(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියානු - යුක්රේන යුද්ධය අවසන් කර රුසියාවෙන් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා කොටස් හතරකින් යුත් සැලසුමක් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පසුගියදා නිවේදනය කළේය.
යුක්රේනයට ලබාදෙන සහාය වැඩි කිරීම සඳහා සන්ධානයක් පිහිටුවීමේ උත්සාහයන් එක්සත් රාජධානිය, ප්‍රංශය සහ අනෙකුත් රටවල් වේගවත් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ස්ටාර්ම ප්‍රකාශ කළේය.එම රටවල් ඇමෙරිකාවද සන්ධානයට එකතු කර ගැනීමට උත්සාහ දරනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයා පැවැසුවේය.
සන්ධානගතවීම සඳහා පැවැත්වූ සමුළුවට රටවල් 18 සහභාගී වී සිටි අතර ඉන් වැඩිම රටවල් ප්‍රමාණය යුරෝපයට අයත් විය. එම සමුළුව සඳහා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිද සහභාගී වූවේය. " අපි අද ඉන්නේ ඉතිහාසයේ සන්ධිස්ථානායක" සමුළුවට සහභාගී වෙමින් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාර්ම පැවැසුවේය.
යුක්රේනයට සහාය වීම සඳහා යුරෝපයේ දීර්ඝ කාලයකින් නොදුටු එකමුතුකමක් දැක ගැනීමට හැකියාව ලැබුණු අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටියේ යුක්රේනයට "ශක්තිමත් සහයෝගයක්" තිබෙන බව දැනුනු බවයි. යුක්රේන ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර ධවල මන්දිරයේදී සිදුවූ උණුසුම් වචන හුවමාරුවෙන් දින දෙකකට පසුව මෙම සමුළුව පැවැත්විණි.
ඇමෙරිකාවේ සහයෝගීතාව ලබාගැනීම සඳහා පදනමක් සොයා ගැනීමට යුරෝපයේ සියලුම රටවල් එක්ව කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාර්මර් පැවැසුවේය.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුද්ධය අවසන් කරන්න එකමුතුවක්
MD Monday, 03 March 2025 05:16 PM
යුරෝපයම උදව් කරන්නේ ත්‍රස්තවාදින්ට බව පැහැදිලිය.පව්කාර රටවල්
Kumar Monday, 03 March 2025 10:06 PM
රුසියාවට යුක්රේනයේ කොටසක් දුන්නා නම් යුද්ධය හෙට අවසන් වෙනව. ට්‍රම්ප් ට කරන්න ඕන ඔය ටික කරල හොඳ නම ගන්න. රුසියාවේ ට්‍රම්ප් ගේ හෝටලයකුත් හදයි.
Kumar Monday, 03 March 2025 10:30 PM
යුක්‍රේනය රුසියාවට දුන්නොත් තව ටික කලකින් ඇලස්කාවත් පුටින් ආපසු රුසියාවට ඕන කියයි
Athula Tuesday, 04 March 2025 02:10 PM
කෘර යුද්ධය අනිවාර්යෙන් නතර කරන්න ඉක්මණින්.. විනාශ වෙන්නේ ලෝකයේ වටිනා සම්පත් සහ ජීවිත.. අහිංසක මිනිස්සු දෙපැත්තේම