IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


යාල මහ වනේ කෝටියක කංසා වනසයි

යාල ජාතික වනෝද්‍යානයේ අංක හතර කොටසේ මහ වනයේ කංසා හේනත් වටලා රුපියල් කෝටියක පමණ වීදි වටිනා කමක් ඇති කංසා තොගයක් පුළුස්සා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගෝනගංආර පොලිසිය කියයි.

මුරට තුවක්කුකරුවන් යොදවා වන අලින් ඇති වන සතුන් බහුල පෙදෙසක කංසා වගා කර තිබිණි.

බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ 47 කණුවේ සිට මහ වනාත්තරයේ මෙම වගාව කර ඇත.

අඩි හතක් අටක් උසට කංසා වැවී තිබිණි.

ලුහුබැද ගොස් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් කතරගම ගෝතමී ගම පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

යාල මහ වනේ කෝටියක කංසා වනසයි

ධර්මසිරි Friday, 05 July 2013 02:24 PM

අගය කල යුතු වැඩක්. කුඩු බෙදා හරින අයවත් අල්ලන්න . කරන ලොකුම පින් කම වේවි. (අ)

:       0       0

Dharmasiri Friday, 05 July 2013 02:25 PM

අගය කල යුතු වැඩක්. කුඩු බෙදා හරින අයවත් අල්ලන්න . කරන ලොකුම පින් කම වේවි. (අ)

:       0       0

සමන් කුමාර Saturday, 06 July 2013 06:35 AM

අපිත් ඕවා බොනවා. ටික ටික පොලිසියේ මාමලා අරන් ගියාද දන්නේ නැහැ නේද? අපේ ගමෙත් පොලිසියක් තියනවා. ඒ අයනම් හරිම හොදයි. නඩු දාන්නේ නැහැ. අහුවුනොත් ලබන සතියේ එන්නම් කියලා රු 5000 අරන් යනවා. ඒ අය හරි හොදයි. නේද? දන්නෝ දනී (නි)

:       0       0

සඳනි Friday, 05 July 2013 02:33 PM

අක්කර ගණනක කන්සා වවද්දී වන සන්රක්ෂක නිලධාරීන් හා වනජීවී නිලධාරීන් නොදැන සිටිනවා නොවෙයි.ඔවුනුත් මේ ජාවාරමේ කොටස් කරුවෝය. (අ)

:       0       0

නුවන්තිලක Friday, 05 July 2013 02:45 PM

හොදට හොයලා බලන්න අර අහවලගෙ වෙන්න පුළුවන් ඕකත්.(අ)

:       0       0

දර්ශන Friday, 05 July 2013 07:20 PM

මේවා විනාශ කරන්නේ නැතුව ආයුර්වේදයට දෙන්න, එත කොට විදේශ විනිමයත් ඉතුරු කරන්න පුලුවන්. ගිනි තැබීමෙන් අනෙත් ශාක සත්ව ප්‍රජාවටට හානිත් නැහැ.(නදී)

:       0       0

අජාන් Friday, 05 July 2013 07:41 PM

විනාශ කරන්නේ නැතිව රට යවන්නයි තිබ්බේ පැකට් කරලා.(නදී)

:       0       0

රන්දි Saturday, 06 July 2013 06:53 PM

මොහොමඩ් ...? පාතාලයේ මොට්ටක්කිලියොත් ..හලාල්ද...? නිකන් වරිගේ නහගන්න හදන්න එපා ....? (නදී)

:       0       0

දස්පේ Friday, 05 July 2013 03:27 PM

මට තාම තේරෙන්නේ නෑ ඇයි මේවා වවන්න දෙන්නේ නැති එක මත්පැන් නිතියනුකුලිනේ ඇයි මේවා (අ)

:       0       0

අචින් Saturday, 06 July 2013 09:38 AM

ඕවා ගහපු නැති කොල්ලෝ හුඟක් අඩුයි. පොලිස් කාරයාගේ ඉදලා ගහනවානේ. අනික ඕවා ගිනිතියන්න හොද නැහැ. පරිසර විනාශය. (නි)

