කුරුණෑගල මාලිගාපිටිය අසලදී යාචකයකුට කෙළ ගැසූ බව කියන තරුණියකට මැර ප්‍රහාරයක් එල්ල විය. පසුගිය 4 වැනිදා මෙම සිදුවී සිදුව ඇති අතර එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇත.
රාජකාරියේ සිටි පොලිස් භටයෝ තරුණිය ප්‍රහාරයෙන් බේරාගැනීමට ලොකු උත්සාහයක් ගත්හ. තරුණයන්ගේ මැර ප්‍රහාරයෙන් ඇය බේරාගැනිමට තරුණයකු ඉදිරිපත් වූ අතර ඔහුට ද පහර කන්නට සිදුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී නැතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීරිස් ඔබ හරියට හරි මම ලියන්න හිතුවෙත් ඔය ටික. (අ)
ප්‍රීති, ඔබගේ අදහසට මම ගරු කරනවා. (නි)
බමුණුසිංහ හරියට හරි (නි)
හුඟක් යාචකයෝ කියන අය බිස්නස්කාරයෝ. රක්ෂාව ඕක තමා. ඔය හැමෝටම හොඳ ගෙවල්, යානවාහන තියන අය. බැංකු ගිණුම්වල හොඳට සල්ලි. මුදල් පොළියට දෙන අය. හොඳම දේ මේ අයට කතා කරලා බලන්න තමන්ගේ ගෙදර බලාගෙන ඉන්න එන්න පුලුවන්ද කියලා පඩියක් ගෙවන්නම් කියලා. කවදාවත් ඒ අය එන්නේ නැහැ. අපේ පොලිසිය මේ අයගේ හැඳුනුම්පත් පරික්ෂා කර, නැති අය පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ අය නොයෙකුත් අපරාධ වලට සම්බන්ධ වෙනවා. (නි)
ඔය කෙළ ගැහුවා කියන එක ගැන කතා කරනකොට එ්කට හේතුව ගැන කවුරුත් කතා කළාද? ඔය යාචකයෝ කියන අය ඇත්තම අයද? මහමඟ සිඟමං ඉල්ලීම වැරද්දක් නොවෙයිද? මේ මිනිස්සුන්ට සල්ලි දුන්නේ නැත්නම් ඉතාමත්ම නොහොබිනා විදියට තමයි කතා කරන්නේ. විශේෂයෙන් කාන්තාවන්ට ඉතාමත්ම නරක විදිහට කතාකරනවා මම දැකලා තියෙනවා. ඔය ගහපු අයගේ ගැත්තෙක් වෙන්න ඇති ඔය කියන යාචකයා. (නි)
මුළු සිදුවීම පසුපස කරුණු රාශියක් තියෙනවා. සමහරවිට හිඟන්නා යම් නොහොබිනාකමක් කළාද? තරුණිය නිකම්ම කෙළ ගහයිද? වැරදීමක්ද? එසේ වුණත් පාරේ ඉන්න මැරයන්ට තරුණියකට ගහන්න පුලුවන්ද? මෙතන නරකම දේ තමයි මැරයන් ඉදරිපිට පොලිසිය අසරණවෙන හැටි. මේ සිදුවීම් පෙළ සිංහල බෞද්ධ රටක සිදුවිය හැකිද? (නි)
පාරේ ඉන්න හිඟන්නට සත පහක්වත් දෙන්න වටින්න නෑ කියන්නේ මේක තමා (අ)
ගජනායක ඔබ ප්‍රවාහන තදබදයකට හිර වුණාම ගවන් පාලම් දාන්න කතා කොරනවා වගේ. (අ)
