‘ඒකාබද්ධ විපක්ෂය‘ යන නාමය නෛතිකව වැරදි බව තමාගේ අදහස බවත් මාධ්‍යවේදීන් එය සොයා බලා ස්වයං තීරණයක් ලබාගෙන එවැනි වචන නිවැරදිව භාවිතා කළ යුතු බවත් එසේ කිරීමෙන් ජනතාව නොමග නොයන පරිදි වාර්තා කළ හැකි බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
එවැනි භාවිතයකට ගියහොත් අප සියලුදෙනා අසීරුතාවයට පත්විය හැකි බවද මාධ්‍ය කෙරෙහි සද්භාවයෙන් තමන් නිවේදනයක් නිකුත් කළ බවද ඔහු කීවේය.
‘මම ඉන්නා ක්ෂේත්‍රයේ සියලු දෙනා වෙනුවෙන් පෙනී ඉන්නවා. එය මගේ ජන්ම ගතිය. මේ සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් අවශ්‍ය නම් එය නීතිපතිට යොමු කර නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරනවා. ඒකාබද්ධ විපක්ෂය පමණක් නොවෙයි මීට පෙර ‘කොණ්ඩයා‘ වගේ වචනද එවැනි වැරදි භාවිතයකට යොමු වුණා. මා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය ඇමැතිවරයා දැනුම්වත්ව සිටියේ නෑ. එය මගේ පෞද්ගලික අදහසක් පමණයි. ඔබ කියනවානම් ඒකාබද්ධ විපක්ෂය නීත්‍යනුකූලයි කියලා ඒකේ ප්‍රශ්නයක් නෑ‘ යැයිද ඔහු සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මාධ්‍ය ලේකම්වරයා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.
ප්‍රශ්නය - ඔබ ජනප්‍රිය වෙන්නද මේ වගේ දෙයක් කළේ?
පිළිතුර - නෑ. එහෙම වුවමනාවක් මට නෑ. මම මේ තනතුරට පත්වෙන්න කලිනුත් මේ අදහස හිතේ තිබුණා. මේක වැරදි වචනයක් කියලා. ඒත් දැන් මේ නිවේදනය නිසා හතර වටින්ම මට චෝදනා එල්ල වෙනවා.
ප්‍රශ්නය - ඔබට ‘ඒකාබද්ධ විපක්ෂය‘ කියන වචනය විතරද එහෙම වැරදි භාවිතයක් ලෙස පෙනුණේ. වෙන වචන තිබුණේ නැද්ද?
පිළිතුර - නෑ ඒක විතරක් නෙමෙයි. කොණ්ඩයා, සඳරේඛා සිද්ධිය, සේයා ඝාතනයේ ඡායාරූප වගේ බොහෝ දේ සම්බන්ධයෙන් මාධ්‍ය භාවිතය ගැන මම කථා කරන්න හිටියා. ඒවා දැන් පරණයි. මේ දිනවල වගේම දිගටම ඒකාබද්ධ විපක්ෂය ගැන කථා කරනවා. ඒකයි ඒ ගැන මම කිව්වේ. සාමාන්‍යයෙන් නමක් විදියට අයිතියක් ප්‍රකාශ කරන තුරු අපි පිළිගන්නේ නෑනේ. නිල විපක්ෂයක් තිබෙද්දී ජනතාව අපෙන් ප්‍රශ්න කරයි විපක්ෂයක් ගැන කියනවා. විපක්ෂ නායකයෙක් ගැන කියනවා. ඒකාබද්ධ විපක්ෂයක් ගැන කියනවා. මාධ්‍යයේ වගකීම මොකක්ද කියලා ප්‍රශ්න කරයි.
ප්‍රශ්නය - මාධ්‍යවේදීන්ට ඇතිවන වෙනත් ගැටළු වෙනුවෙන් උදාහරණයක් ලෙස ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා මාධ්‍යවේදීන්ට නිසි ගෞරවය සැලකිල්ල නොදීම වගේ කාරණා සම්බන්ධයෙන් ඔබතුමා ඉදිරියේදී මැදිහත් වෙනවාද?
පිළිතුර - ඔව් අනිවාර්යයෙන්ම. මම කැමතියි සුහදව ඔබ සමග වැඩ කරන්න. මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් මම උපකාර කරනවා. ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කර පියවර ගන්නවා.
