IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


යුරේනි ජෝන් එබ‍්‍රහිම් එක්ක රූපවාහිනී දැන්වීමක

2016-06-19-ent-174

2016-06-19-ent-175යුරේනි නොෂිකා වර්තමාන කලා ක්ෂේත‍්‍රය හැඩ කරන කටකාර දඟකාර රංගන ශිල්පිනියක්.

සිරස නාලිකාවේ විකාශය වූ ‘‘කිදුරංගනා’’ හි සංජු චරිතය ඔස්සේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට පැමිණි ඇය කෙටි කාලයක් තුළදීම පේ‍්‍රක්ෂක සිත් සතන් ඇද බැඳ තබාගන්නට සමත් වුණා.

නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටින ඇය මෑතකදී සිය ගායන කුසලතා එළි දක්වමින් අලූත් ගීතමය අත්හදා බැලීමකද නිරත වුණා.

ආදරණීය සිනහවකින් මුව පුරවාගෙන දයාබර හඬින් කතා කරන ඒ දඟකාර රංගන ශිල්පිනිය වෙනුවෙනුයි මෙවර ‘‘ජීවිතේ මල්’’ වෙන්වන්නේ.

මම ජීවිතේ වැඩිපුරම සතුටු වුණ දවසක් තමයි ධඛ රිසල්ට් ලැබුණු දවස. එදා මම යාලූවොත් එක්ක එකතුවෙලා ගොඩක් සතුටු වුණා. හරිම සුන්දර මතකයක් තමයි ජීවිතේටම එකතු වුණේ. අධ්‍යාපනය කියන්නේ ජීවිතේ ගොඩක් බලාපොරොත්තු තියාගන්න දෙයක් අනාගතේ ගැන. ඉතින් ඒ හැම බලාපොරොත්තුවක්ම සැබෑ වුණා කියලා හිතුනා ධඛ රිසල්ට් ලැබුණු දවසෙ. මට ඒ සඳහා ෘ 8 ක් තිබුණා. එතනින් පසුව ්රැුඛ වලට මම කළේ වාණිජ විෂයන් එයත් මම හොඳින් සමත් වෙලා ් 3 ක් ලබාගත්තා.

ඉතින් ඒ හැමදේ එක්කම මගේ හිතට දැනුණ සතුට වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. හරිම සතුටක් තමයි දැනුණෙ.

මම පාසල් යන කාලෙදී තමයි මගේ මුල්ම විදෙස් සංචාරය ගියෙ. පාසලේ තිබුණු වැඩසටහනකින් ලංකාව නියෝජනය කරලා අපිට එහෙ යන්න ලැබුණෙ. ඉන්දියාව තමයි මම මුලින්ම ගිය රට. ඉතින් ඒ දවසෙ මට ගොඩක් සතුටු හිතුණා. ජීවිතේ අමතක නොවන අමරණීය දවසක් තමයි ඒ.

මම රංගනයට කවදාවත්ම එකතුවෙන්න හිතුව කෙනෙක් නෙමෙයි. අහම්බෙන් වගේ තමයි කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වෙන්න ලැබුණෙ. මම යාළුවෙක් මුණ ගැහෙන්න ගිහින් ‘‘මහරාජා’’ ආයතනයෙ කට්ටිය මාව දැකලා ටෙලිනාට්‍යයක ඔඩිෂන් එකකට එන්න කිව්වා. ඉතින් මම ඒ සඳහා බෑ කියද්දී තමයි මගේ යාළුවො මාව ඒ සඳහා යොමු කෙරෙව්වෙ. පසුව මමත් ඒ වෙනුවෙන් සහභාගි වුණා. ඒ සහභාගි වුණ පළමු ටෙලිනාට්‍ය තමයි ‘‘කිදුරංගනා’’ මම හිතුවෙවත් නැති විදියට මට ඒ ටෙලිනාට්‍යයට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. එතකොට නම් හිතට ගොඩක් ලොකු සතුටක් දැනුණා. අහම්බෙන් වගේ සහභාගි වෙලා ඒ වෙනුවෙන් ඉහළම ප‍්‍රතිචාර ලබාගන්න හැකිවීම පිළිබඳ මම අදටත් ගොඩක් සතුටු වෙනවා. මේ හැමදේම දෛවය විසින් සිදුවුණ දෙයක් විදියට තමයි මට හැ‍ඟෙන්නෙ.