රාධා පොලිස්සිය ගෙනියන්නේ ශේප් නියාය. වාහන දෙකක් හැප්පුනම ඒගොල්ලෝ ක්‍රියාකොරන ආකාරය බලන්න. (අ)
පොලීසිය බලා සිටියදී තරුණියට පහරදීම පොලීසියටම කළ පහරදීමක් ලෙස සැළකිය හැකිය. පොලීසියට තිබුණෙ මෙසේ පහරදෙන අයට දණහිසෙන් පහළට වෙඩි තියන්න (නි)
සෙනඟ ඉදිරියේදී මෙහෙම ලජ්ජා නැතිව තරුණියකට පහර දෙනවානම් තනි පහලියේ හමු වුණා නම් මුන් දුෂණය කරලා මරල දැවී. අනේ අපේ ලංකාවේ ඉන්න ලජ්ජා නැති පිරිමි. (අ)
කාන්තාවකට පහර දෙන්න පොරකන ඒ සිව්පාවෝ ටික වගේම මෙතන අදහස් දමන වල සමහර අයටත් කාන්තාවකට පහරදෙන එක සතුටක් නම්, උඹලගේ ගෙවල් වල ඉන්න ගෑනුන්ට, දුවලාට ගහලා එලොවපල්ලා (අ)
පැය විසිහතරම බණ කියන රටක් ? මෛත්‍රී පාලනයක් ?සිංහල බෞද්ධ ජනතාවගේ පිරිහීම තමයි මේ?වෙන මොනවා කියන්නද ? (අ)
මේ මෑතක සිට ලංකාවේ ගැහැණුන්ගේ ඔලුව ටිකක් ඉදිමිලා වගෙයි පෙන්නේ. සුළු දෙකට පවා බොරුවට කෑගහනවා (අ)
අර පොලිසියේ රාලහාමිවත් පැමිණිල්ල දාල නැත්ද? එම ඇඳුම ඇඳලා හිටියේ පොලිසියේ නොවෙයිද? අවම බලයයවත් යොදන්න තිබුනා නේද? පොලිස්පති මේගැන හොයලා බලන්න. (අ)
මෙතන මහ කැත මිනිස්සු රැලක්ම ඉන්නවා. කුරුණැගලට පිටින් ආපු අය ද? යාචකයාට කෙල ගැහුවයි කියමුකෝ මේ කැත මිනිසුන්ට මාර ආවේගයක්නෙ ඇවිල්ල තියෙන්නේ. පාහර ජරා පිරිසක්. මේ අය මීට පෙරත් අසාධාරණයට එරෙහිව නැගී හිටින්න ඇති නේද? මම කියන්නේ නෑ කෙල්ල හරියි කියල. හොඳ වෙලාවට මම මෙතන හිටියේ නැත්‍ේ . හිටියනං අද ජීවතුන් අතර නොහිටින්න තිබ්බා .මොකද ජරා යක්කු දෙතුන් දෙනෙක් මරල දානවනේ. ගෑනු ළමය බේරගත්ත තරුණයාව අගය කරනවා ඔහු මට වඩා බුද්ධිමත්.(අ)
මෙහෙමයි, මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කෙල ගහපු එකවත් ඒ කෙල්ලට කොල්ලො සෙට් එකක් වටකරගෙන ගහපු එකවත් නෙමෙයි. කතා කරන්න ඕනා මිනිස්සුන්ට හිඟා කන්න වෙන තැනට රටේ ආර්ථිකය වැටිලා තියෙන එකයි. අවුරුදු 68ක් තිස්සේ පාලකයන් ගෙන ගිය ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවයි මගේ අදහස . එවිට ඔය තරුණියගේ ප්‍රවේශයත්, තරුණයන්ගේ නරුම ප්‍රවේශයත්, හිඟා කන මිනිසුන් ඉන්නා සමාජයත් වියැකි යාවි. (අ)
හිඟන්නාට කෙළගැහුවට වඩා කැතයි නේද ගැහැණියෙකුට වටවෙලා ගැසීම? මොකද මිනීමැරුවද මේතරම් ගහන්න? (නි)
