යුද සමයේ වැසී ගිය යාපනය දුම්රිය පොළ ලබන සිංහල දෙමළ අවුරුද්දට විවෘත වීමට නියමිතය.
මාර්තු අග වන විට වැඩ නිම කිරීමට අපේක්ෂිත බව දුම්රිය වැඩබිම් භාර ඉංජිනේරු අංශය කියයි.
යුද සමයේ එල්ලවූ මෝටාර් හා කාලතුවක්කුවලින් ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණුවලට හානි සිදු වී නැත.
එදා ඉදිකිරීම්වල සවි ශක්තිය ගැන ඉංජිනේරුවෝ විශ්මය පළ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුගක් දෙනෙක්ගේ අදහස් මේවා රජයෙන් දෙනවා වගේ. මේ සියල්ල විදේශ රටවලින් උතුරට ලැබෙන ආදාර. (නදී)
මහවත්ත, රටේ හැමදේටම වැයවෙන්නේ මහජන මුදල් තමයි. ඒක නිසා හොඳ දෙයක් දැක්කම ඒක අගයන්ට පුරුදුවෙන්න නිකන් රිනාත්මක මිනිස්සු වෙන්නේ නැතුව.(නදී)
නියම වැඩක්.(නදී)
මේ වැඩේට මහජන මුදල් කොපමණ වැය කළාදැයි සදහන් කළා නම් වාර්තාවේ වටිනාකම තවත් වැඩිවෙනවා. (නදී)
ජේවීපි හා එල්.ටී.ටී ය මේ රට දියුණුකරන්න දුන්නේ නැහැ. රට දියුණු වෙනකොට ඒ ගොල්ලන්ට පැවැත්මක් නැහැ. ලංකාවට ගැලපෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. සොඳුරු අඥානාදායකත්වයයි. එය ප්‍රායෝගිකව ය කරලා පෙන්නලා තියනවා. මලයාසියාව, සිංගප්පුරුව දියුනු කලේ ඒ විදියට. සුද්දෝ ඇවිල්ලා පිස්සු කතා කියනවා. ඒ ගොල්ලන්ට තේරෙන විදියට.(නදී)
ආණ්ඩුවෙන් කොච්චර කෙරුවත් කෙලෙහි ගුනේ දන්නේ නැති අය ගොඩක් යාපනයේ ඉන්නවා. (නදී)
හරිම සතුටුයි.(නදී)
නිමි දසුන දැක්කාම වැඩේ නම් අපූරුයි කියා හිතෙනවා නමුත් කොළඹ කොටුව සහ මරදාන වැනි දුම්රිය ස්ථානයන්ටත් මේ වගේ හැදෙන්න ආසාවක් නැද්ද ? (නදී)
මේ සැම දෙයක්ම සිදුවෙන්නේ දෙමළ ජනතාවට, අන්තවාදීන් සහ ඩයස්පෝරා කොතරම් ලංකාවට පීඩන එල්ල කරත් පොදු දෙමළ ජනතාව සත්‍ය පිළිගන්නා දවස වැඩි ඈතක නොවන බව ඔවුන් සිහි තබා ගත යුතුය. (නදී)
රටේ සංවර්දනය ගැන හැමෝම සන්තෝස වෙන්න ඕනේ. පක්ෂ බේදයකින් තොරව අපි ආශිර්වාද කරනවා මේ වැඩ කරන බලදාරීන්ට ශක්තිය බලය ලැබේවා කියා.(නදී)
ඔය සැම දෙයකම වටිනාකම් පෙනෙන්නේ සිංහල අපිට විතරයි. ඇමරිකන් ත්‍රස්තවාදීන්ට ඕවා පේන්නේ නැහැ. (නදී)
නියමයි! මමත් යනවා යාල් දේවියේ යාපනේ.(නදී)
සෙලන්සියුස්ගේ අදහසට මමත් එකඟයි. (නදී)
දුම්රිය පාර හැදුවට පස්සේ මම යාපනේ යනවාමයි.(නදී)
ඉතාම සන්තෝසයි. ඒ වගේම ආඩම්බරයි.(නදී)