ඉන්දියාවෙ සුපිරි තරුවක් වන ජෝන් ඒබ‍්‍රහම් එක්ක මට රූපවාහිනි දැන්වීමකට පෙනී සිටින්න හැකි වුණා. ඒ සඳහා මට අවස්ථාව ලැබෙන්නෙ ඉන්දියාවෙ ඒජන්සියක් හරහා. ඒ වෙනුවෙන් ඔඩිෂන් එකක් පවත්වලා තමයි මාව තේරුණේ. මාත් එක්ක ගොඩක් ගෑනු ළමයි ඒ සඳහා සහභාගිවෙලා හිටියා. ඉතින් ඒ ගෑනු ළමයි ඔක්කොම අතරින් මට එවැනි සුවිශේෂ අවස්ථාවක් ලැබීම පිළිබඳව අතිශය සතුටු වෙනවා. ඒ සතුට කොයිතරම්ද කිව්වොත් දැන්වීම රූගත කරන දවසට කලින් දවසෙ රෑ නින්ද ගියෙත් නෑ. ජෝන් ඒබ‍්‍රහම් වගේ ජනප‍්‍රිය නළුවෙක් එක්ක එවැනි දැන්වීමකට සම්බන්ධ වීමට ලැබීමම මම ලබපු ලොකු ජයග‍්‍රහණයක්.

මගේ ජීවිතේ පොඩි කාලෙ ඉඳන්ම ලොකු හීනයක් තිබුණා. ස්පෝර්ට් කාර් එකක් ගන්න. ඉතින් පොඩිකාලේ ඉඳන්ම ඒ මවපු සිහිනය මෑතකදී මට සැබෑ කර ගන්න හැකිවුණා.

හම්බන්තොට වරායෙන් මගෙ ස්පෝර්ට් කාර් එක ගත්ත දවසෙ ඒ සතුට වැඩිකමට මගෙ ඇස්වල කඳුළු වැටුණා. ඒ මම පොඩි කාලෙ ඉඳන්ම මවපු හීනය සැබෑ වුණා නේද කියලා.

ඉන්දියාවෙ හිටපු කාලෙ යෂ්රාජ්ගෙ චිත‍්‍රපටයක ඔඩිෂන්වලට තේරුණා. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ යෂ්රාජ්ගෙ චිත‍්‍රපටයක ඔඩිෂන්වලට තේරෙනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයි. 10,000 ක් පමණ පිරිසකගෙන් 50ක් වගේ තමයි තේරෙන්නෙ. ඉතින් ඒ සඳහා මාව තේරුණා කියලා දුරකථන ඇමතුම ආවම මට හිතාගන්නවත් බැරිවුණා. ඒ තරමට හිතට ලොකු සතුටක් දැනුණා. නමුත් අවාසනාවකට ඒ චිත‍්‍රපටයට තේරුණේ නෑ. මම හිතන්නෙ අනුෂ්කා ශර්මගෙයි. රන්වීර් සිංගෙයි පළවෙනිම චිතටපටය තමයි ඒ එහිදී මම ඔඩිෂන් කරපු චරිතය අවසානෙට කළේ පරිනිත් චොප්රා. ඔහුගේත් පළවෙනි චිත‍්‍රපටය.

ඉතින් මට හැමදාම පරිනිත් ඉන්නවා දැක්කම හිතෙන්නෙ එදා මම ඒ චිත‍්‍රපටයට තේරුණා නම් මමනෙ එතන ඉන්නෙ කියලා. නමුත් මට චිත‍්‍රපටයට දායක වෙන්න නොලැබුණත් ඔඩිෂන් එකක් හරි ලැබීම ගැන අතිශය සතුටු වෙනවා. එය මගේ ජීවිතෙ අමතක නොවනම සිදුවීමක්.

මගේ මුල්ම ගීතය මෑතකදී ප‍්‍රචාරය වුණා. ඒ දවසෙ මට හරිම සතුටක් දැනුණා. මොකද ඒ මගේ මුල්ම ගීතය වුණත් ඉතා හොඳ ප‍්‍රතිචාර පළමු දිනයේ සිටම ලැබුණු නිසා ‘‘සාරි පොටේ’’ තමයි මගේ මුල්ම ගීතය.

ඒ ගීතය මිනිස්සු අතරට යයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ. ගීතයක් කරන්න තියෙන ආසාවට අත්හදා බැලීමක් විදියට තමයි ඒක කළේ. මේ වෙද්දි ඒ සඳහා ගොඩක් අයගෙන් ප‍්‍රතිචාර ලැබුණා. ඒ ප‍්‍රතිචාර ඉතා ඉහළයි.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-06-19-ent-173
2016-06-19-ent-172
2016-06-19-ent-171

 



අදහස් (0)

යුරේනි ජෝන් එබ‍්‍රහිම් එක්ක රූපවාහිනී දැන්වීමක

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 229 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 919 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1429 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 346 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1001 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1868 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site