IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


යුරෝපීය ඇඳුම ඇඳීමේ නියෝගය අවලංගුයි

ඉහළ රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ යුරෝපීය ඇඳුම ඇඳීම අනිවාර්ය කරමින් හිටපු ජනාධිපතිවරයකු විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛය තමා අහෝසි කර බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් මින් ඉදිරියට අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර ටයි පටිය හා කබාය සහිත නිල ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන බව ද ජනාධිපතිවරයා කීවේය.

සිරිසේන මහතා එලෙස පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකට එක් වෙමිනි.  රාජ්‍ය අංශයේ ඉදිකෙරෙන නව ගොඩනැගිලි සඳහා හරිත මාර්ගෝපදේශ සංග්‍රහය හා අගැයිම් ක්‍රමවේදය එළි දැක්වීමට මෙම උත්සවය පැවැත්විණි.

‘පහුගිය දෙසැම්බර් 31 වැනි දා මම  පොලොන්නරුවේ වාර්ෂික පිරිත් පිංකමට ගියා. මම යද්දි රෑ 11 ට විතර ඇති. එතකොටත් අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ටයි එකක් එහෙම දාගෙන පිරිත් අහනවා.  මම ඇහුවා රෑ වෙලා නේද? ටයි එක එහෙම දාගෙන මොකද කියලා. මම නම් හිතන්නේ එතුමට අර චක්‍රලේඛය බලපාන්න ඇති.‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

RDS_1018 RDS_1045 RDS_1060



අදහස් (0)

යුරෝපීය ඇඳුම ඇඳීමේ නියෝගය අවලංගුයි

ලලිත් Monday, 09 January 2017 11:14 AM

දැන් සරම් බැනියම් එහෙම ගණන් යයි නේද? (බ)

:       0       1

අමල් Monday, 09 January 2017 11:28 AM

රටේ ලොකුම ප්‍රශ්නය විසඳා ඇත. (ර)

:       0       0

ශ්‍රීමාලි Monday, 09 January 2017 11:30 AM

අපේ කඩේ ඉඳල හිටලා විකුණපු ටයි ටික දැන් මොනවා කරන්නද (බ)

:       0       0

ඉෂාන් Monday, 09 January 2017 11:50 AM

දෙයියනේ කියලා ඒ ප්‍රශ්නෙත් ඉවරයි. (ර)

:       0       0

ප්‍රනීත Tuesday, 10 January 2017 07:42 AM

ඔන්න ඒසී කාමර තුළ ඉන්නකොට නම් කමක් නැහැ (නි)

:       0       0

හේමන්ත Monday, 09 January 2017 12:02 PM

හීනමානයත්, අතිමානයත් දෙකම හොඳ නැහැ. ඉතින්, සුද්දෝ එන්න කලින් ගහපු අමුඩේ මීට වඩා හොඳයි කාර්යාලවලට, මොකද දුවල පැනල වැඩ කරන්න ලේසි. රෙද්ද බැනියම පැටලෙනවා. අනික දැන් රෙදි ගණන් වැඩි. (හේ)

:       0       0

කමණි Tuesday, 10 January 2017 07:50 AM

ප්‍රාදේශීය ලේකම්තුමා නොගැළපෙන ඇඳුමක් ඇඳලා පිරිත් අහන්න ගියා කියලා ඔක්කොම නිලධාරීන්ගේ ඇඳුම් වෙනස් කරන්නේ ඇයි? (නි)

:       0       0

ලක්විදු Monday, 09 January 2017 12:05 PM

මම නම් හිතන්නේ අමුඩේ තමයි හරියන්නේ.(හේ)

:       0       0

සුරනිමල Tuesday, 10 January 2017 07:54 AM

රජයේ වැටුප් ලබන ඉහළ නිලධාරියාගේ පටන් පහළ ශ්‍රේණියේ සේවකයා දක්වා තාම දන්නේ නැහැ ඒ අය වැටුප් ලබන්නේ මහජන මුදලින් බව. එමනිසා ඒ අයගේ ඇඳුමට වඩා සකස් කළයුත්තේ ඔවුන්ගේ මානසිකත්වයයි (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 09 January 2017 12:15 PM