:       0       0

බොරගල්ල Tuesday, 09 July 2013 09:27 AM

ලංකාවේ කංසා විනාස කරනවා. "කේරල ගංජා" ලංකාවේ විකුනනවා. (නදී)

:       0       0

තිලින Friday, 05 July 2013 03:46 PM

නියමම තමයි (දී)

:       0       0

නිමල් Saturday, 06 July 2013 10:27 AM

සෑම් මහත්මයෝ, ඔබේ අදහසට පින්. රනා මහත්තයා, මේ රට කෑවේ දේශපාලකයෝ. මමත් රැකියාව කරන කාලේ ඔය දේශපාලකයන් ටික දෙනෙකු සමග රාජකාරි වශයෙන් වැඩකළා.නමුත් එදා සිටියේ කෙලින් වැඩ කරන පරිපාලන නිලදාරීන්. ඔවුන් මාව බේරගත්තා. මේ රජයේ සිටින ප්‍රබල ඇමතිවරයෙකු පවා එදා මට පහර දුන්නා.නමුත එයාටත් බැරි වුනා මගේ වැඩ තහනම් කරවීමට. මුළු විස්තර කියන්න ගියොත් මම කවුදැයි දැනගන්න ඉඩ තියෙනවා. එදා සිටි පරිපාලන නිලදරීන්ට එසේ කල හැකි වුවාට අද සිටින අයට එසේ කරන්න බැරි බව පෙනෙනවා. ඒක නිසා පරිපාලන නිලදාරීන්ට බනින්න එපා. (නි)

:       0       0

ලලිත්-ශ්‍රී ලංකා Saturday, 06 July 2013 09:30 PM

අනේ අපිනම් ඕවා කරන්නේ නැහැ දේශපාලකයන්ට කත් අදින්නෙත් නැහැ.(නදී)

:       0       0

කෙවින් Saturday, 06 July 2013 10:54 AM

'' දුමට උඩින් කොක්කු ගියා........... සිහින ලෝකේ පාවී ගියා......... තටු ගහන්න මතක නැතිව........ මල කෙලියක් වෙන්න ගිහින්....... පොලිස් රාලහාමි දුන් උපදෙසින්...... යන්තමට පන බේරන්....... යන්න ගියා දුමට උඩින්......''.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 05 July 2013 04:09 PM

සාර්ථක හෙළබිමේ හෙළයන්ගේ වගාවක අසාර්ථක නිමාව... (දී)

:       0       0

අප්නේ Saturday, 06 July 2013 11:53 AM

ගංජා වලින් ප්‍රයෝජන රැසක් ගන්න පුලුවන් එකේ මේ අය නිකන් ගිනි තියලා නාස්ති කරනවා. කුඩු ඕනෑ තරම් තියෙන්නේ, ඇයි ඒවා අල්න්නේ නැතිව ගංජා අල්ලලන්නේ. ගංජා ගහලා මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. සුද්දෝ උන්ගේ ජරා දුන්කොළ, රසායනිකව හදලා අරක්කු පොවලා අවුරුද්දකට මිලියනයක් මිනිස්සු මැරෙනවා ලෝකේ. ඒකට කිසිම අවුලක් නැහැ. ගංජා ගහලා ස්ත්‍රී දුෂණයක්, කොල්ලකෑම්, සන්ඩු සරුවල් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මුන් සුද්දටම බැන බැන උන්ගේ දෙවල්ම අපිට කවනවා පොවනවා. ගංජා බොනවට වැඩිය කරන්න පුළුවන් ඕනා තරම් දේවල් තියෙනවා. කොහෙද අපේ ලංකාවේ ඉන්න හරක් ඕවා ගැන දන්නෙත් නැහැ. ලංකාවේ රජවරුත් බීපු දෙයක්නේ.(නදී)

:       0       0

වරුණ Friday, 05 July 2013 04:26 PM

යාලේ ඔච්චර ප්‍රමාණයක වවනකම් වනජීවී වන සංරක්ෂණ එකේ මාමලට නින්ද ගිහින් තිබිලද? එක්කෝ වවන්නෝ දිනන්නෝ කියලා හිතුවද දන්නෙ නැහැ (දී)

:       0       0

ජනත් Saturday, 06 July 2013 12:00 PM

අනේ මෙවන් අපරාදයක්.(නදී)

