IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යාඥා මධ්‍යස්ථානයට කඩා පනී

හික්කඩුව බද්දේගම පාරේ යාඥා මධ්‍යස්ථානයේ පිටුපස දොර කඩාගෙන භික්ෂුන් ඇතුළු පිරිසක් ඇතුළු වු බව පොලීසිය කියයි.

සියයක් පමණ පිරිසක් එහි යාඥා කරමින් සිටි බවද එහි වැඩි දෙනා කාන්තාවන් පමණක් බවද පොලීසිය සඳහන් කරයි.

 

 

 

 



අදහස් (0)

යාඥා මධ්‍යස්ථානයට කඩා පනී

සංජය Sunday, 12 January 2014 09:53 PM

ආගම අබින් කියල කියන්නේ නිකම් නෙවෙයි කන තරමට චූන් ඊට පස්සේ හිතනවා හැමෝම මම අදහන එකම අදහන්න ඕන කියලා. මතක තියාගමු මේ ලෝකේ වැඩිපුරම ලේ හැලිලා තියෙන්නේ ආගම නිසා . ඔය කියන තරම් යහපත් දේවල් ආගම් වල උගන්නනවා නම් මේ වගේ දේවල් වෙයිද ? (නදී)

:       0       0

රිහාන් දෝහා Sunday, 12 January 2014 11:46 PM

අන් ආගම්වලට ගරු කරන්න, වරදක් නම් නීතියෙන් කටයුතු කරන්න. යාඥා මධ්‍යස්ථාන තහනම්ද? (නදී)

:       0       0

පද්මපානි Monday, 13 January 2014 12:40 AM

නීති විරෝධී ලෙස අන්‍යය ආගම් වලට හැරවීම තහනම් කරන පනතක් ගේන්න ඕනේ කියල පාරිලිමේන්තුවේ කෑ ගහපු කාඩ් බෝඩ් වීරයෝ අතරෙත් චීවරධාරියෝ ඉන්නවා. ඔවුන් නම්බුකාර ලෙස කට පියාගෙන ඉඳල ගරු බුහුමන් ලබනවා. ඉවසීමේ සීමාව ඉක්මවා ගත්ත ඇතැම් පැවිද්දන්ද රජය ට කරන්න බැරිදේ මේ ආකාරයෙන් හරි විසඳන්න උත්සාහ කරනවා. ලියා පදිංචි නොකර හතු පිපෙන්නාක් වාගේ ගම්වල හිස ඔසවන ඊනියා යාඥා ව්‍යාපාර නිසා අනාගතයේ බොහෝ විපත් සිදු විය හැකියි.(නදී)

:       0       0

සැම් Sunday, 12 January 2014 10:37 AM

බුදුන් වදාල ධර්මය අනුව හැසිරී, සිල්වත්ව, එම දහම ගිහියන්ට දේශනා කර බෞද්ධයන් අන්‍යාගම් වලට යන එක වළක්වනවා මිසක්, මෙවැනි වැඩ කිරීමෙන් සිදුවන්නේ නියම බෞද්ධන් මේ චීවරධාරීන් ගැන කලකිරෙන එක පමණයි. (දී)

:       0       0

දම්මික Sunday, 12 January 2014 10:39 AM

හාමුදුරුවන්ට මොකද මේ වෙලා තියෙන්නේ? ඕන කෙනෙකුට ඕනේ දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ වැඩේ හරියට කරන්න . එතකොට කවුරුවත් අනිත් ආගම වලට යන්නේ නැත (දී)

:       0       0

සේනක Sunday, 12 January 2014 10:47 AM

හාමුදුරුවරුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ (දී)

:       0       0

ගයාන් Sunday, 12 January 2014 11:05 AM

පාලකයන් අතින් සාධාරණයක් කිසි කලෙක ඉටු නොවෙන තැන මේ රටේ මහජාතිය ලෙස කෙසේ ඔලුව සඟවා නොදැක්ක සේ ඉදිමුද? හොඳින් ඉටුනොවෙන දේ නරකින් හෝ....... වීර කැප්පෙටිපොල පරපුර....... ජයවේවා (දී)

:       0       0

ජයතිස්ස Sunday, 12 January 2014 11:07 AM

ලෝකේ ඕනෑම රටක මෙවන් ප්‍රශ්න තියෙනවා , අපේ රටේ විතරක් නොවෙයි, කලබල වෙන්න එපා (දී)

:       0       0

පුෂ්පකුමාර Sunday, 12 January 2014 11:08 AM

ඕවාට උල්පන්දම් දෙන මිනිස්සු ඕන තරම් හොයා ගන්න පුළුවන් (දී)

:       0       0

නලීන් Sunday, 12 January 2014 11:10 AM

මෙවැනි දේ සම්භන්දව ලංකාවෙ නිවැරදි ක්‍රමවෙදයක් තිබිය යුතුයි. හැම දේටම කලබල කරන්න වෙන්නෙ මේ නිසා. නිතියක් නොමැති නිසා. ඒ නිසයි ලංකාවෙ ඔනම කෙනෙක්ට ඕනම විකාරයක් කරන්න හැකි වෙලා තියෙන්නෙ. ජපානය වැනි රටක මෙවැනි දෙයක් වෙන්නෙ නෑ. අපේ රටේ ඔනම දෙකට හොඳ ඉඩක් තියෙනව​. මේක අපේ රටේ ආවාසනාවක්. (දී)

