යාපනය කිට්ටු උද්‍යානය අසලදි කිසියම් පිරිසක් පොලිස් කැබ්රියකට ගල් මුල් ගසා හානි සිදු කැර ඇත.ඉරිදා මැදියම් රැය ආසන්නව මේ ප්‍රහාරය එල්ල කරන්නට පෙර එම උද්‍යානයයේ කැරම් ගසමින් සිටි පිරිසක් අතර ඇති වු ගැටුමක් ගැන පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට තොරතුරු ලැබී ඇත.
එහි ගිය පොලිස් රිය වටකර ගත් හතලිහක් පමණ ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දයෙන් පස්සේ හොඳ ආරම්භයක්. ත්‍රස්තවාදය නැවත හිස ඔසවයිද? (නි)
උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර ජයටම යනවා. හැම නගරයක අරක්කු කඩ කිහිපයක්ම තිබෙනවා.නීති බුරුලට තිබුනොත් මෙවැනි සිද්ධි වෙනවා. (ස)
මේ උත්සහ ගන්නේ ආයෙත් ගැටුම් ඇතිකරගන්න. නියපොත්තෙන් කඩන්න පුළුවන් දේවල් පොරොවෙන් කපන්න තියන්නේ නැතුව දැන්මම කරන්න ඕනේ. එ. ජා.මානව හිමිකම් කොමිසමේ නියෝජිතයෙක් ව අරන් ගිහින්ම මේ අයව අත් අඩංගුවට අරගෙන උපරිම දඬුවම් දිය යුතුයි. ත්‍රස්තවාදී චෝදනා එල්ල කලයුතුයි. (නදී)
අවුරුදු තිහක් කාපු කෑම අමතක වෙලා වගෙයි තවත් ඉල්ලන්නේ නේද ?(නදී)
"පස්සට කරදර වන්න පුළුවන්" කරදර ඉවසමුකෝ... (නි)
තවත් ප්‍රබාකරන්ලා නම් බිහිවෙන්න ඉඩ තියන්න එපා (නි)
තුවක්කු තිබුණු පලියට වෙඩි තියන්නේ කොහොමද පොලිසිය? තුවක්කු ගෙදරින් ගෙනාපුවද? ඔය වගේ මෝඩ වැඩ නිසා තමයි මේ ප්‍රශ්න මෙච්චර දුරදිග ගියේ. (නි)
මහජනයාගේ ඔලු වලට ටික ටික අනවශ්‍ය අදහස් දමන්න කවුරුන් හෝ ගන්නා පියවරක මූලික අවස්ථාවක් වෙන්න නොහැකිද? (නි)
නැවත වතාවක් ආරක්ෂක අංශවලට කරදර කරලා ඉල්ලාගෙන කන්නයි හදන්නේ. ජාති ආගම් මොනවා වුණත් අපිට ඕනෑ කරන්නේ හැමෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට සතුටින් සාමයෙන් එකමුතුවෙලා ඉන්නවා දකින්න මිසක් එයාලව කොන්කරන්න නෙමෙයි. (නි)
ඔයා හරි මොහාන්. (ස)
ඕකට කියන්නේ " අත වනනවා" කියලා. ඉල්ලගෙන කන්න හදනවා වගෙයි. (නි)
කළගුණ දන්නේ නැති මිනිසුන් පිරිසක් (නි)
මුලින්ම පටන් ගන්නේ ගල් ගහල තමයි දැන්ම විමසිල්ලෙන් හිටියොත් හොඳ
හැබැයි ඕකට එකට එක කරන්න එහෙම යන්න එපා (නි)
අවුස්සලා තියල පොලිසියෙන් ගැහැවුවා කියල ලෝකෙට පෙන්නලා පොලිස් බලතල අරගෙන හමුදාව උතුරෙන් අයින් කරන්න මෙයාලගේ ක්‍රමවේදයක්. මේ වෙලාවේ අපි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි. තවමත් ඉල්ලන්නේම මස් රාත්තලම තමයි. වසර තිස් ගණනක් ජීවිත දසදහස් ගණනක් පූජා කරලා ලබාගත්ත සාමයත් ඉවරයි වාගේ. ඉතාමත් කනගාටුයි. (අ)
වැලිවේරියට යවපු අපේ හමුදාව යාපනයට යවමු. (නි)
දෙපිරිසක් අතර ගැටුමක් මැඩපවත්වන්න ගියවිට පොලිස් නිලධාරින්ටත් දෙපිරිස එල්ලකරගත් පහරවල් වලට මුහුණ දෙන්න වෙනවා (නි)
කොටි හොල්මන්වද්ද? (නි)
මුන්ට මතක නැහැ උතුරට සාමය ලබා දුන්නේ අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කියලා. මුල මතක නැති එක තමා මේ සේරටම මුල. (ස)
නියපොත්තෙන් කඩන්න තියෙන දෙයක් , පොරවෙන් කපන්න තියන්න එපා. (නි)
එන පොට නම් හොද නැහැ. ඉක්මනට මේ ගැන හොයලා බලන්න වෙනවා. නැත්නම් පුස්ස බින්දා වගේ දෙයක් තමයි වෙන්නෙ. (නි)
අවම බලය පාවිච්චි කරන්න තහනම්ද? (නි)
තුවක්කු තියාගෙනත් ගුටි කාලා ආවනේ ඇත්තට? (නි)
ලොකු අනාගත සැළසුමකට අර අදිනවා වගෙයි (නි)
මහ ඇමතිතුමාගේ අවධානය යොමු වේවා !! (ස)
දෙමු පොලිස් බල තල ඒ ගල් කාරයින්ට.... (ස)
පිටරට සිටින දෙමළ කොටි ඩයස්පෝරාවට අවශ්‍ය නැවත කලබල උතුරේ ඇති කර, ආරක්ෂක හමුදා පාරට බස්සවා, මරණ කීපයක් සිදුවීමට සලස්වා ලෝකයට පෙන්වන්න සිංහල ආණ්ඩුව ඡන්දෙන් පත් වුන පක්ෂයකටවත් උතුරේ පාලනයක් කරගෙන යන්න දෙන්නේ නැහැ කියා. නැවතත් වෙනම රාජ්‍යයක් ඉල්ලන මට්ටමට යන්නයි. මේ අවස්ථාවේ අපි බොහොම බුද්ධිමත්ව කටයුතු කල යුතුයි. (ස)
නැවත ත්‍රස්තවාදය හිස ඔසවන බව මට සිතේ. (නි)
යාපනය පොලිසියේ ස්ථානාධිපති තුමනි දැන්ම ඔය සුළු සුළු ගිනිදැල් නිවීමට පියවර ගන්න ...ඔලුව උස්සන විට නොගැහුවොත් පසුව කරදරයි..... (ස)
කෝ නීතිය සහ සාමය. (ස)
කිට්ටු උද්‍යානය කියන්නේ අර ත්‍රස්තවාදියාගේ නමින් නම් කරපු උද්‍යානයක්ද? යාපනයට ගිහින් නැති හන්දයි අහන්නේ..... (ස)
දැන්මම නවත්වන්න ඕනෑ. නැත්නම් පස්සට කරදර වන්න පුළුවන්. (නි)
කට්ටිය නැවතත් වැඩ පටන්ගන්න වගෙයි හදන්නේ (නි)