IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


යටගියාවට යන්න ස්මාර්ට් හලෝවේ සහාය

මාගම්පුර රුහුණු කෞතුකාගාර පරිශ්‍රයේ ‘ශ්‍රීලංකන් මියුසියම්‘ නමින් ජංගම මෘදුකාංගය සහ ‘වයිෆයි‘ කලාපය සක්‍රිය කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි 8 වැනිදා සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම මෘදුකාංගය සහ වයිෆයි කලාපය ස්ථාපිත කළේය. ඉදිරියේදී සියලුම කෞතුකාගාරවල මෙම පහසුකම් සැලසීමට යයි.

කෞතුකාගාරයට පිවිසෙන්නකුට ‘ස්මාර්ට්‘ ජංගම දුරකථනයට මෙම මෘදුකාංගය ‘ඩවුන්ලෝඩ්‘ කරගත හැකිය. ඉන් පසු එහි තිබෙන සෑම කෞතුක වස්තුවක් පිළිබඳවම අවශ්‍ය සියලු තොරතුරු හඬ පටයක් ඔස්සේ ශ්‍රවණය කිරීමට හා දුරකථනයෙන් නරඹමින් කියවීමටද හැකි බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර සුබ්‍රමනියම් ගවස්කාර් මහතා පවසයි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මෘදුකාංගය ඇත. මෙවැන්නක් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදුවන්නේ ප්‍රථම වතාවටය. එබැවින් කෞතුකාගාර ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස මෙය සනිටුහන් වන බවත් ගවස්කාර් සුබ්‍රමනියම් මහතා කියයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුව පෙන්නුම් කිරීමේ අවස්ථාවක් මෙන්ම විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය වඩාත් මෙරටට ලබාගැනීම මෙයින් නිරායාසයෙන්ම සිදුවන බවත් ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මියගේ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගෙ යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදුවිය.



අදහස් (0)

යටගියාවට යන්න ස්මාර්ට් හලෝවේ සහාය

දුමින්ද Wednesday, 06 May 2015 07:37 AM

නිදන් වදුලු ගැන විස්තර සොයවිද (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4037 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1452 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2449 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site