සතුටුයි අන්තවාදිනි. දැන්වත් අන්තවාදි අදහස් වලින් නිදහස් වෙමු. මේ අපි කාගේත් රටයි. අපි කවුරුත් ජිවත්වෙන රටයි. අපි කවුරුත් මැරෙන රටයි. ජයවේවා! (නදී)
අපිටත් බොහොම සතුටු හිතෙනවා ඒක දැක්කම. නමුත් පරක්කු උන නිසා කියන්න දෙයක් නැහැ. හැමෝම හැමදේම කියලනේ. රජයට සහ මූලිකව කටයුතු කල හැම දෙනාටම හදපිරි සතුට.(නදී)
දැන් පැත්ත මාරු කරලා බලමු. එතකොටවත් මේවා හරියයිද කියා.(නදී)
දකුණේ කොතරම අඩුපාඩු තියෙනවද කරපුහැටියටයි හදල දෙන්නමයි වටින්නෙ කිසිම කලගුන දන්නෙ නැති ජාතියක් තමයි. කඩා ගත්තා වගේ හදා ගන්න කියන්න (දී)
මේ මුලින්ම දැක්වෙනේ පරිගණක රුපයක්. තාම හදනවා. හැදුවට පස්සේ පේන හැටි තමයි මුල් රුපයෙන් පෙන්වන්නේ. හැදුවට පස්සේ ජාතික කොඩිය උස්සන්න යනකොට කෙලෙහි ගුණ දන්නේ නැති උන් බුම්මයි. (අ)
හැදුවාම ලස්සනට තියෙයි (දී)
මම මේ යාපනය දුම්රිය ස්ථානය කැඩිලා තිබුණ කාලේ ගිහිල්ලා තියෙනවා.හදලා ඉවර උනාට පස්සේ අනිවාර්යෙන්ම යාල් දේවියෙන් යාපනේ යනවා. (දිල්)
මෙතන දැක්කම යාපනේ ඉස්‍ටේසමේ ඇවිදගෙන ගිය හැටි මතක් උනා ඇත්තමයි යාපනේ යනවා.(නදී)
අනුරාධපුර දුම්රිය ස්ථානයේ සෑලෑස්මමයි නේද? (නදී)
මේ වෙනුවෙන් ලේ අත පය වගේ ශරීර කොටස් පුජාකර රණවිරුවන් මතක් නොවීම ප්‍රස්නයක් අපිට.(නදී)
අපේ ජනාදිපති තුමාට දීර්ගායු වේවා.(නදී)
"රට හැදෙන එක නම් හොදය. " ඒසමගම තව කොට්ටාසයක් අපේ සල්ලි වලින් හැදෙන එක තමයි තමයි ඉවසන්න බැරි මොකද උන්ට හැදෙන්න එකපාරටම ලැබුන සල්ලි ගොඩ අපි සහ අපේ දරුවෝ අවුරුදු ගණනක් ගෙවන්න ඕනේ (අ)
නුබලාට කොතරන් හොද කරත් එහි අඩුවක්ම දකිති. සිංහල බහුතරය ඇති රටේ ලෝකෙම සිංහල කතා කරන එකම රටේ සිංහලෙන් නාම පුවරුවේ පළමුව තිබීමත් යම් අයට ජාතිවාදීයි. තමිල් නාඩු වෙත් රජයේ ස්ථානවල නාම පුවරු ඇත්තේ හින්දියෙන් පමණයි.(නදී)
ඇත්තටම ලස්සණයි. රටේ සංවර්ධන කටයුතු වලට අපෙන් සුබ පැතුම්! (නදී)
රට හැදෙන එක නම් හොදය. (දී)
ඉතා හොද වැඩක්. (දී)
පියවි ඔයාගේ අදහසට මමත් එකගයි. මේක අනුරාධපුර දුම්රිය ස්ථානය වගේමයි ඒකම කොපි කරලා.(නදී)
දුම්රියෙන් උතුර සහ දකුණ යා උනාට ( එක් උනාට ) උතුරේ සහ දකුණේ සියලු දෙනාත් හදවත් වලින් එක්විය යුතුය . මේවායේ නියම පල විඳින්නට පුළුවන්.(නදී)
මේක අනුරාධපුරය දුම්රිය ස්ථානය වගේම නේ.(නදී)
සුසන්ත නය වලින්ද රට සංවර්දනය වෙන්නේ. (නදී)
