මෙතුමාගේ පක්ෂේ අයවත් අද ලග නැහැ. ඒ වීරයාගේ සැබෑ ස්වරුපය තේරුම් ගත් නිසාද?(නදී)
සඳුනි, ලොකු ලොක්කෝ කරපු නීති විරෝධී වැඩ මාධ්‍යවලින් පෙන්වාදෙනකොට ඔය නිදාගෙනද හිටියේ. කෝ ඒවාට මේ වගේ රාජකාරි කරන එක පොලිස් කාරයෙක් ඉන්නවද?. එතනෝල්, කුඩු කන්ටේනර් ගණන් ගෙනාව මතක නැතුවම ඇති. ඒවා බලන කොට මේවා ලජ්ජා නැති රාජකාරි.(නදී)
බුදුන් වහන්සේගේ දේශය, අපගේ මාතෘ භුමිය රුදුරු ත්‍රස්ත වාදයෙන් නිදහස් කරදුන් සියවසේ ශ්‍රේෂ්ඨ, අභීත නරෝත්තමයානන්හට නොමනා කෙනෙහිලිකම් කරන්නන්හට සහ ඊට අණ දෙන, අනුබල දෙන දේශ බ්‍රෂ්ඨයන්හට, ජාති බ්‍රෂ්ඨයන්හට ප්‍රතිලාභ හිමිවන දිනය ළඟ ළඟ ම එන නියාවකි. (නදී)
ජෙනරාල් තුමනි, අපේ නායකයා ඔබයි. පොලිසිය රගපාන්නේ බොරුවට. ඒත් ඉතින් මේ අයට කුඩු ටිකක් විකුනගන්න ඉඩ දුන්නා නම් මුළු පොලිසියම ඔබට දන නමයි.(නදී)
ලෝකයේ ඉන්න විනය ගරුකම හමුදාව පාලනය කරපු හමුදාපති වරයා හැටියට එතුමා උනත් රටේ සිවිල් නීතියට පිටින් යමක් කරන්න හදන එක වැරදි පුර්වාදර්ශයක්. එතුමා නිතරම කියන්නේ මෙරටේ විනය, නිතිය සහ යහ පාලනය හැදිය යුතු බවනම් එතුමා ඒ ආදර්ශය ලබාදිය යුතුයි. සමහර එතුමාගේ උදවු කරුවන් නිතිය ඉක්මවා යමක් කරන්නේ නම් ඒවා වැළැක්වීම එතුමාගේ වගකීම. එවිට තමයි එතුමාගේ අවවාදය ආදර්ශයක් වෙන්නේ. එහෙම නැතුව එකට එක කරන දේශපාලනයක් කරමින් අනුන් පිට වැරදි පැටවීමට උත්සහ කරනවානම්. එවිට එතුමත් අර මිට පෙර පම්පොරිගසමින් බලය ලබාගත්තු කුණු බක්කියට වැටෙන්න බලන් ඉන්න දේශපාලකයන් අතර වෙනසක් නැතිවේවි. සමහර අදහස් දාපු පාටකයන්ට වඩා බහුතර මහජනතාව බුද්දිමත් බව සැලකිය යුතුයි.(නදී)
නිසි පොලිස් අවසරය ලබා නොගෙන ෆොන්සේකා මහතා එහි ගෙන්වීම ගැන රැස්වීමේ සංවිධායකයින් වග කිව යුතුය. (නදී)
ශබ්දවාහිනී යන්ත්‍ර විකාශනය සඳහා අවසර නොගෙන එස් එෆ් අපහසුතාවයට පත් කල එම සංවිධායකයන්ට මුලින්ම අපේ විරෝධය ප්‍රකාශ කරමු. පොලිසියේ මහත්තයා ඇඟිල්ල පාත් කර කතා කලානම් තමයි වැදගත්. මොනවා උනත් මේ අපේ රටේ හිටපු අති දක්ෂ හමුදා සෙන්පතියෙක් බව කාටවත් හංගන්න බෑ. ඔහුව දේශපාලන මඩ ගොහොරුවට ඇද දැමු නරුමයන්ට ශාප වේවා ! (නදී)
වජ්ජා.. ඔව් එහෙම තමා. විපක්ෂයේ රැස්වීම් වලට ලංගම බස් වලින් බත් බැලයෝ අරන් එන්නේ නෑනෙ.(නදී)
