තවත් මාසයකින් පමණ යාපනයේ මිදි වෙළෙදපොළට යැවිය හැකි බව යාපන ගොවියෝ කියති .
කොළ පැහැ මිදි කිලෝවක යාපන මිල රුපියල් 300-350 අතර වේ.
වියළි කාලගුණයක් පවතින නිසා හොඳ අස්වැන්නක් ලැබිය හැකි බවත් ඇඹුල නැති බවත් ඔවුහු පවසති.
ඇඹුල ඇති වනුයේ වැසි සමයේ හට ගන්නා මිදිවල බව ඔවුන්ගේ අත්දැකීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ජයවේවා. (දී)
මම 2012 වර්ෂයේ යාපනයේ වැඩ කරන කාලයේදී දැක්කා දමිළ ජනතාව ගොවිතැනට ගොඩක් දක්‍ෂ බව.ඔවුන් ගිණි ගහන අව්ව නොබලා මහන්සි වෙලා වැඩ කරනවා.ඔවුන්ගේ ශරීර ස්භාවධර්මයට අනුවර්ථනය වෙලා වගේ.මම මිදි වගාවන් බලන්න ගිහින් තියෙනවා.හරිම ලස්සනයි.යාපනේ මිදි ටිකක් ඇඹුල් නම් තමා.ඒත් ඒ අපේ රටේ මිදි.සුද්දන්ගේ මිදි නෙවෙයි. (දී)
දඹුල්ලේ සහ කොළඹ වෙළද මාෆියාවට යටත් වන්න එපා. ගොවියෝ කිහිප දෙනෙක් එකතුවෙලා ඔබලාගේ මිදී ලොරියක පටවාගෙන දකුණට ගෙන එන්න . ඒවා දකුණේ උණු කැවුම් වගේ විකිනේවි. කරුණාකර ලංකාදීපය මගින් ඔබලා එන දකුණේ නගරත් දිනයත් වෙලාවත් කලින් දැනුම් දෙන්න , පාරිභෝගිකයෝ පෙළ ගැසී ඉදිවී.(නදී)
චන්ද්‍රා, දකුණේ අයට මොකටද මිදී ? එයාලට ඕස්ට්‍රේලියාවේ ඇපල් තියෙන්නේ හැබැයි ඉතින් ඕස්ට්‍රේලියන් කාරින්ගෙන් මිදී වගාව පරෙස්සම් කර ගත්තොත් නම් ඇඟට ගුණයි.(නදී)
කට්ටියම හොද මිලක් දීලා වගේ මිදී වලට.?? කසිප්පු පෙරලා අහු උනොත් පොලිසියෙන් අල්ලනවා එතකොට මිදී පෙරලා අහු උනොත් පොලිසියෙන් සහතිකයක් දීලා යන්ඩ හරියි මන් හිතන්නේ... සැහෙන්න බොන්න ඕනැ ප්‍රශ්නයක් බලමු මොකද කියන්නේ කියලා???? (දී)
අස්මි සීනි දාලා වෙඩි තියන්න ඕනා කුඹි කාලා මැරෙන්න හැමදේම විහිලුවට ගන්නවට (අ)
නිහාල් ජෙනෝවා.,ඒක තමයි මාත් මේ බලා ඉන්නේ (දී)
දකුණේ අයගේ වැඩ නිසා තමා කාටත් ලාබෙට මිදී කන්න ලැබෙන්නේ. ටිකක් ලාබ වුනොත් හොඳා (අ)
රස්සාවල් නෑ කියන, තරුණයන්ට මේ වගේ දෙයක් පටන්ගත්ත නම් හොදයි. දුර පළාතකින් ඉඩම් කුලියට ලබාගන්න පුළුවන්.(නදී)
ජය වේවා..වාසනාවන්...! (දී)
සිංහ ඔබේ අදහසට මාත් එකගයි.ඒ අහිංසක ගොවියන්ගේ මහන්සිය නිසයි මෙසේ සරු මිදී වගාවක් දකින්න පුලුවන්.දැන් හොද වෙළදපොලක් ලබාදීම තමා තියෙන්නේ.එයාලා තව සතුටින් වගා කරයිනේ එවිට.පිට රටවලින් ගේනවට ඒවා කල්තබා ගන්න අපේ අය නොයෙක් වස විස දානවනේ.රටේ ජනතාවට වස විසෙන් තොර යාපනේ මිදී ගෙඩියක් කන්න ලැබේවා හෙට දවසේ.!! (දී)
