යාල ජාතික වනෝද්‍යානයේ අංක හතර කොටසේ මහ වනයේ කංසා හේනත් වටලා රුපියල් කෝටියක පමණ වීදි වටිනා කමක් ඇති කංසා තොගයක් පුළුස්සා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ගෝනගංආර පොලිසිය කියයි.
මුරට තුවක්කුකරුවන් යොදවා වන අලින් ඇති වන සතුන් බහුල පෙදෙසක කංසා වගා කර තිබිණි.
බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ 47 කණුවේ සිට මහ වනාත්තරයේ මෙම වගාව කර ඇත.
අඩි හතක් අටක් උසට කංසා වැවී තිබිණි.
ලුහුබැද ගොස් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් කතරගම ගෝතමී ගම පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ජාතික අපරාද දේශීය නිෂ්පාදන වලට අත දිය යුතුය. ඒවා වනසා පිටරට ස්පිරිත්තු ගෙන්වා බෙදා හැරීම හරිද මන් අහන්නේ. (නදී)
විනාශ කරන්නේ නැතිව රට යවන්නයි තිබ්බේ පැකට් කරලා.(නදී)
මේ බෙහෙත් ආයුර්වේද ක්‍රමයට ඉතාමත් අවශ්‍ය දෙයක්. මේක විනාශ කරලා ආයුර්වේදයට අවශ්‍ය කංසා කේරලයෙන් ගෙන්වනවා. ඉස්සරවෙලා ඔය ඉතාමත් භයානක හෙරොයින් ආදී ඒවා නතරකරලා ඉන්න. (නි)
දේශපාලුවෝ විනාශ කලාම මේ ඔක්කොම හරියනවා (නි)
අපිත් ඕවා බොනවා. ටික ටික පොලිසියේ මාමලා අරන් ගියාද දන්නේ නැහැ නේද? අපේ ගමෙත් පොලිසියක් තියනවා. ඒ අයනම් හරිම හොදයි. නඩු දාන්නේ නැහැ. අහුවුනොත් ලබන සතියේ එන්නම් කියලා රු 5000 අරන් යනවා. ඒ අය හරි හොදයි. නේද? දන්නෝ දනී (නි)
ඕවා ගහපු නැති කොල්ලෝ හුඟක් අඩුයි. පොලිස් කාරයාගේ ඉදලා ගහනවානේ. අනික ඕවා ගිනිතියන්න හොද නැහැ. පරිසර විනාශය. (නි)
සෑම් මහත්මයෝ, ඔබේ අදහසට පින්. රනා මහත්තයා, මේ රට කෑවේ දේශපාලකයෝ. මමත් රැකියාව කරන කාලේ ඔය දේශපාලකයන් ටික දෙනෙකු සමග රාජකාරි වශයෙන් වැඩකළා.නමුත් එදා සිටියේ කෙලින් වැඩ කරන පරිපාලන නිලදාරීන්. ඔවුන් මාව බේරගත්තා. මේ රජයේ සිටින ප්‍රබල ඇමතිවරයෙකු පවා එදා මට පහර දුන්නා.නමුත එයාටත් බැරි වුනා මගේ වැඩ තහනම් කරවීමට. මුළු විස්තර කියන්න ගියොත් මම කවුදැයි දැනගන්න ඉඩ තියෙනවා. එදා සිටි පරිපාලන නිලදරීන්ට එසේ කල හැකි වුවාට අද සිටින අයට එසේ කරන්න බැරි බව පෙනෙනවා. ඒක නිසා පරිපාලන නිලදාරීන්ට බනින්න එපා. (නි)
'' දුමට උඩින් කොක්කු ගියා........... සිහින ලෝකේ පාවී ගියා......... තටු ගහන්න මතක නැතිව........ මල කෙලියක් වෙන්න ගිහින්....... පොලිස් රාලහාමි දුන් උපදෙසින්...... යන්තමට පන බේරන්....... යන්න ගියා දුමට උඩින්......''.(නදී)
