IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


යෝෂිත නැවියකු වු සැටි සොයන්නලු

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් ආරක්ෂක ලේකම්වරයාට සඳුදා (26) භාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ලුතිනන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගත් ආකාරය  නීතී විරෝධි බවටත් , ඔහුට බ්‍රිතාන්‍යයේ ඩාට්මන් ආයතනයේ ශිෂ්‍යත්වයක් ලබා දුන් ආකාරය හා විශේෂ වරප්‍රසාද ලබා දී දේශපාලන කටයුතුවලට හා රජයේ නිල කටයුතු සදහා මැදිහත් කැර ගැනීම ආදීය පිළිබඳව සොයා බලන ලෙසටත් ඉල්ලන බවද ජවිපෙ ය කියයි.

 



අදහස් (0)

යෝෂිත නැවියකු වු සැටි සොයන්නලු

සමරවීර සුමනදාස Monday, 26 January 2015 07:54 AM

දේවාලේ කපුවා දේවාලේ අර මොකක්ද එකක් කරපුවම මොකක්ද වෙන්නේ ? (නදී)

:       0       0

දඅමින්ද Monday, 26 January 2015 07:56 AM

විජේවීර සහෝදරයව බොරැල්ල කන්තේදී පුච්චපු එක ගැනත් හොයමුද ? (නදී)

:       0       0

හේමන්ත Monday, 26 January 2015 08:00 AM

කැලුම් හරි. 88.89 ට්‍රාන්ස්ෆොමෙර් පුපුරවපු බස් ගිනි තියපු නිරායුද රජයේ අහිංසක මිනිසුන්ව ගාතනය දෙමාපියන්ට දරුවන්, දරුවන්ට දෙමාපියන් අහිමි කල ඒවා ගැනත් පරීක්ෂණ පවත්වන්න. කල්ගත උනාට අපරාදයේ හැටි සොයා බලා දඩුවම් කරන්න ඕනා. (නදී)

:       0       0

අශාන් Monday, 26 January 2015 08:39 AM

පිවිතුරු බන්දුල ඇතුළු තවමත් කඩේ යන අය බ්‍රිතාන්‍ය රජ කුමාරවරු හමුදාවට බැඳිලා සේවය කරන හැටි හොයල බැලුවනම් තේරෙයි අපේ කුමාරවරු මොනවාද කළේ කියල. (බ)

:       0       0

සුදේශ් Monday, 26 January 2015 09:22 AM

අපිට ඕවයින් වැඩක් නෑ. ඔයාලට බලය දුන්නේ කාලය නාස්ති කරන්න නොවේ. මෙහෙමෙ ගියොත්, අපි රටක් වශයෙන් අනිවාර්යෙන්ම පස්සට යනවා. ආදර්ශමත්ව වැඩ කරන්න,(හේ)

:       0       0

මේනක විජේසුරිය Monday, 26 January 2015 09:54 AM

මේ සියලු දේවල් යහ පාලනයට අයිති අනිවාර්යෙන් කළයුතු දේවල් හා දින 100 ට හා ඉන් එහාටත් අයිතිය (බ)

:       0       0

ශාලිත Sunday, 25 January 2015 04:15 PM

අනේ මන්දා! ඕනෑ නැති දෙයක් නැහැනේ බලනකොට (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 25 January 2015 04:19 PM

තමන්ගේ නායකයාව අමු අමුවේ පෝරණුවට දාල පුච්චපු අය තමන් නිසා නොමග ගිය තරුණ ජිවිත 60 /70 දාහකට වග කිව යුත්තෝ ප්‍රා සන්විධානය බිහිකරලා නිත්‍යානුකුල නොවන අන්දමින් භිෂණය වපුරපු අය එක්ක එකතු වෙලා අත් වැල් බැඳගෙන යහපාලානේ සොයනවා. හම්බ වේවි. හම්බ වේවි වැඩි දවසක් යන්නේ නැතුව කට්ටියගෙන් බඩ කට පුරාම යහ පාලනය. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 25 January 2015 04:22 PM

ජවිපේ ඔබ උසස් සේවයක් කරනවා (නදී)

:       0       0

වෙල්ගම Monday, 26 January 2015 05:07 AM

මේක නම් ඒ හැටි වැදගත් වගේ පෙනෙන්නේ නැහැ මට නම්. (නි)

:       0       0

රණවක Monday, 26 January 2015 05:15 AM

ඔක්කොටම කලින් සෙවිය යුතු තවත් දේ ඇත. දන්නෝ දනිති කාගෙ කාගෙත් කෙරුවාව. (නි)

:       0       0

සමීර Monday, 26 January 2015 05:21 AM

මේවා කියද්දී සමහරුන්ට පුදුම කේන්තියක්නේ යන්නේ. පුදුම මෝඩ මිනිස්සු. (නි)

:       0       0

හිරාන් Monday, 26 January 2015 05:27 AM

සත්තකින්ම මෙය සෙවිය යුතුයි. (හේ)

