IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘යාපනය ගැටුම එකමුතුකමට පහරක්‘

යාපනය විශ්ව විද්‍යාලයයේ ඇති වූ ගැටුම අන්තවාදී ක්‍රියාවක් නොව බහුවාදයට එල්ල වූ ප්‍රහාරයක් යැයි ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව යනු විවිධ ජාතීන්, ආගම්, සංස්කෘතීන් ඇතුළු විවිධාංග රැසකින් සමන්විත රටක්   බව ද ඔහු කීවේය.   උතුරේ අන්තවාදී ක්‍රියා නිසා දකුණේ අන්තවාදීන්ට ලකුණු ලැබෙන බවත් දකුණේ අන්තවාදී ක්‍රියා නිසා උතුරේ අන්තවාදීන්ට තම පටු අරමුණු ඉටු කරගැනීමට අවස්ථා ලැබෙන බවත් ඔහු පැවැසීය.

'මේ රට ගොඩනැගිය හැකි එකම පදනම බහුවාදයයි. යාපනයේ සිදුවීම බහුවාදයට එල්ල වූ ප්‍රහාරයක්. ජාතිවාදීන්ට ඉඩ දුන්නොත් අපට රටක් නැති වේවී. දකුණේ සිංහල විතරක් කියනකොට උතුරේ දෙමළ විතරයි කියනවා.'



අදහස් (0)

‘යාපනය ගැටුම එකමුතුකමට පහරක්‘

ප්‍රනාන්දු Saturday, 23 July 2016 02:25 PM

දැන්නම් අපිට කිසිකෙනෙක් විශ්වාස කිරීමට බැහැ (නි)

:       0       0

නිම්මි Saturday, 23 July 2016 02:46 PM

දකුණේ අය කවදාද එහෙම කිව්වේ? ඔය දෙමළ අය අපිටත් වැඩිය හොඳට මෙහෙ ඉන්නේ. (නි)

:       0       0

ලුසේනා Saturday, 23 July 2016 03:07 PM

යුද්ධය තිබුණු කාලෙදිත් දෙමළ ජනතාවට ලංකාවේ ඕනෑම තැනක නිදහසේ ජීවත්වීමට සිංහල ජනතාව ඉඩදුන්නා. නමුත් සිංහල ජනතාවට උතුරේ ජීවත්වීමට ඉඩ ලැබුනාද? අද දෙමළ දේශපාලකයන්ට ඒවා අමතක වෙලා (නි)

:       0       0

සුනිල් Saturday, 23 July 2016 05:03 PM

දකුණේ කවුරුවත් සිංහල විතරයි කියලා කියලා නැහැ. උතුරේ අය තමයි එහේ දෙමළ විතරයි කියන්නේ. මනෝගනේෂන් විතරයි අවම වශයෙන් මෙහෙමවත් මේ ගැන කතාකරන්නේ. (නි)

:       0       0

සරත් Saturday, 23 July 2016 06:28 PM

ඕවා යාපනේ ඉන්න අයට කියන්න. එයාලා තමයි රජයේ විශ්ව විද්‍යාලයේවත් ඉන්න දන්නේ නැත්තේ. (නි)

:       0       0

ආරච්චිගේ Saturday, 23 July 2016 10:17 PM

කවුරුත් කියලා නැහැ දකුණ විතරයි සිංහලයින්ට අයිති කියලා. මුළු රටේම ඉන්න ශ්‍රී ලංකාවාසීන්ට රට අයිතියි. යාපනේ සරසවියේ ඇතිවුණේ ඇත්තටම අන්තවාදී ක්‍රියාවක් තමයි. ඔය කතා කරන අය ඇමෙරිකාවේ, කැනඩාවේ හෝ වෙනයම් රටක ඔය කතා කියන්නේ නැහැ. ඒවායේ ඔය මොන ජාතිවාදෙවත් නැහැ. (නි)

