IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රුක්මණී දේවි එක්ක ගැයූ 'නිලම්බරේ' ගීතය මට වාසනාව ගෙනාවා

2016-12-11-ent-111

හෙළයේ මහා ගීත කෝකිලාවිය විරුදාවලිය ලත් රුක්මණී දේවිය සමග යුග ගීතයක් ගයන්නට වාසනාව ලද ෆීලික්ස් ඇන්ටන් නම් ජනප‍්‍රිය ගායකයායි මෙවර ‘‘සඳැල්ල’’ ‘‘මතක පොතට’’ ආරාධනා ලබන්නේ.

2016-12-11-ent-112‘‘සුළං රැුල්ල ලෙස හමා එමී..’’, ‘‘හද සිඹින මල් මල් සිහින මල්කිසි කෙනෙක් නොදුටු මල්...’’ ආදී ෆීලික්ස් ඇන්ටන් ගැයු මතකයේ රැුඳුණු ගීත මාලාවක් අපේ රසික ජනතාව තවමත් රසවිඳිනවා නොඅනුමානයි. දැන් අපි කියවමු ඔහුගේ කලා ලොව පිළිබඳව ඔහු පවසන රසවත් මතකය.

මට පුංචි කාලේ ඉඳලම තිබුණා පික්චර් පිස්සුවකුත්? සිංදු පිස්සුවකුත්. ගුවන් විදුලිය ඇතුලට රිංගා ගැනීම මෙයට හොඳම ක‍්‍රමය බව හිතාගෙන මම ශබ්ද පරිපාලකයෙක් විදියට ජාතික ගුවන් විදුලියේ සේවයට බැඳුනා. ඒ 1969 සැප්තැම්බර් මාසේ 23 වැනිදා. එදා ගුණදාස කපුගේ මහත්මයාටත් ශබ්ද පරිපාලකවරයෙක් විදියට රැුකියාව ලැබුණා.

කපුගේටත් මට වගේ සිංදු පිස්සුව තිබිලා එයා කොහොමහරි ‘‘දෑස් නිලූපුල් තෙමා..’’ ගීතය ගායනා කරලා ඒ ආසාව ඉෂ්ඨකරගත්තැයි කියලා හිතමුකෝ. මමත් ලොකු උත්සාහයක් අරගෙන ‘‘නෙත පිනන රුසිරු වත ඔබේ..’’ ග්ීතය ගායනා කළා. මට තවම මතකයි...... ඒ ගීතය 1971 අප‍්‍රියෙල් මාසයේ මුල් සතියේ දවසක දිවා ගී වැඩසටහනෙත් ප‍්‍රචාරය වුණා. මේ ගායකයා ෆීලික්ස් ඇන්ටන්... කියලා එදා තමයි ප‍්‍රථම වතාවට මගේ නම ප‍්‍රචාරය වුණේ.

මේ එක ගීතයෙන් මම තරමක් දුරට ජනප‍්‍රියත්වයක් හිමිකරගෙන තිබුණත් ප‍්‍රසංග වේදිකාවක ගායනා කරන්න හොඳ ගීතයක් මට තිබුණේ නැහැ. මේ නිසා මම එදා නව පරපුරේ සිටි දක්ෂ සංගීතඥයෙකු හා ගායකයෙකු වූ ක්ලැරන්ස් විජේවර්ධන මහතාට කිව්වා මචං... මට ස්ටේජ් එකේ ගයන්න පුළුවන් හොඳ සිංදුවක් හදල දෙන්න කියලා. ක්ලැරන්ස් ඒ වෙලාවෙම වන බඹරෝ රෝස මලක් පිපිලා කියලා පද දෙකක් ලිව්වා. අවාසනාවක මහත කියන්නේ ඒ ගීතය ලියලා තනුවක් නිර්මාණය කළාම ඒක වෙනත් ගායකයෙකු අයිති කරගෙන තිබුණා. මොනවා කරන්නද.. මම හිත හදා ගත්තා.

ඊට පස්සෙ තමයි මෙන්න මේ සිද්ධිය සිදුවූණේ.

ප‍්‍රවීණ ගීත රචකයෙක් ලියූ පදරචනයක් ඔහුගෙන් අවසරයක් නැතුව වෙනස් කිරීම බැණුම් කෝටියක් අහන්න සිද්ධවෙන වරදක් බව කවුරුත් දන්නා සිද්ධියක් නේ. මේ කතාවත් ඒ වගේ කතාවක් තමයි.