කාන්තාවකට මෙච්චර පිරිමි එකතුවෙලා පහර දෙනවා කොහෙත්ම කිසිම හේතුවක් නිසාවත් අනුමත කරන්න බැහැ. මෙතන ඉන්න චන්ඩි ඔක්කොම ගෙදර ගැනිට කොහොම සලකනවා ඇත්ද? සමහරවිට චන්ඩිකම් දාන්නේ ගෙදරින් පිට විතරක් වෙන්නැති (බ)
ඕක සංහිදියාව වෙන්න ඇති (බ)
අපේ රටේ ඉන්න හිගන්නෝ ගැන දන්නේ නැති අයත් කොමෙන්ට් කරලා තියෙනවා. මීට මාස 2 කට කලින් දවසක් රුපියලක් දුන්න කියල හිගන්න මට අම්ම මතක් කරලා බැන්න. මා ගාව මාරු තිබුනේ නැති නිසා එ්ක දුන්නා. මම දන්නා විදියට ඔය එක හිගන්නෙක්වත් සල්ලි නැති අය නොවෙයි (බ)
මේ නිවුස් එක විමලේගේ සී නිවුස් එකේ දාල තියෙන්නේ පක්ෂ සමුළුවට ගියපු අය පහර දුන්න කියල (බ)
යාචකයින්ට සිඟමන් නොදුන්නොත් මොනවද වෙන්නේ කියලා ඔය ලියන අය දන්නවනේ. බලන්න රු.20 කට අඩුවෙන් දීලා මොකද වෙන්නේ කියලා. ඔය යාචක වැඩේ කරන්නේ දැන් සංවිධානය වෙලා. ඒ ගැහැණු ළමයට අර යාචක වෙසින් උන්න කෙනා නොහොබිනා විදිහට යමක් කියන්න ඇති. අනෙක ගහපු අය තමයි ඔය සේවය දුවවන්නේ. කවුරුත් එක පැත්තකට විතරක් කතා කරන්න එපා. (නි)
යාචකයට කෙළ ගහන්නත් හේතුවක් ඇති නේද? කොහොම වෙතත් මේ ගැහැණු ළමයට ගහපු පිරිස හරියට සත්තු වගේ (නි)
පොලිසියේ හැකියාව නම් මේ වෙලාවේ හොඳටම මදි වගේ මට නම් පෙනෙන්නේ (නි)
ඉතින් හිඟන්නට ඔච්චර ආදරේ කට්ටියට පුලුවන්නේ හිඟන්නට ගෙයක් හදලා දීලා සල්ලි දීලා කාර් එකක් එහෙමත් අරන් දීලා නැඟිටුවලා ගන්න. කෙළගැහුවා නම් එ්කට හේතුව හොයලා බලන්න ඕනෑ. ඇය හරි හෝ වැරදි වෙන්න පුළුවන්. මිනිස්සු දවසේ වීරයෝ වෙන එක අනුමත කරන්න බැහැ. (නි)
කෙල ගැහැව්වා නම් හරිම කැතයි (අ)
ගැහැණු ළමයාගේ වරද පොලිසිය හොයයි. ඇයට පහරදුන් අයගේ වරදත් පොලිසිය පෙන්නලා දෙයි. නීතිය අතට ගන්න හදන වීරයන්ට වැඩ වරදියි. කැමරාවේ හැමෝම ඉන්නවනේ. (නි)
කාන්තාවන්ට එළව එළවා ගහන්න හදන අය වීරයෝ කියලා පෙන්වන්න හදන අයගෙන් අපි ඉල්ලා සිටින්නේ, හැකි ඉක්මනින් මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසයි. වීඩියෝ පටයෙන් සිදුවන සියල්ල පැහැදිලියි. ශ්‍රී ලංකාව තුළ මෙවැනි සිදුවීමක් සිදුවන පළමු අවස්ථාව මෙය නොවන නිසා මෙවැනි අයට ප්‍රසිද්ධියේ දඬුවම් කළයුතුයි. අහෝ ශ්‍රී ලංකා පොලිසිය හා රටේ තරුණ පරපුර!!!! (නි)