:       0       0

මල්ලිකා Sunday, 12 January 2014 11:12 AM

අන් ආගම්වලට ගරු කරන්න, වරදක් නම් නීතියෙන් කටයුතු කරන්න (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 12 January 2014 11:15 AM

මේවා පිටුපස කවුරුන් හෝ ඉන්නවා කියා තමයි මට හිතෙන්නේ (දී)

:       0       0

බිණර Sunday, 12 January 2014 11:20 AM

යාඥා මධ්‍යස්ථාන පවත්වා යාම වරදක් නොවෙයි, බලෙන් ආගම් වලට බදවා ගැනීම නම් වරදක් මම නොවෙයි කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (දී)

:       0       0

අජිත් මාන්නප්පෙරුම Sunday, 12 January 2014 11:26 AM

ගහන්න ගහන්න තව ගහන්න හැබයි මතක තියා ගන්න මුළු ලෝකෙම මේවා දිහා ඇස් ඇරගෙන බලාගෙන ඉන්නේ (දී)

:       0       0

තරිඳු Sunday, 12 January 2014 11:29 AM

යාඥා මධ්‍යස්ථාන තහනම්ද ලංකාවේ නොදන්නා නිසා ඇහුවේ (දී)

:       0       0

සේනක Sunday, 12 January 2014 11:34 AM

ලංකාව සිංහල බෞද්ධ රටක් (දී)

:       0       0

සුජීවා Sunday, 12 January 2014 11:34 AM

ලෝකේ අපි දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නේ (දී)

:       0       0

මේනක Sunday, 12 January 2014 11:34 AM

මින් පසුවත් මේ විදිහට හැසිරෙන්න එපා මිනිස්සු බෞද්ධ අපෙන් අහන ප්‍රශ්න වලට අපිට දෙන්න උත්තර නැහැ (දී)

:       0       0

සන්ද්‍යා Sunday, 12 January 2014 11:36 AM

ආගමික වශයෙන් දෙකඩ විය යුතු නැහැ, මේවා විස දන්න ක්‍රම තියෙනවා නීතියට අනුව (දී)

:       0       0

ජිනා Sunday, 12 January 2014 11:37 AM

මේවා ලෝකේ හිනස්සන වැඩ. (දී)

:       0       0

ගුණසිංහ Sunday, 12 January 2014 11:43 AM

මේවායේ බලපෑම එල්ල වෙන්නේ අනාගත පරපුරටයි (දී)

:       0       0

නසාර් Sunday, 12 January 2014 12:22 PM

ඉරිසියාව සුව කල නොහැකි රෝගයකි.(නදී)

:       0       0

කපිල Sunday, 12 January 2014 12:34 PM

කෙල්ලෝ නැතිව වේලි වේලි ඉන්න කොල්ලන්ට හොදම තැන.(නදී)

:       0       0

රුවන් Sunday, 12 January 2014 12:47 PM

තරිඳු මිනී මැරීම වරදක් නොවේ නම් යාඥා මද්‍යස්තානද වරදක් නොවේ.(නදී)

:       0       0

අමල් Sunday, 12 January 2014 01:03 PM

ගණිකා මඩම් තහනම් නැහැ, ඇයි මේවා තහනම්? (නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 12 January 2014 01:31 PM

ආගමික කටයුතු කරමින් සිටින විට එහෙම කරන එක හරි නැහැ. ගහනවා නම් ධර්මයෙන් ගහන්න.(නදී)

:       0       0

ශ්‍යාමා Sunday, 12 January 2014 01:36 PM

තමන් කරන දේ හරිනම් මොන ආගමක් උනත් මොකද. හැම ආගමක්ම කියන්නේ හොඳ දේවල් කරන්න.(නදී)

:       0       0

දිල්ශාන් කුමාර Sunday, 12 January 2014 02:02 PM

හරි හැටි සිද්දවුන දේ නොදැන මෙහෙම කතා කරන්න එපා . (නදී)

:       0       0

සමන් Sunday, 12 January 2014 04:49 PM

සිද්ද වුනේ මොකක්ද?(දිල්)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 12 January 2014 07:21 PM

අතීතයේ අපේ රට බේරාගත්තේ මහා සංඝ රත්නයයි. ඒත් අද මේ රටට වින කටින්නේත් මහා සංඝ රතනය යැයි කියා ගන්න ඇතැම් කොටස්. දැන් අපි ලක් වැස්සියන් විදහට මේ පිස්සුවට පෙළ ගැසී නියම මහා සංඝ රතනය හොයන්න සංඝායනාවක් කරමු.(නදී)

:       0       0

තිස්ස කේ අමුණුගම Sunday, 12 January 2014 09:03 PM

මෙයට වඩා නරකද ඔය කුඩු කාරෙයෝ වැටළුවා නම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 123 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 10 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 285 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 405 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 252 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 963 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site