ආහ්... මේ තැන් වල නම් පොලිස් මාමල හරියටම වැඩ වගේ.(නදී)
දැන් හැමෝම බයේ වගේ දැන් තම අපි රට වෙනුවෙන් දෙයක් කල යුත්තේ ජනරල් තුමාට උදව් කිරීම මේ රටේ නීතිය හදන්න (අ)
කාකි ඇඳගෙන ඉන්න ලස්සන.(නදී)
ජයවේවා ජනරාල් තුමනි, රට නය කරන පාලකයන්ගෙන් රට බේරාගැනීමට ඔබතුමන්ට හැකි වේවා..(නදී)
කුඩු කන්ටේනර්, එතනෝල් අල්ලන්න කෝ මෙච්චර උනන්දුවක් ?දැන් හැමෝම බයේ වගේ දැන් තමයි අපි රට වෙනුවෙන් දෙයක් කල යුත්තේ ජනරාල් තුමාට උදව් කිරීම මේ රටේ නීතිය හදන්න. ජෙනරාල් තුමනි, අපේ නායකයා ඔබයි. පොලිසිය රගපාන්නේ බොරුවට. ඒත් ඉතින් මේ අයට කුඩු ටිකක් විකුනගන්න ඉඩ දුන්නා නම් මුළු පොලිසියම ඔබට දන නමයි.(නදී)
පොන්සේකා මහත්තයාට යුද්දෙ කරන කාලෙත් ගැලවීමේ හමුදා,සුදු වෑන් කථා කියලා අපහාස කරපු අය හිටියා අපිට නම් මතකයි. පස්සේ දේශපාලනේට ඇදලා අරන් විනාශ කරලා දැම්මා. (නදී)
ඔය ඇගිල්ල දිග්කරන්නේ ජනාධිපති කෙනෙකුට බව මතක තියාගන්න.(නදී)
මේ ජන සුනාමිය නවතාලනු නොහැක. (නදී)
යම් නීතියක් තියේ නම් ශබ්ද විකාශන පාවිච්චියට පෙර අවසර ගත යුතුයි කියා එයට අවනත විය යුතු අතර මෙය දේශපාලන පලිගැනීමක් නම් හෙලා දකිමු. (නදී)
ප්‍රශ්නය ඇත්තේ ශබ්ද විකාශනයත් එක්කද, එහෙම නැත්නම් රැස්වීම එක්කද එසේත් නැත්නම් ශබ්ද විකාශනයක් සහිත රැස්වීමක් පිළිබඳවද? දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාරට විරුද්ධ සටන සඳහා මාගම් පුර සිට අනුරාධපුරය දක්වා මිනිසුන් එකතුකලේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන නොවේ. නියම සටන එළඹී වෙලාවේදී එළාර ගේ 26 වසරක පාලන කාලය විනාඩි කිහිපයකින් අවසන් උනා. නිකම්ම නිකම්ම මිනිසුන්ට රජ වෙන්න පුලුවන්නම් යුද්ධයක් දිනු සෙන්පතියෙකුට රාෂ්ට පති වෙන්න බැරිද? (නදී)
අවසර එතුව ඕක කළා නම් එවරයි නේ (අ)
පොලිස් නිලධාරියා ඇඟිල්ල දික් කරන එක නම් හරි නැහැ. එත්, සරත් පොන්සේකා ඇයි අවසර ගන්නේ නැතුව ඒවා පාවිච්චි කරන්න ගියේ? එය දන්නවා එතකොට එකට පාවිච්චි කළාට වඩා ප්‍රචාරයක් ලැබෙනවා කියල. ඇත්තටම පොලිසිය කරන්නේ ලොකු උපකාරයක්. බලන්න ශබ්ද විකාශන පාවිච්චි කරනම් ඒ කට්ටියට විතරයි. දැන් කොහොමද (අ)