සුනෙත් හා සේනාදීර ඔබ දෙපලගේ අදහස් වලට මම එකගයී. (දී)
ආඩම්බර විය හැකි ආකාරයට මේවා ගොඩ නඟමු (දිල්)
හරිම සතුටුයි (දිල්)
රටේ දියුණුව කියන්නේ ඒ රටේ ජීවත් වෙන ජනතාවගේ දියණුවයි.ජාති බේද නොමැතිව,ලාංකිකයන් වන අප සියලු දෙනා හදවතින් සතුටු වියයුතුයි.(දිල්)
ලස්සනයි හරිම ලස්සනයි. ප්‍රදේශයට ආවේණික තල් ගස් ආදියෙන් අලංකාර කළා නම් තවත් ලස්සනයි. නඩත්තුවත් පහසුයි.(දිල්)
මේවා විදේශ රටවලට යවන්න ඕනා. අපි දෙමල ජනතාවට සලකන්නේ නැද්ද. කියල පෙන්වන්ට මේවා ජිනීවා යවන්ට.(නදී)
යාපනය දුම්රියපොළ ලස්සන දිහා බලපුහාම ජයලලිතාට හිතෙයි දුම්රිය පලේ දර්ශනයක් චිත්‍රපටියකට ගන්න. (නදී)
මට හිතෙන විදියට ප්‍රොජෙක්ට් වලින් කරපු හොදම එක වෙන්නේ මේක (දී)
මේකත් අපේම රටේ කොටසක්. අපි ඒකටත් සමානව සලකනවා නම් ගැටුම් අඩු වෙලා ප්‍රශ්ණ විසදේවි. තුන් සිංහලේ කීවේ නිකම්ම නොවේ.(නදී)
ලස්සනට පිරිසිදුව තියාගන්න කියලා දැන්වීම් දැමිය යුතුය.(නදී)
මේක යාපනේ දුම්රියපොලද කියල හිතෙන තරමට මේක අලුත් වෙලා. මම කලින් දුම්රියපොළට ගිහින් තියෙනවා. මේක නම් පුදුමයක්. මේවගේ හොඳ දේවල් උතුරට කරන ඒක තුලින් මේ රජයට යාපනේ ජනයාගේ ප්‍රසංසාව ලැබෙනවා. (නදී)
සියලුම ශ්‍රී ලාංකිකින්ගේම ශ්‍රමයෙන් සහ ධනයෙන් නිමවෙන යාපනයේ දුම්රිය නැවතුම් පල විවෘත කරන දිනයේ මුල යාපන අර්ධද්ධීපයේම සිංහ කොඩි වලින් ලෙලදීය යුතුයි. (දී)
මේවා කරලා දෙන්නේ ලංකා රජයෙන් මිසක් තමිල්නාඩුවෙන් නෙමේ.. (දී)
දකුණේ කොතරම අඩුපාඩු තිබුනත් මිනිස්සු මේවට අවන්කවම සතුටු වන බව දෙමල අන්තවාදීන් දැන්වත් අවබෝද කරගන්නවා නම් හොදයි (දී)
කොහොමද හීනෙකින් වත් හිතුවද (දී)
ඉස්සර... සිමෙන්ති වලට වතුර දැම්මේ......නමුත් දැන්, වතුර වලට සිමෙන්ති දන්නේ....එකී වෙනස... (දී)
ඉතාම හොඳයි. එත් මේවා කොච්චර කරත් වැඩක් නැති එක ගැනනම් දුකයි. කොහොම උනත් දුම්රිය පාර හැදුවට පස්සේ මම එකෙන් යාපනේ යනවා.(දී)
රට සංවර්ධනය කරා යන ගමන සිග්‍රයි (දී)
යුධ හමුදාවේ අයට හොඳයි.(නදී)
ඉන්දික සහ සුනෙත් කියන දේ හරි. ඒ මිනිස්සුන්ට කොච්චර කරත් වැඩක් වෙයිද කියන ඒකනන් සැකයි. එයාල අපි ගැන තරහෙන් ඉන්නේ, ඒක කවදා නැතිවෙයිද කියල දෙයියෝ තමයි දන්නේ. (නදී)