ධනාත්මක තීරණයක්, ඒත් එම චක්‍රලේඛනය අවලංගු කරනවා නම් රජයේ නිලධාරුන්ට අනිවාර්ය නිල ඇඳුමක් නියම කළ යුතුයි. නැතිනම් රාජ්‍ය සේවයේ මේ පවතින විනයත් පිරිහේවි.(හේ)

:       0       0

ඉසුරු Monday, 09 January 2017 12:28 PM

පුදුම කතා තමයි දැන් අහන්න ලැබෙන්නේ.(හේ)

:       0       0

චමින්ද Monday, 09 January 2017 12:39 PM

තැනට සුදුසු ඇඳුම අදින්න ඕනේ. ඒකේ වරදක් නෑ.(හේ)

:       0       0

සදුන් Monday, 09 January 2017 12:38 PM

හොඳ දෙයක්.(හේ)

:       0       0

තිස්ස Monday, 09 January 2017 12:41 PM

රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නය නොවැ මේ විසදලා තියෙන්නේ (අ)

:       0       0

ලංකාසිරි Monday, 09 January 2017 12:53 PM

මම ජනාධිපති නම් දේශපාලඥයන්ට අමුඩේ තමයි අනුමත කරවන්නේ. (අ)

:       0       0

සෙනෙවි Monday, 09 January 2017 01:06 PM

ඔය නියෝගෙ දුන්නෙ හිටපු ජනාධිපති ප්‍රේමදාස නේ .එහෙම නියෝග දුන්න මිනිහ ඇන්ඳේ සරම .(අ)

:       0       0

ගාමිණී Monday, 09 January 2017 01:09 PM

මේක කලේ ප්‍රේමදාස මහත්තය . ඒකට හේතුව තමයි එතුමා එන තැනක නිලධාරියෙක් කොට කලිසමක් ඇඳගෙන සිටීම. ඒක නිසා යුරෝපීය ඇඳුම හෝ ටයි එකක් සහිත කමිසයක් සහ කලිසමක් ඇඳීම හෝ ටියුනික් කොලරය සහිත කමිසයක් ඇඳීමට නියෝග කලා. ඒක ඇත්තටම හොඳ දෙයක් . ඔය කියන නිලධාරියට පිරිත් අහන්න සුදු ටියුනික් කොලරය සහිත කමිසයක් ඇඳගෙන යාහැකිව තිබුනා නේද? (අ)

:       0       0

දහම් Monday, 09 January 2017 01:13 PM

ඇත්තටම මොලේ කචල්ද?(අ)

:       0       0

ඉරාන් Monday, 09 January 2017 01:38 PM

ඔක්කොමත් හරි දැන් (හේ)

:       0       0

චානක Monday, 09 January 2017 02:27 PM

ඉතාම හොද තීරණයක් ජනපතිතුමනි,රාජ්‍ය නිලදරීන්ට තමුන් කැමති සරල ඇඳුමක් ඇදීමට ඉඩ දෙන්න,සරල බව යහපාලනයේ ලක්ෂණයක් (හේ)

:       0       0

ජගත් Monday, 09 January 2017 02:27 PM

හොඳ අදහසක්.(හේ)

:       0       0

රංජිත් Tuesday, 10 January 2017 09:13 AM

අයි මෙතන පිරිමි අය ගැන විතරක් කතා කරන්නේ. පිරිමි අයට යුරෝපිය ඇඳුම අඳින්න පුළුවන් නම් ගැණු අයට යුරෝපිය ඇඳුම අඳින්න බැරිද. (හේ)

:       0       0

මහේෂ් Monday, 09 January 2017 03:20 PM

හොඳ අදහසක් (හේ)

:       0       0

මහේෂ් Monday, 09 January 2017 03:24 PM

යහපාලනයට හොඳම ඇඳුම උපන් ඇඳුම (හේ)

:       0       0

විජේපාල Monday, 09 January 2017 04:18 PM

අවුරුදු තිහක යුද්ධයටත් වඩා දැවෙන ප්‍රශ්නයක් තමයි විසඳලා තියෙන්නේ. හාල් නම් මොනවද ඔය ඕනෑතරම් තියෙන්නේ. ගණන් ගියාට මක්වෙනවද. ඒ වගේද ටයි දාගෙන ඉන්නකොට දැනෙන අපහසුව. අනේ හොඳයි මේ වගේම දැවෙන ප්‍රශ්න විසඳන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

