සිරස රූපවාහිනි නාලිකාවේ රාත්‍රි 7.30ට දිග හැරෙන සඳුන් රාජකරුණාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ඔබේ ආලින්දයට ගොඩ වදින දුෂේනි මියුරංගී මේ දිනවල බොහෝ ප්‍රේක්ෂයන් පිරිසගේ ආදරය දිනූ නවක රංගන ශිල්පිණියකි. පසුගිය වසරේ පැවති "මිස් ක්වීන් ඔෆ් ඒෂියා" තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වූ දුෂේනි ඉන් පසුව සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණය කළ "ආදර වැස්ස" ටෙලි නාට්‍යය තුළින් සිය පළමු රංගනය ඉදිරිපත් කර රංගන ක්ෂේත්‍රයට පිවිස ඇත. මේ වනවිට "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස ඉතා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති දුෂේනි "සාරවිට" අපි සමගින් මෙසේ සිය අදහස් බෙදාහදා ගත්තෙමු.
"සඳුන් රාජකරුණා මහත්මයාගේ "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "උපේක්ෂා" ලෙස මේ වනවිට අසිමිත ජනප්‍රියත්වයක් මම ලබමින් ඉන්නවා. ඇත්තටම හිතේ තිබුණ දෙයක් නෙමෙයි නිළියක් වෙන එක. ඒත්, අද වනවිට නිළියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා රසික, රසිකාවියන්ගේ ආදරය ලබන විට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් නිළියක් වීම ගැන අද මම නිහතමානිව සතුටු වෙනවා. "උපේක්ෂා" චරිතය හරහා මාව ගොඩ දෙනෙක් අඳුන ගත් නිසා ඉදිරියේදී නිර්මාණය කරන්නට සැලසුම් කරලා තියෙන බොහෝ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න කියලා මට දැන් ආරාධනා ලැබෙනවා. නමුත්, ක්ෂේත්‍රයට මම තවමත් අලුත් කෙනෙක්. ඉතින් තව අලුත් වැඩකට යොමු වෙන්න තරම් මට අත්දැකිම් මදි. අනික මම දැනට ව්‍යාපාර කළමණාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. එහි වැඩ කටයුතු අවසන් කරලා තාත්තාගේ වැඩ වලට සම්බන්ධ වෙන්න තමයි මම හිතාගෙන ඉන්නෙ. ඒත්, හොඳ නිර්මාණයකට කතා කළොත් මම අනිවාර්යෙන්ම ඒ කලා කටයුත්තට කැමති වෙනවා."
බුද්ධික සේනාධීර / ඡායාරූප - සඳුන් ගමගේ
හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.
1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි
මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රඟපාන්න ආරාධනා ගොඩක් දුෂේනිට ලැබෙනවා