මඩකළපුවේ සිට කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක අද අලුයම 1.00 ට පමණ හබරණ පලුගස්වැවදී අලියකු හැපීමෙන් දුම්රිය පිළිපැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි. අවුරුදු 15 -18 පමණ වන අලියා ද මියගොස් ඇත. දුම්රියේ හැපීමෙන් අලියාගේ සිරුර කෑලිවලට කැඩී ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුව කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාරණා හරි හැටි නොදැන එක එක අයට චෝදනා කරණ එක වැරදියි. මම අලියෙක් හප්පපු නැති දුම්රිය රියදුරෙක් පෞද්ගලිකව හඳුනන කෙනෙක්. නමුත් මම ඒ දන්නා රියදුරුවරයත් අලි හැප්පෙන්න ගිහිල්ල යන්තමින් බේරපු වෙලාවල් ඕන තරම්. සමහර දුම්රිය රියදුරන්ගේ නොසැලකිල්ලත් මේකට එක හේතුවක්. නමුත් ඔවුන් ඉටු කරන රාජකාරියේ බරපතල කම ලබන්නනම් එය දෑසින්ම දකින්න ඕනේ. කරුණාකරලා මේකෙදි දුම්රිය රියදුරන්ට චෝදනා කරල අත පිහදගන්න එපා. මේ ප්‍රශ්නෙට අධෝරක්ත කැමරාවකට වඩා එහා ගිය විසඳුමක් දෙන්න ඕනේ. දිනෙන් දින නැති වෙලා යන අලි සම්පත ඔහේ නැති වෙලා යනකම් බලන් ඉන්නේ නැතුව එක එක දේවල් වලට නාස්ති කරන සල්ලි වලින් කොටසක් හරි යොදල මේකට විසඳුමක් දෙනවනම් ලොකු දෙයක්. දුම්රිය මාර්ගයේ වෙනසක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. නමුත් එ්ක හරියට ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්. එක හින්ද බලධාරීන්ට පුලුවන්නම් අඩුම ගානේ අලින්ට පාර හරහා මාරු වෙන්න ආරක්‍ෂිත ස්ථාන ටිකක් ඇති කරන්න. අලි මරණයට පත් විය හැකි අනතුරුදායක ස්ථාන ඉවත් කරන්න. (උදා. පස් කඳු වලින් වටවුණු ස්ථාන වලදී අලියෙකුට පාරෙන් අයින් වෙන්න බැහැ .) නැතිනම් වෙනත් තාක්ෂණික විසඳුම් මගින් හෝ අලි සම්පත බේරගන්න. (අ)
තමන්ගේ දෛවය කිසිම දේකට වෙනස් කරන්න බැහැ (නි)
මේවා කොහොමත් අලින්ගේ වැරදි (නදී)
අනේ පව් අසරණ සතා! (නි)
අපේම රටේ අපේ දුප්පත් මිනිසුන්ට, සතුන්ට ආධාර උපකාර කළොත් නේද හොඳ, වෙනත් රටවල් ගැන සිතන්න කලින්....? (නි)
අශාන්: මීට වඩා අර්ථවත් පිළිතුරක් නැද්ද ? (අ)
රියදුරාට බැනල වැඩකුත් නැහැ අලියට බැනල වැඩකුත් නැහැ තුන් වැනි පාර්ශවයෙන් විමසා බලමු කාටද බනිනේ කියල (අ)
මටනම් හිතෙන්නේ ඔය විදිහට අලි මැරෙන එක නවත්වන්න අමාරු වැඩක් . මාර්ගය දෙපස විදුලි වැටක් දාන එකනම් හොදා (නදී)
මට හිතෙනවා මේ ප්‍රදේශයේ මාර්ගය දෙපස විදුලි බුබුළු යෙදුවානම් රියදුරන්ට පහසුවක් වේවි. (නදී)
