IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යළි බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදය සුන් කරන ඇමැති සටන

යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණේ ජේ්‍යෂ්ඨ දේශපාලඥයෙක් පසුගිය දිනෙක කොළඹ අවට සංචාරය කරමින් තම ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවූ පාක්ෂිකයන්ට තුති පිදීය.එක් අවස්ථාවකදී ඔවුන් අතර සිටි ඉංජිනේරුවෙක්ිසර් දැන් අපිට යහපාලනය තියා මොන පාලනයවත් නැහැනේ’ යැයි කීය.17 වැනිදා මැතිවණය පැවැත්වුනද මේ දක්වාම කැබිනට් මණ්ඩලයක් හෝ පත්කරගැනීමට නොහැකිව තිබීම ඔහුගේ එම අදහස් දැක්වීමට හේතුව වුනි.

යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණ සහ ජාතික රජයක් පිහිටුවීමට අවබෝධතා ගිවිසුමකට එළැඹ සිටින ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් ඇමැති ධූර වලට තරග කිරීම නිසා මෙසේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ප‍්‍රමාදවී ඇත.කෙසේහෝ සැප්තැම්බර් 2 වැනිදා කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බවට සඳහනක් තිබුණද දැන් එයද කල්යන ලකුණු පෙනෙන්නට ඇත.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සරය එම දිනයට යෙදී තිබීම ඊට හේතුවයි.පසු දිනයට,එනම් සැප්තැම්බර් 3 වැනිදාට ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ 64 වැනි ජන්ම දිනයද යෙදී තිබීම අහඹුවකි.

නියම කරගෙන ඇති අයුරින් පාර්ලිමෙන්තුව සැප්තැම්බර් 1 වැනිදා පෙරවරු 9.00 ට රැුස්වනු ඇත.එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා නව කතානායක ලෙස කරූ ජයසූරිය මහතාගේ නම යෝජනා කිරීමට නියමිතය.මෙය දෙපාර්ශවයේම එකඟතාවය මත සිදුවන්නකි.අනතුරුව කරූ ජයසූරිය මහතා නියෝජ්‍ය කතානායකවරයා හා විපක්ෂ නායකවරයා පාර්ලිමෙන්තුවට හඳුන්වාදෙනු ඇත.මෙම ධූරයන් සදහා කවුරුන්පත්වන්නේදැයි යන්න ජනපති සිරිසේන අත ඇති තීරණයකි.සිකුරාදා රැුස්වූ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම තීරණය ගැනීමේ අයිතිය පක්ෂ නායකයා වන ඔහුටම ලබාදීමට තීරණය කළේය.ඉතාම විශ්වාසදායක ආරංචිමාර්ග වලට අනුව නියෝජ්‍ය කතානායක ලෙස පත්වීමට යන්නේ හිටපු අමාත්‍යවරයෙක් වන හා මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට පිවිසෙන ඒ.එච්.එම්.ෆවුසි මහතාය.

එදින පස්වරු 3.00 ට ජනපති සිරිසේනද පාර්ලිමෙන්තුව ඇමතීමට නියමිතය.ඔහුගේ කතාව දිවයින පුරා සජීවීව විකාශනය කිරීමටද කටයුතු සංවිධානය කර තිබේ.ජනවාරි මස 8 වැනිදා පොරොන්දු අනුව ජාතික රජයේ ප‍්‍රතිපත්ති සකස්කරගත යුත්තේ කෙසේදැයි ඔහු තම කතාවේදී පැහැදිලි කරනු ඇත.

බ‍්‍රහස්පතින්දා පැවැත්වෙන පාර්ලිමෙන්තු සැසිවාරයේදී අගමැති වික‍්‍රමසිංහ ජාතික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කරනු ඇත.19්් ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර සංඛ්‍යාව 30 ට වඩා වැඩිවන්නේ නම් ඊට පාර්ලිමෙන්තුවේ අනුමැතිය ලබාගත යුතුවීම මෙසේ ජාතික රජය පිළිඹද යෝජනාව පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට හේතුවයි.අනතුරුව විවිධ අමාත්‍යංශ වල වැඩකටයුතු විමර්ෂණය කිරීමට පාර්ලිමෙන්තු කමිටු පත්කිරීමට යන බවද ඔහු පාර්ලිමෙන්තුව හමුවේ ප‍්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව සඳහන්ය.උපදේශක කමිටු මෙන් නොව මෙම කමිටු වලට අමාත්‍යංශවලට වඩා සමිීපව සිටීමට හැකියාව ඇත.වික‍්‍රමසිංහ ගේ අරමුණ වන්නේ අමාත්‍යංශ පාර්ලිමෙන්තුවේ පාලනයට යටත් කිරීම හා පාර්ලිමෙන්තුවේ සියලූ මන්තී‍්‍රවරුන්ව රටේ වැඩකටයුතු වලට හවුල්කරගැනීමය.

ජාතික රජය පිළිඹද යෝජනාව සම්මත කරගැනීමට පෙර එය පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කරන ලෙස වෙසෙස් කොටම ඉල්ලා සිට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණයි.

‘අපි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අමාත්‍යවරුන් ගණන 30 කටත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ගණන 40 කටත් සීමාකළා.තවත් වැඩි කරන්න හේතුවක් මටනම් පෙනෙන්නේ නැහැ.මේ අයට ගෙවන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්.’ සන්ඬේ ටයිම්ස් හා අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

‘අනෙක තිබුණු රජයන් වල හිටපු එක්සත් ජාතික පක්ෂයේ හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කැබිනට් අමාත්‍යධූර ලබාගැනීම ගැන රටේ ජනතාවගෙන් වැඩි පැහැදීමක් නැහැ.ඉතින් ඇයි 30 වැඩි ඇමති මණ්ඩලයකුයි 40 ට වැඩි නියෝජ්‍ය ඇමතිවරුන් කණ්ඩායමකුයි වුවමනා?’ ඔහු ඇසීය.ජාතික රජය පිළිඹද යෝජනාව සම්මත කරගැනීමෙන් පසු එදින සන්ධ්‍යාවේම කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීමට ජනපති සිරිසේන අපේක්ෂාවෙන් සිටී.

