මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ එහා මෙහා මාරුවන වීඩියෝවක් ලෙස "යාල් දේවි" රූපවාහිනි කතාමාලාවේ ප්‍රචාරය පටය හැඳින්විය හැකිය. සිංහල දමිළ මිනිසුන් අතර ඇති සහෝදරත්වය සහ කුරිරු යුද්ධයෙන් පසුව එම මිනිසුන්ගේ ජීවිත කෙසේ හැඩගැහුණේද යන්න කියාපෑමට උත්සාහයක් දරනා කතාමාලාවක් ලෙස "යාල් දේවි" රූපවාහිනි කතාමාලාව හැඳින්විය හැකිය. මෙහි ප්‍රධාන චරිතයක් සඳහා රංගනයෙන් දායක වන සුභාෂිනී බාලසුබ්‍රමනියම් එම කතාව පිළිබඳව පවසන්නේ මෙවැන්නකි.
"යාල් දේවි" ගැන කියනවානම් මේ වෙනකම් මෙගා නාට්‍යවලින් තිබුණු විලාසිතාවෙන් එහා ගිය කතාවක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොටස් 40 කින් විතර කියන කතාවක් මෙගා පැත්තට හැරුණා කියලා කියන්න පුළුවන්. ඒ තරම් ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්. මෙගා ටෙලිනාට්‍යවල අවසානය මොකක්ද කියල රංගනයෙන් දායක වන කවුරුත් දන්නේ නැහැනේ. නමුත් "යාල් දේවි" එකේ අවසානය මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. ඒවගේ නාට්‍යයක් තමයි "යාල් දේවි" කියන්නේ. ඒ වගේම කසුන් සමීර කියන්නේ තරුණ අධ්‍යක්ෂකවරයෙක්. "මීදුමක් වගේ" හොඳ නාට්‍යයක් කරපු කෙනෙක්. අනෙක් පැත්තට හැරිලා "යාල් දේවි" කියන නාට්‍යයෙන් වෙනසක් කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
ඒ සඳහා දායක කරගෙන තියෙන කණ්ඩායමත් ගොඩක් සහයෝගයක් දක්වනවා. මොරින් ආන්ටි, සාරංග අයියා, විනු, ශෙහානි, නිරංජනී වගේ කට්ටිය එකතු කරගෙන තියෙන එකම පුදුමයි. මොකද ඒ චරිත සඳහා හරියන කට්ටිය තමයි මේ සඳහා දායක කරගෙන තියෙන්නේ. ඒ බව දැනෙන්නෙ ඒ අයත් එක්ක රංගනයෙන් දායක වෙද්දී. "යාල් දේවි" කියන්නෙ යුද්ධ කාලයේදී තිබුණු ප්‍රශ්න පෙන්නන එකක් නෙමෙයි. "යාල් දේවි" කියන නම බලද්දී ගොඩක් අයට හිතෙයි ආයෙත් ඉතිං යුද කතාවක් හා එහිදී තිබුණ යුද්ධය පෙන්නයි කියලා. නමුත් එහෙම නෙමෙයි. එතැනින් එහාට අද වෙනකොට ජීවිතය කොහොමද තියෙන්නේ, සිංහල හා දෙමළ මිනිස්සු අතර තියෙන මිත්‍රත්වය කොහොමද? ඒ අය අතර තියෙන පොඩි පොඩි ප්‍රශ්න මොනවාද කියලා හරි ලස්සනට කියපු කතාවක් තමයි "යාල් දේවි" කියන්නේ.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුභාෂිනිගේ ෆේස්බුක් ගිණුම
දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'යාල් දේවි' කියන්නෙ යුද්ධය විකුණන්න හදන එකක් නෙමෙයි