(නිමල කොඩිතුවක්කු)
යුද්ධයට ගත් තීන්දු වසංගතය මැඩ පැවැත්වීමට ගැනීමෙන් පලක් නොවන බව දැන්වත් ආණ්ඩුව තේරුම් ගත යුතු බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
ආණ්ඩුව ගෙන යන උද්දච්ච දරදඩු ඒකාධිපති පාලනය දැන්වත් නවතා විශේෂඥ උපදෙස් මත කටයුතු කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
එසේ කළ නොහැකිනම් ජනතාවගේ ජීවිත විනාශ නොකර ඉල්ලා අස්වී රට කරවීමට හැකි පිරිසකට රට බාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
සංචරණය සම්පූර්ණයෙන්ම නතරකර තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට කැප වෙන්නයි විපක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
ආර්ථිකය රැක ගැනීමට යන ආණ්ඩුව මිනිස් ජීවිත රුපියල් සත ඩොලර් වලින් මැනිය නොහැකි බව තේරුම් ගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“යුද්ධයට ගත් තීන්දු වසංගතය පාලනයට ගෙන පලක් නැහැ’’
Senarath Monday, 16 August 2021 01:27 PM
ඔයාලා ඉතින් යුද්ධයට තීන්දු ගත්තෙත් නැහැනේ... සහරාන්ගේ ප්‍රහාරයට මුකුත් කළේත් නැහැනේ. කොරෝනාවට තීන්දු ගත්තෙත් නැහැ.
pakeer Monday, 16 August 2021 01:29 PM
උද්දච්ච, අනුවණ පව්කාරයින්..
Raveendra Monday, 16 August 2021 01:56 PM
ඔව් සහතික ඇත්ත.. එසේම නොමැති බලයක් ලබාගන්න මහජනතාව කුලප්පු කරමින් වර්ජන, උද්ඝෝෂණ කරමින් බෝඩ් එල්ලාගෙන රෝග බෝවීමට ගත්ත ක්‍රියා මාර්ගවලින්, තීන්දුවලින් ඵළක් නැහැ නේද ගොයියෝ...?
කුසල් Monday, 16 August 2021 02:06 PM
කෝවිඩ් නම් වූ ගෝලීය වසංගතයෙන්, දේශපාලන වාසි ලබා ගැන්මට උත්සාහ ගන්නා ලොව එකම රට ශ්‍රී ලංකාවයි.
සිල්වා Monday, 16 August 2021 02:28 PM
මොන කතාද? යුද්දෙට ගත්තු තීරණේට ඉහළ තීරණයක් ඉතිහාසයේ නෑ. ඒ තීරණේ තමයි ලංකාවේ කෝකටත් තෛලය.
BamunuarachchiWednesday, 18 August 2021 10:26 AM
හොඳින් කිව්වාම අහන රටක්ද මේක? රෑ 10න් පස්සේ ගෙයින් එළියට බහින්න එපා... කිව්වට අහන්නේ නැහැ. අපි එක TV එකේ දකිනවනේ... හමුදාව තුවක්කුත් එකක් පාරට බැස්සා නම් ජනේලයකින් වත් බලන්නේ නැහැ...