ජාතික රජයක් පිහිටුවීම පිළිඹද කතාබහ මැතිවරණ සමය ආරම්භයේ සිටම ඇසුණකි.එය ජනතාව අතරද පිළිගැනීමට ලක්ව තිබෙන්නකි.නමුත් ජාතික රජය පිහිටුවීම හවුල් වන පාර්ශවයන්ගේ මනදොල සැපිරෙන පරිදි ඔවුන්ට අමාත්‍යධූරයන් ලබාදීම ගැටලූවක් බවට පත්වී ඇත.අගමැති වික‍්‍රමසිංහ මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන හා පැවැති සාකච්ඡුා වලදී දැඩිව කියා ඇත්තේ මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනාගෙන සිටින්නේ එක්සත් ජාතික පක්ෂය හෙයින් පක්ෂයට වැඩි ආසන ගණනක් ඊට හිමිවිය යුතු බවයි.එසේ නොවුනහොත් අවශ්‍ය කිහිපදෙනා කෙසේහෝ රැුස්කරගෙන එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවද ඔහු කියා ඇත.අනෙක් පසින් ජනපති සිරිසේනට බලපෑම් කරන ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ ඔවුන්ගේ කොටස ඉල්ලති.හිටපු ජනපතිනියද එක්සත් ජාතික පක්ෂයට වැඩිපුර ආසන ලබාදීම නැවත සැළකිල්ලට ගතයුතුව ඇතැයි කියා ඇත.ජාතික රජයක් පිහිටුවීමේ තිරය පසුපස කටයුතු වල ස්වභාවය මෙබඳුය.

පිටතින් පෙනෙන තරමට තත්ත්වය යහපත් නොවන බව පක්ෂ දෙකම අවස්ථා කිහිපයකදී පිළිගත්තේය.

‘අපිට ගැටලූවක් නැහැ 120 ක් එකතුකරගෙන ආණ්ඩුවක් හදන එක ගැන.ජනතා විමුක්ති පෙරමුණේ,දෙමළ ජාතික සන්ධානයේ සහය අපට ලැබේවි.නමුත් ජාතික රජයක් පිහිටුවීමයි වැදගත්.අපි බලමු විපක්ෂය කොච්චර දුරකට මේකට එකඟවේවිද කියලා.ඒ අය විරෝධය දැක්වුවොත් එක්සත් ජාතික පක්ෂය තනිව රජයක් පිහිටුවාවි.’

නව මුවර් වීදියේ මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වලට සභාහාගීව ඉන් පිටතට පැමිණි අවස්ථාවේ රැුස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ කබීර් හෂීම් පැවසීය.අගමැති රනිල් වික‍්‍රමසිංහද ඔහු සමග සිටියේය.හෂීම් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය විපක්ෂය ලෙස හැඳින්වීමත්,ජනතා විමුක්ති පෙරමුණේ සහය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව කීවත් ඔහුගේ අදහස් දැක්වීමේ සඳහන්වූ වැදගත් කරුණුය.

මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ පරාජයට හේතුවූ ප‍්‍රධාන කරුණක් ලෙස සැළකිය හැකිවන්නේද ඔවුන් එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතීව අදහස් පළකිරීමය.

අමාත්‍යධූර බෙදීම සම්බන්ධයෙන් පැවැත්වුනු සාකච්ඡුා අඟහරුවාදා වන විට නිමාව දැකීය.ඒ අනුව අමාත්‍යධූර 33 ක් එක්සත් ජාතික පක්ෂයටත්,12 ක් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයටත් වෙන්වේ.ඇතැම් අමාත්‍යධූර වල වගකීම් දෙපාර්ශවය අතර බෙදී යන පරිද්දෙන් අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමටද පියවර ගෙන ඇත.අමාත්‍යධූර සංඛ්‍යාව 45 කට සීමාවේ.එය කලින් පුරෝකථනය කරතිබුනාට වඩා බෙහෙවින් අඩු අගයකි.

එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික‍්‍රම මහතා මේ සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කළේය.ගෙවුනු ජනපතිවරණයේදී හා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශී‍්‍රලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් නොපසුබටව පෙනී සිටි බවත් අවම වශයෙන් අවුරුදු 2 ක කාලයකට කි‍්‍රයාත්මක වන ජාතික රජයක් පිහිටුවීම එහි එක් පියවරක් බවත් එම ප‍්‍රකාශයේ දැක්වේ.

‘සුහදව,එකිනෙකා අතර අවබෝධයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය ජාතික රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තා.පක්ෂ දෙකටම වුවමනා වෙලා තියෙන්නේ ජනතාවට සේවය කරන්න.දේශපාලන මතිමතාන්තර අමතක කර දමලා රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එක්සත් ජාතික පක්ෂය සූදානම්.අමාත්‍යධූර ලබාගැනීම මෙතැනට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ.’ සමරවික‍්‍රමගේ ප‍්‍රකාශයේ වැඩිදුටත් සඳහන්ය.

කබීර් හා මලික්ට ශී‍්‍රලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පිළිතුරු දුන්නේ එහි වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතාය.

‘මම නම් හිතන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට වුනත් පුලූවන් රජයක් පිහිටුවන්න.113 ක බහුතරය ලබාගන්න එක්සත් ජාතික පක්ෂයට තව 7 දෙනෙක්  ඕනේ.අපට 17 දෙනෙක්  ඕනේ.නමුත් ඒ කතා වලින් වැඩක් නැහැ.මොකද පක්ෂ දෙකම ජාතික රජයක් පිහිටුවන්න එකගවෙලා ඉන්නේ.’ බ‍්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කීය.

විපක්ෂයේ මන්තී‍්‍රවරුන් හා ජාතික රජයට එක්වන මන්තී‍්‍රවරුන් පෙනී සිටින්නේ සන්ධානය යටතේද නැතිනම් ශී‍්‍රලංකා නිදහස් පක්ෂය යටතේද යන පැනයට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසය.

‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියයට 90 ක්ම ඉන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්.අපේ පක්ෂය කවුරුත් හොදින් දන්නා අදුනන පක්ෂයක්.අවබෝධතා ගිවිසුමෙන් වෙන්නේ් ජාතික රජයක පක්ෂ දෙක කටයුතු කරන්නේ කොහොමද කියලා පෙන්වා දෙන එක මිසක් ජාතික රජයක් පිහිටුවන්න පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවුනා කියන එක නෙවෙයි.මේ මැතිවරණයේදී කාටවත් බහුතරයක් හිමිවෙලා නැහැ.එයින්ම පැහැදිලියි ජනතාව ජනපති මෛතී‍්‍රපාල සිරිසේනට අවස්ථාව දීලා තියෙන බව ජාතික රජයක් පිහිටුවන්න.ඒ නිසයි මේ වගේ අවබෝධතා ගිවිසුමක් ඇතිවුනේ.’ ඔහු පැහැදිලි කළේය.

ඒ අතර නැගුනු තවත් පැනයන්ටද ඔහු පිළිතුරු දුන්නේය.

පැනය - අවබෝධතා ගිවිසුම වෙනස් කරන්න එකගතාවක් ඇතිවෙලා තියෙවාද?

පිළිතුර - නැහැ.එහෙම එකඟතාවක් ඇතිවෙලා නැහැ.ගිවිසුමේ දැනටමත් තියෙන කරුණු අලූත් කිරීම විතරයි සිදුවන්නේ.

පැනය - අමාත්‍යධූර ගැන කොහොමද?

පිළිතුර - අමාත්‍යධූර ගැන කිසිම සඳහනක් ගිවිසුමේ නැහැ.පක්ෂ දෙකට අයිති වෘත්තිය සමිති වල සහය ලබාගැනීමට වැදගත් වෙන කරුණක් එකතු කරලා තිබෙනවා.එපමණයි.

පැනය - පරාජිතයින්ටත් පාර්ලිමෙන්තු වරම් හිමිවෙලා.ඇයි මේ?

පිළිතුර - ඒකට නීතිමය අවසරයක් තිබෙනවා.ඔවුන් තෝරාගෙන තියෙන්නේ ජාතික ලැයිස්තුවෙන්.හොඳට බැලූවොත් පෙනේවි ඔවුන් අතර ඉන්නේ පක්ෂයේ ජේ්‍යෂ්ඨම සාමාජිකයින් බව.

පැනය - ජාතික රජයක් පිහිටුවන්න එක්වන්න් ප‍්‍රධාන පක්ෂ දෙක විතරද?

පිළිතුර - කම්කරු කොංග‍්‍රසය,ඊපීඞීපී වැනි පක්ෂ සමගත් මේ ගැන සාකච්ඡුා පවත්වමිනුයි තිබෙන්නේ.

ජාතික රජයක් පිහිටුවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු තබාගෙන සිටියත් දැන් සිටම දෙපාර්ශවයේ සාමාජිකයෝ එකිනෙකාට චෝදනා එල්ල කිරීම කිසිසේත්ම යහපත් දෙයක් නොවේ.අමාත්‍යධූර වලට ඔවුන් කුලල් කාගනිමින් සිටින බව දැන් මුලූ රටම දනී.නමුත් මේ වන විට කිසියම් එකඟතාවත් ඇතිව ඇත.අලූත් ඇමති මණ්ඩලය සිකුරාදා දිවුරුම් දීමට නියමිතය.

දෙපාර්ශවයට වෙන් කෙරෙන අමාත්‍යධූර මොනවාදැයි දැනගන්නට ඇතත් එම ධූරයන්ට කවුරුන් පත්කරනු ඇත්දැයි යන්න නිශ්චිතව කීමට ලැබී තිබෙන තොරතුරු ප‍්‍රමාණවත් නැත.අමාත්‍යධූර වෙන්වී තිබෙතත් තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතුව තිබෙන බව දෙපාර්ශවයම කියති.අමාත්‍යවරුන් තිදෙනෙක් මේ වන විටත් දිවුරුම් දී හමාරය.මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද,විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා ලෙසද,ඞී.එම්.සුමන්තිරන් නැවත පදිංචි කිරීම්,සංහිදියා හා හින්දු ආගමික කටයුතු පිළිඹද අමාත්‍යවරයා ලෙසද පසුගියදා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.

දැනට ලැබී තිබෙන තොරතුරු වලට අනුව එක්සත් ජාතික පක්ෂයට හා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට ලැබෙන්නට නියමිත අමාත්‍යධූර හා එම ධූරයන්ට පත්කෙරෙන අමාත්‍යවරුන් මෙසේය.

යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ

අගමැති රනිල් වික‍්‍රමසිංහ - ආර්ථික ප‍්‍රතිපත්ති,හා රටෙන් පරිබාහිර සම්පත්

රවී කරුණානායක - ආර්ථික කටයුතු

භාණ්ඩාගාරය,රේගුව,සුරාබදු දෙපාර්තමෙන්තුව,දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව යන ආයතනයන්ද පැවරෙනු ඇත්තේ ඔහු යටතටය.

කබීර් හෂීම් - ජාතික ව්‍යෘපාර සංවර්ධන මැයෙන් නව අමාත්‍යධූරයක් ඔහුට ලැබීමට නියමිත බවට තොරතුරු ඇත.රාජ්‍ය බැංකු,ශී‍්‍රලන්කන් ගුවන්සේවය,මිහින් ලංකා ගුවන්සේවය,පැළවත්ත හා සෙවණගල සීනි සමාගම්,ලිට්රෝ ගෑස් සමාගම යනාදී ආයතනයන් හා සමාගම්ද ඔහු යටතට ගැනෙනු ඇති බව පැවසේ.

