IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘යහ පාලනය කැළේ : දූෂිතයෝ රජය ඇතුළේ‘

ආණ්ඩුව ඊණියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවා වී හවුල් ආණ්ඩුවක් ගොඩ නඟා ඇතැයි ද, පසුගිය ජනවාරි අට වැනි දා ජනතාව විසින් පරාජය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 27 දෙනකුට කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමා ඇතැයි ද ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියයි.

‘මේ පිරිස අතර පසුගිය ආණ්ඩු සමයේ වංචා දූෂණ චෝදනාවන්ට ලක්වූවන්ද සිටින තත්වයක් යටතේ යහපාලනය සඳහා පත්වූයේයැයි කියනු ලබන ආණ්ඩුව, වංචා දූෂණ සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

ඇති වූ නව දේශපාලන වර්ධනය දැඩි සැලකිල්ලට ලක්කළ ජනතා විමුක්ති පෙරමුණ මතු වී ඇති තත්වය ජාතික විධායක සභාවේදී ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වුවද ආණ්ඩුව විසින් අද (24)   නියමිත වූ විධායක සභා රැස්වීම හදිසියේ අවලංගු කර තිබේ. එබැවින් නව තත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් විධායක සභාව කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එසේම නව දේශපාලන වර්ධනයන්හි පෙළ ගැසීම සියුම්ව නිරීක්ෂණය කරන ජනතා විමුක්ති පෙරමුණ, තවදුරටත් ජාතික විධායක සභාවට මැදිහත් විය යුතුද නැත්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. එම සාකච්ඡාවලින් අනතුරුව ජාතික විධායක සභාවේ සභභාගිත්වය පිළිබඳ  අවසන් තීරණය ගැනීමට නියමිතය.‘

 



අදහස් (0)

‘යහ පාලනය කැළේ : දූෂිතයෝ රජය ඇතුළේ‘

දුමින්ද Tuesday, 24 March 2015 08:28 AM

ඔය අත් වලත් කිළුටු නැද්ද ? (ත)

:       0       0

එස් කල්පගේ Tuesday, 24 March 2015 08:55 AM

‘මරණ තුනක් ඇති මින්හෙක් පැණි කෑය.‘ (ත)

:       0       0

දිනේෂ් Tuesday, 24 March 2015 08:57 PM

පිටබැද්දර ජයා, සිංගප්පුරුවේ රජවරු නැහැ, ඉන්නේ අගමැතිවරු. හැබැයි ඔවුන් රට ලස්සන කරලා මාර්ග පද්ධති දියුණු කරලා, ඒ වගේම මුහුද ගොඩකරලා රට දියුණුවට වැඩකළා. (නි)

:       0       0

පද්මිණී Tuesday, 24 March 2015 09:25 AM

එම දුශිතයෝ මේ වෙලාවේ සංශෝධනයට අවශ්‍යයි. වරදක් කලත් සිතකින් නෙවේ කියා කියනවා ඇති. (ත)

:       0       0

නිහාල් Tuesday, 24 March 2015 09:51 AM

මේ වෙලාවේ රට ගැන කෙළින් කතා කරන්නේ ජේවීපී එක විතරයි. (ත)

:       0       0

ධනුෂ්ක Tuesday, 24 March 2015 10:02 AM

ඉතින් පද්මිණි, සංශෝධනය අත්‍යවශ්‍ය එකක් කියලද ඔයා කියන්නේ.(හේ)

:       0       0

කරුණාරත්න Tuesday, 24 March 2015 10:24 AM

මේ අය තමයි රට මේ තරම් අගාදයට දැම්මේ.(හේ)

:       0       0

දිනේෂ් Tuesday, 24 March 2015 10:26 AM

ජේවීපී නායක අනුර කුමාරත් මේ තත්වයට වගකියන්න ඕනෑ. ඔහුට තැන නැතිවෙනකොට බොරුවට කෑගහනවා. හැබැයි මේ පාර නම් අපේ දරුවන්ව විනාසවෙන විප්ලව කරන්න එපා. වැඩ වැරදුනානම් ගෙදර යන්න. (ත)

:       0       0

උපාලි Tuesday, 24 March 2015 12:06 PM

මහින්ද මහතා පරාජය කළා මිසක් ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කළා කියන එක නම් බොරු (නි)

:       0       0

ඇසළ Tuesday, 24 March 2015 12:13 PM

මොන රජය ආවත් මොන සංවර්ධන වැඩ පටන්ගත්තත් කොහෙන්හරි කොක්කක් ගහන්න තමයි සමහරු බලා ඉන්නේ. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද? සිංගප්පුරුව අද ඔය තත්වයට පත්වෙලා තියෙන්නේ එක දිගට අවුරුදු 30 ක්ම එකම අගමැති කෙනෙක් පාලනය කළ නිසා. අපේ රට වගේ 5හෙන් 5ට වෙනස් වුණොත් එක්කෙනෙක් කරන දේ අනිත් කෙනාට හොඳ නැහැ. හැමදාම එක තැන තමයි. (නි)

:       0       0

ජීව Tuesday, 24 March 2015 12:18 PM

රජය විසින් කරන දේ රටට පහැදිලි කළොත් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

ලීල් Tuesday, 24 March 2015 12:28 PM

ඉතින් දැන් මේවා අපිට කියලා හරියනවද? දැන්නම් තිතට වැඩ කරනවා වගේ. මහ ඡන්දෙදි මේ කවුරු කවුරුත් අනිවාර්යෙන්ම ගෙදර යවන්න රටට ආදරේ ඇති ජනතාව මතක තියාගන්න ඕනෑ.... (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 12:48 PM

ඇසළ , සිංගප්පුරුව දියුණුවුණේ රජු අවුරුදු 30 සිටි නිසා නෙමෙයි, ඒ රජු රටට ආදරේ කළ නිසා, ජනතාවට ආදරය කළ නිසා,රාජ්‍ය දේපොළ හොරකම් නොකළ නිසා. කොටින්ම තමන්ගේ පවුලේ කට්ටියට එක නීතියකුයි රටේ ජනතාවට එක නීතියකුයි නැතුව හැමෝටම එකම හැන්දෙන් බෙදපු නිසා. මේ නිසාම රටේ ජනතාව එතුමාව අවුරුදු 30 ක්ම තියාගත්තා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 340 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 173 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 407 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1415 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 372 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 168 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site