ශබ්ද විකාශන යන්ත්‍ර වලට අවසර ගත්තේ නැති එක වෙනම කතාවක්,එත් ඒ ඉන්නේ විශ්‍රාමික හමුදාපතිතුමා ,පොලිසිය මීට වැඩ වැදගත් විදිහට එතුමා ඉස්සරහ හැසිරුණ නම් තමා හොද.එතුමා හමුදාපති වෙලා ඉන්න කාලේ එතුමාව දකිනකොට මේ පොලිසියේ අය එතුමාට ගෞරව කරපු හැටි මෙයාලට අමතක වෙලා වගේ,මොනවා උනත් ඒ ඉන්නේ අපේ රට බේරාගත්තු සටන ඉදිරියට මෙහයවපු හමුදාපතිතුමා,පක්ෂ,පාට වැඩක් නෑ (අ)
රට බේරාගත් සෙන්පතිතුමාට ඇඟිල්ල දික්කරන හැටි දකින විට හිතෙන්නේ පොලිසියට ගිය කලදවස ගැන , ජනරල් තුමා වැනි සබැ විරුවන් මෙරට ජනතාව අතර සැමදා දිදුලනු ඇති l (අ)
බුලත් කොලෙන් ඉල්ලුවා නම් ඔය බලපත්තර අවශ්‍ය නෑ (අ)
හොඳය මෙර්වින් සිල්වා හරි දුමින්ද සිල්වා හරි කලානම් ඔහොම ඇඟිල්ල උස්සල කතා කරයිද? (අ)
සත්තයි කවද හරි ජය ගන්නවා ඔබ තුමාට ජසු පිහිටයි (අ)
එල්.ටී.ටී.ඊ. එක එනකොට හැගෙන්න තැන් හොයපු පොලිසියේ අය සිංහයෝ වෙලා. (අ)
රැස්විම සංවිධායකයකිනේ දැනගන්න ඕන අවසර ගන්න එතුමා එකට වගකියන්න ඕනේ නැහැ.(අ)
මේ රට බේරාගන්න රණවිරුවාණෙනි. ඔබට ජය නියතයි (අ)
බල්ලොත් කසාද බන්දන පොලිසිය ගැන කවර කාටද (අ)
ආදර්ශ පාඨය "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරිං " "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි". සියලුම නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත අති මහත් ගෞරවයෙනි! . මෙම උතුම් ධර්ම පාඨය යොදාගෙන එය අපයෝජනයට ලක්කරවීමෙන් වළක්වාගන්න ලෙස පාදාභිවන්දනයෙන් නමස්කාර කර අයැද සිටිමු. (නදී)
ඔන්න ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හැටි. (අ)
අපේ රටේ ඊලග ජනාධිපති සරත් ෆොන්සේකා.(නදී)
මැතිදුනි, යටි සිතේ ඇති බයටයි ඔය දගලන්නේ. ඔබ ඉදිරියටම යන්න. ඔබට ජය නියතයි.(නදී)
පොලිසියේ ගොඩක් අය පගා මරුවෝ. අපේ ජෙනරාල් කියන්නේ රට බේරාගත්තු දෙවියෙක්. ඔබට ජයම වේවා. කොහොමත් අපේ ඡන්දෙ ඔබට පමණි.(නදී)
"ඔය ඇගිල්ල දිග්කරන්නේ ජනාධිපති කෙනෙකුට බව මතක තියාගන්න" ජනාදිපති කම පැත්තකින් තියමු ඔය ඇගිල්ල දික්රන්නේ අපට රට බේරා දුන්න උත්තමයට බව මතක තියා ගන්න කවද හෝ දිනක ඔය ඇඟිලි කැපී යන්න ඉඩ තිබෙනවා. (නදී)
කැත වැඩේ.(නදී)