පාඨලී චම්පික රණවක - බස්නාහිර පළාත් විසල් නගර (මෙට‍්‍රාපොලිස්* හා නාගරික සංවර්ධන

බස්නාහිර පළාත් විසල් නගර මැයෙන් නව අධිකාරියක් පිහිටුවීමට කෙටුම්පතක් ඉදිරිපත්කිරීමට නියමිතය.මහවැලිය හා සමානව කි‍්‍රයාත්මක වනු ඇති මෙම අධිකාරියේ කාර්යභාරය වන්නේ බස්නාහිර පළාතේ නගර එකිනෙක සම්බන්ධ කරමින් සිංගප්පූරුව,හොංකොං වැනි විසල් වෙළද කේන්ද්‍රයක් නිර්මානය කිරීම හා එම කේන්ද්‍රයේ සංවර්ධන කටයුතු සිදුකිරීමයි.නගරබදව වෙසෙන පැල්පත්වාසී ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතුද සිදුවනු ඇත්තේ මෙම අධිකාරිය යටතේය.දැනට නගරබදව තිබෙන උද්‍යාන හා පොදු විනෝදාස්වාද ආයතනයන් නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම පෞද්ගලික ආයතන 100 කට පමණ පැවරීමේ සැළසුමක්ද බස්නාහිර පළාත් විසල් නගර අධිකාරිය යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.උදාහරණයක් ලෙස විහාරමහා දේවි උද්‍යානය ගතහොත්,එහි නඩත්තු කටයුතු භාරකෙරෙන පෞද්ගලික ආයතනය තම සේවාව වෙනුවෙන් උද්‍යානය නරඹන්නට පැමිණෙන අයගෙන් ගාස්තුවක් අය කිරීමටත්,එයින් කොටසක් ජාතික ආදායමට එක්කිරීමටත් කටයුතු කරනු ඇත.

රවුෆ් හකීම් - නගර සංවර්ධන හා ජලසම්පත් කළමනාකාර

හකීම් ඉල්ලා ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියයි.මෙම තොරතුරු ලබාදුන් මූලාශ‍්‍රය සදහන් කරන අන්දමට බස්නාහිර විසල් නගර අධිකාරිය ස්ථාපිත කරන තෙක් සිටින්නැයි අගමැති වික‍්‍රමසිංහ ඔහුට උපදෙස් දී තිබේ.

මලික් සමරවික‍්‍රම - අන්තර්ජාතික වෙළදාම් හා ආයෝජන ප‍්‍රවර්ධන

සජිත් පේ‍්‍රමදාස - නිවාස

රාජිත සේනාරත්න - සෞඛ්‍යය

රංජිත් මද්දුමබණ්ඩාර - මහජන පරිපාලන කටයුතු

තිලක් මාරපන - නීතිය හා සාමය

එම්.කේ.ඞී.එස්.ගුණවර්ධන - බෞද්ධ කටයුතු

අර්ජුන රණතුංග - වරාය

චාන්දනී බණ්ඩාර - වනිතා කටයුතු

ලක්ෂ්මන් කිරිඇල්ල - අධිවේගී මාර්ග

ගයන්ත කරුණාතිලක - සංචාරක කටයුතු

අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත

ජෝන් අමරතුංග - ස්වදේශ කටයුතු

සාගල රත්නායක - මාධ්‍යය.එයට අමතරව අගමැති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යධූරයක්ද වෙන්වී තිබෙන බව පැවසේ.

හරීන් ප‍්‍රනාන්දු - සන්නිවේදන

තලතා අතුකෝරල - විදේශ රැුකියා

වජිර අබේවර්ධන - රාජ්‍ය හා පළාත් පාලන

රිශාඞ් බදුර්දීන් - ආර්ථික හා කර්මාන්ත

පලනි දිගම්බරම් - රාජ්‍ය සම්පත්

එම්.එච්.ඒ.හලීම් - තැපැල්

පී.හැරිසන්ට සහ මනෝ ගනේෂන්ටද අමාත්‍යධූර වෙන්වී තිබෙන බව සඳහන් වේ.

ශී‍්‍රලංකා නිදහස් පක්ෂය

නිමල් සිරිපාල ද සිල්වා - ගුවන් හා අභ්‍යන්තර ප‍්‍රවාහන

ලංගමය,දුම්රිය සේවය,පෞද්ගලික බස් සේවය යනාදිය අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍යංශය යටතට අයත්වේ.

ජෝන් සෙනෙවිරත්න - සමාජ සංවර්ධන

පවතින සමෘද්ධි අමාත්‍යංශය,සමාජ සංවර්ධන අමාත්‍යංශය ලෙස වෙනස් කිරීම සිදුවනු ඇත.

සුසිල් පේ‍්‍රමජයන්ත - ඛනිජ තෙල්

පසුගිය රජය සමයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවූ බවට තොරතුරු අනාවරණයව ඇති රුපියල් ලක්ෂ ගණනක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත.එම සමයේ ප්‍රෙම්ජයන්ත විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.ඔහුගෙන් ද මූල්‍ය විමර්ෂණ ඒකකයේ නිලධරයින් ප‍්‍රශ්න කරනු ඇත.ගෙවුනු අගහරුවාදා සුසිල් ඇමරිකාවේ ඩලාස් ගුවන්තොටේදී දැකගත හැකිවින.මේ සම්බන්ධයෙන් පළව තිබූ වාර්තා වල දැක්වුනේ ඇමරිකා නිත්‍ය පුරවැසිබව ලබාදෙන ගී‍්‍රන් කාඞ් හිමිකරුවෙක් වන සුසිල් හදිසියේ එරට ගියේ එය අලූත් කරගැනීමට බවය.

නිදහස් පක්ෂට වෙන්වන අනෙක් ඇමතිධූර පිළිඹදව ලැබී ඇති තොරතුරු වලට අනුව

දුමින්ද දිසානායක - කෘෂිකර්ම

මහින්ද අමරවීර - ධීවර කටයුතු

සරත් අමුණුගම - උසස් අධ්‍යාපනය

මහින්ද සමරසිංහ - කම්කරු කටයුතු

ඩිලාන් පෙරේරා - කී‍්‍රඩා

යනාදී වශයෙන් ඇමතිධූර වෙන්වී ඇත.පාර්ලිමෙන්තු කටයුතු,ආපදා කළමනාකරණ, යන අමාත්‍යංශන්ද වෙන්වී ඇති බව සඳහන් වන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයටය.අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාටත්,හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාටත් අමාත්‍යධූර ලැබීමට නියමිත බවද පැවසේ.පක්ෂයේ සභාපති ජනපති සිරිසේන යටතේ පරිසර,මහවැලි, හා ආරක්ෂක යන අමාත්‍යංශ 3 පවතී.මෙම අමාත්‍යංශ ජනපතිවරයා යටතට පත් කෙරුණේ 19 ඒ ව්‍යවස්වස්ථා සංශෝධනයෙනි.

