කාන්තාවන් කෙළෙසීමට පත්වන්නේ පිරිමින්ගේ හැගීම් අවුස්සන සුළු ඇඳුම් විලාසිතා හා රාගික හැසීරීම් මුල්කරගෙන බව ඉන්දියාවේ බටහිර මහාරාෂ්ඨ ප‍්‍රාන්තයේ ජාතික කොන්ග‍්‍රස් පක්‍ෂයේ ප‍්‍රධාන කාන්තා දේශපාලඥයකු වන ආශා මිර්පේ කියන්නීය.
භෞත චිකිත්සාව හදාරන සිසුවියක (23) දිල්ලි බසයකදී 2012 දී සමුහ කෙළෙසීම ලක්වීමෙන් අනතුරුව මරණයට පත්වීම පිළිබඳව පුද්ගලයෙකු අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය එසේ කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව ඇත්ත සම්පුර්ණයෙන්ම . ඒත් ඕකටත් විරුද්ද කාන්තාවෝ කී දෙනෙක් මේ වෙනකොට සංවිධානය වෙනවා ඇතිද ? වැඩියෙන්ම ලංකාවේ. (නදී)
කාන්හා සංවිධාන වලටයි ඔය කතාව කියන්න ඕනේ (දී)
ඇඳුම් පිරිමි අවුස්සන එකත් වැරදියි. (අ)
කාන්තාවන් අතවරයට ලක් වෙන්නේ අදින ඇදුම් හින්දමද?එතකොට පුංචි කිරි දරුවෝ කරදරවලට ලක් වෙන්නේ මොකක් හින්දද? ඇදුමත් සංවර වෙන්න ඕන, එවගේම මිනිස්සුත් සංවර වෙන්න ඕන. ඉන්දියාවේ කාන්තාවන් අතවරයට ලක් වෙන්න ඇඳුම විතරද හේතුව? කාන්තාව අවමානයට ලක් කරන එක විදියක් තමා ඉන්දියාවේ කාන්තාවන් අතවරයට ලක් කිරීම.(දිල්)
වසර දහස් ගණනක් ගෙවී යනවිට මිනිසා සතු ගුණ ධර්ම පිරිහී යන බව කල්තියා දුටු බුදුන් වහන්සේ කියා දුන්නා. (දිල්)
පිරිමින්ගේ මනස දියුණු කරගන්නයි අවශ්‍ය වන්නේ. පිහිනුම් තටාකයකට බහිද්දීත් සාරිය හෝ රෙද්දක් ඇඳගෙන බහින්න ඕන කියල හිතන අයත් ඉන්නවානේ. ඉන්දියානු ගැහැණු අයගේ උද්ගෝෂණ ගැන හිතන්න ගියොත්, අපටත් හැමදාම ඉන්න වෙන්නේ මහපාරේ තමයි.(නදී)
සම්පූර්ණ ඇත්ත ඹ්ව පේන්න ඇන්දයි කියල මොකක්ද තියෙන වැඩේ (අ)
වැඩිපුර වහනකොට රාගය වැඩියි. අඩුවෙන් වහනකොට රාගය තව වැඩියි. නිරුවත දකිනකොට රාගය නැතිවෙනවා. ඇඳුම් වලින් රාගය අවුස්සන්න පුළුවන්. ඒත් දුෂණයට ලක්වන්නේ අහිංසක ගැහැණු. ඇඳුම් හා දුෂණය අතර සම්බන්දය අඩුයි කියලා හිතෙනවා. මේ ගැන පර්යේෂණයක් කිරීමෙන් පස්සේ නිගමනය කිරීම තමයි සුදුසු.(නදී)
ආශා මිර්ජේ වයෝවෘද්ධ කාන්තාවක් නිසා මෙහෙම පෙළපාලි යනවා. තරුණ කෙනෙක් උනා නම් ඔය පෙළපාලිය යන්නේ. පිරිමින්ට විරුද්ධව තමයි (අ)
ඒ කතාවනම් ඇත්ත. බටහිර ලෝකේ මිනිස්සු රාගික ඇදුම් ඇන්දත් එයාලට ඕන තරම් නිදහස තියෙනවා රාගිකව හැසිරෙන්න. අපේ සංස්කෘතිය එහෙම නෙවෙයි එක නිසා සංවර ඇදුම් අදින්න .(දිල්)
කාන්තාවන් හෙළුවෙන් ගියත් පිරිමි කලබල නොවෙන සමාජයක් තිබිය යුතුය. කාන්තාවන් ලිංගික භාණ්ඩයක් ලෙස සමාජ මතයක් තිබීම මෙම කරදර වලට හේතුවයි. ලිංගිකත්වය යනු බඩගින්න නින්ද වෙනි සාමාන්‍ය මනුෂ්‍ය ක්‍රියාවක් බව සමාජයට තේරුම් යනකන් මෙම කරදර අවසන් නොවේ. බඩගිනි උන පලියට අපි ඕනෙම දෙයක් කන්න බොන්න යන්නේ නෑ. ඒ වගේම ලිංගිකත්වය ගැනත් මිනිසුන් හිතන්න ඕනේ. කවුරු මොනවා කීවත් බටහිර රටවල් මේ අතින් ඉදිරියෙන් ඉන්නවා.(නදී)