ඇඟිල්ල දික් කරගෙන ඉන්න ෆොටෝ එකක් දැක්ක පලියට අපිට කියන්න බැහැ එක තරවටු කිරීමක් කියල මොකද දෙන්නම ඉන්නේ සිනහ මුහුණින් යුක්තව. යම්කිසි පැහැදිලි කිරීමක් කරන කොටත් ඇඟිලි දික් වෙනවා මාධ්‍යවේදියෙක් ෆොටෝ ගන්න කොට හැමදෙයක්ම ගන්නවා. ඊට පස්සේ තමයි තමන්ට අවශ්‍ය ෆොටෝ එක තෝරගන්නේ. ඕක තේරුම් ගන්නේ නැතිව අපිට හැම දෙයම තීරණය කරන්න බැහැ. මම කියන්නේ රටේ නිතිය හදන්න හිතනවා නම් තමන් නීති ගරුක බව රටට ඔප්පු කරලා පෙන්නන්න ඕන. මේකෙන් ගැලරිය අප්පුඩි ගැහුවට බුද්ධිමත්ව සිතන කොටස් ඈත්වෙනවා.(නදී)
මංජුලගෙ බුද්ධිමත් බව ඇහුවාම සීතම්බර පටයෙ කතාව මතක් වෙනවා. ඔහේ හොරු සමග හෙලුවෙන් යන කෙනෙක් බව නම් පේනවා.(නදී)
මංජුල, අබුඩාබි වල එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. පොලිසියෙන් රැස්වීමක් තියන්න, ශබ්ද විකාසන වලට අවසර ගන්න විරුද්ද පක්ෂවල අයට, කවදත් ලෙහෙසි නැහැ. මෙතන තියෙන ප්‍රදාන දෙය නම්, රට වෙනුවෙන් යුතුකම් කල මුල් තුන්දෙනාගෙන් කෙනෙකුට ජාතිය සලකන විදිය.. සිංහයෙක් වටකරගත්තු නරි රැලක්.(නදී)
කුඩු ,එතනෝල්,ෆොර්මලින් කන්ටේනේර් පිටින් ගෙන්වන අය ඉදිරියේ ගැලරිය අප්පුඩි ගැහුවට බුද්ධිමත්ව සිතන කොටස් ඈත්වෙනවා. බුද්ධිමත්ව සිතන මිනිසුන් ජෙනරාල් වැනි "කේසර සිංහයා" වටේ ආකර්ශනය වෙනවා. ඒක නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ.(නදී)
අපේ ජෙනරාල් කියන්නේ රට බේරාගත්තු දෙවියෙක්. අවංකවම ජාතික වීරයාගේ ෆොටෝ එකක් ගෙදර බුදුන් දෙවියන් ට පහලින් තියල උදේ හවස වන්දනා මාන කලත් පව් නැහැ . (නදී)
සත්‍යයා 2014-01-18 10:18:39. ඔබගේ අදහසට සම්පූර්නයෙන්ම එකගයි.(නදී)
ශක්ති 2014-01-18 07:47:55 පොලිසිය කුඩු, එතොනොල්, අපචාර වටලන්නේත් මෙහෙමද? ලංකා ආණ්ඩුවේ පොලිසියද ?පර්සිලන්තේ පොලිසියද ? අපි අනාථ වී මංමුලාවී ඇත . දැන් සිතසිතා නොසිට ක්‍රියාන්විත වෙමු අපේ ළමාපරපුර වෙනුවෙන්. (නදී)
ආයුබෝ වේවා, සෙන්පති මැතිදුණි.(නදී)
අනේ ඇත්තට අපේ රටටත් ගිය කලක් රට බේරපු කෙනාට සැලකිලි නැහැ.(නදී)
ඔබට සුභ පැතුම්! (නදී)
ජෙනරාල්ට පින් සිද්ද වෙන්න යුද්ධය ඉවරයි. දැන් තියෙන්නේ සුද්දය.(නදී)
"දැන් එන සුද්දෝ හොඳයි කම්මැලිකමට කතා කරන්න මිසක් නැතුව නම් ඇති වැඩක් නැහැ. සමහර සුද්දියන්ගෙන් 'ජම්ප්' එකක් බලමුද කියලා ඇහුවම උන් අහනවා නිකං පෙන්වන්න බැරිද කියලා. ඒ වේලාවට කටට හොඳ කතා එනවා. මෙතැන ජොබ් එක කරන්න ඕනා නිසා හිනා වෙලා නිකම් ඉන්නවා. සමහර සුද්දෝ දවල්ට කන්නේ නැතුව හවසට චූන් පාන් කරත්තේ එනකම් අර