IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


යුවරාජ් - ගම්භීර් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට

ලබන මාසයේ එංගලන්තයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායමට පළපුරුදු කී‍්‍රඩකයන් වන ගෞතම් ගම්භීර් සහ යුවරාජ් සිං ඇතුළත් නොකිරීමට ඉන්දීය කි‍්‍රකට් බලධාරීහු අද (4 වැනිදා)තීරණය කළහ.
ඉන්දියාව කුසලාන හිමිකරගත් වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ වීරයා වූයේද යුවරාජ් සිංය. ගෞතම් ගම්භීර් එම ලෝක කුසලාන තරගාවලියේම අවසන් මහ තරගයේදී ලකුණු 92 ක් ලබාගනිමින් ඉන්දීය ජයග‍්‍රහණයේ පදනම දැමූ කී‍්‍රඩකයා විය.
එක්දින තරග 282 කට සහභාගි වී ඇති යුවරාජ් සිං ශතක 13 ක් සමගින් ලක-ුණු 8211 ක් රැුස්කර ඇති අතර ගෞතම් ගම්භීර් එක්දින තරග 147 කදී ශතක 11 ක් සමගින් ලකුණු 5238 ක් ලබා තිබේ.
මෙම කණ්ඩායමට ඉන්දීය පිලේ තවත් පළපුරුදු කී‍්‍රඩකයන් තිදෙනකු වන විරෙන්දර් සෙවැග්, හර්බජාන් සිං සහ සහීර් ඛාන්ද ඇතුළත් නොවෙති. එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගත් ලොව දෙවැනි කී‍්‍රඩකයා වන සෙවැග් පසුගිය දිනවල අසාර්ථක වීම නිසා ඉන්දීය පිලෙන් ඉවත් කරනු ලැබිණ.
ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ‘බී’ කාණ්ඩයට ඇතුළත් වන ඉන්දීය පිල පළමු වටයේදී දකුණු අපි‍්‍රකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග කිරීමට නියමිතය. ශී‍්‍ර ලංකාව, එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදී.
ඒ ඒ කාණ්ඩයන්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
ගම්භීර්ගේ ස්ථානයට නවක කී‍්‍රඩක ෂිකාර් ධවාන් කැඳවනු ලැබ ඇති අතර ඔහු කී‍්‍රඩා කර ඇත්තේ එක්දින තරග 5 කට පමණි. ඉන්දීය කණ්ඩායම වේග පන්දු යවන්නන් පස් දෙනකුගෙන් සහ ද`ග පන්දු යවන්නන් තිදෙනකුගෙන් සමන්විතය.
ශූරයන්ගේ කුසලාන සඳහා වන ඉන්දීය සංචිතය
මහේන්ද්‍ර සිං දෝනි (නායක), ෂිකාර් ධවාන්, විරාට් කෝලි, සුරේෂ් රයිනා, දිනේෂ් කාර්තික්, මුරලි විජේ, රෝහිත් ෂර්මා, රවින්ද්‍ර ජදේජා, රවිචන්ද්‍රන් අශ්වින්, ඉර්ෆාන් පතන්, උමේෂ් යාදව්, භූව්නේෂ්වර් කුමාර්, ඉෂාන්ත ෂර්මා, අමිත් මිෂ්රා සහ විනෙයි කුමාර්

 



අදහස් (0)

යුවරාජ් - ගම්භීර් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවතට

ගමගේ Saturday, 04 May 2013 06:43 PM

මම නම් කෝලි ටත් කැමති නැහැ (නි)

:       0       0

සුනිල් Sunday, 05 May 2013 11:05 AM

ඔලුව ඉදිමවා ගත්ත සල්ලිකාර බුරුවො කණ්ඩායම .(නදී)

:       0       0

පහන් Sunday, 05 May 2013 11:39 AM

රුසියාව ,චීනේ ,ජපානෙට පැරදුනත් කමක් නැහැ ඉන්දියාවට ගහලා .ඉන්දීය ජාතිකයන්ට වැඩිය ලෝකේ අනිත් හැම ජාතියක්ම හොදයි. (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Saturday, 04 May 2013 09:31 PM

අපිට කව්රු ඉවත් කළත් කමක් නැහැ. (නි)

:       0       0

චාමි Saturday, 04 May 2013 10:40 PM

අපිට ඔවුන්ගෙන් වැඩක් නැත. (නි)

:       0       0

ලලිත් Saturday, 04 May 2013 10:44 PM

සංගාගෙයි මහේලගෙයි මූණු බලන්නකෝ... රැවුල වවන්නේ මොකදැයි සිතා බලන්නකෝ... (නි)

:       0       0

අමිල Saturday, 04 May 2013 11:17 PM

මම නම් ඉන්දියන් ක්‍රීඩකයින් කාටවත් කැමති නැහැ.(නදී)

:       0       0

රාජිත-දෝහා Saturday, 04 May 2013 11:22 PM

මම නම් හිතන්නේ ලංකාවේ කව්රුත්ම මේ කණ්ඩායමට කැමති නෑ.(නදී)

:       0       0

සිසිර Sunday, 05 May 2013 03:15 PM

මෙහම බැලුවොත් අපේ කට්ටියගෙනුත් කීප දෙනෙක් එලියට.(නදී)

:       0       0

රෝහිත Sunday, 05 May 2013 01:30 AM

සහතික ඇත්ත ගම‍ගේ. මමත් එයාට කැමති නැහැ. (නි)

:       0       0

යොහාන් Saturday, 04 May 2013 04:40 PM

වැඩ නොපෙන්නුවොත් තැනක් නැහැ.(නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 06 May 2013 11:31 AM

ඉන්දියන් අය‍ට හොද වැඩේ.(ස)

:       0       0

සමීර සාලින්ද Monday, 06 May 2013 11:31 AM

ඉන්දියන් අය‍ට හොද වැඩේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1483 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1603 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1226 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1892 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38307 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site