ගංජා වලින් ප්‍රයෝජන රැසක් ගන්න පුලුවන් එකේ මේ අය නිකන් ගිනි තියලා නාස්ති කරනවා. කුඩු ඕනෑ තරම් තියෙන්නේ, ඇයි ඒවා අල්න්නේ නැතිව ගංජා අල්ලලන්නේ. ගංජා ගහලා මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. සුද්දෝ උන්ගේ ජරා දුන්කොළ, රසායනිකව හදලා අරක්කු පොවලා අවුරුද්දකට මිලියනයක් මිනිස්සු මැරෙනවා ලෝකේ. ඒකට කිසිම අවුලක් නැහැ. ගංජා ගහලා ස්ත්‍රී දුෂණයක්, කොල්ලකෑම්, සන්ඩු සරුවල් ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මුන් සුද්දටම බැන බැන උන්ගේ දෙවල්ම අපිට කවනවා පොවනවා. ගංජා බොනවට වැඩිය කරන්න පුළුවන් ඕනා තරම් දේවල් තියෙනවා. කොහෙද අපේ ලංකාවේ ඉන්න හරක් ඕවා ගැන දන්නෙත් නැහැ. ලංකාවේ රජවරුත් බීපු දෙයක්නේ.(නදී)
අනේ මෙවන් අපරාදයක්.(නදී)
දැන් වටේ ඉන්න කුරුල්ලෝ ටිකට, බඹරු ටිකට, මීමැස්සෝ ටිකට හොදට ආතල් ඇති ...මොකද මේ ගිනි වල දුමට .(නදී)
මේවා විනාශ කරන්නේ නැතුව ආයුර්වේදයට දෙන්න, එත කොට විදේශ විනිමයත් ඉතුරු කරන්න පුලුවන්. ගිනි තැබීමෙන් අනෙත් ශාක සත්ව ප්‍රජාවටට හානිත් නැහැ.(නදී)
නිමල් ලොක්කෝ මක්කැයි මේ කියන්නේ මේවා දේශීය නිෂ්පාදන ඔහෙට පිස්සුද?(නදී)
මොහොමඩ් මහතුන් සේනාව අදාල මුස්ලිම් අන්තවාදයට සහ පන්සිල් නොරකින බෞද්දයන්ට පමණි දේශීය නිෂ්පාදන වලට වත් ඔහෙට වත් සේනාව අදාල නැත (අ)
මත්පැන් නීත්යානුකූලයි, මොකද ඒවාට රාජ්‍ය බද්දක් තියෙන හින්දා, මේවට බද්දක් ගහන්න බැරි හින්දා මේවා වවන උන්ගෙන් බදු අයකිරීමක් හැටියට දඩයක් ගන්නවා.. (අ)
මොහොමඩ් ...? පාතාලයේ මොට්ටක්කිලියොත් ..හලාල්ද...? නිකන් වරිගේ නහගන්න හදන්න එපා ....? (නදී)
අනේ අපිනම් ඕවා කරන්නේ නැහැ දේශපාලකයන්ට කත් අදින්නෙත් නැහැ.(නදී)
හෙරොයින් විකිනෙන්නේ නැහැ මේ ගස් නිසා. යමක් තේරුම් ගන්නේ නැහැනේ ඔයාලා (නි)
නුවන්තිලක,දැන් ඕවා කරන්නේ නැහැ, ලොකු ලොකු වැඩ තමා කරන්නේ. (නි)
ලලිත්-හැමදාම එක තැන පුළුවන් තරම් මුට්ටිය අල්ලන පුරුදු වෙනවා හොඳයි.(නදී)
ලංකාවේ කංසා විනාස කරනවා. "කේරල ගංජා" ලංකාවේ විකුනනවා. (නදී)
යාලේ ඔච්චර ප්‍රමාණයක වවනකම් වනජීවී වන සංරක්ෂණ එකේ මාමලට නින්ද ගිහින් තිබිලද? එක්කෝ වවන්නෝ දිනන්නෝ කියලා හිතුවද දන්නෙ නැහැ (දී)
තාක්ෂණය මෙච්චර දියුණු වෙලත් ඇයි මේ කංසා පුළුස්සා දමන්නේ? දෙන්න මේවා ඖෂධ සංස්ථාවට (දී)