අපේ මිනිස්සු මෑත දේශපාලන අතීතයේ මොනතරම් මෝඩ කම් කළාද කිව්වොත් මිදී, ඇපල් පිටරටින් ගෙන්නලා දෙනවා කිව්ව පක්ෂවලටත් චන්දය දීල පස්සේ පශ්චාත් තාප උනා. (දී)
යාපනේ මිනිස්සු හරිම උත්සහාවන්තයි (දී)
ඒ දිනවල යාපනයේ ගොවියා මිදි වැව්වේ නැහැ වයින් වලට. යාපනයේ ගොවියා වැව්වේ රතු ලුණු, බොම්බයි ලුණු. මිරිස් සහ ධානය බෝග වර්ග. (දී)
දැන් අපිට බැරැන්ඩි හදන්නත් පුළුවන් වේවි නේද? මේ අපේම මිදී වලින් හදන බැරැන්ඩි කියල අපිට කියන්න පුළුවන් එමගින් විසාල විදේශීය විනීමයක් ලබන්නත් පුළුවන් වේව (අ)
මේකේ ප්‍රතිචාර බලපුවම හරිම සතුටුයි. අප හැමගේ දියුණුව පතා සිතිය යුතු බවත් එවිට වෛර, සතුරු බාදා නැති වන බවත් බුදු බණේ තියනවා. මෙහෙම හිතුවොත් අපේ රටට හොද කලක් එයි (අ)
දේශීය දේ අගය කරමු. ලංකාවටම ආඩම්බරයක්.(නදී)
"ඒත් ඒ අපේ රටේ මිදි. සුද්දන්ගේ මිදි නෙවෙයි." මිදී ඇඹුල් උනොත් එහි වටින කමක් තිබෙනවද? එහෙමනම් ලොවි වලටත් ඉල්ලුමක් තිබෙන්න ඕනේ නේද? (නදී)
දහඩිය සෙලෙව්වොත් බැරියයි දෙයක් නැත.. සරුවට වැඩුන මිදි පෙන්වයි එවැනි මත.. සියරට දෙයත් සිරි සැපදේ කියා ඇත.. මසුරන් වටී වෙහෙසන ගොවිරජුන් අත (නදී)
එල්.ටි.ටි යුද්ධයට පෙර යාපනයේ වගාවන් ඉතා සාර්ථකව වැව්වා. රතු ලුණු, බොම්බයි ලුණු, අවු මිරිස්. වෙනත් ධන්‍ය බෝග වර්ග සහ වෙනත් බෝග ජාති. (නදී)
මේවයින් වයින් හදන්න බැරිද අනේ ? (නදී)
1977 ආ විවෘත ආර්ථිකයත් එක්ක යාපනයේ ජනතාවට ඔවුන්ගේ නිෂ්පාදන විකුනගන්න බැරි වුනා. ඒ නිසයි ඔවුන් ත්‍රස්තවාදීනට සහය දුන්නේ. දැන්වත් ඔවුන්ගේ නිෂ්පාදන වලට තැනක් ලබා දී දේශීය භාන්ඩ පරිභෝජනය කර සමාජයක් ගොඩනගන්න.(නදී)
මේ මිනිස්සු දැන්වත් මේ රජයට, ත්‍රිවිධ හමුදාවට පොලිසියට ස්තුති වෙන්න ඕනේ මෙහෙමවත් වගාකරගෙන ඉන්න ලැබුන එකට. එල්.ටී.ටී එක තිබ්බා නම් බදු ගෙවා ගෙවා උන්ඩ තමයි වගාකරන්න වෙන්නේ.(නදී)
මිදී වගාව දියුණු කරගන්න යාපනේ ගොවි මහතා නොසෑහෙන මහන්සියක් වෙලා තියෙන හැඩයි. තව ටික දිනකින් යාල්දේවි එන නිසා අස්වැන්න කොළඹට එවලා අතමිට සරුකරගන්න පුළුවන්නේ.කිලෝ 1 ක ගණන නම් ටිකක් ... නරියා.. සහ මිදී... වැල වගේ.(නදී)
මාර ඇඹුල්නේ. (නදී)
වාසනාවන්! යාපනේ ජීවත්වන ද්‍රවිඩ ගොවි මහත්වරු බහුතරය ගුණ යහපත් උදවියයි. ඔවුන්ගේ අතමිට සරු වෙනවා කියල අහන්නත් සතුටුයි. ඉදිරියේදී වස විස නැති යාපනේ මිදී ගෙඩියක රස බලන්න ලැබේවා! මේ අහිංසක ගොවියෝ යාපනේ ශුෂ්ක පොළොව එක්කයි ගිනි අව්ව මත්තේ හැපී හැපී තමයි ජීවන සටනේ යෙදෙන්නේ. මොවුන් දේශයේ අභීත නියමුවන්ම වන්නාහ.(නදී)