ආනන්ද Monday, 09 January 2017 05:47 PM

හොඳ තීරණයක් ජනපතිතුමනි. අපේ දේශගුණයට අනුව නිලධාරීන්ට ගැළපෙන්නේ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් වගේ ඇඳුමක් බව මගේ අදහසයි (නි)

:       0       0

රේණුක Monday, 09 January 2017 06:49 PM

ප්‍රේමදාස මැතිතුමාගේ පාලන සමය තුළදී කළුතර පැත්තේ දුම්රිය අනතුරක් වූ අවස්ථාවේදී එතුමා ඒ ගැන සාකච්ඡාවකට අදාළ දුම්රිය නිලධාරීන් කැඳවා තිබුණා. එහිදී දුම්රිය ස්ථනාධිපති හැඳ සිටි අපිළිවෙල නිසා ඔහුට අවවාද කර ඊටපසු රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් නියෝග කර, චක්‍රලේඛයක් සිය ලේකම් තුමාගේ අත්සනින් නිකුත් කර තිබුණා. මේ දුම්රිය අනතුරින් පස්සේ තමයි උණ බම්බු ගේට්ටු ක්‍රමය හඳුන්වලා එම රාජකාරියට සේවකයින් පත්කළේත්. (නි)

:       0       0

සනත් Monday, 09 January 2017 07:22 PM

මම දන්නා හැටියට හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්මයා තමයි එයා. ඒ සිද්ධිය මෙහෙමයි වුණේ. " දවසක් එතුමා මුණගැහෙන්න ලොකු ලේකම් කෙනෙක් අත්කොට කමිසයක් ඇඳලා පපුවේ ලොම් පෙනෙන්න උඩ බොත්තම් දෙක ගලවාගෙන ඒ මදිවට කබල් රබර් සෙරෙප්පු කුට්ටමක් දමාගෙන ආවලු". එතුමාට අසුහාරදාහට තරහ ගිහිල්ලා නීතියක් දැම්මලු ස්ටාෆ් ග්‍රේඩ් එකේ පිරිමි හැමෝම ටයි එක දාගෙන වැඩට ආ යුතුයි කියලා. මම නම් අහලා තියෙන්නේ එහෙමයි (නි)

:       0       0

සිරි Monday, 09 January 2017 08:21 PM

ඔබගේ තීරණයට හිස නමා ආචාර කරමි. (නි)

:       0       0

අබය Monday, 09 January 2017 09:53 PM

නිල ඇඳුමක් නියම කරන්න, හිරගෙදර වගේ. (නි)

:       0       0

ශානක Monday, 09 January 2017 09:54 PM

මහේෂ්, ඔයාගේ කතාව නියමයි. මෙයාලට රටේ අනිත් ප්‍රශ්න නොපෙනෙන එකනේ වැඩේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 09 January 2017 10:39 PM

ඇඳුම ඇන්ඳහම ඔක්කොම හරියයි කියලා සමහරු හිතනවා ඇති (නි)

:       0       0

රත්න Monday, 09 January 2017 10:52 PM

අර ඒ කාලේ සිටි විජයානන්ද දහනායක මහත්තයා කළා වගේ අමුඩය ගහගෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා දේශීය ඇඳුම ගැන ආදර්ශයක් දුන්නා නම් හරි (නි)

:       0       0

ලුම්බිණි Monday, 09 January 2017 11:43 PM

මෙම චක්‍රලේඛනය තිබුනා කියලා මොකද්ද වෙන හානිය. මෙම චක්‍රලේඛනය නිසා එකල රජයේ සේවකයන්ගේ විනය යම් තරමකින් ඉහළ ගියා කියලා මම අහලා තියෙනවා. (නි)

:       0       0

කෝනාර Tuesday, 10 January 2017 12:22 AM

ටයිදාලා, කෝට් ඇඳලා යන සමහර මහත්තුරු ඇඳුමෙන් වසාගෙන සිටිනුයේ කර ඇති හොරකම් ජඩකම්ය. ඒ අය ටයි අඳින්නෙත් බදු මුදලින් සහ විදෙස්ගත ශ්‍රමිකයන් එවන මුදලින් ලබන පඩි සහ වෙනත් දෑ වලිනි. උෂ්ණාධික සහ බහුතරයක් දුප්පත් සහ මැදපෙළ මිනිසුන් සිටිනා රටක මොන ටයිකෝට්ද? (නි)