ප්‍රශ්නය - ‘යහපාලනය‘ කියන වචනයත් එහෙම එකක් නේද? ඒක ගැන ඔබතුමා මොකද කියන්නේ?
පිළිතුර - යහපාලනයත් ප්‍රශ්න කරන්න. මාධ්‍යයෙන් යහපාලනයත් පුළුවන් තරම් ප්‍රශ්න කළ යුතුයි. එවිට තමයි නියම යහපාලනය ඇති කරන්න පුළුවන් වෙන්නේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ විපක්ෂය කියන එක පිළිගන්නවද නැද්ද කියලා මෙයාලට කියන්න බැහැ. මෙයාලට තේරෙන්නේ නැත්තේ තමුන්ට අයත් රාජකාරිය මොකක්ද කියන එකයි. (නි)
යහපාලනය ගැන අහපු එකෙන් නම් හීන්සීරුවේ ලිස්සලා ගියා නේද? (නි)
මේ මහත්තුරු කියනවා. අපි අහනවා. රට තවම එතනමයි (නි)
දැන් වචන භාවිතා කරන්නත් නීතිමය අධිකරණ අවසරයක් ගන්න ඕනෑද? අපි හිතා හිටියේ භාෂාව කියන්නේ ජන භාවිතාව අනුව වෙනස්වෙන දෙයක් කියලල්යි. (නි)
මේ වගේමද අනික් ලේකම්වරුත්? ආණ්ඩුව යන ගමන හිතාගන්න පුළුවන්. (නි)
කතා විතරයි හැමෝගෙම (නි)
සමහරු ඉල්ලන් කන කෑමේ හැටියට අපිට නම් දුකයි (නි)
එ්ක ඔයාගේ පුද්ගලික මතය නම්, කියන්න තිබුනේ ඔයාගේ කෙනෙකුටනේ. මාධ්‍ය සහ සාමාන්‍ය ජනතාව කියන්නේ මෝඩයෝ කියලද හිතන්නේ? (නි)
එකල ජන සතුරන් සියල්ල නැවතත් කරළියේ. මහින්ද එළෙව්වාට ඔක්කොම හරිගියේ නැත. අවවර්ධිත සමාජ දේශපාලනය තුළ මෙවන් නාටක නැවත නැවතත් දැකීම මිස ඊනියා බලපෑම් කණ්ඩායම් වලට කළහැකි යමක් නැත. (නි)
සිදුවේගෙන යන දේවල් දැක්කම ඒකාබද්ද විපක්ෂෙට සෑහෙන බයකින් ඉන්නේ කියල පෙනෙනවා. (බ)
ඒකාබද්ධ විපක්ෂයේ නම ඇහෙනකොටත් සමහරුන්ට හොඳටම රිදිලා වගේ! (නි)
බෝපගේ මහතාණනි. උගතෙක්, බුද්ධිමතෙක් සහ අද්දැකීම් බහුල පරිනත සමාජ ක්රියාදරයෙකු ලෙස ඔබට මීට වඩා කරන්න බොහෝ දේ ඇත. (ර)
විප්ලවය කියන වචනය ජනවාරි 8 වෙනිදා සිදුවුණා දේශපාලනික වෙනසට ගැළපෙනවද? (ර)
මේ කොහෙන් ගෙනල්ල දාපු කෙනෙක්ද..? තමුන්ගේ දැනුමට නොගැලපෙන තනතුරු දුන්නම ඕක තමයි වෙන්නේ. (බ)
එහෙමනම් ඉතින් ඔයා හෙටම නිවේදනයක් නිකුත් කරන්න ජාතික ආණ්ඩුව කියන එකත් නවත්වන්න කියල .. මොකද එ්කත් නමක් විදියට ලියාපදිංචි වෙලා නැහැනේ ..(බ)
ප්‍රශ්නයක්නො වුනොත් විතරක් නිවේදන .. නැත්නම් ඔක්කොම නියෝග ..නිවේදන කරන්නේ නිවේදකයෝ නේ .. අපි නම් දන්නේ මාධ්‍ය ලේකම් ඉන්නේ නියෝග කරන්නයි කියලයි ..(බ)
එතකොට ඔය හදල තියෙන ජාතික ආණ්ඩුව කියන එක නෛතිකව නිවැරදිද ? (ර)