:       0       0

දමිත් Friday, 05 July 2013 04:33 PM

ලෝක අපරාධයක් ... (දී)

:       0       0

කමල් Saturday, 06 July 2013 12:39 PM

දැන් වටේ ඉන්න කුරුල්ලෝ ටිකට, බඹරු ටිකට, මීමැස්සෝ ටිකට හොදට ආතල් ඇති ...මොකද මේ ගිනි වල දුමට .(නදී)

:       0       0

ප්‍රදීපි Friday, 05 July 2013 04:56 PM

මේවා විනාශ කරන්නේ නැතුව ආයුර්වෙදයට දුන්නනම් තම හොඳා (අ)

:       0       0

ඉන්දික Friday, 05 July 2013 04:59 PM

ඇයි මෙහෙම මේවා වනසන්නේ? කොච්චර අමාරුවෙන් වවපු දේවල්ද? (දී)

:       0       0

අමිල කටුනායක Friday, 05 July 2013 05:01 PM

අපි නම් මේ පැළ අදුනන්නෙ නැහැ. හදිසියේවත් අපේ වත්තක පැළයක්වත් තිබුණොත් පොලිසියේ මාමා කෙනෙක් කියලා දෙනකම්ම ඉන්න වෙනවා (දී)

:       0       0

අනුර Saturday, 06 July 2013 01:41 PM

මේවා ජාතික අපරාද දේශීය නිෂ්පාදන වලට අත දිය යුතුය. ඒවා වනසා පිටරට ස්පිරිත්තු ගෙන්වා බෙදා හැරීම හරිද මන් අහන්නේ. (නදී)

:       0       0

අනුර Saturday, 06 July 2013 01:43 PM

නිමල් ලොක්කෝ මක්කැයි මේ කියන්නේ මේවා දේශීය නිෂ්පාදන ඔහෙට පිස්සුද?(නදී)

:       0       0

අනුර Saturday, 06 July 2013 01:47 PM

මොහොමඩ් මහතුන් සේනාව අදාල මුස්ලිම් අන්තවාදයට සහ පන්සිල් නොරකින බෞද්දයන්ට පමණි දේශීය නිෂ්පාදන වලට වත් ඔහෙට වත් සේනාව අදාල නැත (අ)

:       0       0

තිලා Saturday, 06 July 2013 02:23 PM

මත්පැන් නීත්යානුකූලයි, මොකද ඒවාට රාජ්‍ය බද්දක් තියෙන හින්දා, මේවට බද්දක් ගහන්න බැරි හින්දා මේවා වවන උන්ගෙන් බදු අයකිරීමක් හැටියට දඩයක් ගන්නවා.. (අ)

:       0       0

සම්පත් Friday, 05 July 2013 05:34 PM

ශේරිෆ්ලා නම් බංගලාදේශයේ කට්ටියනේ නේද? (දී)

:       0       0

ලහිරු Friday, 05 July 2013 05:35 PM

අපරාදේ.(නදී)

:       0       0

ශ්‍රීලාල් Saturday, 06 July 2013 02:31 AM

මේ බෙහෙත් ආයුර්වේද ක්‍රමයට ඉතාමත් අවශ්‍ය දෙයක්. මේක විනාශ කරලා ආයුර්වේදයට අවශ්‍ය කංසා කේරලයෙන් ගෙන්වනවා. ඉස්සරවෙලා ඔය ඉතාමත් භයානක හෙරොයින් ආදී ඒවා නතරකරලා ඉන්න. (නි)

:       0       0

අනුර Monday, 08 July 2013 08:39 AM

හෙරොයින් විකිනෙන්නේ නැහැ මේ ගස් නිසා. යමක් තේරුම් ගන්නේ නැහැනේ ඔයාලා (නි)

:       0       0

සරත් Friday, 05 July 2013 01:45 PM

ඕවා කොච්චර විනාශ කලත් ඕවට දේශපාලුවෝ සම්බන්ධයි. විනාශ කලත් ඕවා නැවත වවනවා (දී)

:       0       0

අප්පුහාමි Monday, 08 July 2013 08:44 AM

නුවන්තිලක,දැන් ඕවා කරන්නේ නැහැ, ලොකු ලොකු වැඩ තමා කරන්නේ. (නි)

:       0       0

තිසා Friday, 05 July 2013 06:04 PM

මට දුක මේ වනාන්තර වලට වෙන හදිය. එක පැත්තකින් කංසා,අනිත් පැත්තෙන් එයාර්-පොර්ට්, අනිත් අය ගස්ටික කපාගෙන සත්තු ටික මරනවා. ගරු මැති ඇමතිවරුනි, මොනවා හෝ ක්‍රමයක් යොදා මේ විනාශයන් නතර කර දෙන්න (දී).