දන්න දෙයක් නැති ඔස්තාර්ලා, අදහස් වලින් පාරම්බාන හැටියට ඒවා කියවන්නන්ගේ මනස තවත් ආකූල ව්‍යාකූල නොවේ නම් පුදුමයි. ඊටත්වඩා නරක, සමාජ පරිහානිය තවත් තීව්‍රවීමයි. රටකට ගිය කල. අහෝ! අහෝ! (නි)
මේ ප්‍රසිද්ධියේ ගැහැණු ළමයෙකුට පහරදෙද්දී ශ්‍රී ලංකා පොලිසිය කෝ? ලොකු ලොකු නෝනලා මෙහෙයවන කාන්තා සංවිධාන කෝ? කාන්තාවන්ව මැදපෙරදිග පටවලා ගැහැණුන්ගෙන් හම්බකරගෙන කන පිරිමි ඉන්න රටේ අපි ඉපදුනේ පුරුවේ කළ කරුමයකට (නි)
ජනතාව නීතිය නමාගෙන නමාගෙන යනවා වගෙයි දැන්නම් පෙනෙන්නේ (නි)
දියුණු තාක්ෂණය වැරදි අතට පත්වෙලා සමාජය පිරිහෙනවා. සුද්දා නිර්මාණය කරනවා. වැද්දා සුද්දාට බැන බැන ඒවා අතට ගෙන පහරනවා. විනාශ වෙනවා. (නි)
මේ දෙතුන්දෙනා කරන වැඩේ අන්තිම පහත් වැඩක්. ඔවුන් කළේ ලංකාවේ පොලිසියේ කොන්ද කඩපු එක. පොලීසියට කණේ පහරක් ගැහුවේ. මේ ළමයට ගහපු අයට දැන්වත් උපරිම දඬුවම් දිය යුතුයි. (නි)
බණ්ඩා මහත්තයාගේ අදහස තමයි කාලෝචිතම අදහස. සල්ලි දෙන්න අකමැතිනම් ඒ බව කියන්නේ නැතුව කෙල ගහනවද අම්මප (බ)
හිගන්නෝ පිටිපස්සෙන් ඉන්නේ මැරයෝ. ඉස්සෙල්ල ගහන්න ඕන හිගන්නොන්න්ට සල්ලි දෙන අයට (අ)
මහත්වරුනේ කෙල්ල වැරදියි කියමුකෝ ,එහෙමයි කියලා රටේ නිතිය අතට ගන්න කාටවත් බැහැ කෙල්ල වැරදිනම් ඒකට පොලිසිය , සහ අධිකරණය තියෙනවා , මේවා අනුමත කරන කෙනෙකුගේ සහෝදරියකට මේ දේ උනානම් ඔය විදියටම කතා කරනවද ? (ර)
මේ කෙල්ලගේ විලසිතාවලින්ම පේන්නේ නැද්ද මේ කෙල්ලගේ තියන නැහැදිච්චකම . බේරගන්න ඉදිරිපත්වෙලා තියෙන්නේ කවුරුත් නෙවේ එයාගේ පෙම්වතා. එතකොට කෙල පහර කාපු යාචකගේ අසරණභාවය ගැන ඇයි කතා නොකරන්නේ. (බ)
අනිල්ගේ සහ පීරිස්ගේ කතාව හරි. පිරිමි අපි ලජ්ජා වෙන්න ඕන. (බ)
බණ්ඩා ඩුබායි ඔබ ඉතාම නිවැරදියි .මෙතන ඉන්නේ මේ කෙල්ලගේ ක්‍රියාවෙන් කුපිත වූ සාමාන්‍ය මිනිස්සු මිසක් හිගන්නන් ගේ තැරවූකාරයෝ නෙවෙයි .මේ කෙල්ල අහිංසක මිනිහෙක්ට මේ දේ කරලා තිබෙන බව මිනිසුන්ගේ කෝපයෙන් පේනවා .ඔබ ඉතාම නිවැරදියි මෙකි අර සෙල්ෆි ටයිප් එකක් තමා (බ)