මුළු රටම හඳුනන ප‍්‍රවීන ගීත රචක කරුණාරත්න අබේසේකර සූරීන් මට මගේ ඉල්ලීමට අනුව ගීතයක් ලියලා දුන්නා. ඒ ගීතයේ මුල් පද දෙක ලියලා තිබුණේ මෙහෙමයි.

 

සුළං රැුල්ල හමනා ලෙස සිසිලදී සොමී

කොහෙන් නමුදු දිනයක මම ඔබ සොයා ගමී....

මේ පද රචනය බාරදුන්නා මෙල්රෝයි ධර්මරත්න මහත්මයාට හොඳ තනුවක් දමන්න. මේ පද ටික කෙටි කළොත් නම් හොඳ තනුවක් දමන්න පුලූවන් කියලා මෙල්රෝයි කියන්න පටන් ගත්තා. ඉතින් ඒ අවස්ථාවේ හැටියට කරු අයියා හමුවෙන්න වේලාවකුත් නැහැ. මට ඕනෑ විදියට පද වෙනස් කරන්නත් බැහැ. ඒ කොහොම වුණත් එතුමාගේ මුල් පද ටික මම මෙන්න මෙහෙම වෙනස් කළා.

 

සුළං රැුල්ල ලෙස හමා එමී

කොහෙක් නමුදු ඔබ සොයා ගමී....

ඊට පස්සේ ගීතය පටිගත කරලා කරු අයියා මුනගැහෙන්න ගිහිල්ලා හිත ගැහි ගැහී විස්තරය කියන්න පටන් ගත්තා. හරි ෆීලික්ස් මල්ලී මම වෙනස් කළත් ඔහොම තමයි වෙනස් කරන්නේ. එතුමා හිනාවෙලා එහෙම කිව්වම තමයි මගේ ඇඟට ලේ ඉනුවේ. මේ ගීතය අදටත් ජනප‍්‍රියයි. ඊළඟට මට මේ සිද්ධිය මතකයට එනවා.

‘‘නරිබෑනා’’ වේදිකා නාට්‍යයේ නිර්මාතෘවරයා වන දයානන්ද ගුණවර්ධන මහතා අපේ රටේ සියලූ දෙනාටම අමතක නොවන චරිතයක්. එතුමාගේ නිවස පිහිටා තිබෙන්නේ ගම්පහ ඔරුතොට පාරේ.

මේ නිවස කිට්ටුව තිබුණු සංගීත ප‍්‍රසංගයක මමත් ගීත ගායනා කළා. ඊට පසු දවසක එතුමා මට ගුවන් විදුලියේදී මුණගැහිලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. ගම්පහ ඔරුතොට පාරේ තිබුණු සංගීත ප‍්‍රසංගයේදී ෆීලික්ස් සිංදු කියනවා මම අහගෙන හිටියා. මට එදා රාත‍්‍රියේදී අදහසක් ආවා වේදිකාවේදී ඔබ ගායනා කරන ගීතයට අනුව ජවනිකාවකුත් ඉදිරිපත් කළොත් හොඳයි නේද කියලා. ඒ වෙලාවේ මටත් අලූත් අදහසක් නොතිබුණු නිසා එහෙම කලත් හොඳයි නේද කියලා එතුමාගේ අදහස මමත් අනුමත කළා.

ඊට පස්සේ ඒ කතාව මට අමතක වෙලා ගියත් එතුමා අමතක කරලා නැති බව එතුමාගේ නව නිර්මාණයකින් මට දැනගන්නට ලැබුණා. එතුමා ‘‘මධුර ජවනිකා’’ නිර්මාණය වේදිකාවට ගෙන තිබෙන්නේ එදා රාත‍්‍රියේ මුල්බැසගත්තු අදහසින් බවයි එතුමා කියා තිබුණේ.

මගේ ගායන ජීවිතයට තවත් වාසනාවක් පහළ වූ ආකාරය ඊළඟට කියන්නම්.