:       0       0

ඉන්දු Saturday, 23 July 2016 10:42 PM

සමහරු නොදන්නවා වෙන්න ඇති සිංහල කලා වැඩසටහන් බොහොමයක් පටන්ගන්නේ සරස්වතී දේවියට පහනක් තියලා සරස්වතී පූජාව පවත්වලා බව. උතුරේ දෙමළ විතරක් වුණාට දකුණේ එහෙම නොවන බව සමහරුන්ට නොපෙනෙන එක පුදුමයි (නි)

:       0       0

ආනන්ද Saturday, 23 July 2016 11:43 PM

මුලින් උතුර හදාගන්න! උතුර හැදුනොත් දකුණ ඉබේම හැදෙයි. වැරැද්ද වැරැද්ද විදියට දකින්න. බොරු පටලවන්න එපා (නි)

:       0       0

දිලිප් වික්‍රමරත්න Sunday, 24 July 2016 12:23 AM

මම කොළඹ විශ්ව විද්‍යාලේ ඉගෙනගත්තේ කොළඹ හතර වටේ බෝම්බ පුපුරන හමුදාවේ මරණ හැමදාම දකුණට එන කාලේ. එතකොටත් උතුරෙන් ආ දෙමල සහෝදර ශිෂ්‍යයන් සැහෙන ප්‍රමාණයක් අපිත් එක්ක ඉගෙනගත්තා. ඔවුන් හිටියේ අපේම සහෝදරයෝ වගේ. වචනයකින්වත් කවුරුවත් රිද්දෙවේ නැහැ. දකුණට සහජීවනය ගැන කියලා දෙන්න එන අයට කවුද ජාතිවාදියෝ කියන එක මේකෙන් පැහැදිලි වේවි කියලා හිතනවා (නි)

:       0       0

අනුර Sunday, 24 July 2016 01:31 AM

1980 ගණන් වලත් මෙහෙම දේවල් සිදුවුණා. නමුත් දකුණේ කිසිම විශ්ව විද්‍යාලයක කිසිම දවසක මෙවැනි දේවල් සිදුවෙලා නැහැ. (නි)

:       0       0

කපිල Saturday, 23 July 2016 08:33 AM

මහත්තයෝ, අපි නම් කවදාවත් දකුණේ සිංහල විතරයි කිව්වේ නැහැ. උතුරේ තමයි ප්‍රභාකරන්ගේ මතවාදය වන දෙමළ විතරයි කියලා තාම කරගහගෙන ඉන්නේ. අපිට නෙමෙයි ඕක එහාට ගිහින් කියන්න (නි)

:       0       0

දිනේෂා Saturday, 23 July 2016 08:31 AM

සිදුවුණ ක්‍රියාව වසාගැනීමට බහුවාදය නමැති අලුත් වචනවල එල්ලෙන්න එපා. ඔය කියන තර්කය ඇත්ත නම් ලෝකයේ අනිත් බොහෝ රටවලටත් බහුවාදය කියන එක තියෙන්න ඕනෑනේ. (නි)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Saturday, 23 July 2016 10:24 AM

කොහෙද දකුණේ සිංහල විතරක් කියන්නේ ? (හේ)

:       0       0

ඉසුරන්දි Sunday, 24 July 2016 04:50 AM

සක්සුදක්සේ පැහැදිලි මෙය අන්තවාදී/ජාතිවාදී ක්‍රියාවක් බව.සහජීවනය මොකක්ද කියලා උතුරු නැගෙනහිර ඉන්න අයට පැහැදිලි කරදුන්නොත් මේකට විසදුමක් ලැබේවි බොහෝ දුරට. (බ)

:       0       0

කමල් Sunday, 24 July 2016 07:58 AM

සංහිදියාව තියෙන්නේ දකුණට විතරද (බ)

:       0       0

සමන් Sunday, 24 July 2016 07:59 AM

කතාව දෝලාවෙන් ගමන පයින් සන්හිදියාවත් මේ වගේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 750 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2180 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11175 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 566 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1938 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3819 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1073 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site