යාපනය විශ්ව විද්‍යාලයේ ඉකුත් 16 වැනිදා ඇතිවූ සිද්ධියෙන් රටේ සංහිඳියා ප්‍රතිපත්තියට මහත් කැළලක් මෙන්ම බාධාවක් ඇතිවූ බවත්, එයින් උතුරේ මෙන්ම දකුණේ අන්තවාදීන්ට නැවතත් තම මතවාද ඉදිරියට ගෙනයාමට අවස්ථාවක් ලැබුණු බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව විශ්ව විද්‍යාලයෙන් මෙන්ම පොලීසිය මගින්ද පරීක්ෂණ සිදුකෙරෙන බව කී ආණ්ඩුකාරවරයා මෙයට වගකිවයුත්තන්ට එරෙහිව ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙනු ඇතැයි ද සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල, බෝධිරාජ මාවත, ලිලී මාවතේ පිහිටි ආණ්ඩුකාර උප කාර්යාලයේදී අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙසේ ද කියා සිටියේය.
‘ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයද්දී යම් සාධාරණයක් වූ බව සිතා අපි සතුටු වුණා. දකුණේ කිසිදු බාධාවක් හෝ සීමාවක් නොමැතිව සියලූ ආගමික හා සංස්කෘතික උත්සව පැවැත්වෙනවා. එම තත්ත්වය උතුරු දකුණු සතර දිබ්බාගයේම තිබිය යුතුයි. එවැනි තත්ත්වයක් තිබුණොත් පමණයි රටේ සංහි`දියාවක් ඇති බව කිවහැක්කේ. ‘
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය - මෙයට හමුදාව සම්බන්ධ වී නැති බව කිව හැකිද? එසේනම් මෙය කාලයක් තිස්සේ පැවති අර්බුදයක් නිසා ඇති වූ තත්ත්වයක්ද?
පිළිතුර - තමන්ගේ ආගම ජාතිය පිළිබද දැඩි ප්‍රේමයක් සමඟින් අනෙක් ජාති ආගම් ගැන යම් වෛරයක් ඇතිවීම ඕනෑම ජනවර්ගයක අයට සහජයෙන්ම උරුම වෙනවා. අනෙක් ආගම් ජාතිවලට ගරු කරන්න කියා සියලූ ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්වල තිබුණත් බොහෝ දෙනා ඒ අනුව කටයුතු කරන්නේ නැහැ. කෙසේ වුවත් මෙයට හමුදාව මැදිගත් වූ බවට සාධක නැහැ. එමෙන්ම මෙය කවුරුන් විසින් හෝ සංවිධානය කළ දෙයක්දැයි හරියටම කියන්නත් බැහැ. මෙය හින්දු නර්තන කණ්ඩායමට අවස්ථාව දී උඩරට නර්තන කණ්ඩායමට අවස්ථාව නොදීම නිසා ඇතිවූ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙය රටට හොඳ නැහැ.
ප්‍රශ්නය - ඒත් ටැමිල් නෙට් වැනි වෙබ් අඩවි පළකරන්නේ මෙය හමුදාව මැදිහත් වී සිදු කළ දෙයක් ලෙසයි. රජය එය නිවැරදි නොකරන්නේ ඇයි?
පිළිතුර - සමාජ වෙබ් අඩවි වගකීමකින් තොරව පළ කරන හිතලූ ගැන අපි පිළිතුරු දියයුතු නැහැ. මේවාට දිය හැකි හොදම පිළිතුර ඇත්ත සිද්ධිය ලෝකයට ගෙනයාමයි. අද හැමතැනම කැමරා තිඛෙනවා. මේ සිද්ධිය සම්බන්ධ වීඩියෝ පටත් මේ වන විට නිකුත් වී තිඛෙනවා. දැන් ලෝකය විකෘති කරන පුවත් පිළිගන්නේ නැහැ.
ප්‍රශ්නය - සංහිදියාව දකුණේ අයට විතරද කියලා දකුණේ අය ප්‍රශ්න කරනවා. උතුරේ ජාතිවාදී පිරිස් ඉන්නවා නම් සංහිඳියාව ඇතිකරන්නේ කොහොමද?
පිළිතුර - උතුරේ මෙන්ම දකුණේත් ජාතිවාදීන් ඉන්නවා. එකම දෙවියෙක් අදහන මුස්ලිම් ආගමේත් බොකෝහරාම්, ජිහාඩ්, අයි එස් අයි එස් වැනි අන්තවාදී කණ්ඩායම් ඉන්නවා. ඒත් එයින් සියලූ දෙනා අන්තවාදීන් වෙන්නේ නැහැ. අන්තවාදීන් ඉන්නේ යම් පිරිසක් පමණයි.
