IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


රංගන ශිල්පිනියක් වුණාම හොඳ නරක හැමදෙයක්ම බාරගන්න ඕනේ

2016-07-24-ent-10
 

නිරූපණ ක්ෂේත්‍රයෙන් පුංචි තිරයට පැමිණි ඇය රිතූ ආකර්ෂා. "හිරු තනිවෙලා" ටෙලිනාට්‍ය තුළින් පුංචි තිරයට පැමිණි ඇය මේ දිනවල ජනප්‍රියත්වයට පත්වූයේ "උතුම් පැතුම්" ටෙලි නාට්‍යය ඔස්සේය. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට "අද" හා එකතු වූ මොහොතකි මේ.

 

කලා කටයුතු නිසා කාර්යය බහුලයි නේද?

2016-07-24-ent-14නැහැ. මම දැනට සතියක් විතර ගෙදර හිටියා. තව සතියකින් විතර අලුත් වැඩකටයුතු පටන් ගන්නවා. මම කලින් කරපු ටෙලිනාට්‍ය දෙකකම වැඩ අවසන් වුණා. ඉතිං තව අලුත් වැඩ බාර ගත්තා. ඉදිරියේදී කාර්යබහුල වෙන්න බලාගෙන ඉන්නවා.

 

අවසන් වූ වැඩ ගැන කතා කළොත්?

"කාසි වත්ත" සහ "උතුම් පැතුම්" ටෙලිනාට්‍ය දෙක තමයි ඉවර වුණේ. ඒ නාට්‍ය දෙකම ලංකාවේ ජනප්‍රිය වුණා. නිල්වලා ආයතනයෙන් තමයි නිෂ්පාදනය කළේ. මම හිතනනවා ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බ වුණේ %උතුම් පැතුම්^ හරහායි. අවුරුදු දෙකකට වැඩි කාලයක් එහි රූගත කිරීම් කළා. ඉතිං හරිම සුන්දරව ඒ කාලෙ ගෙවුණා. "කාසි වත්ත" කියන්නේ කෙටි කාලයකින් ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යයක්. ඒකේ "චුක්කි" මම ආදරයෙන් ආසාවෙන් කරපු චරිතයක්. මේ නාට්‍ය දෙකම ඉවර වුණා. ප්‍රේක්ෂකයන් ආදරය කරපු චරිත දෙකක් නිමා වුණ එක ගැන පුංචි දුකකුත් තියෙනවා.

 

රංගන ශිල්පිනියක් වෙන්න හීන දැකපු කෙනෙක්ද?

රංගන ශිල්පිනියක් වෙන්න කවදාකවත් හීනයක් දැකල නැහැ මම. මම පොඩි කාලෙ ඉඳන්ම ආස කළේ නිරූපිකාවක් සහ ගුවන් සේවිකාවක් වෙන්න. නිරූපණ ක්ෂේත්‍රයට ආවට පස්සෙ තමයි අහම්බෙන් වගේ රංගන ක්ෂේත්‍රයට එකතු වුණේ. ඒ එකතු වුණු දවසේ ඉඳන් හරි ආසාවෙන් වැඩකටයුතුවලට දායක වුණා. මේ ජීවිතේ හරි සුන්දරයි. මේ දේට ගොඩක් අය ආදරය කරනවා සහ ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාර නිසා තමයි ඉස්සරහට යන්න ආසාවක් ආවේ. අපි මහන්සිවෙලා වැඩක් කරලා මගතොටේදි ඒ දේවල් සඳහා ලැබෙන ප්‍රතිචාර එක්ක ආසයි ඒ දේවල් වලට දායක වෙන්න. මට මේ තැන ලැබෙන්නේ මට ආදරය කරන ප්‍රේක්ෂකයන් නිසයි. මම සතුටු වෙනවා රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණු එක ගැන. මම හිතනවා ලෝකෙ තියෙන වාසනාවන්තම රැකියාව තමයි මම කරන්නේ කියලා.

 

ඒ කියන්නේ ඉදිරියටත් වෘත්තිය රංගනය කියලද?

ඔව්, ඉදිරියටත් මේ ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න තමයි බලාපොරොත්තුව.

 

ගොඩක් දෙනෙකුගේ බලාපොරොත්තුව සම්මානයක් ලබාගැනීම. මෙවැනි බලාපොරොත්තුවක් ඔබට නැද්ද?

රයිගම් සහ සුමති සම්මාන උලෙළවල් දෙකෙහිම ජනප්‍රිය නිළිය සඳහා නිර්දේශ වුණා. ඒ දෙක හම්බුණේ නැහැ. මේ අවුරුද්දෙත් නිර්දේශ වෙලා තියෙනවා. දන්නෙ නැහැ ඉතිං මොනවා වෙයිද කියලා. මගේ බලාපොරොත්තුව කවදාහරි හොඳ සිනමා නිර්මාණයක් සඳහා දායක වෙන්නයි.

 

ගොඩක් ප්‍රසිද්ධ අයට තම පෞද්ගලික ජීවිතයෙන් යම්කිසි දේවල් කැප කරන්න සිදුවෙනවා නේද?

