යාපනයේ බුදු දහම ඉගෙනිමට කැමති දෙමළ දරුවන්ට නාග විහාරයේ මී ගහඡඳුරේ සිරිවිමල හිමියෝ දහම් පාසැලක් පවත්වාගෙන යති.
දරුවෝ හැට දෙනෙක් එහි උගනිති. ඔවුන් වෙනුවෙන් දෙමළ බසින් පන්ති පැවැත්වේ.
අද දුරුතු පොහොය දින බුද්ධ ශාෂන ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමනි ගුණවර්ධන මහත්මියද එහි ගොස් සතුට පල කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. නමුත් වෙනත් ආගමක අයට බෞද්ධ ආගම උගන්වනවා නම් තමයි වැරදි.(නදී)
රොෂාන් 1505 ට පෙර ලංකාවේ ක්‍රිස්තියානි හිටියේ නෑ. ඒ බෞද්ධ අය නේද අද ඔය ක්‍රිස්තියානි වෙලා තියෙන්නේ.? (නදී)
බුදුරජානන් වහන්සේ දේශනා කලේ ධර්මය දෙස ඇවිත් බලන්න කියායි.(නදී)
බෞදයන්ට විතරක් බුදු දහම උග්ගන්නල ඇතිද අනිත් ආගම වල අයට තම බුදු දහම් ගැන කියල දීල සංසාරෙන් එගොඩ වෙන්න උගන්නන්න ඕනේ. එයාලටත් සසරින් එතෙරේ වෙන්න සලස්සන් එක මහා පිනක්. බුදු හාමුදුරුවෝ දහම ඉගැනුවෙත් අබෞදයන්ට තමා මුලින්. ඊට පස්සේ තමා බෞධයින් ඇති උනේ. (දී)
ගොඩක් හොදයි. හැබැයි වෙනත් ආගම් බෞද්ධ ළමයින්ට නම් උගන්නන ලෑස්ති වෙන්න එපා.(නදී)
මේ වගේ යහපත් දර්ශනයක් ඉගෙනගෙන යහපත් සමාජයක් ගොඩනගන්න පුළුවන් නේද ?(දිල්)
වෙනත් ආගමක අයට බෞද්ධ ආගම උගන්වනවා කියල වරදක් දක්න්නේ නෑ. (දිල්)
බුද්ධිමත් මිනිස්සු බිහිවෙන්න උපකාරී වේවි.(අ)
ඇති විශිෂ්ට වැඩක්. කෑ ගහ ගහ අනුන්නට ඇගිල්ල දික් කර කර ඉන්නේ නැතුව මේ වගේ දේවල් තව තව වැඩි දියුනු කරන එක තමයි කරන්න තියෙන්නේ.(නදී)
වටිනවා.(නදී)
පොල් අතු මඩුව වෙනුවට නවීන ගොඩ නැගිල්ලක් ඉදිකළ යුතුයි මේ සඳහා ලංකාදීපය නායකත්වය ගන්නේ නම් අපි සහබාගි වෙනවා (අ)
බුදු රජාණන් වහන්සේ දෙසු ධර්මය පැහැදිලි ලෙසම අනුගමනය කිරීමක් බව දැක ඉතා සතුටට පත් වුනෙමු .අද අප සිංහලයකු වශයෙන් ඉපිද ඇතත් හෙට මිය ගොස් කොහේ උපදිදැයි අප කාටවත් කිව හැකිද ? ඉතින් අප තවත් ජාති වල කුල වල ආගම වල අයට ක්‍රෝධ කරන්නේ ඇයි ? ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මෙවැනි සත් පුරුෂ ක්‍රියා සාර්ථක වේවායි පතමු.(නදී)
මහින්ද මහරහතන් වහන්සේ බුදු දහම ශ්‍රී ලංකාවට ගෙනාව වගේ අපේ හමුදුරුවනි, යාපනයේ දරුවන්ට නිවැරිදි ධර්මය පෙන්වා දෙන්න. (අ)
අද වන විට ඉන්දියාවේ කුලහිනයි සම්මත ජනතාව ට පිහිට වන්නේ බුදු දහම පමණි .එහි තවත් පැතිකඩක් යාපනයෙන් ද .........(අ)
කාලෙකින් ඉතා සතුටුදායක ප්‍රවෘත්තියක් අහන්න ලැබුනා. (අ)
බොහොමත්ම හොඳ සත් කටයුත්තක්.මෙම දහම් පාසල සමයේ පලමක්ම වේවා.(අ)
අපේ රටේ ඉතිහාසය පෝෂණය කරපු ප්‍රධාන ආගම් දෙකක් තියෙනවා. එයින් බොදු දහමට අයිති වන්නේ ඉතා වැදගත් ස්ථානයක්. ඒ නිසාම ද්‍රවිඩ ආක්‍රමණය හරහා හෝ පැමිණි හින්දු ආගම පන්සලේම කොටසක් කර ගැනීමට තරම් සිංහල බෞද්ධයෝ දැහැමි උනා. 1505න් පසු හඳුන්වා දුන් ආගම් වලින් සිදුවුයේ සිංහලයින් මෙන්ම ද්‍රවිඩ ජාතිකයින් ද තමන්ගේ සංස්කෘතින් ට ආගන්තුක වූ විශ්වාශයන් ට නැඹුරු වී පසු කාලයක ලේ වගුරවන ජාතිවාදී යුද තත්වයක් දක්වා ඒ ව්‍යාසනය වර්ධනය වීමයි. අපට හෙටක් අවශ්‍ය නම් ඒ සර්වශුභ වාදී හෙට වෙනුවෙන් අද දින කල යුතුව ඇති බොහෝ දේ අතරින් ඉතාමත්ම යහපත් කාර්යයක් ලෙස මේ කටයුත්ත හැඳින් විය හැකියි. උතුර හා දකුණ යා කරන පාළම බොදු දහමේ එන කරුණාව හා ඉවසීම තුලින් ගොඩ නැගිය හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. (අ)
බොහොම හොඳ වැඩපිළිවෙලක්. දහම් ශාලාවක් තනවා දීමට ධානපතියෙක් ඉදිරිපත්වෙනවා නම් හොඳයි. (අ)
ඉතා වටිනා වැඩසටහනක් මේ සදහා කැපවෙන සියලු දෙනාට පින් සිදු වේවා ........!! (අ)
ඔය මානව හිමිකම් ගැන කෑගසන අයට මෙව පෙන්වන්න. (අ)