සතුටු ආරංචි සතුටු දසුන් ජය වේවා...(නදී)
ඇඹුල් ගතිය අඩුවෙන්න මිදි වලට සීනි දාන්න ඕනේ.(නදී)
නැවතත් කොටි හිතවාදීන් පසුපස ගියොත් ආයෙත් අනාතයි. උතුරේ ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කල යුතුයි.(නදී)
උත්සාහයේ ප්‍රතිපල .= මිදී (නදී)
ඉතාම අනර්ගයි. නොයෙකුත් බාදක කම්කටොලු මැද්දේ අවම වශයෙන් හරියට වතුරවත් නැතිව ඉතාමත් උත්සාහවන්තව පිළිවෙලකට කරන වගාව අනෙක් ප්‍රදේශවල කටින් බතල හිටවන බහුතරයට ආශිර්වාදයක් වේවා! (නදී)
ඔය මිදි කොලඹ ආපුවහම තිත්ත වෙනවා.(නදී)
මටත් ආසයි යාපනේ ගිහින් මිදී වවන්න. (නදී)
සංචාරක ව්‍යාපාරය දියුණුවෙන නිසා වයින් සදහා ඉහල ඉල්ලුමක් පවතී. නිසි ලෙස උසස් තත්වයේ වයින් නිෂ්පාදනය කල හැකිනම් සහ ලංකාවේ වයින් සදහා ආවේනික රසයක් සහ ඉහල ප්‍රමිතියක් තබාගත හැකිනම් මැද පෙරදිග සංචාරක හෝටල් සදහාද හොද වෙළද පොලක් ලබාගත හැකිය. උසස් තත්වයේ වයින් නිෂ්පාදනය සදහා පලපුරුදු ලාංකිකයන් ඉතාලියේ ඇතැයි විශ්වාස කරමි. (නදී)
රන් මලක් ලෙස දෙවු බබුන් දෝතින් වැඳු මේ පින් බිමේ ,,,,,,,, ජාති ආගම් බේද නැතිව නගා සිටවමු සිවු කොනම.... ඔබලාට දිරිය ශක්තිය ලැබේවා! (නදී)
බය වෙන්න දෙයක් නැහැ. යාපනේ මේ දිරිය ගොවි මහතුන් සහ වැසියන් වැඩි දෙනෙක් මේ දේශපාලුවන් සහ ඩයස්පෝරාව කියන දෙමල මිනිස්සුන්ට තියෙන වෙන ප්‍රශ්න ගැන දන්නෙවත් නැහැ. ඔවුන්ට ඕන නිදහසේ වවාගෙන ඉන්න. නිදහසේ ජීවත් වෙන්න. දැන් ඔවුන්ට ඒවා තියෙන නිසා නැවත කොටි එනවට ඔවුන් කැමති නැහැ. නමුත් කතා කරන්න බයයි. ඩයස්පෝරාවේ සල්ලි වලින් ජීවත් වෙන චන්ඩි වට කරගෙන ඉන්න සමර දේශපාලුවන්ට ඔවුන් හරි බයයි. (නදී)
යාල්පානම්වල කිලෝවක් 300-350 උනාට , කොළඹ එනවිට අවුන්සයක මිල වෙනවා. කොලඹ පරිබෝගිකයට ලාබෙට මිදී කන්න යාපනෙම යන්න වෙයි. නරිය සහ මිදී වැල වගේ නොවී ] දකුණේ අයට මිදී කන්න ලැබේවා!(නදී)
මේ වැඩේ දියුණු කර ගත්තොත් සංචාරක ව්‍යාපාරයටත් හොදයි (දී)
ශාන් ඔබ හරි. 77දි ආණ්ඩුව දකුණේ පරාද උනත් උතුරේ දිනුව හේතුව තමයි ඒක. අපී ඔක්කොම ජේ ආර් ගේ විවුර්ත ආර්ථිකයේ සැප විඳින්න එන් එම් ගේ සංකල්පය ප්‍රතික්ෂේප කල එකේ ප්‍රතිපල තමයි අද ඔක්කොම විඳින්නේ. (දී)
සුභපැතුම් (දී)