:       0       0

මනුල Monday, 26 January 2015 05:28 AM

ඔව් ඒ කතාව නම් ඇත්ත ඒ ගැන සොයා බලන්න.(හේ)

:       0       0

විජයබා Monday, 26 January 2015 05:35 AM

මම නම් කියන්නේ මේවා කාලය අපතේයන වැඩ කියලයි (නි)

:       0       0

සුපුන් Monday, 26 January 2015 05:40 AM

එය සංකේතාත්මකව සිදුවූ දෙයක්. ත්‍රස්තවාදී යුද්ධයක් පවතින අවස්ථාවක හමුදාවට තරුණයන්ගේ බැඳීම අවශ්‍ය වුණා.රාජ්‍ය නායකයා තම පුත්‍රයාව නාවික හමුදාවට බැඳවීම හරහා රටේ ජනතාවට තමන්ගේ පුතුන්ද හමුදා සේවයට එවීමට අවශ්‍ය ධෛර්යයි සපයා දුන්නේ. මේ වගේ වැඩවල එල්ලිලා ඉන්න එකේ තේරුමක් නැහැ (නි)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 05:40 AM

පසුගිය වසර 20 කට වැඩි කාලයක් මේ රට පාලනය කළ ආණ්ඩුව මඟින් ඔය වැනි වැරදි කළ පුද්ගලයන් පිළිබඳව සොයා බලා දඬුවම් නොකර දැන් ඔවැනි පිළුණු කතා කියමින් තමන්ගේ වැරදි වහගන්න දරන උත්සාහය මෛත්‍රී පාලනය සඳහා ඡන්දය ලබාදුන් ජනතාව විසින් පිළිකුලෙන් යුතුව හෙළාදකිනු ඇත. (නි)

:       0       0

හිරාන් Monday, 26 January 2015 05:41 AM

මම නම් කියන්නේ මේවා අනවශ්‍ය වැඩ (නි)

:       0       0

ෂනූක Monday, 26 January 2015 05:45 AM

බලාගෙන ගියාම කරපු තරමක් කරලා තියෙන්නෙ හොරකමයි වංචාවයිනේ. (නි)

:       0       0

පිවිතුරු Monday, 26 January 2015 05:49 AM

පොඩ්ඩක් දෙන්නකෝ මහත්වරුනේ අදහසක්. ඕකද ඔය කියන, ඉල්ලන, ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදය ...,? (නි)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 05:52 AM

මෙමඟින් රටේ ජාතික ධනය විනාශවී ගිය අතර හමුදා නිලධාරින් හට සිදුවූ දැඩි අසාධාරණය වෙනුවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගතයුතුව ඇත. (නි)

:       0       0

සුමිත් Wednesday, 28 January 2015 02:21 AM

මේ රට දිගු කාලයක් තිස්සේ යුද්ධයකින් බැටකමින් සිටි යුගයක් තිබුනා. එකල අපේ හමුදාවට යුධ භටයින්ගේ දැඩි ඌණතාවයක් තිබුණා. ඒ වෙලාවෙ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත ඉදිරිපත් කිරීමත් සමඟ උද්යෝගිමත්වූ විශාල තරුණ පිරිස් හමුදා සේවයට බැඳුනා. කවුරුත් හිතුවෙ රටේ ජනාධිපතිගෙ පුතත් යනවා නම් අපිත් යන්න ඕනෑ කියලා. ඒක ඔවුන්ට ලොකු අභිමානයක් වුණා. එනිසා ඊර්ෂ්‍යා කුහකකම් අත්හැරලා දාලා ඉදිරි දියුණුව සඳහා කළ යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් ක්‍රියාකළොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ. (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 26 January 2015 05:58 AM

වැරද්දක් විමර්ශනය කරන විටත් සමහර අයට රිදෙන හැටි .මම කියන්නේ වැරැද්ද කව්රු කළත් වැරද්දමයි .අපි නියෝජනය කරන පක්ෂයේ තෙවරප්පෙරුම මන්ත්‍රීවරයටත් දඩුවම් දෙන තුරු අපි බලාගෙන සිටිනවා (බ)

:       0       0

ලියනගේ Monday, 26 January 2015 06:00 AM

නම "පිවිතුරු යහපාල" උනාට හිත හරි අපිරිසිදුයි නේද? වැරදි කරන්නේ මිනිස්සු, වැරදි වෙන්නේ මිනිස්සුන්ට.ඒ වැරදුනු තැන හදාගෙන වැරදි නැවත ඇති නොවෙන විදියට කටයුතු කරන එක වැරද්දක්ද. පරණ වැරදි පට්ට ගහගහ තමන් කඩේ යන දේශපාලුවන්ගේ රෙදි සෝදන එක දැන්වත් නවත්තල රට ගැන හිතල වැඩ කරන්න, නමට "පිවිතුරු යහපාල" ජනදිපතිගේ පුතා උනත් එයත් රටේ පුරවැසියෙක්. එයාට වැරදි පත්වීම් දීල වරප්‍රසාද වරදාන දුන්නනම් ඊවා හොයල බලන එක දැනට පත්වෙලා ඉන්න ආණ්ඩුවටත් හොඳ පාඩමක්. (බ)