දින දෙකකට ඉහතදී ජනපති සිරිසේන තම කොළඹ නිවසේදී ශී‍්‍රලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකසභාවේ හදිසි රැුස්වීමක් කැඳවීය.සභාවේ සාමාජිකයෝ සිතූයේ පක්ෂයට ලැබෙන්නට යන අමාත්‍යධූර ගැන දැනුම්වත් කිරීමට ජනපතිවරයා මෙසේ තමන්ව කැඳවන බවය.නමුත් රැුස්වීමේදී ජනපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේ ජාතික රජයක් පිහිටුවන්නට යන බැවින් උපරිමයෙන් ඊට සහයෝගය ලබාදෙන ලෙසය.

අනතුරුව විපක්ෂ නායකයා ලෙස පත්කළ යුත්තේ කවුදැයි මුල්කරගෙන දීර්ඝ ලෙස සාකච්ඡුා විය.පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක යෝජනා කළේ එම තනතුරට සුදුස්සෙක් නම් කිරීමේ අයිතිය පක්ෂ නායකයා වන ජනපති සිරිසේනට ලබාදීම සුදුසු බවය.හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙයට එකඟවූවාය.විරුද්ධව අදහස් දැක්වූයේ එස්.බී දිසානායක මහතා පමණකි.ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නායකයින් සියලූදෙනා එකතුව විපක්ෂ නායකධූරය සදහා පුද්ගලයෙකු නම්කළ යුතු බව ඔහු යෝජනා කළේය.තනතුරට පත්කිරීමට කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා සුදුසු බව පොදු අදහස වුනි.

ජාතික රජයක් පිහිටුවාගෙන විපක්ෂයේ සිටිමින් කටයුතු කිරීම ගැන මධ්‍යම කාරකසභාවේ සාමාජිකයින්ට මුල සිටම තිබුණේ ගැටලූවකි.නමුත් මේ සම්බන්ධයෙන් විවෘතව අදහස් දැක්වීමෙන් ඔවුහු වැළකුනහ.

‘ජාතික රජයක ඉදගෙනම විපක්ෂයක් හැටියට කටයුතු කරන එක මහ විකාරයක්.ඒක අපට මනාපය ලබාදුන්නු ජනතාවට කරන අසාධාරණයක’් යැයි ඔවුන් අතර සිටි රාජපක්ෂ හිතවාදියෙක් සන්ඬේ ටයිම්ස් හා පැවසීය.එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වයද මිීට නොවෙනස්ය.නිදහස් පක්ෂය හා එක්වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අනාගතයට කුමක් සිදුවේදැයි විමසීමට පක්ෂයේ තරුණ දේශපාලඥයින් කණ්ඩායමක් නායක රනිල් වික‍්‍රමසිංහ හමුවීමට සූදානමින් සිටියත් ඔවුන්ට එම අවස්ථාව හිමිවූයේ නැත.ඔවුන් සම්බන්ධයෙන් කබීර් හෂීම් හා අදහස් හුවමාරු කරගත් රනිල් පක්ෂය ගන්නා තීරණ කෙරෙහිත්,පක්ෂය කෙරෙහිත් විශ්වාසය තැබීමට ඔවුන් සියලූදෙනා හුරුවිය යුතුබව වහාම ඔවුන්ට දැනුම්දෙන්නැයි හෂීම්ට පැවසුයේ කෝපසහගතවය.

සැප්තැම්බර් 3 වැනිදා,බ‍්‍රහස්පතින්දාට යෙදෙන ජනපති සිරිසේනගේ ජන්ම දිනයද මධ්‍යම කාරකසභා සාමාජිකයින්ගේ අවධානයට ලක්විය.එය නිමිත්තෙන් පොළොන්නරුව ප‍්‍රදේශය සැරසිලි වලින් අලංකාර කළ යුතුව ඇතැයි තීරණය වුනි.මධ්‍යම කාරකසභා හමුව අවසානයේ පක්ෂයේ කොළඹ සංවිධායකවරුන් හමුවූ දුමින්ද දිසානායක කොළඹ අවට ප‍්‍රදේශද සැරසිලි වලින් අලංකාර කිරීමේ වගකීම ඔවුන්ට පැවරීය.අනතුරුව ඔහු තලවතුගොඩ බලා පිටත්විය.එහි උත්සව ශාලාවකදී හිටපු සංස්ථා සභාපතිවරුන් හා විධායක නිලධරයින් පිරිසක් හමුවූ හෙතෙම ජනපතිවරයාගේ ජන්ම දින උත්සවය සංවිධානය කිරීමට ඔවුන්ගේ සහයද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

‘අපි හමුවෙන්න  ඕනේ’.අගමැති දිව්රුම්දීමේ අවස්ථාවට සහභාගීව සිටි මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දුන් අවස්ථාවේ ජනපති සිරිසේන කීවේ එයයි.පසුගිය ඉරිදා ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ නව පාර්ලිමෙන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඇමතීමට ප‍්‍රථමයෙන් රාජපක්ෂට දුරකතන ඇමතුමක් දුන් ජනපති සිරිසේන ඔහුගේ විස්තර විචාලේය.එහිදී රාජපක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම් රැුස්වීමට සහභාගීවීම අනිවාර්යයදැයි ඇසීය.තමන් යොදාගත් වැඩකටයුතු රැුසක් තිබෙන බවද කීය.ඒ ඇසූ ජනපති සිරිසේන එසේ නම් නොපැමිණීම ගැන තමන්ට ගැටලූවක් නොමැති බව රාජපක්ෂට පැවසීය.