ප්‍රශ්නය - මෙය සාමාන්‍ය සිදුවීමක් නොවන බවත්, සැලසුම් කළ දෙයක් මේ පිටුපස ඇති බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිඛෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
පිළිතුර - එවැනි සැක ඇතිවීම ස්වභාවිකයි. දකුණේ අය හිතන්නේත් මෙය කවුරුන් හෝ සැලසුම් කළ දෙයක් කියලයි.
ප්‍රශ්නය - පොලිස් පරීක්ෂණවල වත්මන් තත්ත්වය කුමක්ද? මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් හෝ අත්අඩංගුවට ගෙන නැත්තේ ඇයි?
පිළිතුර - අපි පොලිස් පරීක්ෂණවලට ඇගිලි ගසන්නට යන්නේ නැහැ. නමුත් ඔවුන් මේ සිද්ධියේ වීඩියෝ පට ඔස්සේ පරීක්ෂණ සිදුකරගෙන යනවා. මෙම සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව ජාති, කුල, ආගම් භේදවලින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ දේ ඉදිරියේදී සිදුවේවි.
ප්‍රශ්නය - යළිත් තම දරුවන් මෙම විශ්ව විද්‍යාලයට යැවීමට දකුණේ දරුවන්ගේ දෙමැපියන් කැමති වේවිද?
පිළිතුර - මීට පෙර මෙහි මෙවැනි සිද්ධි ඇතිවී නැහැ. එමෙන්ම විශ්ව විද්‍යාලයේ බහුතරයක් ශිෂ්‍යයින් මෙයට සම්බන්ධ වුණේ නැහැ. රජය විශ්ව විද්‍යාල බලධාරීන් සමග සාකච්ඡා කර මෙහි දරුවන්ගේ ආරඬාව තහවුරු කළ යුතුයි.
ප්‍රශ්නය - ඇතැමුන් මෙයින් දේශපාලන වාසි ලැබීමට උත්සාහ කරනවා නේද?
පිළිතුර - අද හැමදේම දේශපාලනීකරණය වෙලා. ඕනෑම විපක්ෂයක් මෙවැනි දේ දේශපාලන වාසි වෙනුවෙන් යොදාගන්නවා.
ප්‍රශ්නය - තමන්ට කාලයක සිට විවිධ සිදුවීම්වලට මුහුණ පාන්නට සිදුවූ බවත්, ඒවා ගැන යාපනය, කෝපායි ආදී පොලිස් ස්ථානයන්ට පැමිණිලි කළත් පරීක්ෂණ සිදුනොවූ බවත් යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල සිසුන් චෝදනා කරනවා. එසේ වුණේ ඇයි?
පිළිතුර - එවැන්නක් වී තිඛෙනවා නම් මම වහාම ඒ ගැන සොයා බලන්නම්.
ප්‍රශ්නය - තමන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු යළිත් විශ්ව විද්‍යාලයට නොයන බව එහි සිංහල සිසුන් කියනවා නේද?
