IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


යුක්රේන සංචාරකයන්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කරයි


( තිළිණි ද සිල්වා )

මෙරටට පැමිණි යුක්‍රේන සංචාරකයින්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

එම සංචාරකයින් පිරිස අද(04) හා හෙට(05) පොළොන්නරුව සහ සීගිරිය ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබූනද හදිසියේම එය අවලංගු කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල් භාරකාර මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ හේතුවෙන් අද දහවල් 1.00 සිට පොළොන්නරුවේ සංචාරක ස්ථාන 4ක් හා හෙට (05) දහවල් 12.00 දක්වා සීගිරිය සංචාරක කලාපය දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර දැනුම් දී තිබුණි.

ඒ අනුව දේශීය සංචාරකයින්ට විවෘත නොකෙරෙන බවට මිට පෙර දැනුම් දී තිබු පොළොන්නරුවේ සංචාරක ස්ථාන වන්නේ පරක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාලය ,ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිලිම ගෙය, නෙ‌‌ළුම් පොකුණ යන ස්ථානයි.මේවා මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පාලනය කෙරේ.



අදහස් (8)

යුක්රේන සංචාරකයන්ගේ පොළොන්නරු සංචාරය අවලංගු කරයි

Nuwan Monday, 04 January 2021 08:00 AM

රටේ පුරවැසියන්ට තම තමන්ගේ සිද්ධස්ථාන නටබුන් බලන්න තහනම් කර පර සුද්දන්ට කොරෝනා සමගින් ඒවා බලන්න සැලැස්වීම මොන තරම් ජඩ වැඩක්ද?

:       0       0

Qatar sita Monday, 04 January 2021 08:21 AM

මහ අයට ලොකු අමාරුවක් තියෙනවා... රටේ කොරෝනා බෝ කරන්න මේ කොහේවත් නැති පරගැතියන්ව ගෙන්නගෙන... ලංකාවට එන්න බැරිව දුක්විඳිනවා පිටරටවල්වල... ඒ අයව ගෙන්න ගන්න උනන්දුවක් මොවුන්ට නැහැ. හිරිකිතයි දැන්නම් ලංකාවේ කියලත් කියන්න. එච්චරටම අනික් රටවලටම බාල්දුවෙලා තියෙන්නේ මහ එවුන් කරන තුප්පහි වැඩ නිසා.

:       0       0

karunajeewa Monday, 04 January 2021 08:32 AM

ලංකාවේ අපිට අපේ රටට එන්න විදියක් නැහැ. යුක්රේන්කාරයෝ ගෙනත් ලෙඩ බෝ කරන්න පුළුවන්... එ්කට අවසර තියෙනෙවා. රටට විදේශ විනිමය දෙන අපි ගැන රජය කිසිම සැලකිල්ලක් නැහැ. අතගහන හැම වැඩේම හැඳි ගෑවිලාම යනවා. එසේම විය යුතුයි. අපිට කරන අසාධාරණ වැඩේට....

:       0       0

පියල් Monday, 04 January 2021 08:55 AM

තනිකරම උදයංගගේ වුවමනාවටනේ මේ? කෝ අර සර් ආවම පවුලේ අයට නටන්න වෙන්නේ නෑ කියපු සෙට් එක?

:       0       0

බද්රානි Monday, 04 January 2021 08:56 AM

අනේ, ඇයි ඔබලා ඒ තැන්වල සංචාරය නොකර ඉන්නේ? අනික, හිංගල බල්ලොත් දැන් ඒ පැතිවලට වැද්ද ගන්නෙත් නැහැ. ඒ නිසා ඒ බලු කරදරෙත් නැතිව ඒ පැතිවල නිවී සැනසිල්ලේ සංචාරය කරලා, පුළුවන් නම්, බල්ලන්ට කොරෝනාත් බෝ කරලා ඔබලා සතුටින් නැවත යන්න..

:       0       0

samitha Monday, 04 January 2021 11:27 AM

ගියානම් කොරෝනා හිඟන සුද්දෝ ටික ගමේ මිනිස්සුන්ගෙන් මදි නොකියන්න කනවා. මේ කොරෝනා හිඟන්නන් මේ රටට ගෙනාපු , උන් සමග නිදාගන්නා අයව නිරෝධායනය කරන්න හමුදාපති බයයි. පැය 3ක් සෆාරි ජීප් එලවපු අහිංසකයින් බලෙන් නිරෝධායනයේ. මාර රටක්...

:       0       0

siri Monday, 04 January 2021 01:35 PM

මේක හරියට සංචාරක ඇමතිවරයාත් සංචාරය සංවිධානය කළ කෙනාත් අතරේ ඇති නෝක්කාඩුවක් වගෙයි පෙනෙන්නේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙන් සභාපතිනිය ලියුමක් මඟින් කියලා තියෙනවා " යුක්රේන සංචාරකයින්ගේ ගමන් බිමන් ගැන එ් ගොල්ලෝ දැනුවත් කර නැහැ" කියලා. තව ගුවන් යානා 10ක් එන්න තියෙනවලු. ඒවායේ මොන මොන වසංගත එයිද කියන්නත් බැහැ.

:       0       0

සුරංග පෙරේරා Monday, 04 January 2021 01:41 PM

පොලොන්නරුව පැත්තේ කොරෝනා සංචාරකයින් ගියොත් නම් ලංකාවේ කොරෝනා මරණ ප්‍රමාණය එහේ ඉන්න වකුගඩු රෝගීන් නිසා විශාල ලෙස වැඩි වේවි කියලා වෛද්‍යවරයෙක් පැවසුවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

යාපනේ නිවුන් සොහොයුරෝ උසස් පෙළින් කප් ගහලා
2025 අප්‍රේල් මස 28 353 0

මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු


පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි
2025 අප්‍රේල් මස 28 201 0

උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක


කිලිනොච්චිය ගංවතුරින් යටවේ
2025 අප්‍රේල් මස 28 313 0

කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස


මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 597 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 463 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 943 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 418 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 565 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site