:       0       0

හසිත් Monday, 26 January 2015 06:10 AM

පිවිතුරුයහපාල හෙවත් බන්දුල පෙරේරා ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නය අර ගුටි කාපු ක්‍රීඩා විනිසුරු තුමාගෙන් අහන්නකො. ඔබතුමාට ලුණු ඇඹුල් ඇතිව කියල දේවි. (බ)

:       0       0

රංග Monday, 26 January 2015 06:13 AM

ගත කලේ සාමාන්‍ය පුද්ගලයෙකු නාවික හමුදාවේ කටයුතු කළ විදියටද යන්න අදාළ කට්ටිය සොයා බලාවි .(හේ)

:       0       0

පාලිත Monday, 26 January 2015 06:17 AM

පවුලේ දේශපාලන බලය රැකියාවට යොදා ගැනීම ඉතාම වැරදියි.(හේ)

:       0       0

කැලුම් Monday, 26 January 2015 06:32 AM

ඔහොම යනකොට 88/89 කාලයේ ඒවත් හොයාවිද දන්නේ නැහැ නේද? බලන්නේ නැද්ද දින 100 හරියට යනවද කියලා.(හේ)

:       0       0

කසුන් Monday, 26 January 2015 06:49 AM

මහින්ද මාමා ආයේ අවොත් ඔක්කොම හිරේ. (නදී)

:       0       0

නලින් Monday, 26 January 2015 07:04 AM

කැලුම් ඒ කාලයේ රජ ගෙදර හිටපු පුතාලගේ ඔලුව ඉදිමිලා තිබුනේ නැහැ. සමහරු හිටියද නැද්ද කියලවත් මිනිස්සු දැනගෙන හිට්යේ නැහැ. (හේ)

:       0       0

බණ්ඩා Monday, 26 January 2015 07:19 AM

අවුරුදු 3 ක් එංන්ගලන්තයේ නාවික හමුදා පාඨමාලාවට ගිය වියදම කීයද ? එහෙම වියදම් කරන්න තියෙන බලය කුමක්ද ? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 26 January 2015 07:27 AM

යහපාලනේ නම් නැතුවට කාරී නැහැ පසුගිය පවුල්වාදී බඩගෝස්තරවාදී පාලනය නැවතත් එන්නේ නැත්නම්. (නදී)

:       0       0

සුදාරි Monday, 26 January 2015 07:28 AM

ගොඩක් වැරදී වැඩ වෙලා තියනවා තමයි. පෞද්ගලිකව මමත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල සිදුවූ මෙවැනි සිදුවීම් අනුමත කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා තම බලය ප්‍රයෝජනයට ගෙන ඔහුගේ පුතුන්ට මෙවැනි අවස්ථා දෙන්නට ඇත්තේ ඔහු ලෙසම ඔවුන්වත් සමාජයේ ඉහල තලයකට ගැනීමට වෙන්නැති. නමුත් මෙවැනි සිදුවීම් පසුපස සොයා බැලීම් සිදු කරනවට වඩා තවත් සොයා බැලීමට ඇති මහා පරිමාණ ලෙස සිදුවී ඇතැයි කියන ජාතික ධනය සුරාකෑම් පිලිබදව සොයා බැලිය යුතු බවයි මගේ නම් මතය.(නදී)

:       0       0

පිවිතුරු යහපාල Monday, 26 January 2015 07:29 AM

මගේ අම්මේ අනුර කුමාර මහත්තය උඩ ගිහින් තියෙන තරම. බලාගෙන ඔහොම උඩ ගිය අය බිම වැටෙන්න අවුරුදු ගණන් යන්නේ නැහැ මාස තුනත් ඇති. අටලෝ දහම කැරකෙනවා රිය සක වගේ. අද මේ පැත්තේ. හෙට අනෙක් පැත්තේ ටිකක් පරිස්සමෙන්. ඔය එකතු වෙලා ඉන්නේ තමන්ගේ නායකයා පන පිටින් අල්ලලා පෝරකේට දාපු තමන් නිසා නොමග ගිය හැට හැත්තෑ දාහක් ජිවිත වලට වග කියපු පක්ෂයක් එක්ක වගේම තමන්ට මර බිය ගෙන ආ ප්‍රා සංවිධානයේ නිර්මාතෘ වරු එක්ක කියල අමතක කරන්න එපා. (නදී)

:       0       0

සුජිත් Monday, 26 January 2015 07:36 AM

නීතියේ ආදිපත්‍ය සුරැකීම යහපාලනයේ මුලික ලක්ෂණයක්. යම් තැනක් සැකය නම් සොයා බැලිය යුතුයි (නදී)

:       0       0

නන්ද Monday, 26 January 2015 07:39 AM

88/89 කාලේ බදවා ගත්තේ ඉන්ටවීව් තියලද ? සුපුන් ඔබ හරියට හරි. ඒක නිසා ගොඩ දෙනෙක් හමුදාවට බැදුනා (නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 382 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 120 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1826 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2330 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site