IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යකඩ ගනු දෙනුව මළකඩ කයි

රුපියල් දෙකෝටි විසි පන් ලක්ෂයක යකඩ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 96ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව ආරම්භ කළ විමර්ශන අතර මග නැවතී ඇතැයි පොලිස් හා දේශපාලන ආරංචි කියයි.

හලාවත පදිංචි ව්‍යාපාරිකයකු විසින් 2012 වසරේ අගෝස්තු 22 වැනි දා සීඅයිබී 2 147/61 අංකයෙන් පොලිස් මූලස්ථානයට එම පැමිණිල්ල කර ඇත. ඉන් අනතුරුව පොලිස්පති විසින් එහි විමර්ශන කටයුතු රහස් පොලිසියට පවරා ඇත. මේ වන විට පුද්ගලයන් හය දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මෙම මුදල් ගනුදෙනුව ගැන දේශපාලකයන් හා ව්‍යාපාරිකයා අතර සිදුවන කතාබහ ඇතුළත් හඩ පටි පවා පොලිසියට ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නැයි ව්‍යාපාරිකයාට දුරකතනයෙන් මරණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන ද 2013 අප්‍රේල් 20 වැනි දා  හලාවත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇමතුම ලබා දුන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.

ගනුදෙනුවට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් රජයේ බ්‍රභල ඇමැති වරයකුගේ ආගමික කටයුතු පිළිබඳ සම්බන්ධී කරන ලේකම් ලෙස එම අමාත්‍යංශයේ නම ද භාවිතා කර විසිටින් කාඩ්පතක් සකස් කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

රහස් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර වසර එක හමාරක් පමණ වුවත් මේ වන තෙක් සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හෝ සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිසිවකු අත්අඩංගුවට ගෙන හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන නැතැයි පොලිස් ආරංචි කියයි.

 



අදහස් (0)

යකඩ ගනු දෙනුව මළකඩ කයි

චන්ද්‍ර වීරසිංහ Monday, 02 December 2013 10:43 AM

ඔයි, නිකන් කෑ කෝ ගහන්නේ නැතිව ඉන්නවලා!! අපි තුන් දෙනා මොන තරම් වෙහෙස උනාද.?යකඩ මීයෝ කැවා දැන් වෙන අතක් බල ගන්නවා. (ස)

:       0       0

රූපවතී Monday, 02 December 2013 10:56 AM

ඇත්තටම ..ගමේ බණ්ඩා වගේ පොඩි මිනිහෙක් ඔය දේ කළා නම් ..? ජීවිත කාලෙට හිරබත් කන්න තිබුනා ? අපේ වගකව යුත්තොවත් මේවා නොදකින්නේ ඇයි.ලොකු මිනිස්සු හොරා කන්නේ දුප්පත් මිනිහගේ සල්ලි ..? මේවා ලොක්කෙකුගෙ මුදල්ම උනානම් .දඩුවම් ලැබෙනවා ඉහලින්ම ...? (ස)

:       0       0

ලුම්බිණි Monday, 02 December 2013 11:10 AM

ඒ වුනාට කියන්නේ නම් තනතුරු ගැන නොබලා හැමෝටම එකම විදියට දඬුවම් කරනවා කියල නේ. (ස)

:       0       0

මහී Monday, 02 December 2013 11:10 AM

පහුගිය කාලේ තවත් යකඩ හොරෙක් හිටියා දැන් කාටවත් මතක නැතුව ඇති.උසාවියෙන් කී පාරක් වරෙන්තු කරද එයාව .කෝ ඇල්ලුවද.ඔය අපුරුවට ඉන්නේ. (ස)

:       0       0

කින් බෙනට් Monday, 02 December 2013 11:33 PM

අනේ! ගම්පහ අපිට සරණ වෙන්න! (නි)

:       0       0

සජී Monday, 02 December 2013 05:10 PM

අපේ අහවලාට නම් මොනවත්ම කියන්න එපා. (නි)

:       0       0

උපාලි Monday, 02 December 2013 11:23 AM

මොකට කරදර වෙනවද, බුලත් කෙල ගහන ගැමියෝ අල්ලලා උසාවි දානව වගේ වැඩ ලේසියි මේ වගේ වැඩවලට වඩා. (ස)

:       0       0

පාලින්ද Monday, 02 December 2013 05:45 PM

එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 December 2013 12:31 AM

ලංකාවේ මැති ඇමතිවරුන්ට රටේ නීතියක් බලපායිද? (නි)

:       0       0

සත්‍යා Tuesday, 03 December 2013 12:38 AM

රටකට ගිය කල! කාට කියන්නද ? (නි)

:       0       0

ලලිත් Monday, 02 December 2013 12:05 PM

අර අහවල් යකඩ හොරා වරෙන්තු තියෙද්දී පොලිසියේ ලොක්කෝ එක්ක ඔය අපූරුවට එකට ඉන්නෙ. (ස)

:       0       0

රූපා Monday, 02 December 2013 06:31 PM

සුප්‍රසිද්ධ කෙනෙක් වගෙයි (නි)

:       0       0

සරත් Monday, 02 December 2013 06:48 PM

දැන්වත් හිතලා බලන්න (නි)

:       0       0

විමල් Monday, 02 December 2013 07:04 PM

එයාලට හැමදාම පිහිටයි! ආරක්ෂාවයි! (නි)

:       0       0

දයා Monday, 02 December 2013 07:20 PM

රහස් පොලීසියේ අයට දඬුවම් නොදීමත් මට තවත් ප්‍රශ්නයක්. (නි)

:       0       0

දයා Monday, 02 December 2013 07:35 PM

මිනීමැරීම් මංකොල්ලකෑම් දුෂණ වංචා තර්ජනය කිරීම් සහ නොයෙකුත් හිරිහැර කිරීම් දේශපාලකයින් සමග එම අනුගාමිකයින් විසින් කිරීම විශාල වශයෙන් වර්ධනය වී ඇත.මෙම වර්ධනය වීම සමහරවිට වැරදීමෙන් ආර්ථික වර්ධනය වැඩිවී ඇතැයි කිවුවාද මන්දා (නි)

:       0       0

කුසුම් Monday, 02 December 2013 02:16 PM

යකඩ ගනුදෙනුව මලකඩ කෑම කෙසේ වෙතත් ලොකු ලොක්කන්ගේ මොල ගෙඩි ටික නම්, ක්‍රියා නොකරම තිබිලා මලකඩ බැඳිලා තියන බව තමයි අපට නම් වැටහෙන්නේ. ජනතාවගේ නම් ඉතින් මොළ ගෙඩි ගුල්ලෝ ගහලනේ. නැත්නම් ඉතින්, මේ විදිහටම මේ සිදුවෙන වෙන දේවල් ක්ෂණිකයෙන් අමතක වෙන්නේ කොහොමද??? (ස)

:       0       0

ජයා Monday, 02 December 2013 03:10 PM

රූපවති, කියන්නකෝ බලන්න දන්න වග කිව යුත්තෙක් ඉන්නවා නම්, අඩු ගනනේ එක්කෙනෙක් හරි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 611 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 588 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 832 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1071 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site