අමරදේවයන්ට ගීත රචනා කරන ඩෝල්ටන් අල්විස් මහත්මයා එක දවසක් මගේ අතට පද රචනයක් දීලා කිව්වා ෆීලික්ස් මේ ගීතයත් ගායනා කරපන්...උඹ නැගලම යාවි කියලා. ඒ පදරචනයට සංගීත නිර්මාණය කළේ ලයනල් අල්ගම කියන මහා සංගීත වේදියා. මෙන්න සිංදුව..

 

හද සිඹින මල් මල් සිහින මල්

කිසිකෙනෙක් නොදුටු මල්....

2016-12-11-ent-110ඒ ප‍්‍රවීණයන් දෙන්නට මම අදත් ණය ගැතියි ඒ ගීතය තුළින් මට රසිකයින් අතරට යන්නට හැකි වුණාට. මං ඊළගට කියන්නෙත් තවත් වාසනාවක් උදා වූ හැටියි.

ලීනස් මෙන්ඩිස් පියතුමා එකදවසක් මාව මුණගැහිලා කිව්වා තවත් ගීත දෙකක් රචනා කරලා තියෙනවා එයින් එක ගීතයක් රුක්මණී දේවිය සමග ගායනා කරන්න ඕනැයි කියලා. එහෙම කිව්වම මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා. ඒ වගේ මහා ගායිකාවක් එක්ක මං වගේ ගායක බට්ටෙක් කොහොම සිංදුවක් කියන්නද කියලා.

කොහොම හරි හිත හදාගෙන ගියා එතුමිය මුණගැහෙන්න. ඒ දවස්වල එතුමිය නතරවෙලා හිටියේ දෙහිවල ඇගේ හෙලන් නංගිලාගෙ ගෙදර. එතුමිය අපි ඉදිරියට එන්න පැයක විතර කාලයක් ගතවුනා. ඇඳගෙන ආවේ රෙද්දයි හැට්ටයයි. මට තේරුණා හැඩවැඩ වෙන්න කාලය ගතවුනා කියලා. ඉතින් කියමුකෝ ළමයෝ ආපු කාරණය. එතුමිය මට කතා කළේ ඒ විදියට.

කිසිම පැකිලීමක් නැතුව මා සමග ගීතය ගයන්න එකඟත්වය පළ කළාම මම ගියා ගීතයට සංගීතය නිර්මාණය කර ගන්න ස්ටැන්ලි පීරිස් සංගීතවේදියා මුණගැහෙන්න. ඒ වෙනකොට ස්ටැන්ලි පීරිස් මහත්මයා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ ආර්ට් මාස්ටර්. මේ 1978 වර්ෂයේ. මේ ගීතය සාන්ත අන්තෝනි විද්‍යාලයේදී පුහුණුවෙනකොට අවුරුදු 16 ක විතර පොඩිකොල්ලෙක් තමයි පියානෝව වාදනය කළේ. මේ ගීතය පටිගත කරන දවසේදීත් මේ පොඩි කොල්ලා පියනෝව වාදනය කළා. පසුව මට දැනගන්නට ලැබුණා ඒ පොඩි කොල්ලා තමයි රූකාන්ත ගුණතිලක බව. ඉතින් එදා රුක්මණී දේවිය සමඟ මම ගැයූ ගීතය තමයි. ‘‘නිලම්බරේ කැලූම් පිරී සරා සඳවගේ...’’ අනිත් ගීතය ඇය ගායනා කළේ මිල්ටන් මල්ලව ආරච්චි. එක්ක ඒ තමයි ‘‘පෙම් රජ දහනේ අහස් මාළිගා...’’

ඉතින් නිලම්බරේ කැලූම් පිරී සරා සඳ වගේ ගීතය මට වාසනාව ගෙනාව නිසා ප‍්‍රසංග වේදිකාවේදී මේ ගීතය ඇය සමග ගායනා කරන්න මම ලොකු සිහිනයක් මවා ගෙන හිටියා. ඒත් ඒ වාසනාව උදාවෙන්නත් ඉස්සර මේ නිහතමානී රත්තරං ගායිකාව හදිසි අනතුරකින් අපෙන් වෙන්වෙලා ගියා.

 

අමරදාස සිල්වා

 



අදහස් (0)

රුක්මණී දේවි එක්ක ගැයූ 'නිලම්බරේ' ගීතය මට වාසනාව ගෙනාවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 6738 3

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 5013 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 933 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1338 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 3193 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 4171 11

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40183 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26009 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1330 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site