ඩුබායි බන්ඩෝ, එතකොට කාන්තාවකට සෙනගක් එකතුවෙලා පන්න පන්න ගහන එකද හැදිච්චකම? ඒ ළමය යාචකයකුට කෙළ ගහලා නම් කරන්න ඕන එ්ක පොලිසියට පැමිණිලි කරන එක එතැන පොලිසියත් ඉන්නවනේ. මොන නීතියක් අතට අරගෙනද වටේ ඉන්න සුද්ද්දවන්තයෝ එක කාන්තාවකට එලව එලව පන්න පන්න ගහන්නේ? (බ)
කෙලගහපු එක වැරදි.... කෙල ගැහුවට මෙහෙම ගහනවද කෙල්ලකුට ලැජ්ජයි මුළු ලාංකික පිරිමි සංහතියටම..... (බ)
නිදහස් පක්ෂ සම්මේලනය පැවති දා බව කාටත් පේනවා... ඒ බස්වල ආ මැරයන් තමයි මේ ප‍්‍රහාරය එල්ල කරන්නේ යාචකයෙකුට කෙල ගැහුවට නම් වෙන්න බෑ...(බ)
තව කෙනෙක් තව කෙනෙකුට කෙල ගසන්නේ මොකක් හරි හේතුවකටනේ..නිකම් ගහන්නේ නැනේ..අද කාලේ හිගන්නොත් වනචරයි..කෙල්ලෙකුට පිරිමි රොත්තක් ගහපු එක නම් අනුමත කරන්නේ නෑ කොහොමවත්..ගහපු අයගේ සහෝදරියෝ ඉන්නවා නම් බුදු සරණයි එයාලට..(අ)
ගෑණු ළමයාගේ නොහැදිච්ච කමයි කියමුකෝ (එ්ත් හරියටම එහෙම දෙයක් වෙලයි හොයල බලන්න ඕන). එ්ත් මහා ලොකු සංස්කෘතියක් ඇතැයි කියන රටේ පිරිමින්ගේ හැසිරීම පේනවද ඒ ගැණු ළමයට වටවෙලා එලව එලව පහරදීමෙන්. ඒ ළමයව බේරගන්න ඉදිරිපත් වුන කොන්දක් තියන තරුණයට අපගේ ගෞරවය! (බ)
හේතුවක් තියෙනවා පීරිස් මහත්තයෝ.. ඒ මේ කෙල්ලගේ තියෙන නොහැදිච්චි කම. අම්මප මේ අද කාලෙ හැදෙන උන්.... පාරක තොටක යන්න, අසරණයෙක්ට සලකන්න වත් දන්නේ නැහැ. ඇති සෙල්ෆි එකක් ගැහුවේ නැතුව ඒ මනුස්සයත් එක්ක, ෆීලින්ග් අප්පිරියයි කියල. (බ)
දිනයක් නැති වුනාට දවස හිතා ගන්න පුළුවන් පසුබිමින් යන බස් වල තියෙන බැනර් දැක්කාම..(බ)
මෙයින් පෙනී යන්නේ යාචකයන් පාරට දාලා සල්ලි හම්බකරගන්නේ පාතාලය හා මැරයන් බවයි. කෙළ ගැහුව එකට හේතුවක් නැද්ද ? (බ)
මේ පුවතේ තිබෙන විදිහට තරුණිය වරදක් කර ඇත්නම්, ඇයව නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරනු විනා, තරුණියට පහරදීමට මොවුන්ට ඇති අයිතිය මොකක්ද? ගෝත්‍රික ලක්ෂණ පවතින සමාජයක ප්‍රතිරූපය තමයි මේ.(ම)
මේ තරුණිය කල වැඩේ වැරදි තමයි නමුත් ගැහැනියකට පහර දෙන මේ මුරුග රැල දැක්කහම පුදුම කණගාටුවක් ඇතිවුණා. මේ පහරදෙන අයට සහෝදරියන් නැද්ද මේ අයගේ අම්ම ගැහැනියක් නොවේද ඒවගේම පහර දෙන තුරු බලාසිටින පොලිසියක් මොකටද (ම)
දැන් ලංකාවත් අපායක්ම තමයි.(ම)
හොද පාඩමක් (ම)
