IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රේගුවේ කෝටි 5800ක් නැතිවෙලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන්  රුපියල් කෝටි 5800 (බිලියන 58) ක බදු ආදායමක් ශ්‍රී ලංකා රේගුවට  අහිමිවී ඇතැයි  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

මෙම මුදල අයකර  ගැනීම සඳහා වහාම පියවර ගන්නැයි එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා  මුදල්  අමාත්‍යාංශය ඇතුළු ආයතනවලට උපදෙස් දුන්නේය.

මෙම අයවිය යුතු බදු ආදායම රේගුවට සහ ඒ හරහා භාණ්ඩාගාරයට නොලැබෙන්නේ මන්දැයි කාරක සභාව මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර ඉන්දුනීසියාව මැලේසියාව හා මියන්මාරයෙන් කරුන්කා  මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 750 -900 අතර මුදලකට ගෙන්වා මේ රටේදී  නිෂ්පාදනය කළ බව අඟවා ලොකු ලාභ උපයමින් ප්‍රති අපනයනය කරන බවටද කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවිය.

දැනට එවැනි කරුන්කා  කන්ටේනර සියයකට ආසන්න ප්‍රමාණයක් (  මෙට්‍රික් ටොන් 1493ක්)  රඳවා ගෙන ඇති  බවත් මෙමගින් ශ්‍රී ලංකාවේ කරුන්කා  ව්‍යාපාරිකයන්ට බරපතළ ගැටලුවක් මතුවී ඇති බවත් එම කාරක සභාව පවසයි.

කරුන්කාවලට  සියයට  35 ක වටිනාකම    එකතු කිරීමෙන්  ප්‍රතිඅපනයනය කිරීමට තීරණය කර ඇති බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ජනරාල්වරයා කීවේය.

මේ අතර නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එන රත්රන් වැනි වටිනා භාණ්ඩවලට සියයට 100 ක දඩ මුදලක් අය කර ගැනීම සඳහා නියෝගයක් ලබාදී ඇතැයි පැවසූ  රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ අනුව දැනට එවැනි පුද්ගලයන් දස දෙනකුගෙන් රුපියල් කෝටි 29 කට  වැඩි මුදලක්  දඩ මුදල් වශයෙන් අය කරගෙන ඇතැයිද දැනුම් දුන්නේය.

එම භාණ්ඩ සඳහා රේගුව  තුන්ගුණයක දඩ මුදල් අය කරනොගැනීමෙන් රජයට අහිමි වී ඇති ආදායම ගණනය කර දැනුම් දෙන ලෙස කාරක සභාව රේගුවට නිර්දේශ කළේය.

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 18 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට  සහ ප්‍රති අපනයනයට  මුවාවී අරුන්කා මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් තුන් ලක්ෂයක පමණ වංචාවක් සිදු වන බැවින් එය  වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා රේගුවට නිර්දේශ කළේය.



අදහස් (3)

රේගුවේ කෝටි 5800ක් නැතිවෙලා

චන්දදන Monday, 23 October 2023 05:22 PM

මේ අහිමි කරගත් ඒවා නේද සාමාන්‍ය ජනතාවගෙන් අයකරන්නේ...? දේශපාලකයාගේ ඉඳන් ඉහළ නිලධාරින් යටිමඩි ගහන ඒවා හරියට ගත්තා නම් සාමාන්‍ය ජනතාවට තියෙන බදු බර තුන්කාලක් අඩු කරගන්න පුළුවන්...

:       0       0

නිශ්ශංක ගමගේ Monday, 23 October 2023 05:42 PM

රේගුවට වඩා දූෂිත ආයතනයක් ගැන දන්නවා නම් අටපට්ටමට කියන්න ඕනෑ...

:       0       0

Muwa Monday, 23 October 2023 06:36 PM

දඩ ගහන්නේ ආන්ඩුවට ආදායම් ගේන්න නෙවෙයි. වැරැදි කාරයාට දඬුවමක් වශයෙන්.. තුන් ගුණයක් දඩ ගැහුවොත් කොහොමත් ආදායමක් ලැබෙන්නේ නෑ. මොකද ඒ ගාන වැරැදි කාරයාට ගෙවාගන්න බැරි නිසා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 48 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 178 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


සුදු සීනි තොග මිල අඩු වේ
2024 ඔක්තෝබර් මස 10 155 0

පිටකොටුව තොග වෙළෙදපොලේ සුදු සීනි තොග මිල අඩු වී ඇතැයි සීනි ආනයනකරුවෝ පවසති.


හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 453 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER නිල වශයෙන් පිළි ගනී
2024 ඔක්තෝබර් මස 10 120 0

ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්‍රදානයක් ලෙස ශ්‍රි ලංකාවට ලබා දුන් බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ER වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනිම අද (10) කටුනා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 470 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39769 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 69 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1248 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site