:       0       0

බන්දුල Tuesday, 10 January 2017 01:41 AM

එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් අඳින්න ඕනෑ අමුඩයද? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 10 January 2017 02:47 AM

කෝනාර, සමහර මිනිස්සු රෙද්දනුයි බැනියමෙනුයි වහගෙන ඉන්නේත් ඔබ ඔය කියන හොරකම් ජඩකම්ය. එමනිසා ඔය කතාව මෙතනට වලංගු නැත. නිලධාරියෙක් තම තනතුරේ හැටියට ටයිදාලා, කෝට් ඇඳලා සිටිය යුතුයි. අංශ ප්‍රධානියෙක් ටයි එකක් පැළඳ සිටිය යුතුයි. එය තනතුරට කරන සැළකිල්ලකි. සුද්දා හදපු තනතුරුවල සුද්දා දීපු ඇඳුමෙන් සිටියාට කමක් නැත. (නි)

:       0       0

බමුණුසේන Tuesday, 10 January 2017 02:56 AM

කෝනාර, 1957 පළමු කාලයේ සරම අැන්ඳ අපේ තාත්තලත් කෝට් එකක් අැන්ඳා. සරම කෝට් එක අැන්ඳ මිනිස්සුත් ටයි දාලා හොඳ සපත්තුත් දැම්මා. දැන් රජයේ රැකියා වලට එන අය රබර් සෙරෙප්පු දාගෙන එන්නේ. කොළඹ රැකියාවට එන දෙමළ අය මැදවච්චිය පහුවෙනකොටම වේට්ටිය ගළවා කලිසම කෝට් අැඳගන්නවා. ඉරිදා සවසම රැකියාවලට යන අය සපත්තු පොලිෂ් කරනවා. එහෙම තිබුන රටක් මේ තත්වයට වැටිලා තිබෙන්නේ. (නි)

:       0       0

බෙනට් Tuesday, 10 January 2017 02:59 AM

බන්දුල, ඔබ හරියට හරි. ඒ කාලේ කකුලේ තුවාලයක් තිබුනොත් හැරෙන්නට පාසලට සෙරෙප්පු දැමීම සම්පූර්ණයෙන්ම තහනම්. (නි)

:       0       0

උදාර Tuesday, 10 January 2017 03:04 AM

ඇත්ත. ඇඳුම නෙමෙයි වැදගත් වෙන්නේ (නි)

:       0       0

ගයාන් Tuesday, 10 January 2017 03:25 AM

දැන් මොන මොන විකාර අඳියිද දන්නෙ නැහැ (නි)

:       0       0

සෙනරත් Tuesday, 10 January 2017 03:26 AM

එතකොට ඡන්දෙට ඇඳපු මෝදි ඇඳුමට මොකද වෙන්නේ? එ්ක සුදුසු නැත්ද රජයේ ඉහළ නිලධාරින්ට? අනේ! ගැහැණු උදවියගේ ඇඳුමත් වෙනස් කරන්නකෝ රෙද්ද හැට්ටෙට හරි. එතකොට මේ රජය ඉතිහාසගත වෙනවා (නි)

:       0       0

සිරි Tuesday, 10 January 2017 04:39 AM

නිවර්තන කලාපයේ ඇති ආසියා රටවල්වලට යුරෝපීය ඇඳුම ගැලපෙන්නෙ නැහැ. පිලිපීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව, පාකිස්තානය ඒ අයට ගැලපෙන ඇඳුමක් නිර්මාණය කරගෙන තියෙනවා. පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ අඳින සරල, යටකර නොඅඳින කමිසය උත්සව අවස්ථා වලට පවා භාවිතා කරනවා. මැද පෙරදිග රටවල් පවා ඔවුන්ගේ කාල ගුණයට ගැලපෙන ඇඳුමක් නිර්මාණය කරගෙන තියෙනවා. ඇයි අපිටත් ගැලපෙන ඇඳුමක් නිර්මාණය කරගන්න බැරි. (බ)

:       0       0

නිමල් Monday, 09 January 2017 09:24 AM

දැන් එතකොට කවුද රගපාලා තියෙන්නේ ! දවල් මිගෙල් රෑ ඩැනියල්. ගරු ජනාධිපතිතුමනි ජාතිකත්වයට මුල් තැන දීම අගය කරනවා. (බ)