තේරුනේ දැන් තමයි!! ගැහැණු ළමයකුට පොඩි කාලෙදිම විනීතව සංවරව ඇදුම් ඇදීමට දෙමව්පියන් පුරුදු කල යුතයි.. නැත්තම් ලැජ්ජාව කියනදේ ගෑවිලත් නැතුව යයි.. (ත)
ඇදුම් වල ද ප්‍රශ්නය එහෙම නැතිනම් හිතේද? (ත)
එකෙත් ඇත්තක් තියෙන්න ඕන,ගැහැණිය සංවර විය යුතු වන අතර පිරිමියා තම හැඟීම් පාලනය කර යුතුයි. (ත)
මෙයට හේතුව කාන්තාවන් අඳින ඇඳුම නොවේ. පිරිමින්ට කාන්තාවන් හා කාන්තාවන්ට පිරිමින් ගරු කලයුතු ආකාරය උගන්වා දීමට අපේ අධ්‍යාපන ක්‍රමය අපොහොසත් වීමයි.(නදී)
මොන මෝඩ කතාවක්ද මේ? තමන්ට කැමති ඇඳුමක් අඳින එක පුද්ගලයෙකුගේ ජන්ම අයිතියක්. ස්ත්‍රී දුෂණය කරන එක සාපරාධි ක්‍රියාවක්. සතෙකුටවත් හිරිහැර කරන්න කාටවත් අයිතියක් නැහැ.(දිල්)
ඒක නම් ඇත්ත.(අ)
හරිම අසාධාරණයි. ඔක්කොම පිරිමි එක ගොඩකට දාලා. මේක 'සමහර පිරිමින්' කියලවත් කිව්වා නම්. (අ)
මට හැගීම් පාලනය කරගැනීමෙ හැකියාවක් ඇත ඒත් මෙය සෑම පිරිමින් තුල නැත කාන්තාවන් මෙය තේරුම් ගතයුතයි. (අ)
කන්තා පාසල් ඇත පිරිමි පාසල් ඇත කන්තාවන් සදහා බස් ඇත පිරිමින් සදහා බස් ඇත හැගීම් ඇවිස්සෙන්නේ නැත (දිල්)
දැන්ද මේ දේවල් තේරුනේ?(දිල්)
ඔව් අර ගෝනි ඇදුම ඇදන් ඇවිදන ටෙන්ට් එක වාගෙ පාරෙ ගියානම් හරි. (අ)
එකනම් එත්ත තමයි. මේ දවස්වල එක්තරා රුපවාහිනී චැනල් එකක නංගිලා මල්ලිලා එක්ක හායි බායි කියන අක්ක කෙනෙකුත් අදින්නේ අගල් 6 දිග කලිසමක්! (අ)
ඉන්දියාව හෙවත් භාරත මාතා කියන්නේ හොඳ සංස්කෘතියක් තිබුණු රටක්. මේ කට්ටිය වැරදි තැනකින් පටන් අරගෙන තියෙන්නේ. හින්දි චිත්‍රපට වල තියෙන අඩ නිරුවත් නැටුම් දර්ශන නවත්වන්ට කියලයි උද්ගෝෂණය කල යුත්තේ. (අ)
කතාව ඇත්ත ....(අ)
මුස්ලිම් ගැහුනු ළමුන්ගේ ඇදුම් තමා හොදම ඇඳුම ගැහිනියකට (අ)
සම්පුර්ණ ඇත්ත කාන්තාවන්ගේ සිරුර සම්පුරණයෙන් ආවරණය වන පරිදි ඇදුම් ඇදීමට නීති පනවන්නයි නම් මෙතරම් ප්‍රශ්න ඇති නොවෙයි. (අ)
වසර දහස් ගණනක් ගෙවී යනවිට මිනිසා සතු ගුණ ධර්ම පිරිහී යන බව කල්තියා දුටු බුදුන් වහන්සේ රති කාමයෙහි අදීනව පහදා දී, සිත දමනය කිරීම මීට හොඳම පිළියම බව කියා දුන්න. අවාසනාවකට ඉන්දියානු සමාජය දහමට ගරු කරන්න පටන් ගත් දා සිට ඉන්දියානු කාන්තාවගේ ජීවිතය එකම ඛේදවාචකයක් වී ඇත. (අ)
නිදහස කියාගෙන අනුන්ගේ හැගීම් අවුස්සන ඔය විලාසිතා නිසි ප්‍රමිතියකට අනුකුලව ඉදිරිපත් කිරීමයි ආරක්ෂාව සපයන්නේ (දිල්)