පිළිතුර - ආරක්ෂාව තහවුරු වෙන තුරු නොයා යුතු බව මමත් පිළිගන්නවා. ඔවුන් නැවත යා යුත්තේ රජය ආරක්ෂාව තහවුරු කර දුන් පසුවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න මහත්තයෝ යන්න වැදි බන කියන්නේ නැතිව. (අ)
මේ දේවල් සැලසුම් කරලා කරපු වැඩක් වෙන්න පුළුවන්.(හේ)
අවංකවම කියනවානම් ශ්‍රී ලංකාවේ අසාධාරණයට ලක්වී ඇත්තේ සිංහලයන්.(ම)
යුද්දෙන් පස්සේ උතුරේ ඉතිරිවෙච්ච අන්තවාදීන් පිරිසක් ඉන්න බව කවුරුත් දන්නවා. නමුත් ඔබතුමා ඔය සඳහන් කරන දකුණේ අන්තවාදීන් කවුද..? ජාතිය වෙනුවෙන් පෙනී සිටින දේශප්‍රේමීන් අන්තවාදීන් විදියට හඳුන්වපුවහම ඒ රටට යන කල දසාව ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. (ම)
දකුණේ සහජීවනය උතුරේ තියෙනවද කියලා හොයන්න. සහජීවනය උතුරට කියලා දෙන්න. බුදුදහමේ ඉගැන්වෙන සහජීවනය සිංහලයන් තුළ තියෙනවා. අපේ දේශපාලකයන් අමුතුවෙන් අපිට කියලා දෙන්න ඕනෑ නැහැ. (නි)
දමිළ දේශපාලඥයෝ මේ ගැන මොකක්ද දරන අදහස? (නි)
මේකට සම්බන්ධ ඔක්කොමට දැඩි දඬුවම් දියයුතුයි. සංහිඳියාව ගැන කියලා වැරදිකරුවන්ට නීතියෙන් ගැළවෙන්න දෙන්න හොඳ නැහැ. (නි)
දැන් ප්‍රශ්නය නැතිලුනේ. ඒකනේ යන්න කියන්නේ (නි)
මෙවන් සිදුවීම් දුරදිග ගෙනියන්න එපා (නි)
මට පෙනෙන හැටියට නම් සංහිඳියාව අරවා මේවා ඔක්කොම තියෙන්නේ සිංහලයා ළඟ විතරයි (නි)
ඔබතුමා මොන කතා කිවුවත් සහජීවනයට සංහිඳියාවට අකමැති කට්ටියක් ඉන්නවා (නි)
එක දෙමල නායකයෙක් මේ සිදුවීම හෙළ දැක්කේ නැත. ඔවුන් මේ පහර දීම අනුමත කොරනවා. ඔය බණ වලින් වැඩක් නැත. අපි සුළු ජාතියකින් ගුටි කෑ යුතු ජාතියක් ද (අ)
එළුවො නිකට පාන්නෙ මේ වගේ අයටලු(අ)
සංහිදියාව කියන්නේ නිවට කමද? රටේ සැමට නීතිය එකසේ ක්‍රියාත්මක කරන්න. හැමදාම ජාතිවාදේ පතුරුවේ සිංහල මිනිස්සු නොවේ. අපි අමාරුවෙන් ලබා ගත්ත නිදහස ඔබ යලි පාවා දෙන්න එපා. (අ)
මහින්ද රාජපක්‍ෂ ගේ කාලේ යාපනේ දෙමළු හිටියෙ නකුට අකුලගත්ත බල්ලෝ වගේ , සිංහයෝ ඉන්න ඕන තැන් වල නරි රජ වුනාම ඔහොමත් වෙනවා (බ)
අපි අහන්නේ හැම දෙකටම සිංහල මහා ලොකු දෙසපාලුවෝ ප්‍රකශ නිකුත් කරනවා...කෝ දෙමළ දේශ පාලකයෝ ප්‍රකාශ නිකුත් කළා මේක හෙළ දැකල...ඔක්කොම වැදි බන සිංහලයට...අපි ඕක කලානම්..(අ)
ඔබතුමා ඔය කියන මහලොකු නීතිය ක්‍රියාත්මකවීම යාපනේදී කරන්න දෙයි කියලා හිතනවද...?එච්චර කොන්දක් ඔබතුමාට තියෙනවා නම් හොදයි. (අ)
දෙමල දේශපාලකයන් ළඟ කිසිම සංහිදියාවක් නැතිනිසා මෙම තත්වය පන නැගී ඇත.(අ)
මෙය එක් ජාතියකට පමණක් තමන්ට හිතු ලෙස වැඩ කිරීමට ඉඩ ප්‍රස්තා දීමේ පල විපාකයකි. දෙමල දේශපාලකයන් ජාති වාදී අදහස් පලකිරීම තුලින් දෙමල තරුණයන්ට යම්කිසි මාමකත්වයක් ලැබී තිබේ. දෙමල දේශපාලකයන් ගේ ජාතිවාදී අදහස් මෙම රජය ප්‍රසිද්දියේ විරෝධය පෑවේ නැහැ . අපේ ආණ්ඩුවේ අය උතුරට ගිහිල්ල දකුණේ අයට කතාකරනවා. දකුණට ඇවිත් උතුරේ අයට කතාකරනවා. උතුරේ අයට කිව යුතු සංහිදියාව බය නැතුව උතුරට කිවයුතුයි. මෙයින් වන්නේ පාලකයන් බහුතර ජාතියට එපාවීමයි (අ)
ඔබතුම මේවට වග කියන්න ඕන (අ)
ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගයද්දී සාධාරණයක් වූ බව සිතා අපි සතුටු උනේ නැත. සතුටු වුණේ ජාතියක් ජන්මයක් නැත දෙසපලකයෝ. (අ)