(යොහාන් භාසුර)
රේගු අධ්‍යක්ෂ ජනරාලවරයාගේ නාමය හා තනතුර වංචනිකව යොදා ගනිමින් වට්ස්ඇප් පණිවුඩ හරහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සංවිධානාත්මක ජාවාරමක් ගැන තොරතුරු වාර්තා වී ඇතැයි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
"DGC Mr. Nonis" යන නමින් වූ වට්ස්ඇප් අංකයකින් බැංකු ගිනුම් අංක ද සඳහන් කරමින් සහ විවිධ හේතු දක්වමින් මෙම ඉල්ලීම් කරන බවත් මෙම වංචනික පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන්ට හසු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
එවැනි ඉල්ලීමක් ලදහොත් ලඟම ඇති පොලිස් ස්ථානයට දන්වා සිටින ලෙස ඉල්ලාසිටින බව ද සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රේගු අධ්‍යක්ෂ ජනරාල්ගේ නමින් වංචනික මුදල් ඉල්ලීමේ ජාවාරමක්
de silva Wednesday, 19 February 2025 05:31 PM
හොරුන්ගෙත් හොරු කම්බා හොරු කියන්නේ මේකට.