අපේ රටේ හමුදාවට දැන් නිදහස තියන නිසා අර රුසියාවෙන් ගෙන්වපු හෙලිකොප්ටර් වලින් 2 ක් විතර දීලා සෑම ජාතික වන උද්‍යානවලම දිවා රාත්‍රී සෝදිසියට යැව්වනම් ඔය වනජීවී මහතුරුත් ටිකක් ශක්තිමත් වෙනවා. පොලිසියටත් හොද සේවයක් කරන්න පුළුවන්. උඩින් යන හෙලිකොප්ටරේ දෙන ඉසව් බලාගෙන ගිහින් අපරාද වලක් වන්න පුළුවන්. දේශපාලුවෝ කරන දැව ජාවාරමටත් තිත තියන්න පුළුවන්. ගංජා වලටත් , කැලේ ගිනි පාලුවන්ටත්, තිත තියලා අපේ වනසත්තු ටිකයි කැලේ ගස් ටිකයි ඉතුරු කරගෙන ඔය ගංජා කාරයෝ විනාස කළහැකියි. පිටරට වලත් මේ විදියේ ක්‍රම තමා අනුගමනය කරන්නේ. අපේ රටවල මේවා ක්‍රියා කරනවට ලොක්කෝ කැමති නැහැ එයාලට පාඩුයි. පාටිවලට දඩ මස් හොයන්න කෙනෙක් නැතිවෙනවා. වන ජීවී නිලධාරිනි ඇයි මේවගේ යෝජනා රජයට ඉදිරි පත් නොකරන්නේ ගංජා වවන අය කව්ද කියල හෙළිකරන්න පුළුවන් නේද කැලේපාලුවෝ? එයාලවත් අල්ලන්න පුළුවන්.(නදී)
මෙම වනාන්තර සතියකට වරක් යූ.ඒ.වී. යානා මගින් නිරීක්ෂණය කිරීම වැදගත් (දී)
අගය කල යුතු වැඩක්. කුඩු බෙදා හරින අයවත් අල්ලන්න . කරන ලොකුම පින් කම වේවි. (අ)
අගය කල යුතු වැඩක්. කුඩු බෙදා හරින අයවත් අල්ලන්න . කරන ලොකුම පින් කම වේවි. (අ)
අක්කර ගණනක කන්සා වවද්දී වන සන්රක්ෂක නිලධාරීන් හා වනජීවී නිලධාරීන් නොදැන සිටිනවා නොවෙයි.ඔවුනුත් මේ ජාවාරමේ කොටස් කරුවෝය. (අ)
හොදට හොයලා බලන්න අර අහවලගෙ වෙන්න පුළුවන් ඕකත්.(අ)
මට තාම තේරෙන්නේ නෑ ඇයි මේවා වවන්න දෙන්නේ නැති එක මත්පැන් නිතියනුකුලිනේ ඇයි මේවා (අ)
නියමම තමයි (දී)
සාර්ථක හෙළබිමේ හෙළයන්ගේ වගාවක අසාර්ථක නිමාව... (දී)
ඕවා කොච්චර විනාශ කලත් ඕවට දේශපාලුවෝ සම්බන්ධයි. විනාශ කලත් ඕවා නැවත වවනවා (දී)
ලෝක අපරාධයක් ... (දී)
මේවා විනාශ කරන්නේ නැතුව ආයුර්වෙදයට දුන්නනම් තම හොඳා (අ)
ඇයි මෙහෙම මේවා වනසන්නේ? කොච්චර අමාරුවෙන් වවපු දේවල්ද? (දී)
අපි නම් මේ පැළ අදුනන්නෙ නැහැ. හදිසියේවත් අපේ වත්තක පැළයක්වත් තිබුණොත් පොලිසියේ මාමා කෙනෙක් කියලා දෙනකම්ම ඉන්න වෙනවා (දී)
ශේරිෆ්ලා නම් බංගලාදේශයේ කට්ටියනේ නේද? (දී)
අපරාදේ.(නදී)
මට දුක මේ වනාන්තර වලට වෙන හදිය. එක පැත්තකින් කංසා,අනිත් පැත්තෙන් එයාර්-පොර්ට්, අනිත් අය ගස්ටික කපාගෙන සත්තු ටික මරනවා. ගරු මැති ඇමතිවරුනි, මොනවා හෝ ක්‍රමයක් යොදා මේ විනාශයන් නතර කර දෙන්න (දී).
මේවා හොයන්නේ නැද්ද අර සේනාව. හලාල් වෙන්න ඇති.(නදී)
ගොඩක් දේශපාලකයන්ට බනිනවා. නිලදාරීන් ඊටත් වඩා දුෂිතයි. නාලිකාවලින් මේ ගැන වැඩ සටහන් හදන්නේ නැහැ. කාටුන් හද හදා දේශපාලකයන්ට විතරක් ඔච්චම් කර කර ඉන්නවා. රට නිලදාරීන් මුළුමනින්ම වනසනවා. ඒ අය ප්‍රබල හින්දා තරහ කරගන්න කැමති නැහැ. (දී)