කටුනායක ගුවන් තොටුපොළෙන් යන එන සියලුම යානා ගුවන් හමුදාවේ විශේෂ කණ්ඩායමක් අද සිට පරීක්ෂාවට ලක් කරයි. එම අභ්‍යාසය සාර්ථකව සිදුවේදැයි සොයා බැලීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා ගුවන් තොටුපොළට ගොස් සිටි. බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ත්‍රස්තවාදි බෝම්බ ප්‍රහාරයන් පසු ලොව බොහෝ ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කැරිණි. කටුනායක ගොඩබාන ගුවන් යානයක මගීන් බැස ගිය පසු ගුවන් හමුදා විශේෂ කණ්ඩායම් එම යානය පරීක්ෂා කරයි. එතෙර සිට කටුනායකට එන මගීන් පරීක්ෂා කිරීමද තරකර ඇතැයි ගුවන් තොට ආරංචි කියයි.
ගුවන්තොට පර්යන්තයේ සියලු ගොඩනැගිලිවල අතිරේක මුර සංචාර පවත්වන බවත් 24 පැයේම මෙම ආරක්ෂාව පවත්වාගෙන යන බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.
මේ අතර මාලදිවයිනේ 35 - 40ක් පමණ සිරියාවට ගොස් ඇතැයිද ඔවුන් එහි අයිඑස් සංවිධානය හා සබඳකම් පවත්වන බවට තොරතුරු ඇතැයි ද මාලදිවයින් ආරංචි කියයි. මාලදිවයින් රජයේ එම තොරතුරු නිවැරදි නොවන බව මාලදිවයින් විපක්ෂය පවසයි. අඩු ගණනේ 200ක් වත් සිරියාව ඇතුළු මැදපෙරදිගට ගොස් ඇති බව එරට විපක්ෂය සඳහන් කරයි.
මාලදිවයින් වැසියන් බොහෝ විට කටුනායක ඔස්සේ සිරියාවටත් මැද පෙරදිග සෙසු රටවලටත් යතියි කියති. තම ගමනේ අරමුණ පැහැදිලිව හා ඒත්තු ගැන්වෙන ලෙස ප්‍රකාශ කිරීමට අපොහොසත් වූ මාලදිවයින් වැසියන් කිහිප දෙනකුම කටුනායකින් ආපසු හරවා යවා ඇති බවද දැනගන්නට ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අංශ ගුවන් තොටුපොළට යෙදවීමෙන් ඊටත් වඩා කාර්යයක් සිදුවෙනවා. ගුවන් තොටුපොළේ ඉන්න හොර ජාවාරම්කරුවන්, වංචා කරන අය මෙන්ම නිකරුනේ ගැවසෙමින් මඟීන්ගේ දේවල් කඩා වඩා ගන්න දතකන අයත් අසුවෙනවා. (නි)
‘මේ අලාභය මගහැරගන්න පුලූවන් වුනානම් අපට ලෙහෙසියෙන්ම පාසල් 300 ක් සහ සියලූම පහසුකම් තියෙන රෝහල් 65 ක් හදාගන්න තිබුණා’ ඔහු කීවේය. (ර)
කටුනායක කොටි ප්‍රහාරය සිහිවෙනවා. (ර)
අනුරාධ. රටේ පාලන තන්ත්‍රයේ උපදෙස්වලට අනුව ඒ අය වගකීම නිසි ලෙස ඉටුකරාවි නොවෙයි රටේ ආරක්ෂක සේවාවේ උපදෙස්වලට අනුව පාලන තන්ත්‍රයේ කෙරුවාවල් වෙනස් කර ගත යුතුව ඇත. අපේ ඇස්වලට නොපෙනී රට තුල කෙරෙන දේවල් ගැන දන්නේ රටේ ආරක්ෂක සේවාවන්ය. (බ)
අපේ මෝඩ මිනිස්සුමනේද කෑගහන්නේ රටේ යුද්දේ ඉවරවෙලත් හැමතැනම බැරියර් දාගෙන චෙක් කරනවයි කියලා.දෙයක් උනාට පස්සේ ඒ කටවල් වලින් තමයි කියන්නේ රටේ ආරක්ෂාව පන මදියි කියලා.කොටි සෙවනැළි විතරක් නෙමෙයි දැන් පේනවනේ වෙන වෙන සෙවනැළි ලෝකේ පුරා හොල්මන් කරන හැටි.මමනම් කියන්නේ මොන අපහසුතාවය තිබ්බත් මේ ගෙන යන වැඩපිළිවෙල ඉදිරියටත් නොකඩවාම කරගෙන යනවනම් හොදයි කියලා රටේ ආරක්ෂාවට.(රේ)
ත්‍රස්තයෝ මේ කරන පරීක්ෂාවන් ගැන හොඳට දන්නවා එව්වා මදහරින ක්‍රමත් දන්නවා. ඔය කියන විදිහට එකම ත්‍රස්තයෙක් අල්ලාගෙන තිබෙනවද? වදේ කරුණට පස්සේ තෙමි කියන්න මෙයාල තමයි මේ යන්නේ කියල පොටෝ එකකුත් දමනවා. ත්රස් තයෝ ලංකාවේ වැඩක් කොරනවානම් පිටින් බඩු ගෙන එන්නේ නැත මෙහෙ රට ඇතුලෙන් ලැබෙන සහයෝගයෙන් උපකරණ වලින් වැඩේ දීල රටිනුට්ත් පිටවෙලා යාවි. (රේ)
