IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


යාපනේ වැසියන්ට මුහුදු වතුර බොන්න වෙනවාලු

යාපනය අර්ධද්වීපයේ වැසියන්ට ඉදිරි වසර පහ ඇතුළත පිරිසිදු පානීය ජලය වෙනුවට මුහුදු ජලය පානය කිරීමට සිදුවන බවටත්,ඇතැම් විට යාපනය අර්ධද්වීපය මුහුදු ජලයෙන් යටවිය හැකි බවටත් විද්‍යාඥයින් පිරිසක් විසින් අනතුරු අඟවති.

විද්‍යාඥයින් විසින් සිදු කොට ඇති මෙම අනතුරු ඇඟවීම පිළිබඳව උතුරේ ජනතාව දැනුම්වත් කරන උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පොන්නුතුරෙයි අයින්කරනේෂන් පවසන්නේ යාපනයේ ජනතාව පරිසරයට මීට වඩා ආදරය කළහොත් මෙම අර්බුදයෙන් බේරිය හැකි බවයි.

යාපනයේ පිහිටි භූගෝලීය විෂමතාවයක් හේතුවෙන් ගොඩබිම මුහුදට සෝදාගෙන යාහැකි බව පවසන කෘෂිකර්ම අමාත්‍යවරයා ඉන් ආරක්ෂාවීමට හැකි ක්‍රමයක් වහාම සෙවිය යුතුව ඇතැයිද පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා කියා සිටියේ යාපනය අර්ධද්වීපයට සිදුවන මෙම හානිය දැනටමත් ආරම්භ වී ඇති බවයි.

යාපනය පුරාම ඇති හුණුගල් තට්ටු ජලය සමග දියවී යාමත් සමගම විශාල ඇළි හෑරී එම ඇළි මුහුදට විවෘතවීම නිසා ජලය සමග මුහුදු ජලය මිශ්‍රවන බව කී මහාචාර්යවරයා ජනතාව භූගත ජලය වැඩිවශයෙන් ප්‍රයෝජනයට ගන්නා තරමට ඒහා සමානව මුහුදු ජලය සාමාන්‍ය ජලය සමග මිශ්‍රවන බවද සදහන් කළේය.

අතීතයේදී යාපනයේ වැසියන් ආඩියා මැනීමේ ළිං ක්‍රමයට අයත් ජලසම්පාදන ක්‍රමයකින් ජලය ලබාගත් අතර එම ක්‍රියාවේදී නිතරම ජලය කැළඹීමක් සිදුවූ බැවින් ජලය පිරිසිදු වූ බව පෙන්වාදුන් එපිටවත්ත මහතා මෙම අවදානමෙන් යාපනයේ වැසියන් ආරක්ෂා කරගැනීමට කළ හැක්කේ ජනතාව ප්‍රයෝජනයට ගන්නා ජල ප්‍රමාණයට සරිලන ජල ප්‍රමාණයක් පිටතින් සපයාදීම බවත් කියයි.



අදහස් (8)

යාපනේ වැසියන්ට මුහුදු වතුර බොන්න වෙනවාලු

ධම්මික Friday, 01 January 2016 04:31 AM

තිස් වසරක් සටන් කෙළේ මුහුදු වතුර බොන්දද (ම)

:       0       0

අරවින්ද Friday, 01 January 2016 08:38 AM

කඩොලාන පරිසර පද්ධතිය රැක ගත යුතුය (කෞ)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Thursday, 31 December 2015 05:54 PM

මේ පරිහානිය ශ්‍රී ලංකාවට පමණක් විශේෂ වූ දෙයක් නෙමෙයි. විද්‍යාඥයින් දැනටමත් පවසා ඇති අන්දමට, තව වසර කිහිපයකින් මාලදිවයින් දූපත් ලෝක සිතියමෙන් සැඟවී යනවා. අපේ රටට මෙහෙම දෙයක් සිදුවෙනවා කියන එක ඇත්තටම කණගාටුදායක ආරංචියක්. කොහොමද මෙය නවත්වන්නේ? ඒකට දැනටත් පමාවුණා වැඩියි නේද? (නි)

:       0       0

අනුර Thursday, 31 December 2015 08:31 PM

යාපනයේ භූගත ජලයට කරදිය මිශ්‍රවීම දැනට බොහෝ කාලයකට පෙර සිටම සිදුවීමට පටන්ගෙනයි තිබුනේ. වේගවත්ව වගාවන් සඳහා භූගත ජලය ලබාගැනීම නිසා ඒවායේ ඇතිවන හිඩැස පිරවිමට කරදිය කාන්දු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කලින් පානීය ජලය ලබාගත් ළිං වල ජලය ඒ සඳහා භාවිතයට ගත නොහැකිවී තිබෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 31 December 2015 11:52 PM

ඇත්තටම ගමගේ දන්නා දේවල්. මට ඔය අදහස ආවේ නැහැනේ. (නි)

:       0       0

විජේතුංග Friday, 01 January 2016 12:06 AM

මොකක්ද මේ හදිසියේ සිදුවෙන වින්නැහිය? (නි)

:       0       0

ගමගේ Thursday, 31 December 2015 07:46 AM

මුහුදු වතුරෙන් යාපනය යටවන්නේනම් මුහුදු වතුර බොන්න වෙන්නේ නැහැ. මන්ද එය මුහුදක් බැවින් එහි වාසය කිරීමට නොහැකි නිසයි. (ම)

:       0       1

දුමින්ද Thursday, 31 December 2015 08:26 AM

කඩොලාන පරිසර පද්ධතිය රැක ගත යුතුය (බ)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 110 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 362 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2467 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2076 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1540 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8441 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34518 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site