:       0       0

සෞම්‍ය Tuesday, 10 January 2017 06:05 AM

එතකොට මෙතන අදහස අඳින ඇඳුම අනුව ජඩයා හෝ ජඩයා නොවෙනවා යන්නද ? ජඩයාට ටයි කෝට් හෝ උපන් ඇඳුමත් එකයි, මගේ අදහස මෙතන බලන්න වුවමනා විනය සහ රටක ගරුත්වයයි, මේ අය තමුන්ට වුවමනා විදිහට නොසුදුසු අැඳුම් අන්දලා රාජකාරියට එන එකක් නැහැ කියල සහතික වෙන්න පුළුවන් කාටද ? (බ)

:       0       0

දහම් Monday, 09 January 2017 09:43 AM

ඒ ජනාධිපති කවුද කියල කියන්න මෙයාට කොන්දක් නැහැ. ඒ ජනාධිපති තුමාට එහෙම නියෝග දෙන්න කියල නියෝග කළේ එයාගේ මැතිණියෝ කියන එක ඒ කාලේ මුළු රටම දන්නා කතාවක්. (බ)

:       0       0

ගමඇති Tuesday, 10 January 2017 06:22 AM

රාජ්‍ය උත්සවයකදී හෝ රජයේ කාර්යාලයකදී මාණ්ඩලික නිලධාරියා අනෙකුත් පුද්ගලයින්ගෙන් වෙන්කොට හඳුනාගැනීම සඳහායි මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ. නැතිනම් කාර්යාල කාර්ය සේවකයකුගෙන් මාණ්ඩලික නිලධාරියෙක් හැටියට හිතාගෙන තොරතුරු විමසන්න පුළුවන්. මෙයින් වන්නේ කාලය අපතේ යාමක්. (බ)

:       0       0

නලින් Monday, 09 January 2017 10:13 AM

ඒ උනාට මේ නීතිය ලිහිල් කලොත් වෙන්නේ තමන්ගේ නිලයට නොගැලපෙන්න ඇඳුම් අඳින එකයි. (ර)

:       0       0

නිසංකා Monday, 09 January 2017 10:23 AM

මේ යෝජනාව ගෙනාවේ කව්ද කියලා කියන්න බැරි ඇයි. (ර)

:       0       0

කරෝලිස් Monday, 09 January 2017 10:27 AM

ඇති යාන්තන් ලංකාවේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ විසඳලා (ර)

:       0       0

නුවන් Monday, 09 January 2017 10:31 AM

මීට වඩා වෙන ප්‍රශ්න නැද්ද? සහල් මිල අඩු කලොත් මොකද? (ර)

:       0       0

ලක්ෂි Monday, 09 January 2017 10:49 AM

මේකත් යහපාලන සංවර්ධන වැඩසටහනේ එක් අංගයක්ද. (බ)

:       0       0

ජයන්ත Monday, 09 January 2017 10:47 AM

දහම්, අපි නම් ඕක දන්නේ ගොඩක් කලින්. මම කියන්නේ මෙයා ශක්තිමත් නැති බව දන්නේ අපි ගොඩක් කලින්. අපරාදේ කියන්න බැහැ ඒක මෙතුමා මේ අවුරුදු දෙක තුල හොඳටම කාටත් පෙන්නුවා. (බ)

:       0       0

කසුන් Monday, 09 January 2017 10:51 AM

දැන් ඔක්කොම හරි. මම නම් මේක කරන්නේ කවද්ද කියල බල බලා හිටියේ. දැන් මම නම් සකල සම්පුර්ණය. (ර)

:       0       0

ජයන්ත Monday, 09 January 2017 10:56 AM

දැන් අපේ රටේ තිබුන අවසාන ප්‍රශ්නයත් ඔන්න මෙතුමා විසඳලා දැම්මා. (ර)

:       0       0

අසංක Monday, 09 January 2017 10:56 AM

කරන්න ඕන දාහක් දේවල් තියෙද්දී විකාර වැඩ කරන්නේ... (ර)

:       0       0

සාලිය Monday, 09 January 2017 10:58 AM

මම මේ ප්‍රශ්නෙට විසදුම් ලැබෙනකම් බලාගෙන හිටියේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1319 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2348 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1029 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9571 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3594 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site