:       0       0

අනුර Monday, 08 July 2013 08:47 AM

ලලිත්-හැමදාම එක තැන පුළුවන් තරම් මුට්ටිය අල්ලන පුරුදු වෙනවා හොඳයි.(නදී)

:       0       0

මොහොමඩ් Friday, 05 July 2013 06:06 PM

මේවා හොයන්නේ නැද්ද අර සේනාව. හලාල් වෙන්න ඇති.(නදී)

:       0       0

රනා Friday, 05 July 2013 06:07 PM

ගොඩක් දේශපාලකයන්ට බනිනවා. නිලදාරීන් ඊටත් වඩා දුෂිතයි. නාලිකාවලින් මේ ගැන වැඩ සටහන් හදන්නේ නැහැ. කාටුන් හද හදා දේශපාලකයන්ට විතරක් ඔච්චම් කර කර ඉන්නවා. රට නිලදාරීන් මුළුමනින්ම වනසනවා. ඒ අය ප්‍රබල හින්දා තරහ කරගන්න කැමති නැහැ. (දී)

:       0       0

සෑම් Saturday, 06 July 2013 05:29 AM

දේශපාලුවෝ විනාශ කලාම මේ ඔක්කොම හරියනවා (නි)

:       0       0

රුක්මන් Friday, 05 July 2013 02:08 PM

තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් ඇයි මේ කංසා පුළුස්සා දමන්නේ? දෙන්න මේවා ඖෂධ සංස්ථාවට (දී)

:       0       0

රන්දි Friday, 05 July 2013 02:11 PM

අපේ රටේ හමුදාවට දැන් නිදහස තියන නිසා අර රුසියාවෙන් ගෙන්වපු හෙලිකොප්ටර් වලින් 2 ක් විතර දීලා සෑම ජාතික වන උද්‍යානවලම දිවා රාත්‍රී සෝදිසියට යැව්වනම් ඔය වනජීවී මහතුරුත් ටිකක් ශක්තිමත් වෙනවා. පොලිසියටත් හොද සේවයක් කරන්න පුළුවන්. උඩින් යන හෙලිකොප්ටරේ දෙන ඉසව් බලාගෙන ගිහින් අපරාද වලක් වන්න පුළුවන්. දේශපාලුවෝ කරන දැව ජාවාරමටත් තිත තියන්න පුළුවන්. ගංජා වලටත් , කැලේ ගිනි පාලුවන්ටත්, තිත තියලා අපේ වනසත්තු ටිකයි කැලේ ගස් ටිකයි ඉතුරු කරගෙන ඔය ගංජා කාරයෝ විනාස කළහැකියි. පිටරට වලත් මේ විදියේ ක්‍රම තමා අනුගමනය කරන්නේ. අපේ රටවල මේවා ක්‍රියා කරනවට ලොක්කෝ කැමති නැහැ එයාලට පාඩුයි. පාටිවලට දඩ මස් හොයන්න කෙනෙක් නැතිවෙනවා. වන ජීවී නිලධාරිනි ඇයි මේවගේ යෝජනා රජයට ඉදිරි පත් නොකරන්නේ ගංජා වවන අය කව්ද කියල හෙළිකරන්න පුළුවන් නේද කැලේපාලුවෝ? එයාලවත් අල්ලන්න පුළුවන්.(නදී)

:       0       0

කුමාර Friday, 05 July 2013 02:21 PM

මෙම වනාන්තර සතියකට වරක් යූ.ඒ.වී. යානා මගින් නිරීක්ෂණය කිරීම වැදගත් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 937 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 421 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 277 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 837 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 716 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site