පඩිය උඩට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා රෝස් පාන් ගෙඩියක් අරගෙන කඩෙන් ලූනු ගෙඩියක් අරගෙන කනවා. ඉතිං අපිට හිනා... අර පේන පුංචි කඩේ උදේට අපිට කන්න ඉඩ නැහැ. තනිකරම කන්නේ සුද්දෝ කන්නේම පානුයි පරිප්පුයි. දවල්ටත් එහෙමයි. මේ වගේ සුද්දෝ ලංකාවට එලෝ කෝටියක් ආවත් වැඩක් නැහැ. දැන් සුද්දන්ට වඩා අපේ රටේ මිනිස්‌සු හොඳට කනවා බොනවා. විනෝද වෙනවා.(නදී)
සෙනවි, මගේ අදහස් දැක්වීමෙන් මම කොතැනකවත් පොලිසියේ හෝ රජයේ ක්‍රියා කලාප සාධාරනිකරණයට ලක් කරන්නේ නැහැ. මම කිවුවේ යථාර්තය ගැන නිතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න කියලා බලයට එන්න උත්සහ කරනවානම්. තමන් එම ආදර්ශය දිය යුතුයි. එහෙම නැතුව බලහත්කාරයෙන් හැමදේම කරන්න උත්සහ කරනවා නම් වැරදියි. යථාර්තය කතාකිරීම නිරුවත එළිදැක්වීමක් හරි කඩේ යාමක් හරි නම් මට වඩා ඉස්සරහින් කඩේ ගිහින් තියෙන්නේ මෙතන ජෙනරාල් වෙනුවෙන් කතා කරපු අය.(නදී)
ඔබට ජය වේවා ! (දිල්)
පක්ෂ බේදයකින් තොරව කියනවනම් ජෙනරාල් යුද්දය හරියට කලා, යුද්දයෙන් පස්සේ අනෙත් අය සුද්දය දෙන්න පටන් ගත්ත,එකට විරුද්ධ වුණ නිසයි ඔහුට මෙහෙම වුණේ. එක තමයි ඇත්ත කතාව (ත)
අනේ උඩගිය තරමක්. ඉස්සර නැමී නැමී සැලියුට් ගහපු අය දැන් ඇඟිල්ල දික් කරනවා. රට ඊලමකින් බේරා දුන් සෙන්පතින්දුනි, අපි ඔබ සමගයි. නවසීලන්ත සිංහලයෝ.(නදී)
ෂෙහාන් මහත්තයෝ දැන්වත් ඔය කඩේ යාම නතර කරමුද ? .(නදී)
සෙන්පති තුමනි ඔබට ජය. ! (නදී)
නියම වීරයෙක්. (දී)
ඔබ දිනනවා නියතයි ඉදිරියටම යමු ජෙනරාල් තුමනි.(දී)
වැඩේ වැරදියි එත් සමාවක් දෙන්න පුළුවන් මොකද ඔයිට වඩා ලොකු දේවල් ලංකාව තුල වෙනවා (දී)
පොලිසිය නිසා ඔයවගේ දේවල් ගනන්ගන්න එපා (දී)
යකඩ තලන්න තලන්න පන්නරය ලබනවා. පොලිසිය අනාගතය ගැන සිතුවොත් හොද නැද්ද ? (නදී)
කව්රු කළත් මේවා මහා නරක වැඩ.මෙය ඡන්දය ඉල්ලනවා නම් මෙයට මහජනතාව අමතන්න නිදහස තියෙන්න ඕන.රට වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක්නෙ.කැමැත්ත අකමැත්ත වෙනම දෙයක්.(අ)
රට බේරාදුන් ජෙනරල් තුමනි, මේ පාලනය අවසන්කර ශ්‍රී ලංකාව නැවත සමෘද්ධිමත් රටක් කිරීමට ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!! මේ රටට සත්‍ය සාමයක් ගෙන ඒමට ලැබේවා!!! (අ)