IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යොහානිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සුභ පැතුම්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

"මැණිකේ මගේ" ගීතය ගායනා කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම රැගෙන ගිය යොවුන් පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සුබ පැතුම් පිරිනමන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරයේ ඉහළම ජනප්‍රියත්වයට පත්වීම ශ්‍රී ලාංකිකයන් ලෙස ආඩම්බර විය හැකි කාරණයක් බව මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ  සටහනක් තබන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තැබූ එම ෆේස්බුක් සටහන සම්පූර්ණයෙන්ම මෙසේය.

"ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරයේ ජනප්‍රියවෙමින් වාදනයවීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි කාරණයකි.  ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත අපේම ගීතයක් ලෝක ගීත දර්ශකයේ ඉහළටම යමින් විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් තුළ ජීවත්වන රසිකයින්ගේ හදවත් දිනාගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යයක්ද... එවැනි හපන්කමක්, දක්ෂකමක් එක්කල නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක් මෙන්ම අභිමානයක් බව සදහන් කළ යුතුය. එබැවින්  මම ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් සුබපැතුම් එක්කරමි.

නිරන්තරයෙන් අපි  කුඩා යන ආකල්පයෙන් විසල් දෑ, අලුත් දෑ කිරීමට මැළිවී සිටිමු. මිලියන විසිදෙකක ජනගහණයක් සහිත ලෝකයේ කුඩා දූපතක ජීවත්වන අපට එම මානසිකත්වයෙන් මිදීමට අවශ්‍ය වුවද ඒ සදහා අවස්ථාවන් සොයා යාමද ප්‍රමාදය. එහෙත් යොහානි ද සිල්වා නම් හුරුබුහුටි තරුණිය එම මානසිකත්වයෙන් අපව ගලවා ගැනීමට සමත්ව ඇත . ශ්‍රී ලාංකිකයින් සතු දක්ෂතාවය, කුසලතාවය ලෝකයක් ජයගන්නට තරම් ප්‍රබල බව ඇය  තවදුරටත් ඔප්පු කර ඇත.

උත්සාහය, හැකියාව, වාසනාව එක්වූ තරු ගුණයෙන් පිරි නව යොවුන් ගායන ශිල්පිණියක් විසින්  ගායනා කරනු ලබන  ලෝකයක් වසගයට ගත් මැණිකේ මගේ හිතේ ගීතය මේවනවිට යූටියුබ් නැරඹුම් වාර මිලියන 127 ද ඉක්මවා ඇත. එසේම එය  ලෝකයේ ජනප්‍රියම ගීත 10 අතරේ පවතින ගීතයකි. මෙම ගීතය ජනප්‍රිය කරමින් ගායනා කරන යොහානි ද සිල්වාට, මෙන්ම එහි නිර්මාණකරුවන්වන සතීශාන් රත්නායක, පද රචක දුලාන් ඒ.ආර් .එක්ස්  සහ සංගීතවතය සැපයූ චමත් සංගීත්ටද සුභාසිංශන එක් කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.



අදහස් (6)

යොහානිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සුභ පැතුම්

sisil Monday, 27 September 2021 07:10 PM

"මැණිකේ මගේ" ගීතය ගායනා කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම රැගෙන ගිය යොවුන් පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට සේවයක් කිරීමට අනාගතයේදී අවස්ථාවක් සලසා දීම වැදගත් වේ. යොහානි ද සිල්වාගේ පියාද රටට කළ සේවය අමතක නොකරමු...

:       4       18

පිටිගල මිලානෝ Monday, 27 September 2021 08:27 PM

කෝ... මේ... අපේ විශාරද ප්‍රබුද්ධ සකලකලාවල්ලභ මාස්ටර්ලා ටික තවම සුබ පැතුවේ නෑනේ... මොකෝ ඒ... ඒ අයට හීනෙන්වත් කරන්න බැරි දෙයක් යොහානි කළ නිසාද?

:       1       18

Lal Monday, 27 September 2021 09:53 PM

හැබැයි අපේ පාර්ලිමේන්තුවේ අය ගැන නම් ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මහ ජනතාවගේ බදු මුදල්වලින් සුරසැප විඳින කෛරාටිකයන් කොටසක් කියලයි.

:       0       13

chandima Monday, 27 September 2021 10:16 PM

සුභ පැතුවට නම් කමක් නෑ අර පබාට කළා වගේ යෝහානිගේත් අනාගතේ විනාශ නොකර

:       3       13

C.K.LankaputhraTuesday, 28 September 2021 05:52 AM

යොහානි පාර්ලිමේන්තුවට යවන්න මේක ලොකු සුුදුසු කමක්... ඡන්දෙට ඉල්ලුවොත් කතිර හිටුකියලා ගලයි. මේ ලංකාවනේ...

:       0       0

ලමය Tuesday, 28 September 2021 05:33 AM

මේ දරුවා දේශපාලකයන් ගේ ග්‍රහනයට අසුවෙන්නම් ඉඩ තියන්න එපා, ඒ තරම් ජරා ජාතියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 867 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 5045 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 5176 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13707 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4693 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 627 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 272 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1707 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site