IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රේගුව අද සහ හෙට ලෙඩ වේ

(ටී.කේ.ජී.කපිල)

ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේය .

එහෙත් මෙම වෘත්තීය සමිති විරෝධතා ක්‍රියාමාර්ගය මහජනතාවට ඍජුව සේවා සපයන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ , කොළඹ වරාය , ගාල්ල වරාය වැනි ආයතන තුළ ක්‍රියාත්මක නොකරන බව ගීතාංජන මඩපාත මහතා පැවසීය .

ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂඥ අදහස් නොවිමසා ,මුදල් අමාත්‍යාංශයේ අදූරදර්ශී නිලධාරීන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් රේගු ආඥා පනතේ වගන්ති කීපයක් සංශෝධන කිරීමට රජය පියවර ගනිමින් සිටීම මෙම රේගු නිලධාරීන්ගේ පළමු ඉල්ලීම වී තිබේ .

එම නිලධාරීන්ගේ දෙවන ඉල්ලීම වන්නේ රේගු දෙපාර්තමේන්තුව , දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් සිදු කර ගෙන යමින් සිටින ශ්‍රී ලංකාවේ බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය නැමැති පෞද්ගලික ආයතනයකට පැවරීමේ රජයේ උත්සාහය පරාජය කිරීම වේ .

 



අදහස් (5)

රේගුව අද සහ හෙට ලෙඩ වේ

Lalla Thursday, 04 July 2024 07:54 AM

දෙපාර්තමේන්තුව කියන වචනය වෙනස් වෙනවට නොවේ භය. ගසාකන මාර්ග ඇහිරීමට... ඉහළ නිලධාරීන් පිරුණ ආයතන අහෝසිවීමට...

:       4       11

simon Thursday, 04 July 2024 09:21 AM

රේගුවේ උන්ට හොරාකන්නයි පගාගහන්නයි තියෙන සැම සිදුරක්ම වහන්න ඕන . එකයි මේ මුන්ට රිදිලා තියෙන්නේ . මුන් ස්ට්‍රයික් කලොත් අලුතින් අරගෙන පුහුණු කරන්න

:       5       15

රංබොඩ Thursday, 04 July 2024 09:31 AM

රජයේ වෙනත් කිසිම ආයතනයක අනුදැනුමක් හෝ අවසරයකින් තොරව කෝටි ගණන් බෙදා ගන්න එක නියාමනය කරන්න කිව්වේ I.M.F. දැන් ඒ වංචනික ක්‍රියාව දිගටම කරන්න තමයි දඟළන්නෙ

:       4       13

සිල්වා Thursday, 04 July 2024 12:15 PM

අලුතෙන් එන අය බෝධිසත්වයෝ ද?

:       1       4

Nimal Thursday, 04 July 2024 12:56 PM

රේගු පඩියෙන් හොඳම ඉඩම් වල ගෙවල් 3, 4 ක් .කාර් 2 ක් වගේ ගන්නේ කොහොමද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1095 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 318 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2048 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 482 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 964 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 589 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37109 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site