සඳුදා දෙදෙන අතර කෙටි හමුවක් පැවැත්වින.විමර්ෂණයන් පැවැත්වීමේ මුවාවෙන් තමන් හා තම පවුලේ සාමාජිකයින් කිසිදු හේතුවක් නොමැතිව අපහසුතාවට ලක්කිරීම නවත්වන ලෙස රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් ඉල්ලා සිටියේය.දෙවන වතාවකට තරග නොකරන බවට ප‍්‍රකාශ කර ඇති නිසා ජනාධිපතිධූර කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව පක්ෂයට කුමක් සිදුවනු ඇත්දැයිද රාජපක්ෂ විමසීය.ඊට පිළිතුරු දුන් ජනපති සිරිසේන එයින් තමන් අදහස් කළේ ජනපතිධූරයට නැවත තරග නොකරන බව පමණක් යැයි පැවසීය.පැවැති ජනපති ක‍්‍රමය දැන් වෙනස්වී ඇති නිසා දිගටම දේශපාලනයේ නිතර වීමට අදහස් කරගෙන සිටින බවද ඔහු කීය.පක්ෂයේ තීන්දු තීරණ වලට බාධා ඇතිවන කටයුතු වල නොයෙදී පක්ෂය ගොඩනැගීමට සහයෝගය දක්වන ලෙස ජනපති සිරිසේන හිටපු ජනපතිවරයාට උපදෙස් දුන්නේය.තමන් පෙර නවාතැන් ගෙන සිටි විජේරාම මාවගේ බි‍්‍රතාන්‍යය මහකොමසාරිස් කාර්යාලයට යාබද නිවස රාජපක්ෂගේ පරිහරණය වෙනුවෙන් වෙන් කර දීමට කටයුතු දියත් කර තිබෙන බවද ඔහු පැවසීය.ව්‍යවස්ථාවට අනුව හිටපු ජනපතිවරයෙක්ට වෙනම නිල නිවසක් හා වෙනත් පහසුකම් ලබාගැනීමේ වරප‍්‍රසාදය හිමිය.

මේ කටයුතු සිදුවන අතරේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනාගතය යම්කිසි සන්ධිස්ථානයකට එළැඹ ඇත.

‘සන්ධානයේ අනාගතය තීරණය වෙන්නේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ කි‍්‍රයාකලාපය අනුව තමයි.දැනට පත්වෙලා ඉන්න මන්තී‍්‍රවරුන් 95 දෙනාම නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය.’

සන්ධානයේ ප‍්‍රධාන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන සන්ඬේ ටයිම්ස් හා පැවසීය.

දෙකෙන් එකක් විසදාගැනීමට ළගදීම සිදුවනු ඇත.මාස කිහිපයක් ඇතුළත පළාත් සභා මැතිවරණද පවත්වා අවසාන කිරීම ජාතික රජයේ සැළැස්මයි.මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිටින්නේ සීමානීර්ණක කමිටුවෙන් ලැබුණු වාර්තාව ගැසට් කරන තෙක්ය.අනතුරුව මැතිවරණය පැවැත්වීමට අවැසි පියවර ගැනීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත.දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණයට කෙසේ මුහුණදෙනු ඇත්දැයි දැකගත හැකිවනු ඇත්තේ ඉදිරියටය.

පසුගිය දිනෙක පැවැති මාධ්‍ය සාකච්ඡුාවේදී දිසානායක සදහන් කළ ආකාරයට ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 70 දෙනා ජාතික රජයක් පිහිටුවීමට කැමැත්ත පළකර ඇත.එවිට සන්ධානයට ඉතිරි වන්නේ 25 දෙනෙකි.ජනපති සිරිසේන තෝරාදෙන නායකයෙකු යටතේ ඔවුන්ද,ජනතා විමුක්ති පෙරමුණද,දෙමළ ජාතික සන්ධානයද, පාර්ලිමෙන්තුවේ විපක්ෂය නියෝජනය කරනු ඇතැයි සිතිය හැකිය.ජාතික රජයක් පිහිටුවීමට ජනපති සිරිසේන ඔහුගේ හිතවතුන්වද එක්කරගෙන සිටී.දවස් කිහිපයකට ඉහතදී ජය වෙනුවෙන් සටන් වැදුනු පක්ෂ දෙකක් දැන් රට වෙනුවෙන් එකට එකතුව කටයුතු කරන්නට යන අයුරු ශී‍්‍රලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්ව තිබෙන්නකි.යහපාලනය ස්ථාපිත කිරීම මෙලෙස එක්වීමේ අරමුණ බව දෙපාර්ශවයම කියතත් ඇමතිධූර මුල්කරගෙන පසුගිය සමයේ එළිපිට සිදුවූ ගැටුම් යකා සිතා සිටියාට වඩා කලූ බව පෙන්වා දෙන්නකි.පක්ෂ දෙක අතර ඇතිවූ අවබෝධතා ගිවිසුම වසර 2 කට බලපැවැත්වෙන්නකි.එම කාලයේ ඔවුන් කෙලෙස කටයුතු කරාවිද යන්න කාලයටම විසදීමට භාරදිය යුතු ගැටලූවකි.



අදහස් (0)

යළි බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදය සුන් කරන ඇමැති සටන

ජයරත්න Monday, 31 August 2015 06:12 AM

රටට අදරය කරන උගත් බුද්ධිමත්, ජාත්‍යන්තර හොද සම්බන්ධතා ඇති අවංක පිරිසකගෙන් සැදුම්ලත් නව දේශපාලන පක්ෂයක් රටට අවශ්‍යයි. හැබැයි මේ ඉන්න නඩේ කිසිවකුත් සම්බන්ධකර ගන්න හොද නෑ.(ම)

:       0       0

ජයසි Monday, 31 August 2015 06:19 AM

ගරු ජනාධිපති තුමනි ,ඔබ තුමා ජනවාරි 8 වෙනිදා ජනාධිපති ලෙස පත් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයනොවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එවකට සිටි විපක්ෂයයි .එදා ඔබතුමාට විරුද්දව කටයුතු කළ අය,අගෝස්තු 17 මහින්ද මහතා සමග එම දේම කළා,මෙනිසා ජනවාරි 8 ඔබතුමා දිනවපු 6200000 ජනතාව කම්පනයට පත්වසිටි , ඔබතුමා 6200000 මඩේ ඔබා 17 වෙනිදා මහින්ද මහතාට ඡන්දය දුන් 4700000 ට සැලකීම ගැන , හොරුන්ට තනතුරු දීම ගැන කනගාටුවෙනවා (බ)

:       0       0

නාරද Monday, 31 August 2015 06:38 AM

මෙතන ඇමැතිවරු පත්කිරීම හෝ තෝරාගැනීම පිළිබද ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුව රැස්වූ පසු කවුද විපක්ෂය, කවුද මහින්ද සමග ඉන්නේ කියලා බලන්න පුලුවන්. කලින් ඇමැතිකම් ලබා දුනහෝත් නොලැබුන අය මහින්ද සමග හේත්තුවීම වලකාලන අපූරු රනිල් මෛත්‍රී ගැටයක් (බ)

