IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


යූටියුබ් නාලිකාව නග්ගන්න දියණියගේ අසැබි ඡායා ගත් පියා බිරිය අතින් මරුට

(පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරි)

අන්තර් ජාලයට දමා මුදල් සෙවීමේ අරමුණින් 14 හැවිරිදි තම එකම දියණියගේ නිරුවත් ජායාරූප බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයකු බිරිඳ විසින් කපා කොටා ඝාතනය කර කරන ලද සිද්ධියක් වැල්ලව පොලීසියෙන් වාර්තාවේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් සහායක උපස්ථායකයකු ලෙස සේවය කළ වැල්ලව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකි.

නිවසේ නාන කාමරය තුළ සිටියදී බිරිඳ ඔහුට මිරිස් කුඩු ගසා ඇති බවද මිරිස් කුඩු ප්‍රහාරයට ගොදුරුවූ සැමියා ඉන් එළියට පැමිණීමේදී බිරිඳ සැමියා කපා කොටා ඝාතනය කර ඇති බවද වාර්තාවේ.

එම පහරදීම හේතුවෙන් ඔහු නිවසේ සාලය තුළදීම මරණයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බවද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බවද පොලිස් විමර්ශන වලදි අනාවරණයවී තිබේ.

 

 



අදහස් (14)

යූටියුබ් නාලිකාව නග්ගන්න දියණියගේ අසැබි ඡායා ගත් පියා බිරිය අතින් මරුට

විපරමා Monday, 04 December 2023 02:24 PM

මානසික අසහනකාරයෙක්ගේ අසික්කිත වැඩක්...?

:       3       66

නිශ්ශංක Monday, 04 December 2023 02:49 PM

මුදලට වහල්වෙන අයට මනුස්සකමක් නෑ...!

:       3       53

රංබොඩ Monday, 04 December 2023 02:58 PM

මෙයා නම් තිරිසනෙක්... නමුත් දැන් දරුවාට අම්මයි, තාත්තයි දෙන්නම නැතිවෙනවා.

:       4       57

දෙගම්බොඩTuesday, 05 December 2023 08:23 AM

ඇයි රංබොඩ එතකොට ඔහෙත් මගහරින්නද හදන්නෙ .ඉස්සර කියමනක් තිබුනා අම්මා නැතිකලට අප්පා කවරකල කියලා .මියගිය එකාගෙ වැඩවලින් රජයේ සේවයේ පිරිහීම හොදින්ම පේනවා ඇත්තටම ඒ මිනිහා සේවයක් නොකර යූ ටියුබ් නාලිකා ප්‍රවර්ධනය කරල තියෙනවා ඌ මැරුණ එකම හොදයි නැත්නම් රෝගීන්ට අබ සරණයි

:       0       0

ajith Monday, 04 December 2023 03:02 PM

මේ අමනයාගේ හැසිරීම පිළිබඳව බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කළානම් මීට වඩා හොඳයි...

:       5       63

IndikaTuesday, 05 December 2023 07:27 AM

පොලිසි යනවට වඩා හොඳයි... මේ විදිහට විසඳුණු එක.. නීතියක් කොහේද?

:       0       0

සුපුන් චාමර Monday, 04 December 2023 03:15 PM

ඒ අම්මාට නීතියේ සහනයක් ලබාගැනීමට ප්‍රවිණ නීතිවේදියෙකුගේ සහාය ලබාදීමට කටයුතු කරන්න. පණ වගේ දරුවෝ රැකපු අම්මෙක්...

:       3       122

KumaraTuesday, 05 December 2023 07:53 AM

පණ වගේ කියලා මිනීමරණ එක සාධාරණය කරන ඔබ වගේ අය ගැන පුදුම වෙන්න දෙයක් නෑ.. ඔය විදියට තමයි රාජපක්ෂලා තමන්ගේ ජඩකම් සාධාරණය කරන්නේත්. මිනී මරන්න කලින් නීතිය අතට ගන්න කලින් මොලයක් තිබ්බා නම් ඕනෑතරම් ඔය ප්‍රශ්නය විසඳාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට මිනිහාව කපලා මරන්න ඕනේ නෑ....

:       0       0

මැක්ස් Monday, 04 December 2023 07:40 PM

කුඩුකාරයින්, ස්ත්‍රී දූෂකයින්, රාජ්‍ය විරෝධීන්, මත්ද්‍රව්‍ය වෙළෙන්ඳන්, රාජ්‍ය දේපළ වනසන්නන් සහ හොරා කන්නන්, මිනීමරුවන් බේරා ගැනීමට, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන උනන්දු වන සාලිය පීරිස් සහ සමාගමේ කළු කෝට් මුදලාලිලා, තම දරුවා වෙනුවෙන් "වැරැද්දක්" කළ මෙම කාන්තාවගේ පිහිටට එයිද කියා අපි බලාසිටිමු...

:       0       0

Sam Monday, 04 December 2023 09:38 PM

හදිසි වෙන්න එපා! මට නම් පේන්නේ මේක අම්මාගේ යටි ප්ලෑන් එකක්...!

:       0       0

Sisira Kumara Tuesday, 05 December 2023 05:24 AM

සත් භාවයෙන් යුතු ප්‍රවීණ නීතිවේදී මහතෙකු ඉදිරිපත්වී නොමිලයේ අම්මා වෙනුවෙන් පෙනීසිටින්න. එවිට දරුවාට මව් සෙනෙහස හා රැකවරණය ගිලිහීයාම වලක්වාගත හැකිවේවි

:       0       0

pathiraja Tuesday, 05 December 2023 09:18 AM

අම්මට නීතියේ පිහිට පතන්න තරම් මානසික මට්ටමක ඉන්න නැතුව ඇති. ඇස්දෙකට කදුළු එනව අම්ම කියන නමේ සෙනෙහස ලෝකයට දකින්න හම්බ උන එක අවස්ථාවක්. මම අනන්තවත් මව් කැපකිරීම් සත්ව ලෝකයෙත් දැකල තියනවා තම දරුවා බේරගන්න ජීවතය පවා පුජා කරපු. ඔයා ලෝකයට ශේෂ්ටයි ආලෝකයක්. ඔය දුන්නේ මුළු සමාජයටම පණිවිඩයක්.

:       0       0

Marsipala Tuesday, 05 December 2023 12:21 PM

මේවට මූලික හේතුව ආගම දර්මය පිරිහිලා පන්සල් ,පල්ලි වලට යන්න වෙලාවක් නැහැ .ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුදෙනා ළඟ ෆෝන් අද විනාශයට මුල .ෆෝන් එකේ නැතිදෙයක් නැහැ .කනගාටුයි .මනස විකෘතිවෙලා ,සල්ලි හම්බකරගන්න ඕනෑම පහත් ක්‍රියාවකට පෙළඹෙනවා .තෙරුවන් සරණයි

:       1       4

නිර්මාංශ පෙරේරා Tuesday, 05 December 2023 01:34 PM

ඉතිං බිරිඳගේ පොටෝ අරගෙන දැම්මා නම් ඉවරයිනේ... ඔච්චරටම යූටියුබ් එක නග්ගන්න වුවමනාවක් තියෙනවා නම්... අර අහිංසක දරුවාට කරදර නොකර...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 3 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 8 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 71 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 96 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 162 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 473 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 535 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site