IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


රැකියා විරහිත ලෝක කැරම් ශූරයා ඉදිරියේදී තවත් ජයග‍්‍රහණ සොයයි

වසර දෙකක කාලයක් තිස්සේ රැකියාවක් නොමැතිව සිය කැපවීමෙන් පුහුණුවීම් කරමින් ළඟා කරගත් ජයග‍්‍රහණයක් බව ලෝක කැරම් ශූරතාවලියේදී රටවල් 18 ක ක‍්‍රීඩකයන් අභිබවමින් පිරිමි කේවළ ශූරතාව දිනාගත් නිශාන්ත ප‍්‍රනාන්දු පැවසීය. කොළඹ ගලදාරී හෝටලයේදී ඊයේ (4) නිමාවු හය වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් 33 හැවිරිදි නිශාන්ත මෙරට ක‍්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී ජයග‍්‍රහණයක් එක් කළේය. ”ගොඩක් සතුටුයි. බලාපොරාත්තුවක් තිබුණා කෙසේ හෝ මවුබිමට කීර්තියක් ගෙන දීමට. මෙවර තරගාවලියේ කණ්ඩායම් ශූරතාව අපෙන් ගිලිහී ගියත්, කේවළ ශූරතාව දිනා ගැනීමට හැකිවීම පිළිබඳව නායකයා ලෙස මම සතුටු වෙනවා යැයි” නිශාන්ත පැවසීය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයේදී නිශාන්ත තරග වට 2/0 කින් ප‍්‍රබල ඉන්දිය ක‍්‍රීඩක භාරතී දාසන් පරාජය කිරීමට සමත්විය. නිශාන්තගේ මෙම ජයග‍්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ අවසන් පූර්ව තරගයේදී හිටපු ලෝක ශූරයා වන යෝගේෂ් පර්දේශි පරාජය කළ භාරතී දාසන් පහසුවෙන්ම පරාජය කිරීමයි. එහි ලකුණු පුවරුව 25/4, 25/10 ක් ලෙස සටහන්විය. පිරිමි කණ්ඩායම් ඉසව්වේදී පරාජය කිරීමට නොහැකි වු ඉන්දිය ක‍්‍රීඩක ප‍්‍රකාශ් ගයික්වාල් පරදවා අර්ධ අවසන් පුර්ව වටය ජයගත් නිශාන්ත එතැන් සිට ශූරතාව හඹා ආවේය. ”මට රැකියාවක් නැහැ” ”මට පුතෙක් සහ දියණියක් ඉන්නවා. ක‍්‍රීඩාවෙන් ඉදිරියට යෑමට නම් ආර්ථිකය ශක්තිමත්විය යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී ජයග‍්‍රාහණ ලබාගෙන ලෝක ශූරතාව රැක ගැනීම අපේක්‍ෂාව” යැයි නිශාන්ත වැඩි දුරටත් පැවසීය. මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදී ශිෂ්‍යයකු වන නිශාන්තගේ ගම් ප‍්‍රදේශය ද මොරටුවයි. තරගාවලිය සාර්ථක කර ගැනීමට මුදලින් අනුග‍්‍රාහය දැක්වු ක‍්‍රීඩා අමාත්‍යංශයට මෙන්ම සමාගම්වලට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තමන් ස්තූතිවන්ත වන බව ද හෙතෙම පැවසීය. නිශාන්ත, මෙවර ලෝක ශූරතාවලියට සහභාගිවුයේ මෙම වසරේ ජාතික කැරම් ශූරතාව ද හිමිකර ගනිමිනි. නිශාන්ත, වසර අටක් පුරා ජාතික ශූරතාව රැකගෙන සිටි චමිල් කුරේ එහිදී පරාජය කළේය. ශ්‍රී ලංකාවේ බලාපොරෙත්තුවක් වු චමිල්, ලෝක තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී යෝගේෂ් පර්දේශී හමුවේ පරාජය විය. පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකේ ශූරතාව සමඟ මෙවර තරගාවලියේ වැඩි ගෞරවය ඉන්දිය කැරම් කණ්ඩායම හිමිකර ගත්තේය. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ. නිශාන්ත ප‍්‍රනාන්දු ලෝක කැරම් ශූරයාට හිමි සම්මානය අතැතිව......



අදහස් (0)

රැකියා විරහිත ලෝක කැරම් ශූරයා ඉදිරියේදී තවත් ජයග‍්‍රහණ සොයයි

සමර Monday, 05 November 2012 05:36 PM

මට ඔබ ගැන කනගාටුයි

:       0       0

මාලිංග Monday, 05 November 2012 06:02 PM

මෙයා රට වෙනුවෙන් කලාට අපි මෙයාට මොකුත් කරන්නේ නැහැ (දී)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 05 November 2012 06:04 PM

කුඩු නිසා කඩු හොරකම් කරන රටක, අමන සල්ලාලයන් බේබද්දන්ගෙන් අපගේ කාන්තාවන් කෙලෙසී යන රටක, කාන්තාවන්ගේ හා මවුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න නොදන්නා පාදඩයින් ජීවත්වන රටක, රැකියා විරහිතවූවද යහමගක ගොස් රටට සමාජයට ඔබ වැනි නිහතමානී පුරවැසියෙක් එකතුකළ ආඩම්බරය අපි අගය කරන්නෙමු‍. මමත් කැරම්කාරයෙකු බැවින් මගේ සුභාෂිංශනය ඔබට පිරිනමමි. (නි)

:       0       0

කසුන් Monday, 05 November 2012 06:09 PM

ගරු කරනවා ඔබට

:       0       0

චන්ද්‍රසිරි Monday, 05 November 2012 06:36 PM

ඔබ පිට රටකට යන්න උත්සහ කරාන්න ලංකාවේ ඉන්න එපා (දී)

:       0       0

යෝහාන් Monday, 05 November 2012 06:44 PM

අපේ රටේ දක්ෂයින්ට තැනක් නැහැ (දී)

:       0       0

සුගත් ගෝමස් Monday, 05 November 2012 06:45 PM

අපෙන් සුභපැතුම් (දී)

:       0       0

සාලිය Monday, 05 November 2012 07:08 PM

මගේ සුභපැතුම්

:       0       0

කොලිත් Monday, 05 November 2012 07:38 PM

රටට ආඩම්බරයක් ඔබ

:       0       0

චන්දන Monday, 05 November 2012 07:29 PM

කවුරුත් නැද්ද මෙතුමාට රස්සාවක් දෙන්න රට වෙනුවෙන්

:       0       0

හුසේයිෆා Tuesday, 06 November 2012 02:34 PM

ජයවේවා ඔබට

:       0       0

හසන්ති Monday, 05 November 2012 07:47 PM

සුභපැතුම් ඔබට

:       0       0

රිෂාඩ් Monday, 05 November 2012 03:03 PM

මවුබිමට ආඩම්බරයි සහෝදරයා (ස)

:       0       0

තාරකා Monday, 05 November 2012 08:14 PM

රට වෙනුවෙන් ඔහුට උදව් කරන්න

:       0       0

රොටරි Monday, 05 November 2012 08:18 PM

පරිස්සම් වෙයන් කොල්ලෝ. උඹටත් තහනම් උත්තේජක ගත්තා කියලා අංචි අදීවි.... (නි)

:       0       0

මහේන් Monday, 05 November 2012 03:23 PM

සුභපැතුම් ඔබට

:       0       0

චුලන්ත Monday, 05 November 2012 04:29 PM

නියමයි ...නියමයි ... ඔබට සුභපතනවා මම

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 235 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1098 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 109 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1777 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4190 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39526 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site