දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර කොටස ජනපති මහින්ද රාජපක්ෂ අතින් මෙම මස 31 වැනිදා විවෘත වීමට නියමිතව තිබුණි.
මේ සදහා හේතු ලෙස රජය පෙන්වා දෙන්නේ නූපේ හන්දිය හා මාතර සිට ගොඩගම දක්වා දිවෙන පිහිසුම් මාර්ගයන්ගේ ඉදිකිරීම් කටයුතු හා අධිවේගී මාර්ගය දෙපස අලංකරණ කටයුතු තවමත් අවසන්වී නොමැති වීමයි.
රජයේ ආරංචි මාර්ග වලට අනුව දකුණු පළාත් මහමැතිවරණයට පෙර මාර්ගය විවෘත කිරීමට රජය සැළසුම් කරගෙන සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් චන්දය ගන්න කරන විජ්ජාවක් වගෙ (දී)
චන්දෙ ලං කරලා එක තමයි ( දී)
"රූං ගා මාතර යන්න තව මාසයක් කල් ගනී".එහෙනම් "රූං ගාල" රටේ බදු මිලත් ඉහල යාවි . (දී)
හැබැයි අධිවේගී මාර්ග නිසා රටට හොදක් වෙනවා කවුරු මොනවා කියුවත් (දී)
මේ වැඩ ගැන සතුටුයි (දී)
අධි වේගී මාර්ග වලින් ලැබෙන ආදායම හරියට පරිපාලනය කොලොත් ඉතිරි යෝගිත අධි වේගී මාර්ග හදන්න ණයවෙන්න ඕන නෑ. (දී)
ව්‍යාපෘතිය භාර කළමනාකරුවන් හෝ ඉංජිනේරුවන් තම ව්‍යාපෘතිය අවසන් වන දිනය කියන්නේ සියලුම කරුණු හොඳින් සලක බලලා ඊට තවත් අමතර කාලයකුත් එකතු කරලා. ඒ අනුව තේරෙනවා කිසිම විශේෂ හේතුවක් නැතිව මේක කල් දැමීම දේශපාලන උවමනාවක් කියලා. කලකට ඉහතදී දකුණේ ජල යෝජනා ක්‍රමයක් විවෘත කරන්න පෙර තම ප්‍රදේශවාසීන් වෙනුවෙන් ඒකෙන් වතුර අරන් දීපු දේශපාලකයන් දැන් කොතරම් ආත්මාර්ථකාමී වී ඇති දැයි මෙයින් පෙනේ. (දී)
ලෝකේ ඕනෑම රටක තියෙන දෙයක් තමයි ඉක්මන් ප්‍රවාහන පහසුව, ලංකාවෙත් ඒ තත්වයට ගන්න ඕනේ (දී)
වාහන තද බදය නැති උනත් වාහන අනතුරු නම් වැඩියි (දී)
පාර හදල ඉවර නෑ තවම (දී)
මොනවා උනත් අද අපේ ලංකාව ගැන අපිට සතුටු වෙනද පුළුවන්.(දිල්)
.අපේ පාරේ නම් හවස හයයෙන් පස්සේ යන්න බස් එකක් නැහැ.වැඩි ඈතක නොවෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ (අ)
හැම දෙයක්ම අපි සුබවාදී විදියට බලමු .කවුරු කරත් මෙයින් රටට යහපතක් වේවා. (අ)
ඔය මොන විදිහේ සංවර්දන කටයුතු කලත් දැන් ඉන්න අකමැති වගේ අය සහ විනය පිරිහිච්ච අය ඉන්න කල් රටට සෙතක් නම් වෙන්නේ නැහැ. විනය නැතුව මුකුත් හරියන්නේ නැහැ. (අ)
මැතිවරණ කොමසාරිස් ඔහේද?? මමද?? නියම පිළිතුරක් මෙතන දීල තියනවා. (දී)