ඔයාලා වලිගෙ පාගාගෙන. ඔයා දන්නවද කෝටි ගානක් මිනිස්සු ඉන්න තමිල්නාඩුවේ කේරලයේ අන්ද්‍රා කර්ණාටක ,ප්‍රාන්ත වල මිනිස්සුන්ගේ ගුවන් ගමන් බලපත්‍රයේ (පාස්පෝර්ට් )තමන්ගේ මවු බාෂාවෙන් කිසිම දෙයක් සදහන් නැහැ. තියෙන්නේ හින්දියෙන් ,ඉංග්‍රීසියෙන් විතරයි. ලංකාවේ බස් බෝර්ඩ් එකක පවා භාෂා තුනෙන්ම තියනවා .ඉස්සරහම සදහන් වන භාෂාව ගැටළුවක් කරගත යුතු නැහැ. (නදී)
ඉතාම හොඳයි. ඒ මේවා කොච්චර කරත් වැඩක් නැති එක ගැන නම් දුකයි.(නදී)
හොදම හොද වැඩක්. (ත)
හරිම ලස්සනයි. ගුවන්තොටුපලක ඉස්සරහ වගේ. කොච්චර කලත් එයාලගේ රාජකාරිය, ලෝකෙට පැමිණිලි කරන එකයි., අපට දොස් කීමයි. මෙයාලගේ හදවත පිරිසිදු වෙන්නේ නැත්තේ ඇයි? (ත)
ආණ්ඩුවට ගරහන්නේ නැතිව මේවා දැකලා සංතෝෂ වෙන්න ඕනෑ. (ත)
අයියෝ, නම තියන තැන ඇදේ හොයන්න එපා. ඔය විදියට හැමෝම බැලුවොත් කවදාවත් සතුටු වෙන්න ලැබෙන්නේ නැහැ.(නදී)
ඉතාම හොඳයි. හරිම ලස්සනයි. (නදී)
දුම්රියෙන් උතුර දකුණ යාවෙන එක සතුටුයි (දී)
“බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැගෙන සැටි“.ජාති ආගම් කුල මල පක්ෂ භේද අතැර දා මෙවැනි අවස්ථාවන්හිදී අප සැම සතුටු විය යුතුයි (අ)
මුලින්ම ඇති චායාරූපය බලන්න. මුලින්ම සිංහලෙන් නම, දෙවනුව දෙමලෙන් නම. ඔය වගේ සුළු දේවල නිසා තම දෙමල ජනය තමන්ට අඩුවෙන් සලකනවා කියල හිතන්නේ. වැඩිපුර දෙමල භාෂාව කතාකරන මේ ප්‍රදේශයේ මුලින් දෙමලෙන් නම තිබුණන නම් නේ ද හොඳ ? (අ)
"එදා ඉදිකිරීම්වල සවි ශක්තිය ගැන ඉංජිනේරුවෝ විශ්මය පළ කරති." එදා ඒවා කලේ සුද්දෝ අද කරන ඒවා ගැන ඉංජිනේරුවන්ට සැකයි එකනේ එදා ඒවා වර්ණනා කොරන්නේ. (අ)
මේ ප්‍රතිචාර දැක්කහම පේනවා සිංහල මිනිස්සු ජාතිවාදී නැහැ කියල. මේ හැමෝම අවංකවම සතුටු වනවා. (අ)
"රටේ දියුණුව කියන්නේ ඒ රටේ ජීවත් වෙන ජනතාවගේ දියණුවයි.ජාති බේද නොමැතිව,ලාංකිකයන් වන අප සියලු දෙනා හදවතින් සතුටු වියයුතුයි." එක අපි විතරද හිතන්න ඕනේ ඇයි ඩයස් පෝරාවට එක හිතන්න බැරිද? (අ)
තල්කොට සෙවිලිකළ මැටි ගාපු එකක් දුන්නනම් තමයි හොඳ (අ)
ලංකාවේ කොයිපලතක හෝ මේවගේ හොද දේවල් ලස්සනට කරනවට හරි සතුටුයි. යාපනයේ විශේෂය නම් මේසන් බස් කෙනෙක් හරි වෙනයම් කෙනෙක් හරි ඉදිකිරීම් කරනවිට එය පරම්පරා ගානකට ඔරොත්තුදෙන විදියට හදනවා. අපි ගෙයක් හදන්න දුන්නොත් බස් කරන්නෙත් හදපු මිනිහගේ ජිවිතකලයවත් ගෙවාගන්න බැරිතරම් බාල විදියට හදනවා. (අ)