:       0       0

ධම්ම Monday, 31 August 2015 07:01 AM

අධිවේගී මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, මහින්දට පින්දෙනවා ඇති අලුත් විෂයයක් හැදුවාට.(ම)

:       0       0

ෆාති Monday, 31 August 2015 08:02 AM

පසුගිය පාර්ලිමේන්තුවේ කාලය දින සියය ඉක්ම වන්න තීරණය කලේ හිටපු අයගේ පැන්ෂන් එක හදා ගන්න. මේපාර ජාතික ආණ්ඩුව එන්නේ පළාත්පාලන මැතිවරණයේ ජය යු ඇන් පි යේ ජය තහවුරු වෙනකම් විතරයි. මේ රටේ දේශපාලනය යනු ජනතාවගේ න්‍යාය පත්‍රය නොවේ. දේශපාලකයන්ගේ අභිවෘද්ධියේ න්‍යාය පත්‍රයයි. (බ)

:       0       0

තුසිත Monday, 31 August 2015 08:30 AM

පැරදුණත් දේශපාලකයෝ දිනුම් හැමදාම .එත් රටේ ජනතාව යුඑන්පි වුණත් යුපිඑෆ්ඒ වුණත් ජවිපෙ වුණත් හැමදාම පරාද වෙනවා. (ම)

:       0       0

පාලිත සේනානායක Sunday, 30 August 2015 05:02 PM

අපේ පාසල් කාලය සාමාන්‍ය ආකාරයෙන් ගෙවුණු පාසල් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලය නිදහසින්, කෙළිදෙලෙන් ගෙවන්න පුළුවන් කාලයක් වුණේ නැහැ. අපේ තරුණ කාලයේ ඉතාමත් භීෂණකාරී වාතාවරණයක් රටේ තිබුණේ. දේශපාලන පක්‍ෂ තහනම් කරලා, ඉන්දියානු හමුදා ශ‍්‍රී ලංකාවට ඇවිල්ලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන මේ වර්තමාන මහත්වරු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ වටරවුම්වල ප‍්‍රදර්ශනයට තබපු යුගයක තමයි අපි අපේ තරුණ වයස ගෙව්වේ. මළ කඳන් ගංගාවල පාවෙලා යන යුගයක, තරුණයකු වීම මරණ වරෙන්තුවක් ලැබීමේ හේතුවක් බවට පත්වූ යුගයක, ‘ගම්පෙරළිය’ පොත ළග තිබූ නිසා තරුණයන් පොලිස් අත්අඩංගුවට පත් වූ යුගයක, ආගමික අර්ථයෙන් හෝ ‘විමුක්තිය’ කියන වචනය තිබූ පොතක් ළග තබා ගත්තත් තරුණයන් අතුරුදහන් කළ යුගයක, ‘රතුපාට පොත් ළග තියා ගන්න එපා පුතේ’ කියලා දෙමව්පියන් බියෙන් ඉල්ලා සිටි යුගයක, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක අකුරක්වත් ජීවමානව නොතිබුණු යුගයක තමයි අපේ තරුණ වයස ගෙවිලා ගියේ.(ම)

:       0       0

ශෂී Monday, 31 August 2015 08:57 AM

අපි ඡන්දෙ දුන්නේ මහන්සි වුනේ සැබෑ වෙනසක් අලුත් මුහුණු දකින්නයි. අායෙත් හිටපු අයම එනවනම් වැඩක් නෑ (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 09:06 AM

හැකි ඉකමනට රටේ සිද්ද වුණ මෙගා දුෂණ,සුදු වැන් මිනි මැරුම්,මිනිස් සංහාර ගැන පරීක්ෂණ ඉක්මන් කරලා වැරදි කරුවන්ට දැඩි දඩුවම් දෙන්න.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 09:15 AM

ඉන්දියාව අපේ රට වගේ 20 ගුණයකටත් වැඩ ලොකු වුනාට ඇමති තනතුරු තියෙන්නේ විසි ගානයි.ඒකට අපේ රට? (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 09:21 AM

දැන් ඉතින් හෙට ඉදලම තමන්ගේ ඓතිවාසිකම් වෙනුවෙන් , ඓතිවාසිකම් ඉල්ලගෙන උද්ගොෂණ කරන්න ජවිපෙ පස්සේ පලයල්ලා ..... (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 09:22 AM

හිටපු ඒකාධිපතිය නැතිනම් කිසිම ගින්නක් නැතිව ඔය කියන ඇමති තනතුරු ප්‍රමාණය 20 ට අඩු කරන්න පුළුවනි.(ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 31 August 2015 09:25 AM

රට හදන්න තිබුන හොදම අවස්ථාව අපේ මිනිස්සු විසින් නැති කර ගත්ත.එදා හිටපු හමුදාපතිව ජනාධිපති කරව ගන්න නොලැබුණ එකට ඉදිරියේදී අඩන්න සිද්ද වෙනවා කියල මම එදා කිව්වේ ඒකයි.(ම)

:       0       0

දුල්මිණි Sunday, 30 August 2015 10:43 PM

බුද්ධික පතිරණ කෙනෙක් නැද්ද? (බ)

:       0       0

රෝහණ Monday, 31 August 2015 01:07 AM

ශ්‍රී ලනිප දුෂිතයන් සමග රජයක් පිහිටුවීම අමාරු කාර්යක්. ඒ අය ඉල්ලන ඇමතිකම් දෙන්න එපා . අවුරුදු 20 ක් රට කෑවා. ජනතා විමුක්ති පෙරමුණේ, දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගෙන රජය පිහිටුවන්න. ඒ අය බුද්දිමත් ඒ අය සමග වැඩ කරන්න පහසුයි (නදී)

:       0       0

රණසිංහ Monday, 31 August 2015 01:28 AM

ඇමති කෙනකු හා මන්ත්‍රී කෙනකු අතර වියදම් පරතරය එතරම් වෙනසක් නැත. ඇමති වරු වැඩිවීමෙන් අධීක්ෂණය වැඩිවී කාර්යක්ෂමතාවය වැඩිවේ. මා දන්නා පරිදි ජවි පෙ මන්ත්‍රී කෙනකු වසරකට ලක්ෂ 15 ක් පමණ පඩි හා දීමනා ලබා ගනී. ඔවුනට දැඩි කැක්කුමක් ජනතාව වෙත ඇත්තම් විජේවීර මහතා කී පරිදි පැන්ෂන් ප්‍රතික්ෂේප කර, පඩි හා දීමනා රෝහලකට තෑගි කොට මහජන ආධාර මත රාජකාරි කල හැක. (නදී)

