එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික ජාත්‍යයන්තර සංවිධානය වන යුනේස්කෝ ආයතනයේ 1972දී ගිවිසුම් ගත කල ලෝක උරුමයන් රැකීමේ ගිවිසුමට අනුකූලව පැවැත්වෙන මහා සභා රැස්වීම් මාලාවේ 19වන මහා සභා රැස්වීම රටවල් 190ක නිත්‍ය නියෝඡිතයන්ගේ සහභාගිත්වයෙන් නොවැම්බර් මස 19 සිට 21 දක්වා ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි යුනේස්කෝ මුලස්ථානයේදි ඇරඹුණේය. එහි ප්‍රධාන සභාපති ධුරයට ප්‍රථම වරට ශ්‍රී ලාංකිකයෙක් අසුන් ගැනීම මෙවර විශේෂ අවස්ථාවක් වුයේය.
ඒ අනුව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති හා යුනේස්කෝ ආයතනයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝඡිත මහචාœය කරුනාරත්න හඟවත්ත මහතා මෙවර මහා සභාවේ සභාපති තනතුරට තෝරා පත්කර ගනු ලැබුවේය. ආසියා පැසිෆික් කළාපයේ සභාපති ප්‍රංශයේ ඉරාන තානාපති මොහෝමඩ් රෙෂා මජීඩි මහතා හා 77 හා චීන කන්ඩායමේ සභාපති ප්‍රංශයේ නිකරගුවා තානාපති මුරුසියෝ ලොටෝරො සැන්ඩිනෝ මොන්තේ මහත්වරුන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් පත්කර ගත් නව ශ්‍රී ලාංකික සභාපති තුමාගේ පත්වීමට ලෝක උරුමයන් පිලිබඳ විධායක කමිටුවේ හිටපු සභාපති ප්‍රංශයේ රුසියා තානාපති එලිඕනාරා මිට්රාෆනෝවා මහතාගේ සහායද ලැබුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයවත් රටේ/ලෝකේ වන විනාසෙට මොනවා හරි කරයිද? (ස)
මහාචාර්ය තුමණි, ඔබතුමාට උණුසුම් සුබ පැතුම්. අපේ රටේ තවත් ස්ථානයක නමක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කර ගැනීමට මෙය අනගි අවස්ථාවක් කර ගත හැකි වෙතැයි අනුමාන කරමි. (ස)
අනාවාර්යයෙන්ම මගේ රටේ නම ලෝකයේ අස්සක් මුල්ලක් නෑර රැව් දේවි(දිල්)
මහාචාර්යතුමනි, ඔබට හදපිරි සුභ පැතුම්! ඔබට ජය! (නි)
සුභ පැතුම්! (නි)
මෙය පළමු එක නොවේ. මෙයට අවුරුදු කිහිපයකට පෙර සිටි චිත්‍රරාංගනී වාගිස්වර නමැති තනාපතිනියත් එක වරක් අසුන් ගත්තා. මෙය එක දිනකට පමණි. හඟවත්ත මහතාද අසුන් ගන්නේ එක දිනකට පමණි. නැවත වෙන කෙනෙකු එම තැනට අසුන් ගනී. මෙම පුවත නිවැරදි කිරීමක් කරේ. මම සේවය කරන්නේ තානාපති කාර්යාලයේ.(නදී)
මෙතුමා ඉතා හොඳ පුද්ගලයෙක්.එතුමාට යුනෙස්කෝව ගැන ප්‍රමාණවත් අත්දැකීම් තිබෙනවාද? (නි)
තානාපතිවරුන්ට රට වෙනුවෙන් ලොකු කාර්යභාරයක් තිබෙනවා.නමුත් රට වෙනුවෙන් කතා කරන්න ඉදිරිපත් වෙන්නේ බොහොම ටික දෙනයි. (නි)
ආරියසේන, ඔබ කිවුවා මෙන් සමහර තානාපතිවරුන් රට වෙනුවෙන් කතා කරන්නේ නැත්තෙ ඉංග්‍රීසි භාෂාව පිළිබද ගැටළුවක් නිසයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද මම එය දැක තිබෙනවා තානාපති කාර්යාලයක පහළ සේවකයෙක් හැටියට වැඩ කරන නිසා (නි)
මහාචාර්ය තුමාට අපගේත් සුභ පැතුම්. ඒ එක්කම සඳහන් කරන්න ඕනේ පැය ගානකට හරි ඔය පුටුවේ වාඩිවී, ජනතාවගේ මුදලින් සුර සැප විඳින වෙනත් ශ්‍රී ලංකා තානාපතිවරු වසරකට වත් නොකරන වැඩ ඔය පැය කිහිපයේදී සැලසුම් කරන්න කියා.(අ)
නීරෝ ගුණ, ඔබේ කරුණු පැහැදිලි කිරීම ගැන ස්තිතුයි! ඔය තනතුර දෙනවා නම් පැනල ගන්න කට්ටියක් පොරකකා ඉන්නවා මෙහෙ. ඒ ගොල්ලන්ට ලෝකරුමවලින් නිදන් හාරලා, පුරාවස්තු පන්නල, ලෝක උරුම සිංහරාජයේ ගස් කපල එහෙම හොඳ පළපුරුද්දක් තියෙනවා. (අ)
මහාචාර්යතුමා තරුනකාලේ හොඳ නළුවෙක්. . (නදී)