IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යෞවනයේ සිහින තරු මාවතේ කිරුළ හිමි ජනිත්

යෞවනයේ සිහින සැබෑ කරන සිහින තරු මාවතේ 6 වන අදියරේ කිරුළ හිමි කරගන්නට හැකිවුණේ ජනිත් ඉද්දමල්ගොඩටය.

 

2016-03-18-ent-80‘ඞී‍්‍රම් ස්ටාර්’ වේදිකාවේ බුලට් එක නමින් හැඳින්වුණු ඒ හැඩකාර යෞවනයාට මේ වනවිට දෙස් විදෙස් වේදිකාවල ගී ගයන්නටත් අවස්ථාව ලැබී තියෙන්නේත් ඔහු සතු දක්ෂතා නිසාමයි. පේ‍්‍රක්ෂකයන්ගේ ඉහළම ජනප‍්‍රියත්වය සහ ආකර්ෂණය ලබාගත් ඔහුගේ කතාවයි මේ...
 

01. මම පළමුවෙන්ම නාලන්දට පාසල් ආපු දවස හොඳට මතකයි. ඒ දවසෙ මට ගොඩක් සතුටු හිතුණා. සංගීතමය ශිෂ්‍යත්වයකින් මම ආවේ. ශිෂ්‍යත්වය සමත් වෙලා. 2008.09.09 වෙනිදා තමයි නාලන්දෙට ඇතුළත් වුණේ. අම්මයි, තාත්තයි එක්ක පළවෙනි දවසෙ ගියෙ. එදා ඉතින් ගොඩක් සතුටුයි. තාත්තා කිව්වා නාලන්දෙන් කවදහරි යද්දී ඉස්කෝලෙ නම තියලා යන්න හොඳ දෙයක් කරලා කියලා. ඒ දේ මට අද වෙද්දී කරන්න ලැබිලා තියෙනවා. ඒ ගැන කියන්න බැරිතරම් සතුටුයි.
 

02. මගෙ O/L ප‍්‍රතිඵල ආපු දවසත් ගොඩක් සතුටු හිතුණා. මට A8, B1 තිබුණා. ගොඩක් අය හිතුවෙ මම ෆේල් වෙයි කියලා. මොකද ඉස්කෝලෙ බාහිර වැඩ ගොඩක් කළේ. මේ විදියෙ රිසල්ට් ලැබෙයි කියලා කවුරුත් හිතුවෙ නෑ. ඒත් මම පුළුවන් හැම වෙලාවකම මහන්සිවෙලා පාඩම් කළා. රිසල්ට් ආවම මගෙ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වුණා. හැමෝම හොඳ කිව්වා. ඒ නිසා හරිම සතුටක් හිතට දැනුණා. ඒ සතුට මෙහෙමයි කියලා කියන්න බැරි තරම්.
 

03. Dream Star තරඟයට සහභාගි වෙලා අවසාන මහා තරඟයට තේරුණු දවස මගෙ ජීවිතේ ලබපු ඉහළම සතුටක්. අන්තිම 4 දෙනාගෙන් 3 දෙනාට ආවෙ මගෙම සහෝදරයෙක් වගේ හිටපු ධනුෂ්කගෙන් කැපිලා. ඒක දුකක් වුණා. නමුත් ජනතාවගෙ කැමැත්ත මත අම්මගෙ තාත්තගෙ බලාපොරොත්තුවට මට යන්න හැකිවුණා. අවසාන මහා රාත‍්‍රියේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියෙ ගීත ගායනා කරන්න ලැබුණ නේද කියන හැඟීම මට දැනෙද්දී මේ හීනයක්ද දකින්නෙ කියලත් හිතුණා. ඒ අවස්ථාව ඒ හැඟීම වචනවලින් කියලා නිම කරන්න බෑ. ඒ තරම් සතුටුයි.
 

04. Dream Star කිරුළ දිනාගන්න ලැබුණ එක තමයි මගෙ ජීවිතේ මම ලබපු ඉහළම සතුට. ඒ දවසෙ මගෙ ඉහේ මල් දාහක් පිපුණා වගේ දැනුණෙ. ඇත්තටම වචනවලින් කියලා නිම කරන්න බෑ. ඒ සඳහා අයදුම් කළේ සමන් කියලා මගෙ අයියා කෙනෙක්. මගෙ තාත්තාට නම් ලොකු විශ්වාසයක් තිබුණා මම ජයග‍්‍රහණය කරයි කියලා. ඒත් මට විශ්වාසයක් තිබුණෙ නෑ. ඒත් උත්සාහ කරලා පුළුවන් තරම් දුර එන්න බලාපොරොත්තු වුණා. ඉතින් වට ගණනාවකින් ඉදිරියට ඇවිල්ලා අවසාන දහදෙනා දක්වා තේරුණාම ගොඩක්ම සතුටු වුණා. ඒ කාලය තුළ ලැබුණු අත්දැකීම් වචනවලින් කියන්න බැරි තරම්. හොඳ යාළුවො පිරිසකුත් හමුවුණා. ඒ වගේම ෘරු්ප ිඒර හරහා ලබාගත් දැනුමෙන් සහ අත්දැකීම් වලින් මේ ලෝකෙ තියෙන ඕනම වේදිකාවක බයක් නැතිව මට දැන් ගීත ගායනා කරන්න පුළුවන්. ඒක ලොකු වටිනාකමක්.
 