ඔව්, මට කැප කරන්න වෙලා තියෙන්නේ මගේ කාලය තමයි. ඒ වුණත් මම සතුටට පත්වෙනවා. මොකද ඒ කාලය වැය කරලා කරන දේවල්වල ප්‍රතිඵලයක් අද දකින නිසා. අද පාරට බැස්සාම අපි රඟපාන නම් වලින් තමයි බොහෝ අය අපිට කතා කරන්නේ. කාලය වැය කළාට මම හිතනවා පාඩුවක් වෙලා නැහැ කියලා. කරන වැඩේ සාර්ථක වෙලා තියෙනවානම් කාලය කැප කරපු එක අපරාදෙ කියල හිතෙන්නෙ නැහැ.

 

ඔබ චරිත තෝරා බේරාගෙනද දායක වෙන්නේ?

අනිවාර්යෙන්ම තෝරා බේරා ගන්නවා. ගොඩක් අය මගෙන් අහනවා ඇයි නපුරු චරිතම කරන්නේ කියල. මම නපුරු චරිතම කරන්නෙ නැහැ. විවිධාකාර චරිත කරලා තියෙනවා. උතුම් පැතුම් එකේ විතරයි නපුරු චරිතයක් කළේ. මගේ පළමු නාට්‍ය වන "හිරු තනිවෙලා" කියන නාට්‍යය තුළ චරිත තුනක් විතර නාට්‍ය පුරාවටම තිබුණා. "අමන්දි", "චුක්කි", "වරුණි" මේ චරිත විවිධාකාරයි. අනික මම කරපු හැම චරිතයක්ම මිනිස්සුන්ගේ අතට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ගෙඩක් වෙලාවට අධ්‍යක්ෂකවරයා, තිරරචනය පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි නාට්‍යයක් බාර ගන්නේ.

 

ගොඩක් නවකයන් පොළවෙ පය ගහලා ඉන්නෙ නැහැ කියනවා නේද?

මගෙත් එක්ක වැඩ කරලා තියෙන අය දන්නවා ඇති ඒ ගැන. ඒ නිසා මම ඒ දේ කියන්න ඕන නැහැ. නමුත් මම දන්න ගොඩක් නවක නළු නිළියෝ, අපේ වයසේ ඉන්න ගොඩක් අය පොළොවෙ පයගහලා තමයි ජීවත් වෙන්නේ.

 

රංගනය පිළිබඳව හදාරලද ක්ෂේත්‍රයට ආවේ?

රංගනය පැත්තෙන් කිසිම හැදෑරීමක් කරල නැහැ. මගේ රංගනය හැදුවේ අධ්‍යක්ෂකවරු සහ මගෙත් එක්ක වැඩ කරපු ප්‍රවීණ නළු නිළියන් විසින්. මම කරපු හැම චරිතයක්ම මෙගා ටෙලි නාට්‍ය වලටයි අයත් වුණේ. ඉතිං අධ්‍යක්ෂකවරයාට සහ ඒ අයට මාව හදන්න තියෙන කාලය ගොඩක් අඩුයි. ප්‍රදීප් ධර්මදාස මහත්මයා තමයි මගේ පළමුවැනි අධ්‍යක්ෂකවරයා. වේදිකාවටත් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකටත් හරි කාලය එනකන් ඉන්නවා.

 

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආව ඔබ, මේ වනවිට නිරූපණයට සමුදීලද තියෙන්නේ?

මට වැඩත් එක්ක නිරූපණය සඳහා එකතු වෙන්න අමාරුයි. ගොඩාක් වෙලාවට ගොඩක් දේවල් වලින් ඉවත්වෙලා රංගනය සඳහා කාලය දීල තියෙන්නේ.

 

කාලයක් ගොසිප් වෙබ් අඩවි වලට "රිතූ" ගේ අනතුරක් මාතෘකාවක් වුණා නේද?

රංගන ශිල්පිනියක් වුණාම කොහොමත් ගොසිප් පැතිරෙනවා. අනතුරක් වුණාම හැම පත්තරයකින්ම කෝල් කර කර විස්තර අහන නිසා ඒක ගොසිප් එකක් බවට පත්වෙනවා. නමුත් ඒක මට වෙච්ච කරදරයක්. රංගන ශිල්පිනියක් වුණාම හොඳ නරක මේ හැමදෙයක්ම බාර ගන්න ඕන. මිනිස්සුන්ගේ කට කතා ඒ දේවලුත් ඉතිං ඒ වගේමයි. ඒ නිසා ඒ දේවල් සඳහා නොසැලී මුහුණ දෙන්න ඕන.

 

උදව් කරපු පිරිස ගැන කිව්වොත්?

අතහිත දීපු අය නම් ගොඩක් ඉන්නවා. නම් වශයෙන් කියන්න බැහැ. මම වැඩකරපු අධ්‍යක්ෂකවරු, කැමරා ශිල්පීන් සහ නිෂ්පාදන ආයතනවල ඉන්න හැමකෙනෙක්ම, තේ අල්ලන කෙනාගේ ඉඳන් ලයිට් අල්ලන කෙනා දක්වා ස්තූතිවන්ත වෙනවා. ඒ අයගේ සහහෝගය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මොකද මේක කණ්ඩායම් ව්‍යාපෘතියක් වගේ. චරිතයක් වුණත් තනියෙන් කරන්න බැහැ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-07-24-ent-08
2016-07-24-ent-09
2016-07-24-ent-11
2016-07-24-ent-12
2016-07-24-ent-13
 



අදහස් (0)

රංගන ශිල්පිනියක් වුණාම හොඳ නරක හැමදෙයක්ම බාරගන්න ඕනේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 43 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 197 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 62 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 205 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1114 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site