සන්දීප් ,ඔයත් ගියේ සමල්කගේ පාසලටද ? (නදී)
මට හිතෙනවා අපේ අලි සංරක්ෂණය කිරීමට විදේශ ආධාර ඉල්ලනවා නම් හොඳයි කියලා. වල් අලින් සහ හීලෑ අලින් අතරේ ජාන සංයුතියේ වෙනසක් ඇති නිසා අන්තරාභිජනනයෙන් අපේ අලි පරපුරේ ජීව්‍ය භාවය ශක්තිමත් වන නිසා ! (නදී)
ලංකාවේ අලියා අතුරුදහන් වීමට පෙර කෘතීම අභිජනනයෙන් වත් ඔවුන් රැක ගැනීමට ලොව පරසිදු අපේ විදුදරයන්ට ඉඩක් නැද්ද?උවමනාවක් නැද්ද ? (නදී)
අලි වඳ කිරීම මේ රජයේ ප්‍රතිපත්තියක්ද දන්නේ නැහැ. ඇයි මේ රනිල් මහත්තය කට පියාගෙන ඉන්නේ ? (නදී)
මෙයට හොඳම විසඳුම තමය අලි හෙදීමට හැකි අයට අලි ඇති කිරීමට අවසර දිය යුතුයි. ඔවුන්ට ආදාර අනුබල දියයුතුයි. (අ)
මොන තර්ක කලත් වැඩක් නැහැ ඒ වාට ප්‍රති කර්ම නොයොදා. එදා කොටින්ගේ බිම් බෝම්බ වලින්, අද අලි හොරුන්ගෙන්,දුම්රිය අණතුරු වලින්,වගා ලිංවලින්,හක්ක පටස්,දඩයක්කාර යින්ගෙන් ,රටට උරුම ජාතික සම්පතක් අහිමි වෙන මොහොත ඉතාමත් ආසන්නයි (නදී)
හබරණදි අලියෙක් මරපු නැති රියදුරෙක් දෙපාර්තමේන්තුව තුල ඉන්නවද දන්නෙ නැහැ? ඒ තරමටම අලි මරනවා ඔය හරියෙ. මෙයාලා පයිලට්ලා වෙන්න වේග සීමා බිදගෙන උඩින් යන්නම තමයි බලන්නෙ. හැබැයි රස්සාවල් වලට මිනිස්සු යන දුම්රිය ගාටනවා. (නදී)
අපි දන්නවා බස් රියදුරන්ට ඔය කියන විදිහට ගිහින් සිදු උන්න දේවල්. නමුත් දුම්රිය මාර්ගයේ දැඩි නීති සංග්‍රහයක් හා මාර්ග නීතියක් තියෙනවා. දුම්රිය රියදුරන්ගේ පහුණුව වසර 4 ක් බව ඔබ නොදන්නා බව පේනවා. ,ඔබ කියන විදියට දුම්රියක් ( වේගය අස්ව බල 3700) ගියොත් සැප නේද ? (නදී)
නයිට් විෂන් කාමර හයි කරනවා කීවනේද කාලයක් මොකෝ ඒවාට උනේ. අනික වන සංරක්ෂක කෙනෙක් ගෙන යන්න කීවා නේද. ඒවාට මොකද උනේ. රියදුරුට බනින්න බැහැ. නමුත් වනාන්තර මැදින් යනකොට කල්පනාවෙන් හිමින් යන්න (නදී)
මම නම් දන්නවා නිශාන්ත ඩබ්ලිව්.ජී කියන්නේ කවුද කියලා.එයා මෙතන වෙනත් නමකින් ඉතා ප්‍රසිද්ධ කෙනෙක්.(අ)
දුම්රියට මොනවා වුණත් කමක් නැහැ... අහිංසක සතා බේරුනානම්. ඒත් වැඩක් නැහැ. ලංකාවේ සංවර්ධනේ ප්‍රතිලාභ තමයි ඕව. අලි ඇත්තු ටික ඉවරටම ඉවරයි. කිසිම වැඩක් තවත් කෙනෙක්ට කරදරයක් නැති විදිහට කරන්න නොදන්නා නොමිනිසුන් නිසා අසරණ සත්තු ටිකයි වන්දි ගෙවන්නේ. යුද්ධෙ කාලේවත් නොමරුනු සත්තු.. මිනිස්සු... දැන් මැරෙනවා නේද? ඒ කාලේ තිබුනටත් වඩා රටේ වන සම්පත දැන් ඉවරයි නේද? මේකද සංවර්ධනේ කියන්නේ?(අ)
