දඩයක්කරුවකුගේ උගුලකට හසු වූ වලසකුගේ ජීවිතය බේරා ගැනීමට යාල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හා පශු වෛද්‍ය කණ්ඩායමක් අද සමත්විය.
තමන්ගේ හේනේ විශාල ගසක් උඩ කම්බි උගුලක් සමග දඟලමින් සිටි වළසා දුටු සිතුල්පව්වේ බැබව අලිවල කේ එම් ජයවර්ධන මහතා ඒ බව වනජීවී නිලධරයන්ට දැනුම් දුන්නේය.
නිර්වින්දනය කළ වළහා අඩි 30ක් පමණ උස ගසෙන් පහළට ගැනීමට වනජීවී නිලධරයන් දැඩි වෙහෙසක් දැරූ බව ප්‍රදේශවාසීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් ආන සියල්ලන්ටම තේරෙයි ඔයාලත් ඔය පැත්තේ කුඩා ගෙයක් හදාගෙන හේනක් වගා කරගෙන ඉන්නකොට මේ දේ වුණා නම්... මොනවා වුණත් ඔහුගේ පණ බේරා ගැනීමට හැකි වීම සතුටක් (නි)
අරනෝලිස් ට උගුලක් අට වන්න වේයි වගේ ? (නදී)
මෙතන තියෙන අදහස් දැක්කහම වෙලාවකට ලංකාවේ මිනිස්සු ගැන පුදුමත් හිතෙනවා (නි)
පෙම්බර මදු මගේ මා නැතේ එබෙන් මිදුනේ. සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ. පෙම්බර මදු මගේ.(නදී)
අනේ අනිච්චන් වලහෙක් ගිය උධක් (නදී)
මනුස්සයා කියන සතා මනුස්සයාට වගේම තිරිසනාටත් උගුල් අටවනවා (නි)
අනේ ඒ අහිංසක සතා බේරාගත් හැමටම ඒ පින් බලෙන් සසරින් එතෙර වීමට මං විවර වේවා ...!!! (නි)
මොනවා උනත් වන ජීවී නිලදාරින්ට නම් බොහොම පින් අසරණ සතෙකුගේ ජිවිතයක් බේරගත්තට (නදී)
ජයවර්ධන මහත්තයා නොවලහා දැනුම් දීම වටිනවා වලහට.(නදී)
උගුල පැටලිලා තිබුනේ වලහගේ නැට්ටේ (අ)
"කුසුම්" - ඔය නැගල තියෙන්නේ එතුමා හම්බවෙන්න නෙවෙයි. අර ලුම්බිණියේ නටබුන් මතු වුනාට පස්සේ එල්ලෙන්න වැලක් නැතුව ගහකට නැගලා. ඒකයි! (දිල්)
ඈ..... පහන්, ඒ කියන්නේ වලස්සුත් බයයි අපේ දේශපාලුවන්ට.(නදී)
කුමාරි මිනිසුන්ට මොලයක් තියෙන්නේ හිතන්න. ඔයා මොනවා හිතනවද මන්දා බුදු සරණයි ! (නදී)
ඇයි කලින් වාර්තා වුනා නේද දැන් ලංකාවේ වලස්සු නැහැ ඔක්කොම වඳ වෙලා කියලා. (නදී)
හැබැයි ඉතින් ඔන්න දැන් මෙතන ඉන්න උපාසක නෝනලා, මහත්තුරු වලහා ගැන වර්ණනා කරනවා. ඉතින් වලහා මනුෂ්‍යයෙක්ව හරි පොඩි දරුවෙක්ව මරලා කාපු දවසක අපේ උපාසක අය මනුෂ්‍යයාව වර්ණනා කරනවා. (නි)
හැබෑටම එහෙම වෙලාද පහන්? (නි)
උතුම් ක්‍රියාවකි, අපිට බලන්න තව ෆොටෝ දානවා නම් සතුටුයි. (නි)
වද වේගෙන යන මේ සත්තු ගැන අදාල බලධාරින් ගේ අවධානය යොමුවේවා .(දිල්)
ඔච්චර උඩ උගුල අටවලත් ගොදුර ලබා ගැනීමට නොහැකි වූ දඩයක්කරුට මගේ සංවේගය! (නි)
ඉතින් ඉතින් පහන් කියන්නකෝ ඉතුරු ටිකත්. ඔහොම බාගෙට නැවත්තුවම අපි නිකන් කරකවල අත්හැරියා වගේ.(නදී)
ඔබලාට ගොඩක් පින් අහිංසක සතෙකුගේ ජීවිතය බේරුවාට. (නදී)
අපේ දේසපාලක තුමෙක් ගමනක් යනකොට වලස්සු දෙන්නෙක් ඉස්සරහට ආවලු. එක වලහෙක් මරුන වගේ බිම නිදාගත්තළු අනිත් වලහා දුවල දුවල ගිහිල්ල ගහකට නැග්ගලු (නදී)
කුමන හෝ අසාධාරණයක් සිදුවෙලා හෝ විරෝධයක් පාන්න හෝ ජනාධිපති තුමා මුණ ගැහෙන්න වත් නෙමේ නේද වලසා ගසට නැග තිබෙන්නේ? මේ ෆොටෝ එක දැක්කහම මට මතක් උනේ, දැන් අපේ අය ගස් උඩට නගින්නේ ඒ වගේ හේතු නිසානේ ඒකයි.(නදී)
දඩයක්කරු අල්ලලා ගහ උඩ උගුලට දමන්න තියෙන්නේ. ඒ වේදනාව දැනෙන්න. බේරා ගත් සැමට පින්!(නදී)
කතාකරගන්න හැකිනම් උගුල අටෝපු එකා ගැන හා ඉන් ගලවා ගැනීමට උරදුන් සියලු දෙනා ගැන මේ සතා මොනවා කියයිද? උරදුන් සැමට පින්සිදු වේවා! (නදී)