ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක සුවරාජ් සිං මාරාන්තික පිළිකා රෝගයෙන් සුවය ලබා වසරකට ආසන්න කාලයකට පසු නැවතත් ක‍්‍රිකට් පිටියට පැමිණෙමින් ඊයේ (11) චෙන්නායිහිදී නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරගයේදී දස්කම් දැක්වීමට සමත් විය.
යුවරාජ් සිං විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා අද (12) ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම තරගයෙන් නවසීලන්තය ලකුණු 1 ක තියුණු ජයක් ලබමින් තරග දෙකකින් සමන්විත තරගාවලිය 1-0 ලෙස ජය ලැබීය.
එහිදී සුවරාජ් පන්දු 26 කදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 34 ක් රැස් කිරීමට සමත් විය. යුවරාජ් යැවූ ඕවර දෙකට නවසීලන්ත පිතිකරුවන්ට රැස්කළ හැකිවූයේ ලකුණු 14 ක් පමණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිතයි , සුපිරි ක්‍රීඩකයෙක් , (ස)
ඉන්දියන් කණ්ඩායමම හරි පණ්ඩිතයි. (නි)
ඔබට දෙවි පිහිටයි
මට ඉන්දියන්ස්ලා පේන්න බෑ.. ඒත් මෙයාට පිළිකාවක් කියලා දැකපු වෙලාවෙ ගොඩක් දුක හිතුණා. නැවත පිටියට ආව එකට ගොඩක් සන්තෝසයි.අපි නුඹට අකමැති ගොඩක් ලංකාවට ආදරේ නිසයි. (ස)
අසින්ත, 100%ක් හරි කියලා කියන කෙනෙක් ඔයා ඇරෙන්න නැතුව ඇති මේ ලෝකෙටම. (නි)
ඔවු. අපිට තවත් 6 X 6 අවශ්‍යයි. (නි)
පිටියේ දක්ෂයෙක්.. ඔබට සුවවීම සතුටක්..!!(නු)
අනේ ඩොන්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ, යුවරාජ්ට සිංහල බැහැ කියලා. (නි)
සැබෑ වීරයෙක්..(ස)
සතුටුයි. ඔබ නීරෝගී වේවා! (නි)
අනේ මෝඩ ඩොන්, ප්‍රවෘත්තිය දාලා තියෙන්නේ සිංහලෙන් නම් අපි හින්දියෙන් ප්‍රතිචාර ලියලා හරියනවද? මොකද ප්‍රතිචාර කියෙවුවට යුවරාජ්ට ප්‍රවෘත්තිය කියවන්න පුලුවන්ද? දැන් කවුද මෝඩයා? (නි)
සැබෑ දක්ෂයින් හට ඕනෑම අභියෝගයකින් ජයගත හැකිය. (නි)
අනේ මෝඩයිනේ, ඔයාලා සිංහල ප්‍රතිචාර එවුවට එයා සිංහල කියවන්න දන්නේ නැහැ. (නි)
අවංකවම නිහතමානී, දක්ෂ ක්‍රීඩකයෙක්.ඔබට ඉක්මන් සුව අත්වේවා! (නි)
මෙයාව ලංකාවත් එක්ක තරගයකට දාන්න. අනිවාර්යයෙන්ම ශතකයක් ගන්නවා. (නි)
මෙයා දක්ෂ බව ඇත්ත .ඒත් ටිකක් පණ්ඩිතයි. (නි)
යුවරාජ්, මොන රටේ සිටියද ඔබ දක්ෂයෙකි. (නි)