මෙවර ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ඉකුත් යුද ගැටුම් පැවති කාලයේදී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් සොයා බැලීම සඳහා වත්මන් රජය ගෙන යන ප‍්‍රතිසන්ධාන හා සංහිඳියා ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර සංවිධානය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අඟහරුවාදා (14) අදහස් දැක්වීමට නියමිත බව ජිනීවා තනාපති ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි වාර්ෂික සැසිවාරය අද (13) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භවීමට නියමිතය.
ලබන 30 වැනිදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක මානව හිමිකම් ප‍්‍රගතිය පිළිබඳව මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇත. ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිය ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) ඇතුළු සංවිධාන කිහිපයක් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
අපි කලබල නොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
දැන් එකමුතු යහපාලන ආණ්ඩුව සාමයෙන් සමාදානයෙන් ප්‍රශ්න වලට විසඳුම් සොයා රට යහමඟට ගෙනවිත්, ලක්වැසි මුළු මහත් ජනතාවට සෙතක් සතුටක් සහ රට දියුණුව කරා ගෙනයමින් සිටින වෙලාවක මෙවැනි බාධා ඇති කිරීමට නොහැසිරී, අප සතු ප්‍රජාතන්ත්‍රවාදී අපේ පිළිවෙත් ආරක්ෂා කරගනිමින් හරි තීරණ ගනිමින්, පිටස්තරයන්ගේ ඇඟිලි ගැසීම් මැදිහත්වීම් වලින් තොරව කටයුතු කළයුතුයි (නි)
සුද්දන් තමන්ගේ ඇහේ පරාල තබාගෙන අන් අයගේ ඇසේ තිබෙන කෙන්ද ගැන කතා කරයි. 60% ශ්‍රී ලාංකිකයන්ගේ තීරණයේ විපාක අනාගත පරම්පරා වලට ගෙවීමට සිදුවෙද්දී එදාට ඔවුන් තම පෙර පරම්පරාවට ශාප කරනවා ඇත (නි)
එතකොට එල්ටීටීඊ එක නිසා කඩවුණ මානව හිමිකම් ගැන හොයන්නේ නැද්ද? වෙන රටවල යුද්ධ ඇත්තෙම නැද්ද? (නි)
පසුගිය වාර හැම එකකම වගේ යෝජනාවක් සම්මත කරලා සභාතොමෝ සතුටින් විසිරිලා යාවිද දන්නෙ නැහැ. අපි පාඩුවේ ඉඳිමු. (නි)
බලන්න දෙයක් නැහැ .රනිල් නේ රාජ්‍ය පාලකයා .සිරිසේන ට හොරෙන් උ /නැ දෙමල අයට දේවි.සිරිසේන නිසා තම යි මෙපමණ දවසක් අල්ලාගෙන හිටියේ. දැන් ලෝක බලවතුන් ලංකාව වටකරලා .සිරිසේනත් අසරණ යි (බ)