(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
යහපාලන රජය සමයේදී මිනිස් පරිභෝජනයට සුදුසු හොඳ තත්වයේ පැවති වී මෙට්‍රික් ටොන් 88615 සත්ව ආහාර ලෙස අඩු මිලට විකිණීමෙන් රුපියල් කෝටි 250 කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ පී කුමාරසිරි මහතා(පො.පෙ) ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙය එම රජය සමයේ සිදු වූ බරපතළ වංචාවක් බවද ඔහු පැවසුවේය.
වී කිලෝව රුපියල් 24 ට සත්ව ආහාර සඳහා මෙසේ විකුණා ඇත්තේ වී අලෙවි මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව බව පැවසූ අලුත්ගමගේ මහතා එවකට රජයේ ඇමතිවරයා ඇතුළු රජය මේ සඳහා වගකිව යුතු බවද සඳහන් කළේය .
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘යහපාලන ආණ්ඩුව කෝටි 250ක වී සත්ව ආහාරවලට වික්කා‘‘
සෙනෙවිරත්න Tuesday, 22 June 2021 03:40 PM
දඬුවම් දෙන්න. කරපු අය හොයල රටේ ජනතාවගේ අපේක්ෂාව එයයි.. මම නම් කියන්නෙ කීයටවත් ඒක වෙන්නෙ නම් නැහැ කියල.
shehan Tuesday, 22 June 2021 03:42 PM
මෙහෙම කරනකොට සහල් ගනන් යන්නෙ නැති වෙයිද
ase Tuesday, 22 June 2021 03:46 PM
ඔය කිඋම් වලින් දැන් පලක් නැහැ, එදා රුපියල් 65-70 රතු කැකුලු හාල් අද රුපියල් 90-110 අතර, යතාර්තය එයයි .
amila Tuesday, 22 June 2021 04:06 PM
ඒ ගොල්ලෝ මේ ගොල්ලන්ට බනිනවා. මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ට බනිනවා. අපි දෙපැත්තටම බැණ බැණ මාරුවෙන් මාරුවට ඡන්දෙ දෙනවා... රට අගාධයටම යනවා.
Nuwan Tuesday, 22 June 2021 04:24 PM
සල්ලි විනාස වෙනවා . සේරම බයිලා තමයි
sampath Tuesday, 22 June 2021 06:41 PM
ඒවා කරපු අයට නීතිය ක්‍රියාත්මක කලාම් කවුරුත් මේ වගේ දේවල් කරන්නැ
රෝහණ Tuesday, 22 June 2021 06:49 PM
බයිල නැතුව දඩුවම් කරන්න. හාල් රු.200යයි වංචාව එපා
gaminu Tuesday, 22 June 2021 07:12 PM
එවකට රජයේ ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සිටින්නේ ඔබ නියෝජනය කරන මේ රජයේ නොවෙයිද?
යකා Tuesday, 22 June 2021 07:15 PM
යකෝ රෙද්දක් ඇඳ ගෙනද මේ ඉන්නේ... හාල් වලින් මත්පැන් පෙරන් අය අනුන්ට ගල් ගහනවා..
සිල්වාThursday, 24 June 2021 04:44 PM
ඒවා කරේ හැරිසන්. දැන් කොරෝනා හොඳවෙලා ඇවිත් නම් එයාගෙන් අහන්න.
Rata Perata Wednesday, 23 June 2021 03:29 AM
නියම සුදනා අනුන්ගේ වැරදි ගැන කථා කරන්නේ....
විජේ Wednesday, 23 June 2021 08:29 AM
වැරදිලාවත් පිට්ටනියකට එහෙම යන්ඩ එපා, හම්බන්තොට, පල්ලෙකැලේ ගහපු ගැහිලි වලට හෙන ගහයි වැහි නැතුව. මාසෙට ලක්ශ 50ක් නඩත්තු ගෙවන්නෙ අප්පා හම්බකරලා දීපුවාගෙන් වෙන්ඩ ඇති...
kamal Wednesday, 23 June 2021 10:39 AM
69 ලක්ෂයකට කන්න දීපුවා ගැනයි ඔය කියන්නේ..!!!
Vithana Wednesday, 23 June 2021 12:28 PM
එතකොට එදාවත් නැති තරම් අද හාල් මිල වැඩි වෙලා තියෙන්නේ ඔහේලා හාල් විකුණන්නේ මොනවටද?
dhamneth Wednesday, 23 June 2021 02:00 PM
එම වී මෙච්චර කල් තිබුණා නම් සත්ව ආහාරවලට ගන්නත් බැරි තරමට නරක් වෙන්න තිබුණා. කොහොම නමුත් හොඳ අස්වැන්නක් ලැබිලා මතකද මත්තල ගුවන් තොටුපළේත් වී ගබඩා කළා...?
සිල්වාThursday, 24 June 2021 04:43 PM
ඒ වී තමයි හැරිසන් අරක්කු හදන්න ලාබෙට වික්කේ. අන්න ඒක හොයන්න.