ෂමල්කගේ කතාවෙත් ඇත්තක් තියනවා.(අ)
අලි මිනිස් දුම්රිය හැටිම් මේවා ඉතින් නවත්තන්න එක සැනින් නතර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අමාරුවෙන් හරි ඉතින් මොලේ ඇති සතා මොලේ නැති සතා ගැන මිට වඩා සැලකිලිමත් විය යුතුයි. (නදී)
සිදුවීම හරියට නොදැන එක එල්ලේම දුම්රිය රියදුරුට දෝෂාරෝපණය කරන එක අසාධාරණයි. බලන්න, මේ දුම්රිය එන්ජිමේ රෑට දුම්රිය පාර හරහා සතුන් මාරුවෙන එක බලන්න අධෝරක්ත කැමරාවක් සවිකරලා තියෙනවා. ඒකෙන් හොයාගන්න පුළුවන් වුණේ මොකක්ද කියලා. ශමල්ක කිව්වා වගේ අලියා දුම්රියට ඉතා ආසන්නයෙන් පාර මැදට ආවනම් දුම්රිය නවත්වන්න බෑ. මහපාරේ කාර්, බස් බ්‍රේක් ගහලා නතරකරනවා වගේ දුම්රියක් එකපාර බ්‍රේක් ගහලා නතර කරන්න බෑ. මේ ගැටලුවට හරිනම් වනජීවී සහ දුම්රිය බලධාරීන් එකතු වෙලා දුම්රිය ගමනාගමනයයි වනසතුන්ගේ ආරක්ෂාවයි දෙකම සුරක්ෂිත වෙන වැඩපිළිවෙලක් දියත් කරන්න ඕනේ. (නදී)
රියදුරාට බැනල වැඩක් නැහැ. මේවට විකල්ප තමයි දැන් සමහර උදවිය අලි පැටවූ ටික ගෙවල්වල ගෙනහින් තියාගන්නේ. (නදී)
මම දැක්කා මෙතන රියදුරාට බැනලා තියනවා සමහරු එයාලට මේ අලියට තරම්වත් මොළයක් නැති හැඩයි මොකද මේ බස් රියදුරෙක් නෙමෙයි. දුම්රිය රියදුරෙක්. එයාට ඕන ඕන පාරවල් වල යන්නත් බෑ. ඕන ඕන වේග සීමාවල් වලින් යන්නත් බෑ. අලියව දැක්කත් නියමිත දුර සීමාවට වඩා අලියා දුම්රියට ලගයි නම් තිරිංග ක්‍රියාත්මක කරන්න බෑ. මොකද තිරිසනෙක් නිසා එයාට දුම්රියේ ඉන්න මිනිස් ජීවිත අනතුරේ දාන්න බෑ. ඔන්න ඒ විදිහට තිරිංග ක්‍රියාත්මක කරලා දුම්රිය පීලී පැනලා (දරුණු විදිහට) මිනිස් ජීවිත විනාස වුනොත් ඔය කියන කට්ටියම මේ ආටිකල් එකේ දායි පිස්සු රියදුරෙක් සතෙක්ව බේරන්න මිනිස් ජීවිත අනතුරේ දැම්මා කියලා (අ)
දෙකක් නැහැ කන් පැලෙන්න නිදාගෙන එන්න ඇති ! (අ)
මේ දුම්රිය ගුවන් මාර්ගයක් හෝ පොලොව යටින් කිලෝ මීටර 4-5 දැම්මොත් අලියෝ නිරුප්‍රදිතව පාර මාරු වේවි. කරුණාකර මේ වෙනුවෙන් 2015 දී මුදල් වෙන්කරන්ඩ. දැන් ලංකාවේ ඕන තරම් සල්ලි තිබෙනවා. නැතිනම් අරක්කු, සිගරට් මිල වැඩි කරන්ඩ, බදු වැඩි කිරීමෙන් ඕනා තරම් මුදල් ලැබිය හැකියි. (නදී)
මෙය දුම්රිය රියදුරාගේ නොසැලකිල්ල. මොකද මාර්ඝයේ වේග සීමාවන් ඉක්මවා යාමක්. මෙම ස්ථාන අලි ඇතුන් මාරුවෙන ස්ථාන ලෙස නම්කර ඇත. වටිනා සතෙකු අපට අහිමිවිය (නදී)
මිනිසුන්, සතුන් එනවට දුම්රිය පාර දෙපස ග්‍රීන් මෙෂ් වැටක් ගැසීම වැදගත්. (නදී)