05. මගෙ පළවෙනි විදේශ සංචාරයත් මගෙ ජීවිතේ ලබපු ලොකුම සතුටක්. පොඩි කාලෙ ඉඳන්ම ආසවක් තිබුණා කවදහරි ලංකාවෙන් එළියට යන්න ඕන කියලා. ඒ දේ ලබාගන්න ගොඩක් උත්සාහ කළා. පාසලේ බාහිර දේවල් ගොඩක් කළෙත් විදේශ ගතවෙන්න බලාපොරොන්තුවෙන්. ඒත් අවස්ථාවක් ලැබුණෙ නෑ. ඒත් මට Dream Star හරහා මගෙ පළමු විදේශ සංචාරය ඩුබායි යන්න ලැබුණා. පොඩි කාලෙ ඉඳන්ම තිබුණු ආසාව අන්තිමට සැබෑ කර ගන්න හැකිවුණා. ඒ ගැන හරිම සතුටුයි.
 

06. මගේම කියලා සින්දුවක් කර ගන්න පුළුවන් වුණ එක ගැන මට ලොකු සතුටක් තියෙනවා. පොඩි කාලෙ ඉඳන්ම තිබුණු ලොකු ආසාවක් තමයි ඒ. ඒ ආසාව ඉෂ්ට කර ගන්න ඒ තැනට එන්න ලැබුණු එක ජීවිතේ මම ලබපු ලොකුම සතුටක්. මොකද සාමාන්‍යයෙන් මේ වයසේදී ලැබෙන්නෙ නැති දේවල් ගොඩක් මට ඉක්මනින් සාර්ථක කර ගන්න හැකි වුණා. වර්තමානයේ ගොඩක් දෙනෙක්ට සින්දුවක් කරනවා කියන එක දැන් ලොකු අමාරුවක් නෑ. ඒත් ඒ සඳහා ලැබෙන ඉල්ලූම හා තැන ලොකු ප‍්‍රශ්නයක් තියෙන්නේ. මට ඒක ගැටලූවක් වුණේ නෑ. දෙරණ ආයතනය මට එය නිර්මාණය කරලා දුන්නා. ගොඩක් අය ආදරෙන් මගෙ ගීතය වැළඳ ගත්තා. ලැබෙන ප‍්‍රතිචාරත් ඉතා ඉහළයි. ඒ ගැන ගොඩක්ම සතුටුයි.
 

07. ඒ වගේම මට Dream Star හරහා ලැබුණ කාර් එකක් සහ ඉඩමක්. සල්ලි ගොඩක් තියෙන කෙනෙකුට ඒවා පොඩි කාලෙ ඉඳන් හම්බ වෙනවා. ඒත් පොඩි කාලෙ මට ඒවා තිබුණෙ නෑ. ඉගෙනගෙන ගොඩක් මහන්සිවෙලා කවදාහරි ඒ දේවල් උපයා ගන්න මම බලාපොරොත්තු වුණේ. මහන්සි වුණේ. ඒ වුණත් මට ඉතා ඉක්මණින් ඒ දේවල් ලබාගන්න හැකිවුණා. Dream Star නිසා. ඒ පේ‍්‍රක්ෂකයන්ගේ මනාප වලින්. ඔවුන් තමයි මාව ඉදිරියෙන් තිබ්බෙ. කාරෙකක්, ඉඩමක් මේ හැමදේම ලැබුණෙ ඔවුන් නිසා. මම දැන් යන්නෙ එන්නෙ කාරෙකේ. මගෙ ජීවිතේ බාගයක් සම්පූර්ණ වුණා වගේ හැඟීමක් තියෙනවා. ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා වගේම ගොඩාක් සතුටු වෙනවා.

 

ධනු විජේරත්න

sandalla

 



අදහස් (0)

යෞවනයේ සිහින තරු මාවතේ කිරුළ හිමි ජනිත්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1433 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 912 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1390 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 985 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 559 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1019 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site