මම දැක්ක දඹුල්ලේ ගෑනු කෙනෙක් ගිය සතියේ ත්‍රි විල් රියදුරෙකුට පහර දෙනවා ඇය ගණිකාවක් කියල විහිළු කෙරුව කියල හැබැයි ඒ අවස්ථාවේ එතන හැසිරිච්ච පිරිමි ටිකයි මෙතන හැසිරිච්ච පිරිමි ටිකයි ගැන මට කණගාටුයි මෙහිදී කරන්ඩ තිබුනේ නීති මාර්ගයෙන් කටයුතු කරන්ඩ ඒ ආයතන වලට බරදෙන්දයි මිනිස්සු නිතිය අතට ගැනීම බයානක තත්ත්වයක් හැටියටයි මම දකින්නේ (අ)
ගෑනියකුට එලවා එලවා පහර දෙනවා අති විශිස්ඨයි (අ)
ඉතාම කනගාටුදායකයි. සමාජය මේ තරම් පිරිහිලාද? කෙල්ල ගේ හැසිරීම අනුමත කළ නොහැකියි කියා කියමුකෝ. එත් මේ අසික්කිත පිරිමි රැලේ හැසිරීම හොද වෙන්නේ කොහොමද? කෙල්ල අැයි කෙල ගැහුවේ කියන කාරණය හොයා බලන්න ඕනේ නැද්ද? මෙහෙම කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි, අපේ රටේ හිඟන්නෝ වගේම නිකමෝ වැඩි නිසා. අපේ රටේ පාරවල් දිගේ රස්තියාදු ගහන පිරිමි වැහි වහලා ඉන්නේ රැකියා නැති නිසාද? කම්මැලි නිසාද? මේ ඔක්කොම ප්‍රශ්න . එත් මේ සිද්දියේදී මේ ගැහැණු ළමයාට පහර දෙන එවුන් වහාම ඇත අඩංගුවට ගත යුතුයි. ඒ කාන්තා ආරක්ෂාව අපි හැමෝගෙම වගකීමක් නිසා. (අ)
මෝඩ වැඩක් කරපු කෙල්ලෙකුට ගහන්න උත්සහ කරන මොවුන්ට පිරිමි කියල කියන එකත් ලැජ්ජාවක්. (බ)
ලංකාවේ හදිච්චිකම මනින්නේ ඇඳුමෙන් - ගවුම ටිකක් කොටයි නම් නැහැදිච්ච කෙනෙක්. හැබැයි බස් එකක යනකොට, පෝලිමක ඉන්නකොට, පාරේ වාහන පදවනකොට බලාගන්න පුළුවන් ඔය කියන හැදිච්චකම. යාචකය අසරණ නිසා තමයි වැරද්දක් වෙලා තියනවා නම් පොලිසියට පැමිණිලි කරන්න ඕන - එතන පොලිසිය හිටියනේ. වටවෙලා ගහල හරියනවද? (අ)
ගහන්නම උවමනාවක් තිබුනා නම් අර යාචකටය කියල කම්මුලට එකක් ගස්සන්න තිබුණ. එ්ත් පිරිමි ගෙඩක් එක ගෑනු ළමයෙකුට එලව එලව ගහනවද?(අ)
මේක කලක් තිස්සේ මගතොටේදී අශෝබන ලෙස හයිකාරකම් පෙන්නනු ලැබූ කෙල්ලන්ගේ සිදුවීම් වැලක වාඩුව ගන්නවා කියලා කියන (චක්‍රයේ) ඉස්මතුවූ තවත් එක් අවස්යථාවේ අංගයක් වගේ කියලයි මගේ කල්පනාව. (ර)
මේ සම්බන්ධව පොලිසිය ගන්නා නීතිමය ක්‍රියාමාර්ල පිළිබදව මහජනතාව වශයෙන් අපි ඉතා විමසිල්ලෙන් යුක්තව බලාසිටින්නෙමු. (ර)
නීතියක් නැති අමනයන් සෑම තැනම රජකරනවා. (ර)
මේක හොදට බලන්න තරුණයෝ පහර දෙන්නේ තරුණියට නොව ඇය ආරක්ෂාවට සිටින කෙනාට. (ර)