:       0       0

සරත් Monday, 31 August 2015 01:47 AM

දිනෙන් දින විනාශ මුකයට ගමන් කරන ශ්‍රී ලංකාව තව දුරටත් අාගාදයට වැටීම කා හටවත් නවතා දැමිය නොහැකිය. අපිට ඇති දෙයක් නැති බව සිංහලයට වැටහෙන දවසක් උදා නොවනු ඇත. මැති ඇමතිවරු දියුනුවෙන් දියුනුවට පත් වනු ඇත. රටට ආදරය කරන නායකයෙකු කිසිම දිනෙක උපදින්නේ නැත. ස්වාභාවික දරුණු විපතකින් ලංකාව විනාශ වන දින වැඩි ඈතක නැත (නදී)

:       0       0

දුමින්ද Monday, 31 August 2015 02:15 AM

දේශපාලනය හුදෙක් ගනු දෙනුවක් පමණද (අ)

:       0       0

දම්තා Monday, 31 August 2015 02:16 AM

අපි යුන්පීයට ඡන්ද දුන්නේ ශ්‍රී ලංකා කාරයන්ට වැදගත් අමාත්‍යාංශ දෙන්න නෙමෙයි. විශේෂයෙන් ‍ජෝන් සෙනවිරත්නට සමෘද්ධිය දීම අන්තිම භයානක වැඩක්. මොකද පහුගිය කාල පරිච්චදේය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමෘද්ධි ලාභියාව වැරදි විදියට තමන්ගේ දේශපාලන උවමනාකම්වලට පාවිච්චි කරා. හොර ඡන්ද ව්‍යාපාරයට පාවිච්චි කරා. ආයිත් ඒ දේම කරයි. ඒ ව‍ගේම සමෘද්ධියේ පුරවලා ඉන්නේම නිකං කන වැඩක් නැති හරි උගත් කමක් නැති පක්ෂ ගැත්තෝ. (අ)

:       0       0

සත්‍යයා Monday, 31 August 2015 02:46 AM

මෛත්‍රිපාල සිරිසේන ව ජනතාව රටේ පාලකයා කෙරුවේ ඔහු කැමති දේවල් කරන්න නොව ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන සේවකයෙක් ලෙස සේවය කරන්නයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට හා ඔහුගේ පවුලේ අයට විරුධව විමර්ශන නවත්වන්න කියා ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් මහින්ද රාජපක්ෂට නැතුවා වගේම ඒ ගැන සලකා බලන්නත් මෛත්‍රිපාල ජනාධිපතිට අයිති කාර්යයක් නොවේ. එය තනිකරම පොලිසියේ විමර්ශන නිලධාරීන්ට හා අධිකරණය ට අයිති කාර්යයක්. (අ)

:       0       0

හිමන්ත Monday, 31 August 2015 02:46 AM

ඉතා ඉක්මනින් බොළඳ ප්‍රසන විසඳගෙන ජාතික ප්‍රශ්නවලට අවධානය දෙන්න, කැබිනෙට් මණ්ඩලයේ 5 ක් එක්ක රට යන්න හැකි බවත් පෙනෙනවා, එළඹෙන තත්ත්වවලට පෙර සූදානම් වී නොසිටියේද ?රට යනු සෙල්ලමක් නොවේ, ජාතික රජයක් නම් සියලු පක්ෂ සිටිය යුතුයි,පක්ෂ දෙකකට ජාතික යන වචනය අයත් කර ගැනීමට ඉඩ දිය නොහැකියි, දෙමල මුස්ලිම් ජවිපෙ සියල්ල සමඟ ජාතික ප්‍රතිපත්ති සාදන්න. (අ)

:       0       0

අනුර Monday, 31 August 2015 02:48 AM

මම සර්ව අසුබ වාදියකු නොවෙම්වා (අ)

:       0       0

මුණසිංහ Monday, 31 August 2015 03:02 AM

බල ලෝබය කියන්නේ මේකට තමයි. ගිය ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි අතරේ වෙනසක් නැහැ. අපරාදේ ඡන්දයක් තිබ්බේ. හොරු අල්ලලත් ඉවරයි. බොරු සද්දේ විතරයි. ජනතාව ඉදිරියේදී බරපතල තීන්දු ගනීවි. රට විනාශවෙන ලකුණු පහල වේගෙන එන්නේ. මෛත්‍රීපාලගේ උපන්දිනේ සැමරීම සහ වියදම අඩු කිරීම සංකල්පය කොහොමද? ඉදිරියට ඉතිරි ටිකත් දැකගත හැකි වේවි. ඡන්දය දීපු අයට නැවත හිතන්න දැන්මම පුළුවන්. (අ)

:       0       0

ප්‍රකාශ් Monday, 31 August 2015 12:32 PM

රට පාවා දෙන පින්ගුත්තරයින් කල්ලියක්. (බ)

:       0       0

මැගි Monday, 31 August 2015 04:26 AM

අපි ජන්දය දුන්නේ ජාතික ආණ්ඩුවට නොවෙයි (ම)

:       0       0

ඉසුරන්දි Monday, 31 August 2015 04:28 AM

ජනතාවට බුදුසරණයි.සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියලා මම අහල තියෙනවා.(ම)

:       0       0

සංජීව - හොරණ Monday, 31 August 2015 05:03 AM

සරත් මහතානෙනි.. ඔබතුමාගේ අදහසට මාද 100%ක් එකගවෙමි.. සිංහලයාගේ මලගම වැඩි ඈතක නොවේ..(ම)

:       0       0

වීරා Monday, 31 August 2015 05:15 AM

ශ්‍රී ලංකාව කිසිම දිනෙක සංවර්ධනය නොවෙයි යට හේතුව වැරදි දේශපාලන ක්‍රමය ලංකා තව වසර පනහක් විතර අනන්ත දුප්පත් රටක් ලෙස පවතින අතර පවතින දේශපාලන ක්‍රමයද වෙනස නොවයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 215 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 147 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1073 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 936 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 188 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1197 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14558 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 144 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 96 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site