මේ පහළින්ම තිබෙන ඡායාරූපයේ දකුණු පැත්තේ ඉන්න නිලධාරියා නම් ගුවන් යානාව සහ මඟීන් පරීක්ෂා කරන ආකාරය ඉතාම හොඳයි (නි)
මම ජනවාරි 05 මැදපෙරදිග සිට ලංකාවට ආව. මගේ මුදල් සහිත ගමන් මල්ල ගුවන් තොටුපොල ඉදිරියේ රථයට නගින තැන දී සොරා ගනු ලැබුවා. පොලිසියට පැමිණිලි කළ පසු පරීක්ෂණයට ආ විට සීසීටීවී වැඩ කරන්නේ නැ කියල ගුවන්තොටුපොළ ආරක්ෂක අංශය දැනුම් දුන්නා. ඉතින් පොලිසියට පරීක්ෂණ ඉදිරියට ගෙනයන්න බැරි වුනා, මෙන්න අපේ රටේ ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව (බ)
අපේ රටට එන අය පරික්ෂා කිරීම ගැන කවුරුවත් අනවශ්‍ය විදිහට කලබල වියයුතු නැහැ.එය අනිවාර්යයෙන්ම කළයුතුම දෙයක්.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉන්නේ අති දක්ෂ නිලධාරීන් නිලධාරිනියන්.රටේ පාලන තන්ත්‍රයේ උපදෙස්වලට අනුව ඒ අය වගකීම නිසි ලෙස ඉටුකරාවි (බ)
ටික කලක් යනකොට අමතක නොකර දිගටම කරන්න ඕනෑ. ඉතාමත් හොඳ වැඩක් (නි)
මේක හොඳ වැඩක්. ගුවන් හමුදාවට මේ ගැන හොඳ පළපුරුද්දක් ඇති නිසා උපරිම පරික්ෂාවට බඳුන් කළයුතුයි. (නි)
බණ්ඩාරනායක ගුවන්තොට පරික්ෂා කිරීම එක් කාලයකදී නැවතුනේ අැයි? පාලකයන්ට බොහෝ අවස්ථාවල මම මෙය පෙන්වා දුන්නා. මම නිතරම ලංකාවට එනවා යනවා. ගුවන් මගීන් හැර අන් අය ඇතුළට හා පිටතට කැඳවාගෙන යාමට එන අයද සීමා කරන්න. (නි)
මුළු ලොවටම මහා ශාපයක් වූ අන්තවාදය මැඩලීමට හැකිවේවා! (නි)
නන්දලාල් ද සිල්වා, පිටරටකින් අප රටට එන යන සියල්ලෝම කිසිදු වරදක් නොමැති අය කියාද සිතන්නේ? (නි)
දැන් අපිත් අපේ ආරක්ෂාව අපි විසින්ම සළසාගන්න ඕනෑ (නි)
ඒ කියන්නේ මෙච්චර කාලයක් හරිහැටි පරීක්ෂාවක් කර නැද්ද? (නි)
නන්දලාල්ගේ බුද්ධිය හැමෝටම ප්‍රදර්ශනය කළා නේද? (නි)
මේ වැඩපිළිවෙල නොනවත්වා ක්‍රියාත්මක කළයුතු වෙනවා. (නි)
රටින් යන සහ රටට ඇතුල් වෙන මගීන්ව අන්තිම ගේට්ටුවෙනුයි පළවෙනි ගේට්ටුවෙනුයි අංගෝපාංග අතගාල පරික්ෂා කරන එක හිරිකිත වැඩක් . ඒවලට තමයි දියුණු උපකරණ තියෙන්නේ . ඒ උපකරණ දාපුවම වැඩෙත් ඉක්මනට ලස්සනට වෙනවා. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඔයවගේ හිරිකිත වැඩ කරන්නේ නැ.(කෞ)
එතෙර ඉදන් එන ත්‍රස්තවාදීන් අල්ලන්න ඕන නැද්ද ? (කෞ)
අනුවේ දශකයේ කටුනායක හන්දියේ තිබුන ටෙක් එකට ගිහිල්ලා ගමන් බඩු බාරදීලා බස් එකකින් ගුවන් තොටුපොළට ගෙනයාමත් , ගුවන් තොටුපොලින් බඩු මලුත් සමගම බස් එකකට පටවා මිනුවන්ගොඩ කිට්ටුවටම ගෙනගොස්, නිකන්ම නිකන් පාලු තැනකට අතහැරිය කාලයත් යලි උදා නොවේවා කියා පතමි .(අ)
ඉතා අගනා සේවයක්,මගීන්ගේ ආරක්ෂාව සඳහා.(ම)
රටේත්, ගුවන් යනාවලත්, පොදු හා පෞද්ගලික දේපලවල ආරක්ෂාවත් සඳහා ගත හැකි හැම පියවරක්ම ගැනීම රජයේ වගකීම වෙනවා.එතෙර සිට කටුනායකට එන මගීන් පරීක්ෂා කිරීමෙන් ආරක්ෂක අංශ බලාපොරොත්තුවන්නේ කුමක්ද ? ඊට වඩා උචිත නැද්ද කටුනායකින් ගුවන් ගතවන මගීන් ස්කෑන් මගීන් පරික්ෂා කර ගුවන් යනාවලත් ඒවායේ ගමන් කරන මගීන්ගේත් ආරක්ෂාව සැපයුවහොත් ? (අ)
ඉතා හොඳ වැඩක් (නි)