රටේ නීතිය රකින අය ඉස්සරහම රටේ නීතිය දුර්ජනයන් අතට ගන්න හැටි දැක්කම හරිම සංවේගයක් ඇතිවෙනවා , මේ ගැහැණු ළමය වරදක් කර කියමු, ශිෂ්ට සම්පන්න මිනිසුන් විදියට කළ යුත්තේ පර දිගේ පන්න පන්න ගහන එක නෙවෙයි, ඒ වරදට අවශ්‍ය දඩුවම මානුෂික සහ නීතිමය වශයෙන් ලබාදීම, මහා ලොකුවට සවුදිය වැනි රටවල් වලට බනිනවා ෂරිය නීතියයි අර නීතියයි කියල, බලද්දී අපේ රටෙත්, සිංහල අය කියාගන්න අයත් කරන්නේ ෂරිය නීතියටත් අන්ත ගිය දේවල්නේ, මෙතන පැහැදිලිවම පේනවා මේ ගැහැණු ළමයට ගහන බහුතරයක් යම්කිසි රැලියකට සම්බන්ද වුණු පිරිසක් කියල, (අ)
සමහර කාන්තාවන් මෙවැනි දේවල් කරලා වීරවරියන් වෙන්න දගලනවා. මේ සිදුවීම ලංකාවේ පලවෙනි සිද්දිය නෙමෙයි. එක ගැහැනු ළමයෙක් එත් තරුණයෙකුට පහර දීලා එතනින් නැවතුනේ නැහැ. මිනිස්සු වටවෙනකොට තවත් කම්මුලට ප්‍රහාර එල්ල කරනවා. දඹුල්ලේ තරුණියත් ඒ වගේ. ඇයගේත් සීමාවක් නැහැ. ත්‍රිරෝද රථ රියදුරාටත් උනේ ඒක. පස්සෙනුත් ඇය පන්නනවා. තමන්ගේ ආරක්ෂාව කෝ.ඇයි ඒවා නොහිතන්නේ.මෙතන ප්‍රස්නේදී ඇයට අවමානයක් වුණා නම් කෙල ගැසීම නෙමෙයි කළ යුත්තේ. නීතියේ පිළිසරණ පැතීම.ඒ මිනිස්සුන්ට හිර ගෙවල් කියන්නේ සමහර විට තමන්ගේ ගෙදර වගේ විය හැකියි. පළමුව තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගත යුතුයි. (අ)
වීඩියෝ එක බලද්දී මට නං තේරුනේ මේ ඉන්නා අයගෙන් යමෙක් අර තරුණියගේ අතින් අදින්න ගොස් ගැටුම ආරම්භ වී ඇති බවයි. මොනවා වුණත් වීඩියෝවේ සියල්ල සටහන් වී ඇත්තේ. තරුණියකට පහර දුන් මෙම පිරිසට එරහිව නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේක මේ තලේබාන් රටක් නෙමෙයිනේ.(අ)
මේ වීඩියෝ එකේ මුළු සිදියම නැහැ. මම දැකල තියෙනවා සමහර "හිගන්නන්" මගීන්ට හිරිහැර වන විදියට හැසිරෙනවා. බොහෝවිට කාන්තාවන්ට මොවුන් හිරිහැර කරනවා මා දැක තිබෙනවා. මේ අවස්ථාවේත් මේ හිගන්නා මේ කාන්තාවට යම් හිරිහැරයක් කර තිබේනම්, ඇය කර ඇතිදේ හරි. (අ)
කෝ මේකේ යාචකයෙක් අහලකවත් පේන්න නැහැනේ .. මට නම් හිතන්නේ කවුරු හරි ඔය ගහන කණ්ඩායමේ කෙනෙක් මෙයාගේ ආදරේ හිඟාකන්න ගිහින් කෙල පාරක් කාල වගේ .. මොනවා වුණත් මේකේ පෙනෙන්න තියෙන සිදුවීම නින්දිතයි . (අ)